Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: gossip lanka news

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

Showing posts with label gossip lanka news. Show all posts

වැටලිමක දී පොලිස් නිළධාරියෙක් ගණිකාවක් නිරුවත් කරයි

rash

නිරුවත් රූමතියට
දෑත් ඔසවන්
ඉන්න කියා
ඇගේ නිරුවත
වීඩියෝ කරලා.......

රට පුරා තැනින් තැන හොර රහසේ මෙන්ම ප්‍රසිද්ධයේ ද පවත්වනු ලබන ගණිකා නිවාස වැටලීම දැන් සාමාන්‍ය තත්වයක් බවට පත්ව තිබේ.ඉතින් මෙවැනි වැටලීම් සදහා මුලිකත්වය ගන්නේ පොලිස් නිලධාරින් ය. පොලිස් නිලධාරිනියන්ද බොහෝවිට මෙවැනි වැටලීම් සදහා එක්වෙති. පොලිස් නිළධාරින් යනු රහත් වුවෝ නොවෙති. නමුත් සාමාන්‍ය මිනිසුන්ට වඩා ඔවුන් විනය ගරුක විය යුතු ය. ගණිකාවකගේ රූප ස්වභාවය නෙත ගැටුණු විට ඇතැමුන්ගේ අනේක විද වූ ආශාවල් සිත් පත්ලෙන් පිටතට පැනීම සිදු විය හැකි දෙයකි. මෙයද එවන් අපුරූ සිදුවීමකි.

මීට දින කිහිපයකට ඉහත දී කොල්ලුපිටියේ "තස්සර" නමින් කාලයක් පටන් පවත්වාගෙන යනු ලැබූ සම්භාහන මධ්‍යස්ථානයක් වැටලීම සදහා ගිය පොලිස් නිළධාරින් අතුරෙන් එක නිළධාරියෙකු වැටලීමෙන් නතුකරගත් සුරූපී තරුණියකට අමුතු යෝජනාවක් කර තිබුණි. යෝජනාවක් කී නමුත් එය එක්තරා තර්ජනයකි.

බලාගෙනයි! පාසල් සිසුන් අතරත් ඒඩ්ස්

rash

බාලවයස්කාර
තරුණ පරපුර
අතරත් ඒඩ්ස් 
වයිරසය පැතිරේ... 

අවුරුදු පහළොවත් විස්සත් අතර වයස් ඛාණ්ඩයේ පසුවන තරුණ තරුණියන් එච්අයිවීඒඩ්ස් වෛරසයට ගොදුරුවීමේ බරපතල අවදානමක් මතුව ඇතැයි එච්අයිවී ඒඩ්ස් මර්දනඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා සඳහන් කරයි. එම තත්ත්වය වහා මැඩ පැවැත්වීමට කටයුතු නොකළහොත් ඉදිරි වසර කිහිපය තුළදී එම රෝගයට ගොදුරුවන තරුණ පිරිස 25% කින් ඉහළ යා හැකි බවට හෙතෙම අනතුරු අඟවයි.

බාලවයස්කාර විවාහයක තවත් කඳුළු කතාවක්

rash

එදා දැනුණු
වෙදනාව
මතක් වෙද්දී
අදටත් මට 
බයක් දැනෙනවා....

ලන්ඩන් නුවර වෙසෙන අලෙම්ත්ෂායේ ගබේරිකිඩාන් 38 හැවිරිදි වියේ පසුවන සුබසාධන සේවිකාවකි. ළමා විවාහයන්ට එරෙහිව කටයුතු කරන ඇය ළමා විවාහ නිසා ජීවිත අඳුරු වූ පිරිස වෙනුවෙන්ද සුබසාධන ව්‍යාපෘති දියත් කරන්නීය. ඒ වෙනුවෙන්ම වෙන් වූ සුබසාධන පදනමක්ද ඇගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වේ. 

අලෙම්ත්ෂාගේ ළමා විවාහයක ආදීනව අත්දැකීමෙන්ම හඳුනන්නියකි. ඉතියෝපියාවේ උපන් ඇය මනාලියක වූයේ වයස අවුරුදු 10ක කුඩා දැරියකව සිටියදී ය. මංගල යෝජනාව පිළිබඳ දැනුම් දීමට ඇගේ මව ඇය නිවස තුළට කැඳවද්දී ද අලෙම්ෂායේ හිටියේ සම වයසේ දරුවන් සමග මිදු‍ලේ සෙල්ලම් කරමිනි.

නළඟන අබිරහස්‌ අන්දමින් පිළිස්‌සී මියයයි

rash

සිද්ධිය වූ දින 
රාත්‍රියේ  
අනියම් සැමියා
සමග
මදුවිත බීලා.....
 
පිළියන්දල කුඩමාදුව ප්‍රදේශයේ පදිංචිව සිටි රාත්‍රී සමාජ ශාලාවක සේවය කළ නළඟනක අබිරහස්‌ අන්දමින් පිළිස්‌සී මියයැමේ සිද්ධිය සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස්‌ පොලිසියේ කොස්‌තාපල්වරයකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. මෙම නළඟන පිළිස්‌සී මිය ගොස්‌ ඇත්තේ ඊයේ (20) අලුයම 1.00 ට පමණ ය. මෙසේ මියගොස්‌ ඇත්තේ තිස් හය හැවිරිදි "ගයනි අබේරත්න" නමැති තිදරු මවකි.

සැකකාර පොලිස්‌ කොස්‌තාපල්වරයා මෙම කාන්තාවගේ අනියම් සැමියා වේ. කාන්තාව පිළිස්‌සී මිය යන අවස්‌ථාවේත් සැකකරු ඇය සමඟ නිවසේ සිට ඇති බව පරීක්‍ෂණවල දී හෙළි වී තිබේ. මෙම කාන්තාවගේ මුල් විවාහයේ සැමියාට දාව දරුවන් දෙදෙනෙකි. එම සැමියා අතහැර යැමෙන් පසු ඇය තවත් පුද්ගලයකු සමඟ විවාහ වී ඇත. එම සැමියාට දාව තවත් දරුවකු සිට ඇති අතර ඔහුද මෙම කාන්තාව අතහැර දමා විදේශගතව තිබේ.

මේනකාගේ දුරදිග ගිය යාළුකම ආදරයකින් නතර වෙලා

rash

මම එදා එක
දිගට පැය
හයකටත්
වඩා ඇඬුවා....

රංඟනයට මෙන්ම නර්තනයට එක හා සමාන දක්ෂතා ඇති ඇය ඉතා ජනප්‍රිය නිළියක්, මල් දෙවට, මොණරතැන්න, වැහිළිහිණි‍ , සිඳංගනාවෝ යන නාට්‍ය වල ඉතා දක්ෂ ලෙස රඟනයෙන් දායක වූ ඇය අද ආලින්දය හැඩ ගන්වන ඇය ඔබ කවුරුත් හොදින් දන්නා මේනකා පීරිස් ය.

පසුගිය දා පවතී රාජ්‍ය සම්මාන උළලේදී ඇය හොඳම රංගන ශිල්පිනිය විදියට රූපවාහිනි රාජ්‍ය සම්මානය ලබාගත්ත වෙලාවේ ඇයට දැනුණු සතුට වචනවලට හරවගන්න බැරි කියාගන්න බැරි සතුටක් බවයි මේනකා නම් පැවසුවේ. ඒ සතුට ඇයට වගේම පවුලේ අයටත් ඒ විදිහටම දැනුනලු. ඉතින් මේනකා පසුගිය දිනක සිය රසිකයන්ටත් දැනගනු පිණිස ඇගේ ජිවිතයේ සොදුරු මතකයන් රැසක් හෙළි කළේ මෙලෙසිනි.

ආයුර්වේද ක්‍රමයට කම් සැප දුන් ගණිකාවන් අතේ මාට්ටු

rash

මහරගම
ගණිකා
තිප්පොළක් 
වටලයි........

ගණිකා වෘත්තියේ නිරත වන්නන් ගණනටම වගේ දැන් ලංකාව පුරාම ගණිකා නිවාස ද පැතිර තිබේ. මුඩුක්කුවේ පටන් සුපිරි හෝටල් දක්වා ද ඒවාට මුවාවෙන් ගණිකා නිවෙස් පිහිටා තිබේ. පිටින් හෝටලයකි. නමුත් ඇතුළට ගියපුවාම කම් සැප සොයන්නන්ට එය දිව්‍යලෝකයක් මෙන් හැගෙයි. හෝටලය තුළ සගවා තිබෙන ගණිකා නිවාසය දැන් ප්‍රසිද්ධ රහසක් නිසාවෙන්ම ගණිකා ව්‍යාපාර පත්වන්නන් දැන් අලුත්ම තැනක් සොයාගෙන ය. ඒ ආයුර්වේද  මධ්‍යස්ථානයක් බව පිටතට අගවමින් ඇතුල සිට ගණිකාවන් සැපයීම සිදු කිරිමයි. අප මීට පෙර අවස්ථා කිහිපයකදීම එවන් අවස්ථා ගැන හෙළි කළෙමු. මෙම සටහනද  එවැන්නකි.

පළාත් ඡන්ද සටනට එක්වන නිළි කැළ

rash

දිනෙන් දින
උණුසුම්වන
එළැඹෙන
පළාත් සභා
මැතිවරණය
එළැඹෙන බස්නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණය පිළිබඳ මෙවර මුල්ම  උණුසුම ඇති වූයේ දේශපාලන ක්‍ෂේත්‍රයටත් වඩා කලා ක්‍ෂේත්‍රයේ ය.මේ වන විටත් සන්ධානයට මෙන්ම විපක්ෂයට ද කලා කරුවන් රැසක් ඉදිරිපත් වී මේ වනවිටත් නාම යෝජනා බාර දී හමාරය. කලා ක්ෂේත්‍රයේ මෙන්ම මුළු ලංකාවේම අවධානය යොමු වුයේ නළු නිළියන් දේශපාලන කරලියට එක්වීමයි.

ඉතින් මේ මැතිවරණ උණුසුම ඇරබුනා පමණි. ඒ උණුසුමේ ප්‍රකට කරවන අවස්ථාවක් ඊයේ සිදු වුණි. ඒ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයන් තේරීම සඳහා වූ සම්මුඛ පරීක්ෂණයේ දීය. මේ අවස්තාවට කලා ලොවේ ජනප්‍රිය නිළියන් කිහිප දෙනකුම සහභාගී වී සිටියා ය.

මැති ඇමතිවරුන් ඉදිරියේ නිරූපිකාවගේ රෙදි ගැළවෙයි

rash

බාල් නැටුම්
නැටු 
නිරූපිකාව 
අඩ 
නිරුවත් වෙයි.....

කොළඹ දිස්ති‍්‍රක් ශී‍්‍රලනිප සංවිධායක, බස්නාහිර පළාත් සභාවේ ආණ්ඩුපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක, "රේණුක දුෂ්‍යන්ත පෙරේරාගේ" වසරපහළොවක අඛණ්ඩ පළාත් සභා නියෝජනය මෙන්ම වසර තිස් හයක් සපිරිනු දේශපාලන දිවිය පිළිබඳව රචිත "දිගු ඉනිමක්" (කොළඹ දේශපාලනයේ පරමාදර්ශය) පොත එළිදැක්වීමේ උත්සවය පසුගියදා පවත්වනු ලැබුවේ කොළඹ පදනම් ආයතනයේදී ය.

උත්සවයේ සංවිධාන කටයුතු සියල්ල වෙනත් පිරිසක් මගින් සිදුකොට ඇතිඅතර එයට ගැයුම් වැයුම් රැඟුම් ද ඇතුලත් වී තිබු එම උත්සවය සඳහා ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආණ්ඩුවේ මැතිඇමතිවරු සහ සංඝයා වහන්සේලා විශාල පිරිසක් සහභාගිව තිබුණි.

වනාතමුල්ල හා රුවන්ගිගේ හුටපටය

rash

මේ දවස්වල
මුඩුක්කු පවුලක්
ගොඩ දාන්න
මහන්සිවෙනවා......

නව පරපුරේ නිළියක් මේ දිනවල නිතර නිතර වනාතමුල්ල පැත්තේ ගැවසෙන බවට ආරංචි වෙනවා. ඒත් මේ ජනප්‍රිය නිළිය මෙලෙසින් වනාතමුල්ලපැත්තේ ඇවිදින්න යන්නේ කියලත් හැමෝම වගේ අහන්නේ ඒ ගැන ඔවුන්ටත් කුතුහලයක් දැනෙන නිසා වියයුතුයි. ඉතින් ඒ ඔබ කවුරුත් දන්නා යොවුන් නිළි "රුවන්ගි රත්නායක". වනාතමුල්ල හා රුවන්ගිගේ හුටපටය ගැන අපිත් හිතුවා පොඩ්ඩක් හොයල බලන්න. ඉතින් ඇය පසුගිය දිනක මාධ්‍යක් අමතා තිබුණේ ඒගැන ඇගේ රසිකයන්ට කියන්නට යි.

"ඔයාලා දන්නවදමම මේ දවස්වල ටීචර් කෙනෙක්නෙ දැන් නම් මගේ නම "පියුමි". පියුමි ටීචර් ඉන්නේ මේ වනාතමුල්ලේ. මුඩුක්කු පරිසරයක තමයි ගොඩාක් වෙලාවට මේ නැටුම් ටීචර් වැඩිපුර ගැවසෙන්නේ. පියුමි ටීචර් ගොඩක් වෙලාවට මහන්සි වෙන්නේ

දේශපාලනඥයින්ට ගොදුරු වෙන අහිංසක තරුණියන්

rash

වරක් දෙවරක්
කළොත් ඔවුන්
දුෂණයට නිතරම
යොමුවෙනවා......

පසුගිය මාස කිහිපයක් පුරා පුවත්පත් වාර්තා හා විද්‍යුත් නාලිකා හරහා දේශපාලන ක්‍ෂේත්‍රය ගැන ඇසීමට සහ කියවීමට ලැබුණේ සතුටුදායක පුවත් නොවේ. විශේෂයෙන් දේශපාලනයේ ඉහළ ස්ථානවල සිට පහළ තනතුරු දක්වා බොහෝ දෙනෙකු විසින් සිදුකරන විවිධ අක්‍රමිකතා, දූෂණ, වංචා, මිනීමැරුම් හා බලය අයුතු ලෙස භාවිතය මේ අතර ප්‍රධාන විය.

මේ අන්දමට  දේශපාලනඥයින්ගේ කළු අඳුරු පැතිකඩ නිරන්තරව  නිරාවරණය සමග මේ ගැන පුළුල් කථිකාවතක්ද සමාජය තුළ ඇතිවිය. මේ තත්ත්වය ශ්‍රී ලංකාවට පමණක් නොව ලොව පුරා බොහෝ රටවල දේශපාලනඥයින් ඇතුළු සමාජ, ආර්ථික, දේශපාලනික වශයෙන් ඉහළ පුටු දරන බොහෝ දෙනෙකු කෙරෙන් දිස්වීම සමග විද්‍යාඥයින්ගේද අවධානය මේ කෙරෙහි  යොමුවිය.

වන්ෂොට් නිසා නළු රංජන් කැපෙන කැපිල්ල

rash

"වන්ෂොට්" 
මෙතනට ආවේ 
කොහොමද?
කියලා අහලයි
මට බනින්නේ....

දිල්ලි සිනමා උළෙ‍ලේ දී ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටය සම්මානයට පාත්‍ර වුණා. මේ පිළිබඳ මාධ්‍ය හමුවක් ජාතික චිත්‍රපට සංස්ථාවේදී පැවැත් වුණා. ඒ වගේම එම අවස්ථාවට "රන්ජන් රාමනායක" නම් දක්ෂ රංගන ශිල්පියා පැමිණ සිටියා. "ශ්‍රී සිද්ධාර්ථ ගෞතම" චිත්‍රපටයේ රංජන් රාමනායක රංගවේදියා සුද්ධෝධන රජුගේ චරිතයට පණ පෙව් අතරම ඔහුගේ වෙහෙස මහන්සියෙන් හැඩ වුණු චිත්‍රපටයක් සඳහා සම්මාන ලැබිම පිළිබඳ නිහතමානී ආඩම්බරයක් ද ඔහුගේ මුහුණේ ඒ අවස්ථාවේ රැදී තිබුණා. ඔහුගේ මුහුණේ වූ අපූර්ව නිහතමානී සිනාවක් සමගම මාධ්‍ය හමුවක් හා එක්වෙමින් රංජන් ඔහුගේ ගමනාන්තය මේ තාක් කාලයක් සාර්ථකව කරගෙන ආ නමුත් ඔහු ඔහුට වැදුණු ගල් මුල් ගැන කියා සිටියේ මෙලෙසිනි.

අමිතාබ් ප‍්‍රසිද්ධියේ දුන්න Lip Kiss එක - (ඡායාරූප)

rash

වියපත් වුවත්
වියැකී නොගිය
බච්චන් 
යුවලගේ ආදරය...

සමහර ජායාරූප තිබෙනවා වචන වලින් විග‍්‍රහ කරන්න අමාරු හැගීම් ප‍්‍රකාශ වෙන අවස්ථා. ඒ වෙලාවට හොඳම දේ ඒ ජායාරූප විඳගන්න දෙන එක. ඉන්දියාවෙ මැතකදිම පවත්වන ලද The Life OK Screen  සම්මාන රාත‍්‍රියෙ දි අපූරු මුණගැසීමක් සිදුවුණි.

මේ අපුරු මුණ ගැසීම පිළිබදව මුළු ඉන්දියාව ම කතා කරන බව එරට මාධ්‍යන්හි පළ වී තිබුණා. රේඛා සහ අමිතාබ් අතර තිබුණ පේ‍්‍රමයත්, ජයා ගේ විරසකයත්, අද වනවිට සිදුවෙමින් ඇති විපර්යාසත් ඉන්දියානු සිනමා රසිකයින් කුල්මත් කරවන සිද්ධි බවට පත්වෙලා. මේ අවස්තාව ඔවුන් දෙදෙනාගේ අපුරු මුණගැසීමක් මෙන්ම අපූරු සිපගැනීමක් ද වනවා. ඒ අයුරින් සුපිරි නළු අමිතාබ් බච්චන් හා ඔහුගේ බිරිද වන හැට පස් හැවිරිදි ජයා බච්චන් ප‍්‍රසිද්ධියේ සිපගන්නා ලද අවස්ථාවක් පැපරාසි කැමරා ඇසකට ලක්ව තිබෙනවා.

ඉල්ලුම වැඩි සනීට වැඩ නැති වෙයි

rash

කින් ඛාන්ටත්
ඉහලින්
සනීට වැඩ
අඩු වුණේ ඇයි....?

පසුගිය වසරේ  වැඩිම අවධානයට යොමුවූ  බොලිවුඩ්  නිළිය සනි  ලියොන් කියලා ලොකු ප්‍රචාරයක් ගියා.  අන්තර්ජාලයෙන් කෙරුණු  සමීක්ෂණයකට අනුවයි සනි ලියොන් වැඩිම අවධානයට යොමු වූ  පුද්ගලයන් අතර පළමු තැනට පැමිණියේ.

මේ සමීක්ෂණයට අනුව  "කින් ඛාන්" නැතහොත් ෂාරුක් ඛාන්ට හිමි වූයේ පස්වැනි තැන.  සනි ලියොන්ගේ ඡායාරූප අන්තර්ජලයෙන්  ඩවුන්ලෝර්ඩ් (බාගත්ත)  පිරිස එතරමට වැඩි වුණත් සනි ලියොන්ට මේ වසර සඳහා තාම හොඳයි කියන්න තරම්  චිත්‍රපටයක් ලැබිලා නම් නෑ.....  ඇඟපත පෙන්නුවට සනි ලියොන්ගේ  රංගන කෞශල්‍ය ගැන බොලිවුඩ් අධ්‍යක්ෂවරු එතරම්ම සෑහිමකට පත්වෙන් නැහැල්ලු.

කැනේඩියානු  සම්භවයක් ඇති සනි ලියොන් පසුගිය වසරේ  ආන්දෝලනාත්මක  ප්‍රකාශයක් තම ටිවිටර් වබේ පිටුවේ  ලියලා තිබුණා.  ඒ ස්ත්‍රී දුෂණය  ගණන් ගතයුතු දෙයක් නෙවේ කියලා.  ඒකට නම් සනිට රසිකයන්ගෙන් හොඳ ප්‍රතිචාර ලැබිලා තිබුණා.

නිළි පෙම්වතිය ගැබ් ගැනීමෙන් ප්‍රංශ ජනපතිට වැඩ වරදින ලකුණු

rash

ප්‍රංශ ජනපති
හා නිළි ජූලීගේ
පළහිලව්වේ
නවතම තතු......

පසුගිය සතිඅන්තයේ ප්‍රංශයේ ජනාධිපති ප්‍රන්ශුවා ඔලොන්දේ මහතාගේ සහකාරිය වූ වැලරි ට්‍රේයිවෙයිලර් හදිසියේ රෝහල් ගත කරන ලදී. රෝහල් ආරංචි  මාර්ග වලට අනුව  ඇය සාමාන්‍ය වෛද්‍ය පරීක්ෂණ කිහිපයකට යොමුකර ඇති අතර ඇයට විවේක සුවය අවශ්‍ය බව වෛද්‍යවරු පවසති.

මේ අතරතුර පසුගිය ජනවාරි 10 වෙනි සිකුරාදා ඉතාලියේ මොන්ඩාඩෝරී මාධ්‍ය සමාගමේ  ආයෝජනය  යටතේ ප්‍රංශයේ පළවන ක්ලෝසර් නම් සඟරාව  මගින් ප්‍රංශ ජනාධිපති හා ප්‍රංශයේ ජනප්‍රිය සුරූපී නිළියක් වූ ප්‍රංශ ජාතික "ජූලී ගායෙට්" අතර අනියම් සබඳකමක්  ඇති බව කියමින් විවිධ ඡායාරූප , ස්ථාන හා වේලාවන් සමග ආන්දෝලනාත්මක පිටු හතකින් සමන්විත හෙළි කිරීමක් ප්‍රංශ ජන සමාජයට ඉදිරිපත් කළේ ය.

සචිනි දෙවැනි වතාවටත් දරු සුරතල් බලයි

rash

දරුවන් මාධ්‍ය
ඉදිරියේ
ප්‍රදර්ශන භාණ්ඩ 
වෙනවාට 
සැමියා කැමති නෑ....

ටෙලිනාට්‍ය හා චිත්‍රපට රංගන ශිල්පිණියක් වන"සචිනි අයේන්ද්‍රා" කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රිය නිළියක් වුවත් ඇය පුංචි තිරයෙන් මෙන්ම රිදී තිරයේදීත් දක්නට ලැබෙන්නේ ඉතාම කලාතුරකිනි. සචිනි රංගනයටත් වඩා ඇගේ පවුල් ජිවිතයට මුල් තැන දී සිටීමට එයට හේතුව විය යුතු ය. රුවෙන් නම් තවම කිසිදු අඩුවක් නැති සචිනි චූටි දුවෙක්ගේ අම්මා කෙනෙක් කියලා ඈ දෙස බලන කෙනෙක්ට එකහෙළාම කියන්නවත් පුළුවන්ද?

ඒ තරමට ඇය තවමත් හැඩය. අහම්බයකින් චූටි ඈ සමග සිටින ඇගේ දියණියව දැක්කොත් මිස සචිනි කවදාවත් ඇගේ දුව සමඟ මාධ්‍ය ඉදිරියේ පෙනී සිටියේ නම් නෑ... විශ්වාස කරනවාද තව ටික දවසකින් සවිනි තවත් ලස්සන දියණියකගේ

ප්‍රසංගයේ දී බ්‍රිට්නිගේ ඇඳුම ලිහී යයි - (වීඩියෝ)

rash

හොලිවුඩ් ගායිකාව
ප්‍රසිද්ධ 
වේදිකාවේ
රසිකයන් කුල්මත්
කළ හැටි.......

හොලිවුඩයේ ජනප්‍රිය ගායිකාවක වන "බ්‍රිට්නි ස්පියර්ස්" පසුගියදා ඇමෙරිකාවේ ලාස්වේගාස් නගරයේ පවත්වනු ලැබූ සංගීත ප්‍රසංගයකට සහභාගි වුණි. 'ප්ලැනට් හොලිවුඩ්' නම් වූ සුප්‍රකට සුපිරි අවන්හලේ දී පවත්වනු ලැබූ එම ප්‍රසංගය නැරඹීමට බ්‍රිට්නිගේ රසික, රසිකාවන් විශාල පිරිසක් එක් රැස්වී සිටියා.

බ්‍රිට්නි සිය මුවුන් ගීයෙන් ගීය ගැයුවේ රසික සවන් පිනවන අයුරිණි. එම ප්‍රසංගයේ දී ගී ගයමින් රසික පිරිස කුල්මත් කළ බ්‍රිට්නි, තමන් ගැයූ 'සර්කස්' නම් වූ ජනප්‍රිය ගීතය ද ගායනා කරන්නට පටන්ගත්තේ රසික රසිකාවන්ගේ උණුසුම් ප්‍රතිචාර මැද්දේ ය. එම ගීතය ගයන අතරේ නර්තනයක ද යෙදෙමින් වේදිකාවේ ඒ මේ අත ගිය බ්‍රිට්නි නොදැනුවත්කමින් දෝ ඇයට යමක් සිදුවෙමින් තිබුණා.

නිළි නදීෂා අංක එකේ Sex ගැන කියයි

rash

විදෙස් රටවල්
සමග 
බලනකොට
මේ රටේ මිනිස්සු
හරි වෙනස්......

ජනප‍්‍රිය ටෙලි නාට්‍ය රංගන ශිල්පිණී නදීෂා හේමමාලි එජපක්‍ෂයෙන් දේශපාලනයට පැමිණීමෙන් පසු ඇය සම්බන්ධව විවිධ පුවත්පත් මෙන්ම, වෙබ් අඩවි ද , ඇයගේ දේශපාලන ආගමනය පිළිබඳව විවිධ දෘෂ්ඨි කෝණ තුළින් කතාබහ කර තිබිණි.

ඒවායින් වැඩි හරියක් නදීෂා මේ අවස්ථාවේ බලයේ ඇති දේශපාලනය වෙනුවට විපක්‍ෂ තෝරාගනීම පිළිබඳවත් ,කලාකාරිණියක දේහපාලනයට පිවිසීම සහ ඇය ස්ත‍්‍රියක් වීම නිසාත් මේ මාතෘකා අතර කැපී පෙණිනි. එකී සෑම කරුණක්ම අතරේ පසුගියදා සිදු කරනු ලැබූ සමීක්ෂණයකින් හෙළි වූ ලංකාව ලෝකෙන්ම තෙවන වරටත් "සෙක්ස්" බලා ප්‍රථම තැනට පතිවිම ගැන නදීෂා සිය අදහස් පළකර තිබුණේ මෙලෙසිනි.

උදාරීගේ අසභ්‍ය ඡායාරූප ෆේස්බුක් පිටුවකට

rash

උදාරිගේ අසැබ්
සේයාරුව
ඇගේ ගමනට
ඇණයක් වේවිද?

දෙරණ නාලිකාවේ මලී දෙවැන්න ලෙස විකාශන කරනු ලබන 'අත්තම්මා' ටෙලි නාට්‍යයේ  'සාරධධී' චරිතයට පන පොවන්නේ ඇය යි. 'උදාරි කෞෂල්‍යා උදයකුමාරි' වන ඇය නිවේදිකාවක, නිරූපණ ශිල්පිණියක සේම වෙළද දැන්වීම් නිරූපිකාවක ලෙසත් වෘත්තියේ නිරතව සිටියි.

එහෙත් උදාරි තවම අධ්‍යාපනය හදාරනු ලබන ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ දෙවැනි වසර සිසුවියකි. පස් දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමලා වන්නේ උදාරියි. කළමනාකරණ අංශයෙන් ඉදිරියටම ගිහින් ඇගේම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න හිතාගෙන ඉන්න උදාරි ගැන අසන්නට ලැබුණේ එතරම් සතුදායක පුවතක් නොවේ.

සැමියාගේ රහස් ගැටළුවක් නිසා විදවන බිරිදක්

rash

ඔහු නිසා
අපේ මංගල
දිනයම
අසාර්ථක
වුණා.....

"අපේ පවුලෙ ඉන්නෙ අක්කයි මායි විතරයි. අපි දෙන්නටම කවදාහරි පදිංචි වෙන්න ගෙවල් දෙකක් ඕන හින්දා තාත්තා අපේ මහගේට අමතරව ඊට මීටර් පනහක් විතර එහායින් අපේ ඉඩමෙම තවත් ගේකුත් හැදුවා. අපේ ඉඩම අක්කර භාගයක් තිබුණා.

ඒ හින්දා මේ විදිහට හොඳට ඉඩකඩ ඇතිව තවත් ගෙයක් හදන්න තාත්තට පුළුවන් වුණා. පවුලෙ බාලයා විදිහට මහ ගෙදර මටත්, අලුත් ගේ අක්කාටත් දෙන්න තමයි අම්මයි තාත්තයි තීරණය කරල තිබුනෙ. කොහොම වුණත් අක්කා මේ වෙද්දී විශ්වවිද්‍යාලෙ ඉගෙණ ගන්නවා. එයා ශිෂ්‍ය නේවාසිකාගාරයෙ නතර වෙලා හිටපු නිසා සති දෙක තුනකට වතාවක් තමයි ගෙදර ඇවිත් ගියේ, අලුත් ගේ වහල දාල තිබ්බම නාස්ති වෙන නිසා තාත්තා ඒක කුලියට දුන්නා.

 
අලුත් ගෙදර කුලියට ගත්තෙ වැඩිහිටි අම්මා කෙනෙකුයි පුතෙකුයි. පුතාගෙ නම පසිඳු. පසිඳුලගෙ ගම අනුරාධපුරේ පැත්තෙ. එයාලා අපේ පැත්තට කුලියට ආවෙ ඒ කාලෙ පසිඳු උසස් අධ්‍යාපනය හදාරමින් හිටපු නිසා. එයා පෞද්ගලික අධ්‍යාපනායතනයක මාර්කටින් පිළිබඳ වැඩිදුර අධ්‍යාපනයේ යෙදුණා. පසිඳුලට කුඹුරු සහ තව ඉඩකඩම් තිබුණා. ඒවයෙ වගා කරලා එයාල හොඳ ආදායම් ලැබුවා.

සිරිධම්ම හිමි සිය නාමය කෙළෙසුන හැටි හෙළි කරයි

rash

මම නාගන්න
කියලා සිවුර
ගලවලා කැළේ
ඇතුළට ගියා.....

පසුගිය කාලයේ නිරතුරුවම කතා බහට ලක් වූ "පිටිදූවේ සිරිධම්ම හිමියන්" ගැන කතා බහ යළිත් කරළියට පැමිණ තිබේ. මෙම ලිපිය ඒ සම්බන්ධයෙන් කරනු ලබන විවරණයක් හා වර්තමාන භික්ෂු සමාජයෙන් එල්ල වන විවිධ චෝදනා සම්බන්ධයෙන් සිරිධම්ම හිමියන් සමග කරනු ලද දේශනයකි. උන්වහන්සේ පිටිදූවේ සිරිධම්ම නමින් පෙනී සිටියත් පසුව ඒ නම වෙනස් කර "සිරි සමන්ත භද්‍ර" යන නාමය භාවිතා කළා. එයට හේතුව පිළිබදවත් මේවන විට උන්වහන්සේට භික්ෂූන් වහන්සේලා මෙන්ම තවත් ඇතැම් පිරිස් විරෝධය පාමින් විවිධ අදහස් පළකිරීම පිළිබදව සිධම්ම හිමියන් පවසා සිටියේ මෙලෙසිනි.

"ඒක නම වෙනස් කිරීමක් නොවෙයි. අන්වර්ථ නාමයක් පාවිච්චි කිරීමක් විතරයි. හේන්පිටගෙදර ඥානසීහ හාමුදුරුවෝ පොත් ලිව්වේ මයුරපාද නිමින්. අලුත් අදහසක් අලුත් දර්ශනයක් දේශනා කරන කොට අන්වර්ථ නාමයක් භාවිතා කළාට කිසිම වරදක් නැහැ..... මම තවමත් පිටිදූවේ සිරිධම්ම හිමි තමයි.

අනුෂ්කා ක්‍රිකට් තරුවක් රැ‍ගෙන යයි

rash

විරාට් ඛෝලි
රැය පහන්
කළේ 
බොලිවුඩ් 
නිළියගේ නිවසේ?

යොවුන් සුන්දරත්වයෙන් අගතැන්පත් ජනප්‍රිය නිළි අනුශ්කා ශර්මාගේ සැබෑ ආදර කතාවක මිහිරිතම සිදුවීම් පෙළක් මීට පෙර දවසකදී ද අප සටහන් තැබුවා. මැදියම් රැයේදී බොහෝ විට දිග හැරුණු ඒ ආදර කතාවේ ප්‍රේමවන්තයා, සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාට් ඛෝලි, පසුගිය සතියේ බොලිවුඩ් මාධ්‍ය විරාට් - අනුශ්කා පෙම් පුවතෙහි තවත් කොටසක වගතුග ලොවටම කියා තිබුණා.

එහි මුල් කොටසෙහි සඳහන් වුණේ දකුණු අප්‍රිකාවේ පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගමාලාවට සෙසු ක්‍රීඩකයන් සමඟ පිටත්ව යන්නට කලින් විරාට්, අනුශ්කාව මුණගැසුණු අපූරුවයි. මැදියම් රැයට ආසන්නයේ දී අනුශ්කාව මුණගැසී උණුසුම් හැඟුමෙන් යුතුව ඔහු ඇගෙන් සමුගත්තා. ඉන්පසු ක්‍රිකට් තරගාවලියට සහභාගි වූ ඔහු, නැවතත් සෙසු ක්‍රීඩකයන් සමඟ සිය රටට පා තැබුවේ මුම්බායි ගුවන් තොටුපොළිණි.

සෙල්ලම් කරමින් සිටි සුපුනි අසලට පැමිණි භූතයා

rash

වරින් වර
බියවන සුපුනි 
සිහි මුර්ජාවී
ඇද වැටෙයි....
 
සත් හැවිරිදි දැරියක වූ සුපුනි සාලයේ ඇගේ සෙල්ලම් බඩුත් සමග සෙල්ලම් කරමින් සිටියේ තනිවමය. මේ මොහොතේ නිවසේ සිටියේ සුපුනිත් ඇගේ මවත් පමණි. මව මුළුතැන්ගෙයි වැඩක නිරතව සිටි අතර ඇය දියණිය රඳවා ගෙන සිටියේ තමන්ගේ දෑසට පෙනෙන මානයේය. එකවරම සුපුනි මහත් තැති ගත් ස්වභාවයකින් දුවගෙන විත් මවගේ පිටුපසට මුවා වී ඇය දැඩිව අල්ලා ගෙන සිටියේ තමා පසුපස කිසියම් බියකරු සතකු එලවාගෙන ආ විටෙක බඳු ස්වභාවයකිනි.

"මොකද දුවේ ? ඔයා කාටද බය වුණේ?" ආදී වශයෙන් මව දියණියගේ සිරුරට තට්ටු කරමින් ඇසුවත් සුපුනි සිටියේ මව අසන කිසිවක් පිළිබඳ අවධානයකින් තොරවය. කෙටියෙන් කිවහොත් සුපුනි වික්ෂිප්ත ස්වරූපයකින් මව දැඩිව අල්ලා ගෙන සිටියාය. කෙසේ හෝ තත්පර ගණනක කාලයක් තුළ සුපුනි සාමාන්‍ය තත්ත්වයට පත් අතර ඉන්පසු මඳක් වටපිට බලා යළි සෙල්ලම් බඩු අතරට දිව ගියාය.

පෙම්වතුන්ට මල් වතුවල දොර ඇරේ

rash

මල් වත්තේ දී 
පෙම්වතුන්ගේ
නිදහසට බාදා
කරන්නේ නැහැ....

අප රට තුළ තිබෙන සුන්දරත්වයෙන් පිරි උද්භිද උද්‍යාන වෙත ගොස් එහි සුන්දරත්වය විදින අතරේ යොවුන් වියේ පසුවන පෙම්වතුන් බොහොමයක් මල්වතුවල තැනින් තැනට වී පෙම්සුව විදින්නටත් අමතක නොකරයි. නිදහසේ පෙම් සුව විදින මොවුන් උද්භිද උද්‍යාන වෙත යන එන බොහෝ පිරිසගේ අවධානට යොමුව තිබෙන්නේ මල් වතු පෙම්වතුන්ගේ පාරාදීසයක් හා සමාන කරගත් නිසාවෙනි. මේ පිළිබදව ඉකුත් දින අමාත්‍යවරයෙකුගේ මුවින් පිට වූ ප්‍රකාශය පෙම්වතුන්ට සතුට ගෙනෙන පුවතක් වුණි.

ආදරයක පැටලී ජීවිතය වරද්දගත් තරුණියක්

rash

මිනිහගෙ ඇඟේ 
එල්ලුනේ
නැත්නම්
මට වෙන්නෙ.
වහ බිලා 
මැරෙන්නයි......

සුජාතා දෙදරු මවක්. වැඩිමලා දිල්කි. බාලයා සුපුන්. කලින් තරමක වැටුපක් ලැබෙන රැකියාවක නිරතව හිටියත් දිල්කිගේ උපතත් සමග සුජාතා රැකියාවෙන් සමුගත්තා. සුජාතාට වගේම ඇගේ සැමියාටත් ඕන වුණේ දරුවන්ව හොඳින් හදා ගන්න, සුජාතාගේ දුව දිල්කි පුංචි කාලෙ ඉඳන්ම ඉගෙනීමට දක්ෂයි. ශිෂ්‍යත්ව විභාගයෙන් හොඳින් සමත්වීම නිසා දිල්කි උසස් බාලිකා විද්‍යාලයකට ඇතුළත් කරන්නටත් සුජාතාට හැකි වුණා.

දුවගෙ ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් දවස ගානේ පන්තිවලට එක්කගෙන ගියේත් ගෙදරදී දුවට පාඩම් කියල දුන්නේත් සුජාතායි. දුව වගේම සුජාතාත් ගොඩක් මහන්සි වුණා ඇගේ අධ්‍යාපනය වෙනුවෙන්. දුවව උසස් බාලිකා විද්‍යාලයකට ඇතුළත් කළාට පස්සේ පාසල් වෑන් රථයකට දැම්මෙ ගෙදර ඉඳන් දවස ගානේ එච්චර දුරක යන්න එන්න සුජාතාට හැකියාවක් නොතිබුණ හින්දයි. ඒත් දිල්කිට ටියුෂන් පන්ති හොයලා දෙන්න සුජාතා ලොකු උනන්දුවක් ගත්තා. පාසලින් පස්සෙ සතියෙ දවස් පහේම හවස් වරුවෙත් සෙනසුරාදා ඉරිදා දවස පුරාමත් දිල්කි ටියුෂන් පන්ති ගියා.

නිළි උමාලිට ජිවිතේ වැරදුණු හැටි

rash

මොනවා
වෙයිද කියලා
බැඳලම තමයි
බලන්න ඕනේ..... 

පසුගිය දිනවල බොහෝ දෙනාගේ කතාබහට ලක් වූ ලාංකීය යොවුන් නිළි "උමාලි තිලකරත්න" ඇය සිනමාව පිළිබදව සරසවි අධ්‍යාපනය ලබන්නේ ජපානයේ ටෝකියෝවේ පිහිටි නිනොන් විශ්ව විද්‍යාලයෙනි.

පසුගිය වසරේ ඇය ජපන් සිනමාපටයකට ද රංගනයෙන් දායකත්වය ලබා දුන්නා. මේ වනවිට එය තිරගත වී හමාරය. උමාලිගේ පෙම්වතා ලංකාවේ සිටින ජනප්‍රිය යොවුන් නළුවකු වූසාරංග දිසාසේකර බව කවුරුත් දැන් හොදින් දන්නා කරුණකි.ජපානයටවී අධ්‍යාපනය ලැබූ ඇය දැන් ලංකාවට පැමිණ සිටිනවා. පසුගියදා රීදී රැයක් ප්‍රසංගයේ දී ඇය සාරංග හා එක්ව අපුරු නර්තනයක් ද ඉදිරිපත් කරනු ලැබුවා. ඉතින් උමාලිගේ වත්මන් තොරතුරු පිළිබදවත්, ඇගේ කලා කටයුතු මෙන්ම ආදරය ගැනත් ඇය පැවසුවේ මෙලෙසිනි.

බාලවයස්කාරියක් කැලෑවකට ඇදන් ගිහින් කෙළෙසලා

rash

ඥාති සහෝදරයින්
එක්ව පාසල්
සිසුවියක් 
අපයෝජනයකළහැටි.... 

ඥාති සහෝදරයින් දෙදෙනෙකු එක්ව වයස අවුරුදු පහළොවක තරම් වූ බාලවයස්කාර දැරියකට සිදු කරන ලද දුෂණයක් හේතුවෙන් බරපතළ තත්ත්වයෙන් පසු වූ ඇය හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇති බව හලාවත පොලීසිය පවසයි. මේ අයුරින් අපයෝජනයට ලක්ව රෝහල් ගත කර ඇත්තේ හලාවත - කරවිටාගාරය, අලුත්වැව පදිංචි පාසල් සිසුවියකි.

ඊයේ (10) දහවල් 12.00 ට පමණ හලාවත - කරවිටාගාරය ප්‍රදේශයේ දී ඇයට මෙම අපරාධය සිදු වී ඇත. සිද්ධියට මුහුණ දුන් බාලවයස්කාරිය හාල් කෙටීම සඳහා නිවසෙන් තරම් ඈතින් පහිටි මෝලයකට ගොස් තිබේ. ඇය කරවිටාගාරය වැව් බැම්ම මතින් ආපසු සිය නිවස බලා ගමන් කරමින් සිටින විට අතර මග රැක සිට ඇති සැකකරුවන් දෙදෙනා ඇයව බලහත්කාරයෙක් කැලෑවකට ගෙන ගොස් ඇත.

ලිමිට් එක පනින සැමියා නිසා විදවන බිරිදක්

rash

එයා මාව 
කුණු වෙච්ච
මළ සිරුරක්
ගානට දාලා....

"අමල්ව බැන්දට වඩා හොඳයි මුළු ජීවිත කාලය පුරාම අවිවාහකව හිටිය නම් කියලා මට හිතෙන්න පටන් ගත්තෙ අපේ විවාහය සිද්ධ වෙලා මාස පහක් හයක් ගත වෙනකොටමයි. ඒකට හේතුව අමල්ගෙ තිබුණු බේබදුකමයි. අපි බැන්දෙ යෝජනාවකින්.

මම ආදරය කරපු සිරිනාථ හරිම නිර්දය විදිහට මාව අමතක කරලා වෙනත් විවාහයක් කර ගත්තට පස්සෙ මගෙ හිතේ ඇති වුණු කේන්තියයි කලකිරීමයි හින්දම මටත් ඉක්මනින්ම විවාහයකට ඇතුළත් වෙන්න ඕනෙකම තිබුණා. අමල්ගෙ යෝජනාවට මං එකපයින්ම කැමැති වුණේ. සිරිනාථට වඩා අමල්ගෙ කඩවසම් පෙනුමක් තිබුණු නිසාමයි. අනික් අතට සැලකිය යුතු වරදක් මං එයාගෙ දැක්කෙ නෑ...... යෝජනාව ගෙනාවෙ අපට දුරින් නෑදෑවෙන නැන්දා කෙනෙක්.

නිතීඥවරියගේ කකුල් දෙකට සම්මානයක් - (ඡායාරූප)

rash

දිගම කකුල් 
දෙක හිමි 
රුවත්තියනටත්
රුසියාවෙන් ඉඩ

සයිබීරියානු ජාතික තරුණියක වන "ඇනස්ටේසියා ස්ට්‍රෙෂ්වස්කයා" (Anastasia Strashevskaya) රුසියාවේ දිගු කකුල් ඇත්තිය ලෙස තේරී පත්ව සිටිනවා. ඇගේ කකුල් දෙකේ දිග සෙන්ටිමීටර් 106 ක් වනවා. ඇනස්ටේසියා මෙම සම්මානයට පාත්‍රවූයේ රුසියානු රූපලවන්‍ය තරගයකදී ය. ඇය දැනට නීතීඥවරියක වීමේ සිහිනය සැබෑ කරගනු පිණිස අධ්‍යාපනයේ නිරතව සිටියි.

ඇය දිගු පා ඇත්තියට හිමි සම්මානය දිනා ගනු ලැබුවේ එම තරගයට ඉදිරිපත් වූ තරගකාරියන් පනස් දෙදෙනෙකු අභිබවා යමිනි.

දියණිය කාමාතුරයන්ට බිලි දුන් මවක්

rash

දියණියගේ 
යහනට
තරුණයින්
තිදෙනෙක්
යවලා.....

මිල්ලනිය පරගස්තොට ප්‍රදේශයේ කාන්තාවකට හා ඇයගේ දියණියකට බරපතළ ලිංගික අතවරයක් කළ සැකකරුවකු අත්අඩංගුවට ගෙන හොරණ ප්‍රධාන මහේස්ත්‍රාත් ජගත් ඒ. කහඳගමගේ මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 21 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිනි. රක්ෂිත බන්ධනාගාරගත කළේ පානදුර තුඩුව පාරේ පදිංචි මනුවෙල් 'පිලිප් සරත් වසන්ත' නමැති තිස්එක් හැවිරිදි වියේ පසු වූ දෙදරු පියෙකි.

පරගස්තොට ප්‍රදේශයේ මව යැයි සැළකෙන කාන්තාවගේ අනුදැනුම ඇතිව බාලවයස්කාර දැරියක් නිවසේ දී ලිංගික අපයෝජනයට පත්වන බවට මිල්ලනිය ‍පොලීසිය වෙත ලැබුණු නිර්නාමික දුරකථන ඇමතුම

නිකම් ඇඳුම් ගන්න යට ඇඳුමෙන් එයි

rash

ඉතාලියේ රෝමය හා ටියුරින් යන නගරවල ඇගලූම් වෙළද සළක් ආසන්නයේ පසුගියදා දැකගත හැකි වූ අපූරු දසුනකි.

යට ඇදුමින් පමණක් සැරසුණු කාන්තාවන් හා පිරිමින් පිරිසක් වෙළදසළ විවෘත වන තෙක් පෝලිම් ගැසී බලා සිටියහ.තවත් සමහරු තමන්ගේ යට ඇදුම් පමණක් ඉතිරිවන තෙක් ඇගලූම් උනා දමමින් සිටියහ.

අවසානයේ වෙළදසළ විවෘත වුණු පසු ඔවුහු සියලූ දෙනා එතුළට දිව ගියහ.පිස්සුවෙන් මෙන් ඔවුන් ඇදුම් තෝරමින් තම විළි වසා ගනු දැකගත හැකි වුනි.

පිරිමින් රැසක් සමග යහන් ගත වූ නෙරංජිගේ මරණය අතළග

rash

හරි හැන්ඩියා 
මම එයා
එක්කත් 
දවසක්ම හිටියා....

ගැහැනියකට ජීවිත ගමන වැරදුණු පසු එය නැවත හරි මගට ගැනීම පිරිමියෙකුට මෙන් පහසු නැත. හරියට කැඩී ගිය කැඩපතක් මෙනි නැවත සැකසුවත් එහි කැළැල් ඉතිව ඇත. එසේම ගැහැනියක් තමන්ගේ සීමාව හෝ යුතුකම් වගකීම් අමතක කර ජීවත් වන්නේ නම් ඇයටද ඉතුරු වන්නේ විනාශ වූ ජීවිතයකි. ඒ බව මැනවින් තේරුම් යන්නේ එවැනි අත්දැකීම් විඳි අයටය.

හදිසියේ දිනක කලෙකින් හමු වූ යෙහෙළියක් සිටියේ ඇගේ තවත් යෙහෙළියක් සමගය. ඇගේ යෙහෙළිය ඉතාමත් අසනීප ගතියකින් සිටි අතර ඇය මට එම යෙහෙළිය හඳුන්වා දුන්නේ ඇය ගැන විශේෂ කතාවක් තිබෙන බව ද කියාන අතර තුරදී ය. දින කීපයට පසුව මගේ යෙහෙළිය මා අමතා ඇගේ යාළුවා එයාගේ කතාව කියන්න කැමැති වුණු බවත් එයාගේ ඇත්ත තොරතුරු සඳහන් කරන්නේ නැතිව මේ කතාව සටහන් තබන ලෙසත්. අපි ඇයව නෙරංජි ලෙස නම් කරමු. ඇය ගම වශයෙන් කොළඹට කිට්ටු නගරයක් සඳහන් කළා ය. මගේ මිතුරිය පැවැසූ අයුරින්ම නෙරංජිගේ කතාව මෙසේ සටහන් කරමි.

උපේක්ෂාගේ පෙම්වතා මියගිහින්

rash

දැකපු මුල්ම 
දවසෙම ඔහු
ගැන ලොකු
ආකර්ෂණයක්
ඇතිවුණා.....

උපේක්ෂා ස්වර්ණමාලි බොහෝ රසික පිරිසකගේ ආදරය දිනාගත්තු ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක්. කාලයක් උපේක්ෂාගේ ජීවිතේ නොයෙක් ගැටුම් හැලහැප්පීම් තිබුණු බව මේවන විට කවුරුත් දන්නා කරුණක්.

ඒත් දැනගන්න තියෙන අලුත්ම ආරංචිවල හැටියට උපේක්ෂාගේ ජීවිතේ දැන් ආයෙත් අලුත් වෙලා කියලයි. ඒ අලුත් ආරංචිය නම් උපේක්ෂා ආයෙත් පෙම්වතියක වීමයි. ඇගේ අලුත්ම පෙම්වතා වන්නේ ව්‍යාපාරිකයෙකි. කලා ක්ෂේත්‍රයේ සිටින යොවුන් නළුවන්ටත් වඩා ඔහු කඩවසම් පෙනුමෙන් යුත් තරුණයෙකු බවත් ඈ පසුගිය දිනක පැවසුවා ය. මේ සෑම දෙයක්ම අතරේ උපේක්ෂට ඇගේ පෙර තිබුණු පෙම් සම්බන්ධතා ගැන හිටිහැටියේම මතක් වෙලා.

කුඩම්මාගෙන් ළාබාල දරුවාට අතවර

rash

ළාබාල දරුවාට
පහර දී 
ගෙලට උණුවතුර
වත්කරලා.....

අවුරුදු පහක් වයසැති කුඩා දරුවෙකුට බරපතළ ලෙස පහර දී තුවාල කර ඔහුගේ සිරුරට උණුවතුර වත්කර පිළිස්සූ එම දරුවාගේ පුංචි අම්මා කෙනෙකු අලවතුගොඩ ‍පොලීසිය මගින් පෙරේදා (07) අත්අඩංගුවට ගෙන ඇත. මේ දරුවා අලවතුගොඩ ප්‍රදේශයේ පදිංචි අයෙකි.

ඔහුට තව වැඩිමල් සොයුරියක ද සිටියි. මෙම දරුවන් දෙදෙනාගේ මව මානසික ආබාධයකින් පෙළෙන නිසා ඇගේ සැමියා ඇය අතහැර ගොස් තිබේ. මෙම දරුවන් දෙදෙනා හදා වඩා ගන්නේ ඇගේ මෙම පුංචි අම්මා වන අතර ඇයට ද දරුවන් දෙදෙනකු සිටින බව ‍පොලීසිය පවසයි. මෙම කුඩා දරුවාගේ කරදර ඉවසා ගත නොහැකිව අධික කෝපයට පත් මෙම දරුවාගේ පුංචි අම්මා කුඩා දරුවාට පහර දී ඔහුගේ ගෙල ප්‍රදේශයට උණුවතුර වත් කර ඇතැයි ‍පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

පෙම්වතිය පුදුම කළ නිර්වස්ත්‍ර පෙම්වතා

rash

පෙම්වතියට
නිරුවත
පෙන්වීමේ
ආශාව
බොද වෙයි.....

ඇගිල්ලට දාපු මුද්දක් ගලවගන්න බැරුව හිර වුණාම අපි කවුරුත් කරන්නේ සබන් ටික්ක දාලා මුද්ද ගලවගන්න එකනේ. අපි තබන මේ සටහනත් ඒවගේ වැඩක් ගැන පුවතක්. ඒත් මේ දේනම් සුළුපටු වැඩක් නෙවෙයි මහා පරිමාණයේ වැඩක්. ඒ වගේම කියවන්නන්ගේ මුවගට සිනහව එක්වන රසවත් සිදුවීමක්.

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර එක්තරා පෙම්වතෙක් ඔහුගේ ආදරණීය පෙම්වතිය පුදුම කරන්න හිතාගෙන ගෙදර තියෙන විශාල රෙදි සෝදන යන්ත්‍රය (washing machine) ඇතුලට රිංගුවා. එයා හිතු‍වේ හවසට වැඩ ඇරිලා එන තමන්ගේ පෙම්වතිය කිළිටි ඇදුම් දාන්න washing machine එකේ දොර අරිද්දි, ඒක අතුල ඉදන් එළියට එන්න ඒත් සාමාන්‍ය විදිහටනම් නෙවෙයි අසාමාන්‍ය විදිහකට, ඒ කිව්වේ නිරුවතින්.

සැමියාගේ අනියම් පෙමට බිරිදගෙන් උණුසුම් ප්‍රතිචාර

rash

එයා මගේ
ළඟට ඇවිත්
මම වහ
බිව්වා 
කියලා කිව්වා....

විවාහයෙන් පසු අබු සැමියන් ලෙස පවුල් ජීවිතය ගතකිරීමේ දී අඹුසැමියන් එකිනෙකා සැකකරගන්නා අවස්ථා ඕනෑ තරම් තිඛෙන්නට හැකිය. එවන් පුවත් පිළිබදව අප අසා ඇති අවස්ථා ද ඕනෑතරම් ඇත. ආදරය හා විශ්වාසයෙන් බැදුණු සබධතාවයක් මැද්දට අවිශ්වාසය හා සැකය ඇතුළු වුවහොත් තුවාලය ඔඩු දුවනවා මිස සුව කරගන්නට ක්‍රමයක් නොසොයයි. නමුත් එවැනි ප්‍රශ්න බුද්ධියෙන් විසඳාගන්නට අසමත් වුවොත් වන්නේ මහත් විපත්තියකි. අනියත සැකයක් දුරදිග යාම ඇතැම්විට ජීවිත හානියක් වැනි විනාශයන් පවා ඇති කරන්නට සමත්ය.

අප ඉහත සදහන් කළ අයුරින් ඇති වූ ගැටුමක් මත, පසුගිය සුමානයේ කන්තලේ හදිසි මරණ පරීක්ෂකවරයෙකු තිදරු මවකගේ සියදිවිනසාගැනීමක් ගැන තීන්දුවක් දුන්නේ මේ අයුරින්ය. මෙම අවාසනාවන්ත මරණයේ වගකීම සම්පූර්ණයෙන්ම භාරගත යුත්තේ නිර්නාමිකව දුරකථන ඇමතුම දුන් පුද්ගලයායි.

VIP and VVIP Vehicles in Trouble

rash

VVIP yd ‍VIP f,an,a iys;
jdykj, .sfhd;a jevjr§

ñka bÈßhg lsisÿ wjirhlska f;drj  VVIP  yd  ‍VIP   mqjre m%o¾Ykh fldg hk jdyk iy me;s ùÿre l¿ meye lr hk jdykj,g úreoaOj oeäj kS;s l%shd;aul lrk nj ‍fmd,sia udOH m%ldYl ‍‍‍fcHIaG ‍fmd,sia wêldß wð;a frdayK uy;d mejeiSh'

ta ms<sn|j r: jdyk Ndr ksfhdacH ‍fmd,siam;sjrhd úiska rfÜ ish¨‍ ‍fmd,sia ia:dk oekqj;a lr we;s nj i|yka fõ'
flfia fj;;a úfYaI wjir u; me;s ùÿre l¿ meyelsÍug wjirhla ;snqK;a Bg wod< wjir m;%h ;sìh hq;= njo fyf;u i|yka lf<ah'

කටකතා නිසා ජනප්‍රිය වෙන්න ලේසියි.....

rash

සිහින පියාපත් නාට්‍යයේ "කේතකී" ලෙස ප්‍රේක්ෂක ආදරය දිනාගත් "ඉෂාරා සඳමිණි" අද 'රන්තරු' ටෙලි නිර්මාණයේ 'වන්දනා' ලෙස ප්‍රේක්‍ෂක සිත්හි ලැගුම්ගෙන හමාරයි. රංගන ක්‍ෂේත්‍රයේ විවිධාකාර චරිත තුළින් රසික සිත් නැවුම් වින්දනයක් කරා රැගෙන යන්නට සූදානමින් සිටින ඇගේ වත්මන් තොරතුරු පිළිබදවත්, ජීවිතය ආදරය මෙන්ම කටකතා ගැන සදහන් වූ තොරතුරු රැසකි මේ.

රන්තරු ටෙලි නිර්මාණයේ 'වන්දනාගේ' චරිතය ඉෂාරාගේ ජිවිතේ ලොකු වෙනසක් කලාලු.... රන්තරු ටෙලි නාට්‍යයේ තේමාව වෙනස් නිසාවෙන් ම වැඩිහිටි තරුණ මේ හැමෝම 8.30ට ස්වාධීන රූපවාහිනිය එක්ක එකතු වෙලා ඉන්න බව ඇයට ලැබෙන ප්‍රතිචාරත් එක්ක පෙනී යන කරුණකි. ඉෂාරාගේ රසික, රසිකාවියන් ඇයට මගතොටේදී මුණගැහුණු වේලාවන්හී දී පවා

ඇයට කතා කරන්නේ වන්දනා කියලායි. ඒ නිසාවෙන්ම මේ චරිතය ඉෂාරගේ සිතේ හැමදාමත් මතකයේ රැදී තියේවි.

ප්‍රතිචාර ලබන්න තරම් මේ හැබෑ වෙලා තියෙන්නේ පුංචි කාලේ දැකපු නිළි හීනයක් නොවුණත්, ඒ ගැන මෙන්ම අනෙක් කරුණු කාරණාවන් පිළිබදවත්, ඉෂාරා මතකට එක කළේ මෙලෙසිනි.

දරුවන් වෙනුවෙන් ගණිකාවක් වුණු ගැහැණියක්

rash

මසකට
ලක්ෂයකටත්
වඩා මුදල් 
වැයකොට 
කුඩු උරයි.....

තම දියණියත් පුතුත් සැමියාට භාර කොට රෝහිණී මැදපෙරදිග  ගෘහ සේවයට ගියේ දරුවන් දුක් විඳිනු තවත් බලා ඉන්නට බැරිම තැනය. රෝහිණීගේ සැමියාට හරිහමං ආදායමක්  නොතිබිම මේ ව්‍යසන හැම එකකටම මුල විය. එහෙත් රෝහිණීට මැදපෙරදිග රැකියාව  කරන්නට ලැබුණේ වසරකුත් මාස දෙකක් වැනි කාලයක් පමණි. ඒ වන විට තුන් හැවිරිදිව සිටි ඇගේ බාල පුතු නිතර නිතර අසනීප වන බව පවසා ඇයට ලංකාවට එන්නැයි  සැමියා බල කිරීම එයට හේතුව විය. අන්තිමේ තමා උපයාගත් මුදලින්ම ටිකට්පත සාදාගෙන රෝහිණීට ලංකාවට එන්නට සිදු විණි.

රෝහිණීගේ දරුවාට තිබුණේ  ඇදුම රෝගයයි. දරුවා ළමා රෝහ‍ලේ නතර කරගෙන සෑහෙන කලක් ප්‍රතිකාර ලබා දී නැවත ඇය දරුවාත්  රැගෙන පැමිණියේ තඹ දොයිතුවක් නැති ගෙදරකටය. දැන් නැවත ඇයට මැදපෙරදිග රැකියාවට යාමටත් බැරිය. ඒ අසනීපෙන් පෙළෙන කුඩා පුතු තනි කර යාමට නොහැකි බැවිනි.

මර්වින් සිල්වාගේ ප්‍රේම මතකයන්

rash

මම ගොඩේ
කොල්ලෙක්....
බාගෙට  
පෙම් කරලා
මට පුරුදු නෑ....
  
දේශපාලන කරලියේ දීකාගේත් අවධානය දිනාගැනීමට සමත් එකම ඇමතිවරයා මර්වින් සිල්වා යැයි හැගෙන්නේ ඔහුගේ නම කියූ පමණින් මේ රටේ සිටින සෑම පුද්ගලයෙකුම ඔහු හදුණන නිසාවෙනි. ඔහුගේ පෙරළිකාර චරිතය මෙන්ම ඔහුගේ ක්‍රියාකලාපයන් ද එයට හේතු වෙයි. එක් අතකින් ඔහු මැති ඇමතිවරුන්ගේ මෙන්ම ජනපතිදුන්ගේ ද, ජනයාගේ ද මුවගට සිනහ නැගෙන කතාවන් කීමට හපනෙකි. මෙතුමාගේ මුවෙන් පිටවෙන වචනයක් වචනයක් පාසා එකිනෙකට වෙනස් ය. විට උපහැරණ දක්වති. තවත් විටෙක සිතුවිලි කවියට නගයි.

අප හැම කෙනෙකුටම අතීතයක් ඇත. මර්වින් සිල්වා ඇමතිතුමන්ට ද එහි වෙනසක් නැත. ඔහුට ද සොදුරු මතකයන්ගෙන් පිරිගිය අතීතයක් ඇත. ඉකුත් දින පුවත් පත් හමුවක දී එතුමා තමන් තරුණ කාලයේ දී පෙම්වතෙකුව සිටි කාලය ගැනත්, අදට වඩා ඒ කාලයේ පෙම් කළ හැටි එකිනෙකට වෙනස් බවත් පැවසුවේ මෙලෙසිනි. 

පොකට්ස් මනි හොයාගන්න කාමෝද්දීපන රංගනයට යොමු වූ සනී

rash

විශේෂයෙන්ම
මගේ සැමියා  
රාත්‍රියේ දී 
මට හොඳ
පුහුණුකරුවෙක්

බොලිවුඩ් සිනමාව තුළ ආන්දෝලනයක් ඇති කළා වූ සරාගී නිළි "සනී ලියොන්." ඉන්දියානු සම්භවයක් සහිත කැනේඩියානු කාමුක නිළියක් ලෙස ජනප්‍රියත්වයට පත් වූ ඇයට ලොව පුරාම රසිකන් සිටින බව පසු ගියදා කරනු ලැබූ සමීක්ෂණයකින් හෙළි විය. ඒ ගුගල් සර්ච් එකෙන් ඇය මුල් තැන හිමිකර ගැනීමෙනි. ඒ තරමට ප‍්‍රසිද්ධ වුණ සනී මෙදා සැරේ රසිකයන් වෙත තවත් සමීප වන්නට ඇගේ රියල් අද්දැකීමක් වූ ජැක්පොට් සිනමාපටය පිළිබදවත්, ඇගේ අනෙකුත් පුද්ගලික තොරතුරු ගැනත් රසිකයන්ට පැවසුවේ මෙලෙසිනි.

හිසකෙස් ඩයි කරන්නේ බලාගෙනයි!

rash

මාරාන්තික වියහැකි
ඩයි වර්ග ඇතුළු
රූපලාවන්‍ය
ආලේපනවල
සැබෑ තත්ත්වය මෙන්න

යම්තමින් දැනුම් තේරුම් ඇති සන්ධියේ පටන් ගැහැනු පිරිමි භේදයක් නැතිව  අපි සියලු දෙනාම පාහේ ලස්සනට ඉන්නට  කැමතිය. තමන් ලස්සන යැයි තවත් අයෙකුගේ මුවෙන් අසන්නට අප කවුරුත් කැමති බව අසත්‍යයක් නොවේ. ඒ හේතුව නිසාම තමන්ගේ රුව රැකගන්නට බොහෝ දෙනා බොහෝ දේ කරන අවස්ථාද බහුලය. විශේෂයෙන්ම එහි මුල් තැන ගන්නේ අපේ කාන්තාවන්ය.

ප්‍රියමනාපව සිටීමටත්, තමන්ගේ රුව රැක ගැනීමටත්, ඔවුහු විවිධ දේ කරති. ඒ සඳහා අද වන විට වෙළෙඳපළේ ඇති රුව වඩවන විවිධ ආ‍ලේපන වර්ගද බොහෝය. එහෙත් එම ආ‍ලේපන මිල දී ගැනීමට පෙර තවත් කිහිප වතාවක්  ඒ පිළිබඳව සිතන්නට අප ‍පොළඹවන බිහිසුණු කාරණයක් පිළිබඳව ඉකුත් දා අසන්නට ලැබිණි. ඒ, හිසකෙස් කළු කිරීමට ගන්නා ඩයි වර්ගයක, කල් ඉකුත් වූ පැකට්ටු ලක්ෂයකට අධික තොගයක්, මෙරට ප්‍රධාන පෙළේ වෙළෙඳ නාමයක් යටතේ ව්‍යාජව අසුරා වෙළෙඳපළට එවීමට සූදානම් කර තිබිය දී පාරිභෝගික අධිකාරිය විසින් සොයා ගැනීමේ පුවතයි.

ඉතිහාසය අමතක කල දකුණේ අසරන ජනතාවට නැවතත් දඩුවමක්

rash

අන්තර්ජාතික වෙළඳදැන්වීම් ප්‍රචාරන ආයතනයක් ලෙස පෙනී සිටිමින් ප්‍රසිද්ධියේ ක්‍රියාත්මක වන නීතියේ රැහැනට හසුකරගත නොහැකි මහාපරිමාන පිරමීඩාකාර ව්‍යාජ මූල්‍යමය ආයතන දෙකක් තිස්සමහාරාම හා අම්බලන්තොට කේන්ද්‍රස්ථානකොටගෙන ක්‍රියාත්මකවෙයි. එම ආයතන නම් තිස්සමහාරාම පල්ලියවත්ත ප්‍රදේශයේ ඇති ලුමිනස් ඇඩ්වර්ටයිසින් ආයතනය හා අම්බලන්තොට පැනෝරා ඇඩ්වර්ටයිසින් යන ආයතනයි.

දැනට ආයතනයට සම්බන්ධ වූ සාමජිකයන්ගේ කෝටිගනනක මුදල් රැගෙන පැනෝරා පැන හොරා වී පැනගොස් ඇති අතර ව්‍යාපාරයේ හිමිකරු පල්ලෙමලල ප්‍රදේශයේ
මේසන්බාස්වරයෙකුවන සෝමලාල් හා ඔහුගේ සගයා වන පලා වෙලෙන්දෙකු වන නැදිගම්විල මිලානුත් තැන්පත්කරුවන්ගේ මුදල් වලින් මිලදී ගන්නා ලද නවීන පන්නයේ හයිබ්‍රිඩ් මෝටර් රථ සමගම ප්‍රදේශයෙන් අතුරුදහන් වී ඇත.

රුපියල් 68000,78000,156000,178000 ලෙස සදහන්කොට ඇති පැකේජ මිලදී ගත්විට සාමජිකත්වය හිමිවේ.අලුත් සාමජිකයෙක් හදුන්වා දුන්විට 3500ක මුදලක් ලැබෙයි.ආයතනයට සම්බන්ධ වී කල යුත්තේ ලබාදෙන වෙළඳදැන්වීම් නැරඹීමයි. සතියකට දැන්වීම්4-8 දක්වා නැරඹීම වෙනුවෙන් තැන්පත්කල මුදලට පැනෝරා 550%ක පොලියකුත් ලුමිනස්225% සුවිශාල පොලියකුත් වසරක් දක්වා ගෙවනබව පවසා සිත්වශී කරන දේශන ලබාදී අසරන ජනතාව සිහිනලෝක වල තනිකරයි.

වෙරළට වෙලා පෙම්වතුන් ආතල් ගන්න හැටි

rash

පෙම්වතුන් 
ආතල් ගනිද් දී
තවත් පිරිසක්
ස්වයං
වින්දනයේ.....

සිතේ ඉපදෙන ආදරයක් ප‍්‍රකාශ කරගන්න ඔබ මොන තරම් වෑයම් කරනවාද. සිත ගිය පෙම්වතියගෙන්, පෙම්වතාගෙන් ලැබෙන පිළිතුර ඔබට මොනතරම් වටිනාකමක් තියේද? ඔබේ ආදරය පෙම්වතිය පිළිගතහොත් ඔබට මුළු ලෝකයක් දිනුවා හා සමානව දැනේවි. ආදරය ඒ තරමට ගැඹුරු ද? "ඔව් හදවත පුරාවටම ගැඹුරුයි" ඔබත් පිළිගනීවි.

එදාට වඩා අද සෑම අතින්ම රට ලෝකය දියුණුයි. ඒ නිසා දුරකථන ඇමතුම, එස්.එම්.එස්. පණිවුඩය අද ආදරයේ මාධ්‍යකරුවා බවට පත් වී තිබේ. ලෝකයේ මොන කෙළවරක සිටියත් ආදරය නිදහසේ විඳින්නට දුරකථනය සෑදු අප ඇලෙක්සැන්ඩර් ග‍්‍රැහැම් බෙල්ටත් මේ පින් අනුමෝදන් විය යුතුයි. ඇතැම් විට ග‍්‍රැහැම් බෙල්වත් ඔහුගේ දුරකථනය මේ තරම් වෙනසක් කරාවි යැයි නොසිතන්නට ඇති.

Bollywood Actress

Paid Advertisement

Nodutu Lokaya