Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: ලිමිට් එක පනින සැමියා නිසා විදවන බිරිදක්

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

ලිමිට් එක පනින සැමියා නිසා විදවන බිරිදක්

rash

එයා මාව 
කුණු වෙච්ච
මළ සිරුරක්
ගානට දාලා....

"අමල්ව බැන්දට වඩා හොඳයි මුළු ජීවිත කාලය පුරාම අවිවාහකව හිටිය නම් කියලා මට හිතෙන්න පටන් ගත්තෙ අපේ විවාහය සිද්ධ වෙලා මාස පහක් හයක් ගත වෙනකොටමයි. ඒකට හේතුව අමල්ගෙ තිබුණු බේබදුකමයි. අපි බැන්දෙ යෝජනාවකින්.

මම ආදරය කරපු සිරිනාථ හරිම නිර්දය විදිහට මාව අමතක කරලා වෙනත් විවාහයක් කර ගත්තට පස්සෙ මගෙ හිතේ ඇති වුණු කේන්තියයි කලකිරීමයි හින්දම මටත් ඉක්මනින්ම විවාහයකට ඇතුළත් වෙන්න ඕනෙකම තිබුණා. අමල්ගෙ යෝජනාවට මං එකපයින්ම කැමැති වුණේ. සිරිනාථට වඩා අමල්ගෙ කඩවසම් පෙනුමක් තිබුණු නිසාමයි. අනික් අතට සැලකිය යුතු වරදක් මං එයාගෙ දැක්කෙ නෑ...... යෝජනාව ගෙනාවෙ අපට දුරින් නෑදෑවෙන නැන්දා කෙනෙක්.

ඒ නැන්දා කියපු විදිහට ඉතා කලාතුරකින් මඟුල් ගෙදරක දී පාටියක දී ‍පොඩ්ඩක් කටේ තො‍ලේ ගා ගන්නව මිසක් අමල් අරක්කු බොන කෙනෙකුත් නමෛයි. අපේ හෝම්කමිං එක දවසෙ අමල් නැගිට ගන්න බැරි වෙන තරමට බිව්වම මං හිතුවෙ එයාගෙම හෝම්කමිං එක නිසා සතුටට බොනව වෙන්න ඇති කියලයි. හෝම්කමිං එකට පහුවදා වෙඩින් එකට එන්න බැරිවුණු අමල්ගෙ යාළුවො තුන් දෙනෙක් අපේ ගෙදර ආවා අපිව බලන්න. එදාත් අමල් කුණුවෙන්න බිව්වා.

අන්තිමේ එයා රෑ අපේ කාමරේටවත් ආවෙ නෑ.... පහුවදා කිව්වෙ "යාළුවන්ගෙ වදේට බිව්වා අන්තිමේ එතනම නින්ද ගියා". කියලයි.


කොහොම වුණත් අමල් හැමදාම බිව්වෙ නෑ තමයි. ඒත් සතියකට අඩුම තරමින් එක දවසක් හරි එයා ගෙදර ආවෙ හතර ගාතෙන්. මට බොන මිනිස්සුන්ව හරි පිළිකුල්. ඒ ගඳ නාසයට දැනෙන කොට මට වමනෙ යන්න වගේ එනවා. ඒ හින්දම අමල් බිපු දවසට මං එයා එක්ක එක ඇඳේවත් නිදා ගත්තෙ නෑ....

මම මේ තරම් බොන අයට අකමැති වුණු ලොකුම හේතුව තමයි අපේ තාත්තා ජීවිතේට මත්පැන් ටිකක් කටේ ගාලාවත් තිබුණ කෙනෙක් නොවීම. පවු‍ලේ එකම දියණිය නිසා තාත්තා මටත් හෙව්වෙ අරක්කු සිගරැට් වගේ දේවල් නොබොන කෙනෙක්ව.

යෝජනාව ගෙනාපු නැන්දා "පාටියකදී චුට්ටක් ගන්නව නොබි බැරිකමට" කියල කියපු නිසා අපේ තාත්තාත් ඒක එච්චර ගණන් ගත්තෙ නෑ. අන්තිමේ බැන්දට පස්සෙ තමයි හරියටම දැන ගත්තෙ අමල්ගෙ බිම ගැන. එයා බොනව නමෛයි නානවා.

අමල් බිලා මට කරදර නම් කළේ නෑ..... ඒත් එයා බොන එකම මට හරිම පීඩාකාරී අත්දැකීමක් වුණු නිසා එයා බිලා එනකොට මං එයාත් එක්ක වචනයක්වත් කතා නොකර ඉන්න තීරණය කළා. මං කතා නොකර ඉන්නකොට එයාට තරහ ගියා. ඒ නිසා එයා මට මුල දී කරදර නොකළත් පහුවෙන කොට ප්‍රශ්න ඇති කරගත්තා.

ඒ වෙලාවට මටත් තදින් කේන්ති ගියා. ඒත් අමල් මට පහර දුන්නෙ නම් නෑ.... අමල් නොබිපු දවසට හොඳට ඉන්නවා. නොබිපු දවස්වල හැන්දෑවෙ ගෙදර ආවම මට රෑට උයන්න පවා උදව් කරනවා. හැන්දෑවට එයාගෙ රෙදි සෝදගන්නවා. ඒ ගමන් මගේ ඇඳුම් තියනව නම් ඒවත් ඉල්ලගෙන සෝදනවා.


ඒ මොනව කළත් අමල් බිපු දවසට මට එයා ගැන තියන තදබල පිළිකුල නම් අමතක කරන්න බෑ... මේ වගේ කරුණු නිසා ප්‍රශ්න දුරදිග යනකොට යාළුවෝ තමයි මට උපදේශන ආයතනයක් ගැන කිව්වෙ."

ඒ අයුරින් බිරිද ඇගේ සිත් වේදනාව ගැන කියූ ඇගේ සැමියාද බිරිදගේ හැසිරීම පිළිබදව පවසා සිටියේ මෙලෙසිනි. මෙම දෙපළගේ පුද්ගලික තොරතුරු අප සටහන් නොතබන්නෙමු

"මම සමන්තිට හොඳින් සලකනව නම් එයාට වැඩක් නෑනෙ මගෙ බිම. අනික මං හැමදාම බොන කෙනෙකුත් නෙමේ. බොන්න ගියාම මගෙ ලිමිට් එක මටත් නොදැනීම පනින එකයි සිද්ධ වුණේ. ඒත් ඉතින් සතියෙ හැම දවසකම මං බිලා ගෙදර එන්නෙ නෑනේ.

මං බොන්නෙ අවුරුදු දහ අටේ විස්සෙ දී ඉඳලමයි. ඒත් ගෙදරට අරක්කු ගෙනත් උදේ ඉඳන් බිබි ඉන්නෙ නෑ.... නොබිපු දවසට ගෙදර ඉවුම් පිහුම් කටයුතුවලටත් මං උදව් වුණා. නිවාඩු දවස්වල දී පවා වැඩිපුරම ඉව්වෙ මම. සමන්ති කළේ මට අත්උදව් දුන්නු එකයි.

කොච්චර බිව්වත් මුලදී මං සමන්ති එක්ක රණ්ඩු වුණේ නෑ.... එයා හිතා මතාම ළඟට එන කොට නාසය මිරික ගත්තා. කුණු වෙච්ච මළ සිරුරක් දිහා බලනවා වගේ තමයි එයා මං දිහා බැලුවෙ. මේක මට හරිම මානසික වධයක් වුණා. ඒ නිසා මං ඒ වෙලාවට එයාට බැන්නා. ඒත් එයා මාව තඹ සතේකට ගණන් නොගෙන හිතුවක්කාර විදිහටම හැසිරුණා.

අන්තිමට මට මේ පවුල් ජීවිතේ එපා වුණා. මං කිව්වා එයාට කැමැති දෙයක් කර ගන්න කියලා, ඊට පස්සෙ තමයි එයා කාගෙන්දෝ දැන ගෙන මාව බලෙන්ම වගේ උපදේශන ආයතනයකට එක්ක ගියේ"

ඒ විදිහට මේ දෙන්නා උපදේශන ආයතනයකට මානසික ප්‍රතිකාරයක් පතා ඇතුළු වුණා. ඒ අනුව "මනෝ විද්‍යාත්මක විසඳුම කොළඹ 05, දම්රිවි පදනමේ ‍‍‍ජ්‍යෙෂ්ඨ මනෝ විද්‍යා උපදේශක සුරංග අමරකෝන් මහතා" හමු වූ පසු ඔවුන් දෙදෙනාට ලැබුණු උපදේශයයි මේ. 

"මේ කාන්තාව විවාහයක් කර ගැනීම තවත් කෙනකුට රිදවීමේ අරමුණකින් කළ දෙයක්. එහෙම වුණාම අන්තිමටම රිදෙන්නෙ තමන්ටමයි. මේක මෙහෙම වුණා කියලා දිගටම පසුතැවෙන එකේ තේරුමක් නෑ... පසුතැවෙන එකෙන්  රිදෙන එක තවත් වැඩි වෙනවා.


රිදීම වැඩිවන විට විඳවීමත් වැඩියි. විඳවන විට යළිත් කලකිරීම වැඩි වෙනවා. ඊට පසුව  නැවත රිදෙනවා. මේක හරියට චක්‍රයක් වගේ. මේ ප්‍රශ්නයට විසඳුමක් සොයන්න ඕනෙ විඳවීම නතර කරලයි. වැරදි තීරණයක් අරන් මේ කාන්තාව ක්ෂණික විවාහයකට ඇතුළත් වුණා නම් දැන් කරන්න තියෙන්නෙ ඒ ජීවිතයට හැඩ ගැසීම පමණයි.

ඒ අනුව සැමියාගේ බිමත්කම අඩුකර ගන්නට හෝ නතර කර ගන්නට බිරිඳ කළ යුතු දෑ බොහොමයි. සැමියාගෙ බිම නවත්වන්න ඕනෙ බිරිඳයි. ඒකට කළ යුතු දේවල් තිබෙනවා. ඔවුන්ගේ ලිංගික ජීවිතය ගැන සොයා බලන්න ඕනෙ.

සැමියා බිමට වඩා කැමැති දේවල් තියනව නම් ඒ වෙතට යොමු කළ යුතුයි. මේක මම නවත්තන්න ඕනෙ කියන පෙළඹවීම සැමියට ලැබෙන්නෙ බිරිඳගෙ හැසිරීම අනුවයි. බිරිඳ සැමියාගේ රුචි අරුචිකම් හඳුනා ගත යුතුයි. බිමත්කමට බලපාන පූර්වසාධක තිබෙනවා. ඒවාද හඳුනා ගැනීම අවශ්‍යයි. බිරිඳට එය අප්‍රසන්නයි කියල ප්‍රතික්‍ෂේප කිරීමෙන් මේ ප්‍රශ්නය විසඳන්න බෑ.....

මේ සඳහා ප්‍රතිකාර සැලැස්මක් තිබෙනවා. එහි වැඩි වගකීම් කොටසක් පැවරෙන්නෙ බිරිඳට.ඒ වගේම සැමියාට බිම නතර කරන්න තියන වුවමනාවත් බලපානවා. දෙන්නගෙම සහයෝගය ඇතිව බිම නතර කිරීම හෝ අඩුකර සාමාන්‍ය තත්ත්වයට ගෙන ආ හැකියි."

-ඉන්දු පෙරේරා-


Gossip Lanka News

*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Nodutu Lokaya