Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: කුඩම්මාගෙන් ළාබාල දරුවාට අතවර

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

කුඩම්මාගෙන් ළාබාල දරුවාට අතවර

rash

ළාබාල දරුවාට
පහර දී 
ගෙලට උණුවතුර
වත්කරලා.....

අවුරුදු පහක් වයසැති කුඩා දරුවෙකුට බරපතළ ලෙස පහර දී තුවාල කර ඔහුගේ සිරුරට උණුවතුර වත්කර පිළිස්සූ එම දරුවාගේ පුංචි අම්මා කෙනෙකු අලවතුගොඩ ‍පොලීසිය මගින් පෙරේදා (07) අත්අඩංගුවට ගෙන ඇත. මේ දරුවා අලවතුගොඩ ප්‍රදේශයේ පදිංචි අයෙකි.

ඔහුට තව වැඩිමල් සොයුරියක ද සිටියි. මෙම දරුවන් දෙදෙනාගේ මව මානසික ආබාධයකින් පෙළෙන නිසා ඇගේ සැමියා ඇය අතහැර ගොස් තිබේ. මෙම දරුවන් දෙදෙනා හදා වඩා ගන්නේ ඇගේ මෙම පුංචි අම්මා වන අතර ඇයට ද දරුවන් දෙදෙනකු සිටින බව ‍පොලීසිය පවසයි. මෙම කුඩා දරුවාගේ කරදර ඉවසා ගත නොහැකිව අධික කෝපයට පත් මෙම දරුවාගේ පුංචි අම්මා කුඩා දරුවාට පහර දී ඔහුගේ ගෙල ප්‍රදේශයට උණුවතුර වත් කර ඇතැයි ‍පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.




 මෙම දරුවන් දෙදෙනාම පරිවාස භාරයට පත්කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන බව අලවතුගොඩ ‍පොලිස් ස්ථානාධිපතිවරයා පවසයි. මෙලෙස අමානුෂික වද හිංසාවලට ලක් වූ දරුවා රෝහල්ගත කර ඇති අතර මෙම සිද්ධියට සැකපිට දරුවාගේ පුංචි අම්මා අත්අඩංගුවට ගෙන ඇත.

ඇය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් අලවතුගොඩ ‍පොලීසියේ ස්ථානාධිපති ‍පොලිස් පරීක්ෂක නිශාන්ත හෙට්ටිආරච්චි, කාන්තා උප ‍පොලිස් පරීක්ෂක කුමාරි, කාන්තා ‍පොලිස් කොස්තාපල් දයාවතී (343) යන නිලධාරීහු මෙම සිදුවීම ගැන පරීක්ෂණ පවත්වති.



Gossip Lanka News

*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Nodutu Lokaya