Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: උපේක්ෂාගේ පෙම්වතා මියගිහින්

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

උපේක්ෂාගේ පෙම්වතා මියගිහින්

rash

දැකපු මුල්ම 
දවසෙම ඔහු
ගැන ලොකු
ආකර්ෂණයක්
ඇතිවුණා.....

උපේක්ෂා ස්වර්ණමාලි බොහෝ රසික පිරිසකගේ ආදරය දිනාගත්තු ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක්. කාලයක් උපේක්ෂාගේ ජීවිතේ නොයෙක් ගැටුම් හැලහැප්පීම් තිබුණු බව මේවන විට කවුරුත් දන්නා කරුණක්.

ඒත් දැනගන්න තියෙන අලුත්ම ආරංචිවල හැටියට උපේක්ෂාගේ ජීවිතේ දැන් ආයෙත් අලුත් වෙලා කියලයි. ඒ අලුත් ආරංචිය නම් උපේක්ෂා ආයෙත් පෙම්වතියක වීමයි. ඇගේ අලුත්ම පෙම්වතා වන්නේ ව්‍යාපාරිකයෙකි. කලා ක්ෂේත්‍රයේ සිටින යොවුන් නළුවන්ටත් වඩා ඔහු කඩවසම් පෙනුමෙන් යුත් තරුණයෙකු බවත් ඈ පසුගිය දිනක පැවසුවා ය. මේ සෑම දෙයක්ම අතරේ උපේක්ෂට ඇගේ පෙර තිබුණු පෙම් සම්බන්ධතා ගැන හිටිහැටියේම මතක් වෙලා.

"මම ප්‍රේමමයක් හැටියට හිතුවට ඒක ප්‍රේමයක් හැටියට ගොඩනැඟුණේ නෑ...... එතකොට මට අවුරුදු 16යි. එදා ක්‍රිස්මස් දවසක්. අපි පල්ලි ගියා. එයත් පල්ලි ඇවිත් හිටියා. දැකපු මුල්ම දවසෙම ඔහු ගැන ලොකු ආකර්ෂණයක් ඇති වුණා.

එයාගෙ තාත්තා ලංකාවේ අම්මා ඉන්දියාවේ. ක්‍රිස්මස්  දවසට  පස්සේ ආයේ අපි අලුත් අවුරුද්දට මුණ ගැහුණා. ටික දවසක්  ඉඳලා ආයෙත් ඔහු රට ගියා. මට අවුරුදු 16දීම ඇක්සිඩන්ට් එකක්වෙලා ඔහු නැති වුණා.  මං හිතන්නේ ඒක තමයි ප්‍රථම ප්‍රේමය  විදියට මගේ හිතට දැනුණේ. මට දැනුණ විදියට ඔහුගේ හිතෙත් මං ගැන විශේෂ හැඟීමක් තිබුණා.

මොකද ඔහුගේ ප්‍රතිචාරවලින් මට ඒ බව තේරුණා. පල්ලි ගියාම අපි හවස් වරුවම ගත කරන්නේ පල්ලියේ. යූත් එකේ සාමාජිකයෝ නිසා අපි ඔක්කොම  හිටියේ එකට. මගේ ජීවිතයේ ප්‍රථම Baskin Robbins අයිස්ක්‍රීම් එක අරන් දෙන්නෙත් ඔහු. එදා අරන් දුන්න Cooking Cream Flavour එකට තමයි මම තවමත් කැමැතිම. ඇත්තටම ඒක විශේෂ හැඟීමක්.

දවසක් ඔහු කමියුනිකේෂන් එකකට ගිහිල්ලා අම්මටයි, තාත්තටයි කෝල් කරලා එයාගේ යාළුවන්ටත් e-mail කරලා එන ගමන්  තමයි ඒ මාරාන්තික  ඇක්සිඩන්ට් එක සිදුවුණේ. එදා ඔහු යාළුවන්ට යවපු e-mailවලින් එකක් මටත් එවලා තිබුණා. ඔහු මට එවපු e-mail පණිවුඩය අදටත් මගේ ළඟ ලැමිනේටින් කරලා තියෙනවා. මම ඔහුගේ Funaral එකට පවා සහභාගි වුණා."




*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Nodutu Lokaya