Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: සැමියාගේ අනියම් පෙමට බිරිදගෙන් උණුසුම් ප්‍රතිචාර

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

සැමියාගේ අනියම් පෙමට බිරිදගෙන් උණුසුම් ප්‍රතිචාර

rash

එයා මගේ
ළඟට ඇවිත්
මම වහ
බිව්වා 
කියලා කිව්වා....

විවාහයෙන් පසු අබු සැමියන් ලෙස පවුල් ජීවිතය ගතකිරීමේ දී අඹුසැමියන් එකිනෙකා සැකකරගන්නා අවස්ථා ඕනෑ තරම් තිඛෙන්නට හැකිය. එවන් පුවත් පිළිබදව අප අසා ඇති අවස්ථා ද ඕනෑතරම් ඇත. ආදරය හා විශ්වාසයෙන් බැදුණු සබධතාවයක් මැද්දට අවිශ්වාසය හා සැකය ඇතුළු වුවහොත් තුවාලය ඔඩු දුවනවා මිස සුව කරගන්නට ක්‍රමයක් නොසොයයි. නමුත් එවැනි ප්‍රශ්න බුද්ධියෙන් විසඳාගන්නට අසමත් වුවොත් වන්නේ මහත් විපත්තියකි. අනියත සැකයක් දුරදිග යාම ඇතැම්විට ජීවිත හානියක් වැනි විනාශයන් පවා ඇති කරන්නට සමත්ය.

අප ඉහත සදහන් කළ අයුරින් ඇති වූ ගැටුමක් මත, පසුගිය සුමානයේ කන්තලේ හදිසි මරණ පරීක්ෂකවරයෙකු තිදරු මවකගේ සියදිවිනසාගැනීමක් ගැන තීන්දුවක් දුන්නේ මේ අයුරින්ය. මෙම අවාසනාවන්ත මරණයේ වගකීම සම්පූර්ණයෙන්ම භාරගත යුත්තේ නිර්නාමිකව දුරකථන ඇමතුම දුන් පුද්ගලයායි.

කෙනකු කාලා ඇඳලා, පවුල් ජීවිතය ගෙවන දරුමල්ලන් සමග සතුටින් සිටින අයුරු බලා ඉන්නට බැරි පිරිස් අප අතර නැතැයි කියා කිසිවිටෙකදීවත් ඔබ සිතන්නට එපා. අපි අප ජිවත් වන සමාජ වටපිටාව පිළිබඳව දැඩි අවබෝධයකින් යුතුව ජීවත් විය යුතුයි. එසේ අවබෝධ නොතිබීමත් මෙම අවාසනාවන්ත මරණයට හේතුවක් යනුවෙන් මේ තීන්දුව දෙන්නට හේතු වූයේ මෙවන් සිදුවීමක් පසුබිම් කරගෙනයි.

කන්තලේ සූරියපුර ප්‍රදේශයේ පදිංචිකාරියක වූ හිරමනාගොඩගෙදර කල්පනී (38) නමැත්තියගේ මරණය කෘමිනාශක වර්ගයක් බීමෙන් සිදුවූයේ තම සැමියා තවත් කාන්තාවක සමග සම්බන්ධ කරමින් ආ දුරකථන ඇමතුමක අවසන් ප්‍රතිඵලය ලෙසිනි.


වැරදි වැටහීමකින් තම ජීවිතය අහිමිකරගත් තිදරු මව තම ස්වාමි පුරුෂයා වූ සිවිල් ආරක්ෂක භට හේරත් බණ්ඩා (42) යන අය ගමේ වෙනත් තරුණියක හා දැඩි ආදර පටලැවිල්ලක සිටින බවට දැඩි සේ සැකකර තිබුණා.

මියගිය තැනැත්තියට යම්කිසි නාඳුනන පුද්ගලයකු විසින් දෙන ලද දුරකථන ඇමතුමක් හේතුවෙන් මේ සැකය ආරම්භ වූ අතර ඔහු වරින්වර ඇමතුම් දෙමින් එම සැකය ඇගේ සිතේ පැළපදියම් කරන ආකාරයට කටයුතු යොදා තිබුණා. වස පානය කොට මියගිය කන්තලේ පදිංචි මෙම තිදරු මවගේ මරණය වෙනුවෙන් පැවති හදිසි මරණ පරීක්ෂණයේදී සාක්ෂි දුන් ස්වාමි පුරුෂයා වන හේරත්බණ්ඩා යන අය මෙසේ කියා තිබුණා.


"අපි විවාහවෙලා දැන් වසර 20 ක් පමණ වෙනවා. දරුවන් තුන්දෙනෙක් ඉන්නවා. වැඩිමලාට 17 යි. බාලයාට අවුරුදු 3 1/2 යි. කිසිම කරදරයක් නැතිව අපි සමගියෙන් හිටියා. මේ අතරෙ තමයි මෙයාට මීට මාසයකට පමණ පෙර දුරකථන ඇමතුමක් ඇවිත් තියෙන්නෙ. ඒ නාඳුනන පුද්ගලයෙකුගෙන්. මට තදබල අනියම් සම්බන්ධතාවක් තියෙනවා. ඒක නවත්තන්න පුළුවන් එකක් නෙවෙයි කියලා බිරිඳට කියා තිඛෙනවා. මේ මනුස්සයා ඒක ඇත්තට අරගෙන ගෙදර පුංචි පුංචි අඬදබර ඇති වුණා. මම කොච්චර නෑ කිව්වත් ඇහුවේ නෑ.

සිද්ධිය වූ දින මම උදේ වැඩට යනකොට මෙන්න මගේ ෆෝන් එක තමුසෙ තියාගන්නවා. මට කෝල් එනවද කියලා තමුසෙම බලනවා කියලා මගේ ෆෝන් එකත් මෙයාට දීලා ගියා. හවස ඇවිත් ඇහුවා කෝල් ආවද කියලා. නෑ කියලා කිව්වා. මගේ යාළුවෙක් නම් කතා කළා කියලා කිව්වා. 


ඊට පස්සේ මම ළමයින් එක්ක ඉස්තෝප්පුවේ කතාකර කර ඉන්නකොට මෙයා වත්තෙ ළිඳ පැත්තට යනවා දැක්කා. විනාඩි තුන හතරකින් මගෙ ළඟට ඇවිත්, මම වහ බිව්වා කියලා කිවා . මාව සනීපකරන්න බෑ ළමයි තුන්දෙනා හොඳින් බලාගන්න කියලා. පස්සේ එයා මැරුණා." 


Gossip Lanka News

*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Nodutu Lokaya