Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: මර්වින් සිල්වාගේ ප්‍රේම මතකයන්

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

මර්වින් සිල්වාගේ ප්‍රේම මතකයන්

rash

මම ගොඩේ
කොල්ලෙක්....
බාගෙට  
පෙම් කරලා
මට පුරුදු නෑ....
  
දේශපාලන කරලියේ දීකාගේත් අවධානය දිනාගැනීමට සමත් එකම ඇමතිවරයා මර්වින් සිල්වා යැයි හැගෙන්නේ ඔහුගේ නම කියූ පමණින් මේ රටේ සිටින සෑම පුද්ගලයෙකුම ඔහු හදුණන නිසාවෙනි. ඔහුගේ පෙරළිකාර චරිතය මෙන්ම ඔහුගේ ක්‍රියාකලාපයන් ද එයට හේතු වෙයි. එක් අතකින් ඔහු මැති ඇමතිවරුන්ගේ මෙන්ම ජනපතිදුන්ගේ ද, ජනයාගේ ද මුවගට සිනහ නැගෙන කතාවන් කීමට හපනෙකි. මෙතුමාගේ මුවෙන් පිටවෙන වචනයක් වචනයක් පාසා එකිනෙකට වෙනස් ය. විට උපහැරණ දක්වති. තවත් විටෙක සිතුවිලි කවියට නගයි.

අප හැම කෙනෙකුටම අතීතයක් ඇත. මර්වින් සිල්වා ඇමතිතුමන්ට ද එහි වෙනසක් නැත. ඔහුට ද සොදුරු මතකයන්ගෙන් පිරිගිය අතීතයක් ඇත. ඉකුත් දින පුවත් පත් හමුවක දී එතුමා තමන් තරුණ කාලයේ දී පෙම්වතෙකුව සිටි කාලය ගැනත්, අදට වඩා ඒ කාලයේ පෙම් කළ හැටි එකිනෙකට වෙනස් බවත් පැවසුවේ මෙලෙසිනි. 

"ප්‍රථම ප්‍රේමය මුණගැහිච්ච තැන මට අමතක ඒ තරම්ම මං ප්‍රේම කරලා තියෙන මිනිහෙක් නිසයි. ප්‍රේම වැඩි වුණාම ප්‍රථම එක මොකක්ද කියලා මතක නෑ.... අවසන් එක මතකත් නෑ..... 

හැබැයි ප්‍රේම කරන වෙලාවට සියලුම ප්‍රේමයන් මට හොඳට මතකයි. මම භාගෙට ප්‍රේම කරන්නේ නෑ..... කරන වැඩේ උපරිමේටම කරනවා. 

ප්‍රේම කරපු හැම දෙනාටම හොඳටම ප්‍රේම කළා. ඒ දවස්වල ආදරය ප්‍රකාශ කළේත් මේ දැන් වගේම තමයි. මම කැමැති නම් කෙළින්ම කියනවා. "මම ඔයාට කැමැතියි. ආදරෙයි අපි දෙන්නා යාළු වෙන්න ඕනෑ...." කියලා.

දවසක් එක ගෑනු ළමයෙක් මට කිව්වා කල්පනා කරන්න ඕන කියලා. මං කිව්වා කල්පනා කරන්න බෑ මම ඔයාට පැයක් දෙන්නම් මට පැයකින් උත්තර දෙන්න කියලා. ආදරය කියන එක කල් දාන්න බෑ. "කාදිලික්ක නේරම් ඉල්ලේ..." ආදරයට වෙලාවක් නෑ අපි ඉතිං ගොඩේ මිනිස්සුනේ.


ඉපනැල්ලේ, වෙලේ, නියරේ, පන්සලේ තමයි පෙම්වතියව මුණගැහුණේ. දැන් කාලේ වගේ බදා ගැනිලි, ඉඹගැනිලි මොකවත් නෑ..... අපි කළේ අදහස් ප්‍රකාශ කිරීම විතරයි.

අපි හුවමාරු කරගත්තේ බඩඉරිඟු කරලක්, කොරටුවෙ වැවෙන වම්බොටු, බණ්ඩක්කා මල්ලක් වගේ දේවල් තමයි. මගේ තාත්තට කඩ තිබුණානේ. ඉතිං මං කඩෙන් ජෑම් පාන්, උම්බලකඩ වගේ දේවල් තමයි පෙම්වතියට ගෙනැල්ලා දුන්නේ. "


*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Nodutu Lokaya