Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: දේශපාලනඥයින්ට ගොදුරු වෙන අහිංසක තරුණියන්

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

දේශපාලනඥයින්ට ගොදුරු වෙන අහිංසක තරුණියන්

rash

වරක් දෙවරක්
කළොත් ඔවුන්
දුෂණයට නිතරම
යොමුවෙනවා......

පසුගිය මාස කිහිපයක් පුරා පුවත්පත් වාර්තා හා විද්‍යුත් නාලිකා හරහා දේශපාලන ක්‍ෂේත්‍රය ගැන ඇසීමට සහ කියවීමට ලැබුණේ සතුටුදායක පුවත් නොවේ. විශේෂයෙන් දේශපාලනයේ ඉහළ ස්ථානවල සිට පහළ තනතුරු දක්වා බොහෝ දෙනෙකු විසින් සිදුකරන විවිධ අක්‍රමිකතා, දූෂණ, වංචා, මිනීමැරුම් හා බලය අයුතු ලෙස භාවිතය මේ අතර ප්‍රධාන විය.

මේ අන්දමට  දේශපාලනඥයින්ගේ කළු අඳුරු පැතිකඩ නිරන්තරව  නිරාවරණය සමග මේ ගැන පුළුල් කථිකාවතක්ද සමාජය තුළ ඇතිවිය. මේ තත්ත්වය ශ්‍රී ලංකාවට පමණක් නොව ලොව පුරා බොහෝ රටවල දේශපාලනඥයින් ඇතුළු සමාජ, ආර්ථික, දේශපාලනික වශයෙන් ඉහළ පුටු දරන බොහෝ දෙනෙකු කෙරෙන් දිස්වීම සමග විද්‍යාඥයින්ගේද අවධානය මේ කෙරෙහි  යොමුවිය.

අපේ රටේ පසුගිය කාලයේ දිගින් දිගටම දේශපාලනඥයින්  සහ ඔවුන්ගේ අතින් බාල  වයස්කාර දැරියන් දූෂණයට ලක්වීම සමග මේ ගැන සමාජ කතිකාවතක් ඇරඹී ඇත. බලයෙන් අඩු ප්‍රාදේශීය දේශපාලනඥයින් අතින් අහිංසක දැරියන් දූෂණයට ලක්වෙද්දී බලය හා ධනය ඇති  ඉහළ පෙළේ පුද්ගලයෝ සුපිරි ගණිකා මඩම්වලට යති. බලය හා ධනය අතින් ඔවුනට වඩා පහළ සිටින ප්‍රාදේශීය දේශපාලනඥයෝ මේ නිසා නීතියේ රැහැනට හසුවී සිරදඬුවම් විඳිති. එහෙත් සුපිරි දේශපාලනඥයින් අතපය දමා කෙසේ හෝ බේරී යෙහෙන් වැජඹෙති. එහෙත් සියල්ලන්ම සිදුකරන්නේ එකම වරදකි.

බලය ලැබිම සමග මේ අන්දමට මිනිසුන් බලය දූෂිත ලෙස යෙදවීම සිදුවන්නේ අපේ රටේ පමණක් නොවේ. ලෝක බැංකුවේ නැතහොත්  ජාත්‍යන්තර මූල්‍ය අරමුද‍ලේ මෙන්ම ජාත්‍යන්තර පාපන්දු සම්මේලනවල මුල් පුටු  හෙබවූ බොහෝ දෙනෙකුටද විදේශ රාජ්‍ය නායකයින් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයින් රැසකටද පසුගිය කාලයේ මෙම දූෂණ චෝදනා එල්ල වූ බව ඔබට මතක ඇති.

මේ සමාජ පාදඩකරණය සිදුවන්නේ  මානව පරිණාමයේ සිදුවන පරිවර්තීය ලක්ෂණයක්  ලෙස බව විද්‍යාඥයෝ පවසති. මේ නිසා බලය ඇති මිනිසුන් සමාජය මෙලෙස දූෂණය කරන්නේ (Why men rape?) ඇයි දැයි විමසීම ඉතා කාලෝචිතය.

මානව පරිණාමය පිළිබඳව ඉතා සිත්ගන්නාසුළු අධ්‍යයනයක නිරතවූ මානව සමාජ විද්‍යාඥ ඩෙස්මන් මොරිස් තම නිරුවත් වානරයා (Naked ape) සහ මනුසත් උයන (Human zoo) විද්‍යාත්මක ග්‍රන්ථ ද්විත්වයෙන් මේ තේමාව සම්බන්ධව අපූරුවට  කතාබහට ලක්කර ඇත.

පිරිමි කාන්තාවන් දූෂණයට ලක් කරන්නේ තම බල ආධිපත්‍ය කාන්තාවන් මත පැතිරවීමට බවත්, පුරුෂාධිපත්‍ය පෙන්වීමක් එහි නොවන බවත් විද්‍යාඥයෝ පවසති. මෙහිදී සත්‍ය ලෙසම සිදුවන්නේ  තමාගේ ලිංගික ආශාවන් සන්තර්පනය කර ගැනීමයි.  මෙහි ප්‍රතිඵලයක් වශයෙන් පිරිමින්ගේ ශාරීරික යෝග්‍යතාව වැඩි වර්ධනය  කරගැනීමට ඔවුනට අවකාශය  උදාවෙයි. තමා ඉතා හොඳ නිරෝගී පුද්ගලයන් බවට ඇතැම් ස්ත්‍රී දූෂණ චෝදනා වලට ලක් වූ දේශපාලනඥයින් පාරම්බාන්නේ මේ නිසාය.

වැඩි වශයෙන් දේශපාලනඥයින් අතින් දූෂණයට ලක්වන්නේ වයස අවුරුදු 17 ත් 25ත් අතර තරුණියන් බව විද්‍යාත්මක සාක්ෂි මගින් තහවුරු වී ඇත. මේ පිරිසට විවාහක තරුණියන්ද අයත් වන අතර, අවිවාහක හෝ විවාහක නොවේවා දූෂණයට ලක් වූ විට ඔවුහු  විශාල මානසික පීඩනයකට පත්වෙති. කෙසේ වුවත් වරක් දෙවරක් මේ අන්දමට තරුණියන් දූෂණයට ලක්වීම සමග ඔවුන්ද එයට හුරුවන බවද විද්‍යාඥයෝ පෙන්වා දෙති. ඇතැම් විට තම දේශපාලන ප්‍රතිවිරුද්ධවාදියෙකුගේ හෝ සතුරාගේ දියණිය හෝ බිරිඳ දූෂණය කිරීමද සුලභව සිදුවන තත්ත්වයකි.

මානව ජෛව විද්‍යාඥයින් ස්ත්‍රී දූෂණය දෙස අවධානය ලක්කරන ආකාර දෙකක් පවතියි. ස්ත්‍රීන් දූෂණයට ලක්වීම ස්වාභාවික වරණයේ තේරීමක් බවද විද්‍යාඥයෝ පවසති. මක්නිසාද යත් ඒ හරහා මිනිසුන්ගේ ප්‍රජනක ක්‍රියාවේ සාර්ථකත්වය රඳා පවතියි. දෙවැන්න ස්ත්‍රීන් දූෂණයට ලක් කිරීම හරහා අනවශ්‍ය බැඳීම් ඇතිකර ගැනීමක් නොකර බොහෝ ස්ත්‍රීන් සමග එකතුවීමට මිනිසාට අවස්ථාව උදාකර  දීමය.


පරිණාමයෙන් මේ ඉඩකඩ මිනිසාට ලබාදීමට අවස්ථාව උදාකර ඇතත් ශිෂ්ටාචාර දියුණුවීම සමග අපට අප තුළ පාලනයක් ඇති විය යුතුව ඇත. එය අප ස්වාභාවික වරණය සීමා කිරීමකි. එහෙත් බලය ලැබිම සමග මේ ස්වභාවික වරණයේ නියමයන් හා සීමාවන් ඉක්මවා අසීමිත ලෙස ස්ත්‍රී දූෂණ ප්‍රතිශතය ඉහළ යාම ශ්‍රී ලංකාව වැනි බෞද්ධ දාර්ශනික රටකට කිසිසේත්ම නොහොබිනා බව පැවසිය හැකිය.

විශේෂයෙන් ඇමෙරිකාවේ සුප්‍රකට ජනාධිපතිවරුන් කිහිප දෙනෙකුටම ස්ත්‍රී අපචාර හා ස්ත්‍රී දූෂණ චෝදනා එල්ල වූහ. එහෙත් ඔවුහු රට තුළ මෙන්ම ලෝකය තුළ ඉහළ පිළිගැනීමක් හා ජනප්‍රියතාවයක් ලැබිය. ස්ත්‍රී දූෂණ චෝදනා වෛද්‍ය විද්‍යාත්මකව ඔප්පු වී පැවතියද බිල් ක්ලින්ටන්  වැනි ජනාධිපතිවරුන් අතිමහත්  ඡන්ද ප්‍රතිශතවලින් මැතිවරණ ජයගත් අන්දම ඔබට මතක ඇත. ඇතැම් විශ්‍ලේෂකයින් පවසන්නේ දේශපාලනඥයින් මෙවැනි ක්‍රියාවලට ඇබ්බැහි වූවන් ලෙස  ක්‍රියාකරන බවයි.

ජ්ඊ ඉජචද තාක්ෂණය යොදාගෙන විද්‍යාඥයින් විසින්  සිදුකරනු ලැබූ අධ්‍යයනයන්ගෙන් හෙළි වූයේ ඇතැම් පුද්ගලයින්ගේ මොළය තුළ ඩොපමින්  නම් රසායනය නිදහස් වීම පාලනය කරන සංවේදක නිසි පරිදි ක්‍රියාත්මක නොවෙන බවය. මෙහි ප්‍රතිඵලය ලෙස එවැනි පුද්ගලයින්ගේ ඩොපමින් ශරීරගත වීම ඉහළ යයි. ඩොපමින් යනු පුද්ගලයකු විනෝදයට ආශ්වාදයට නතු කරන රසායනයයි. මේ නිසා මෙවැනි පුද්ගලයෝ ආශ්වාදයට  ඇබ්බැහි වීමට නතු වෙති.

බොහෝ දේශපාලනඥයින් තුළ මෙයට සමාන ක්‍රියා සිදුවන ජානමය පසුබිමක් ඇතැයි සැලකෙයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස දේශපාලනයේදී ඔවුහු වැඩි වශයෙන් කාමසුඛල්ලිකානුයෝගී ජීවිතයක් ගත කරති. ගණිකා නිවාස වලට යති. සමාජ ශාලා වලට යති. නැතහොත් අසරණ යුවතියන් දූෂණය කරති. මත්පැන් සහ මත්ද්‍රව්‍යවලට යොමු වෙති.

බලය යනු මහා පුදුමාකාර දෙයකි. එයින් ඕනෑම  පුද්ගලයෙකුට අහිතකර ලෙස හැසිරවිය හැකිය. නමුත් ඔබට සැබෑ මිනිසකු පරීක්ෂා කිරීමට නම් ඔහුට බලය ලබාදිය යුතු බවත් බලය ලද පසුව ඔහුගේ හැසිරීම අනුව සැබෑ මිනිසා ලොවට හෙළි වන බවත් ඒබ්‍රහම් ලින්කන් මහතා පැවසීය.

පුද්ගලයකු තමන් සතු බලය ක්‍රමානුකූලව සමාජය පුරා විහිදුවාලන අතර, උගත් බුද්ධිමත් පුද්ගලයින්ට එය හරහා ගමන් කිරීම අපහසු වෙයි. බලය කෙරෙහි අනවශ්‍ය විශ්වාසයක් තබා බොහෝ දෙනෙකු කටයුතු කරති. එසේම මෙම බලය  සමාජය පුරා දේශපාලනඥයින් විසින් පතුරවන්නේ ක්‍රමානුකූලව මිස එකවර නොවේ. බලයේ පැතිරයාම උපරිමස්ථානය දක්වාම යනතුරු මිනිසුනට එය නොතේරෙයි. එමෙන්ම බලය කලක් පවතින විට එයට ගෞරව සම්ප්‍රයුක්තව බියක් ජනිත වෙයි.
ඉතිහාසඥයකු වන හොවාර්ඩ් සින් සඳහන් කරන්නේ බලවතුන්ට සාමාන්‍ය ජනතාවගෙන් ආරක්ෂා වීමට ආරක්ෂක හමුදා අවශ්‍ය නොවන බවයි. මාධ්‍ය ඔස්සේ තම අදහස් ජනතාව මත පැටවීම පමණක්ම බලය ස්ථීර කර ගැනීමට ප්‍රමාණවත් වෙයි. ලියෝ ටොල්ස්ටෝයි වරක් ප්‍රකාශ කළේ බලය පවත්වා ගෙන යාමට බලයට ආදරය කළ යුතු බවයි. එහෙත් බලයට ආදරය කිරීම බලවතුන් සිදු කරන්නේ එහි ගුණාත්මක  භාවය වැඩි වර්ධනයෙන් නොව බලකාමය, කපටිකම සහ කෲරත්වය වගා කිරීමෙනියි ඔහු පවසයි.

රටක ප්‍රබල විපර්යාසය නොමැති වීමද  බලවතුන් අතින් දූෂණ ක්‍රියා ඉහළ නැංවීමට හේතුවන බව හෙරී ටෘෘමන් නැමති විද්වතා ප්‍රකාශ කර ඇත. ඔහු පවසන පරිදි විපක්ෂයක දැඩි නිහඬතාව බලවත් රාජ්‍යයක නීතිරීති උල්ලංඝනය, ජනතාව තුළ බිය හා ත්‍රස්තවාදය ජනිත කිරීමටත් හේතු වී  ඇත.

1963 වසරේදී මාර්ටින් ලූතර් කිං බර්මියන්හැම් සිපිරි ගෙය සිට ලියන ලද සටහනක දැක්වෙන්නේ රාජ්‍ය පාලනය සතු පුද්ගලයකු ලෙස හිට්ලර් සිදු කළ ක්‍රියා නීත්‍යානුකූල ලෙස ඔහුගේ රජය සලකන ලද අතර, නිදහස වෙනුවෙන් හංගේරියානු නිදහස් ව්‍යාපාරය ගෙන ගිය අරගලය නීති විරෝධී ලෙස එරට රජය සලකන බවයි. බලය ඇති අය සිදුකරන සියලු ක්‍රියා නීත්‍යනුකූල බවද, බලය නොමැති පුද්ගලයින්ගේ ක්‍රියා නීති විරෝධී ලෙස අදටද සිදුවෙයි.

රෝම ජනරජයේ ඉතිහාසඥයකු වන පුල්මාර්ට් බලය සහ දූෂණය නැති කිරීම සම්බන්ධව ඉතා වැදගත් ප්‍රකාශනයක් සිදුකර ඇත. එනම් මනාපය මුදලට මිලදී ගැනීම සහ මැතිවරණවලදී මුදල් බලගතු වී ඇති නිසා අවසානයේ දී ආණ්ඩුවල දැවැන්ත පරිහානියක් ඇති වන බවත්ය. පසුව ඒවා ආණ්ඩු නොව රාජාණ්ඩු බවට පත් වන බවත් හෙතෙම පවසයි.

බලය කවුරු කෙසේ භාවිතා කළද අවසානයේ දී උරුම වන්නේ එකම ප්‍රතිඵලයකි. ඉතාලියානු ප්‍රකට කියමනකට අනුව ක්‍රීඩාව අවසානයේ රජතුමා මෙන්ම  සේවකයින්ද එකම පෙට්ටියට දමා වසා දැමෙනු ඇත.
බ්‍රිතාන්‍යයේ යකඩ ගැහැනියක වූ මාග්‍රට් තැචර් මහත්මිය ප්‍රකාශ කළේ බලය ගැහැනියට සමාන බවය. තැචර් මහත්මියට අනුව මිනිසුන් විසින් වැරදි දෙකක් සිදු කරනු ලැබේ. ඉන් පළමුවැන්න බලය නැති මිනිසුන් බලය ඇති බව පෙන්වීමය. දෙවැන්න බලය ඇති මිනිසුන් එය වැරදි ලෙස භාවිත කිරීමය.


-Dr. G.G. Chamal Sanjiwa-


*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Nodutu Lokaya