Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: ඉතිහාසය අමතක කල දකුණේ අසරන ජනතාවට නැවතත් දඩුවමක්

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

ඉතිහාසය අමතක කල දකුණේ අසරන ජනතාවට නැවතත් දඩුවමක්

rash

අන්තර්ජාතික වෙළඳදැන්වීම් ප්‍රචාරන ආයතනයක් ලෙස පෙනී සිටිමින් ප්‍රසිද්ධියේ ක්‍රියාත්මක වන නීතියේ රැහැනට හසුකරගත නොහැකි මහාපරිමාන පිරමීඩාකාර ව්‍යාජ මූල්‍යමය ආයතන දෙකක් තිස්සමහාරාම හා අම්බලන්තොට කේන්ද්‍රස්ථානකොටගෙන ක්‍රියාත්මකවෙයි. එම ආයතන නම් තිස්සමහාරාම පල්ලියවත්ත ප්‍රදේශයේ ඇති ලුමිනස් ඇඩ්වර්ටයිසින් ආයතනය හා අම්බලන්තොට පැනෝරා ඇඩ්වර්ටයිසින් යන ආයතනයි.

දැනට ආයතනයට සම්බන්ධ වූ සාමජිකයන්ගේ කෝටිගනනක මුදල් රැගෙන පැනෝරා පැන හොරා වී පැනගොස් ඇති අතර ව්‍යාපාරයේ හිමිකරු පල්ලෙමලල ප්‍රදේශයේ
මේසන්බාස්වරයෙකුවන සෝමලාල් හා ඔහුගේ සගයා වන පලා වෙලෙන්දෙකු වන නැදිගම්විල මිලානුත් තැන්පත්කරුවන්ගේ මුදල් වලින් මිලදී ගන්නා ලද නවීන පන්නයේ හයිබ්‍රිඩ් මෝටර් රථ සමගම ප්‍රදේශයෙන් අතුරුදහන් වී ඇත.

රුපියල් 68000,78000,156000,178000 ලෙස සදහන්කොට ඇති පැකේජ මිලදී ගත්විට සාමජිකත්වය හිමිවේ.අලුත් සාමජිකයෙක් හදුන්වා දුන්විට 3500ක මුදලක් ලැබෙයි.ආයතනයට සම්බන්ධ වී කල යුත්තේ ලබාදෙන වෙළඳදැන්වීම් නැරඹීමයි. සතියකට දැන්වීම්4-8 දක්වා නැරඹීම වෙනුවෙන් තැන්පත්කල මුදලට පැනෝරා 550%ක පොලියකුත් ලුමිනස්225% සුවිශාල පොලියකුත් වසරක් දක්වා ගෙවනබව පවසා සිත්වශී කරන දේශන ලබාදී අසරන ජනතාව සිහිනලෝක වල තනිකරයි.



මෙම සමාගම් ජාලයේ නිර්මාතෘ පිරමීඩ ජාවරම් කප්පිත්තෙකු වන සමන් නැමත්තායි.සමන් යනු කොමඩු වෙළෙන්දෙකි.සමන්ගේ ගෝලයා සාලියපුර හේන් ගොවියෙකු වු නුවන් නම් පුද්ගලයායි. මුල් කාලයේ සියලු දෙනාම එක් වී ජාවාරම සිදුකලත් සමන් හා සෝමලාල් විරසකවී මීට මාස6කට පමන පෙර සෝමලාල් හා මිලාන් අම්බලන්තොටට ගොස් පැනෝරා ආරම්භකරයි. කන කර උකස්කොට ඉඩකඩම් ව්කුනා මෙම බහිරවයන්ට මුදල් දැමූ ජනතාවට අද ඇත්තේ දෙවියන්ගේ පිහිට පමනි. ඇඩ් නැරඹුවිට මුදල් ලැබෙනවා යයි පැවසීම අමූලික බොරුවක් වන අතර මෙම ආයතන සිදුකරන්නේ අලුතින් බැදෙනසාමාජිකයන්ගේ මුදල් වලින් පරන සාමාජිකයන්ට ගෙවීමයි.

අලුතින් සාමජිකයන් බැදෙන තාක්කල් සමාගම පවත්වාගෙන යා හැකි අතර අලුතින් එක්වන පිරිස අඩුවූ කල සමාගම කඩාවැටී මුලින්ම සම්බන්ධ වු පිරිසට මුදල් ලැබී අවසාන සාමාජිකයන්ගේ මුදල් අහිමිවෙයි.මෙය පිරමීඩාකාර මුදල් ජාවාරම්වල සාමාන්‍ය සොභාවයයි.

මෙම අයතන දෙකේ ක්‍රියාකාරීත්වය පිළිබදව මුල සිටම උකුසු ඇස් යොමා සිටි නෙත් එෆ්.එම් බැලුම්ගල කණ්ඩායම මෙම පිරමීඩ ජාවාරමේ සියලු තොරතුරු හා එම ආයතන ක්‍රියාත්මක වන ආකාරය රහසිගතව වීඩියෝ කොට බැලුම්ගල වැඩසටහන් කීපයක් විකාශනය කලේය. රිවිර පුවත්පතේ ගවේශණ කණ්ඩායමද “දකුණ හොල්ලන මහාපරිමාණ පිරමීඩ ජාවාරම”යන සිරස්තලය යටතේ විශේෂ ලිපි කීපයක්ම පලකොට දකුණේ ජනතාව මෙම උගුලෙන් බේරා ගැනීම වෙනුවෙන් තම ජීවිත අවධානමද නොතකා කටයුතු කල අතර මෙම පුද්ගලයන්ට ස්තූතිවන්ත වියයුතුය.

මහ බැන්කුවද මෙම පිරමීඩ ආයතනවල අවධානම පිළිබදව නිරන්තරයෙන් පුවත්පත් දැන්වීම් මගින් මහජනයා දැනුවත්කල අතර මෙමෙ ජාවාරම තහනම් කිරීමට නීති නොමැතිවීම සුවිශේෂි කරුණකි. මෙම සමාගම් දෙකම තනි පුද්ගල ව්‍යාපාරයක් ලෙසත් ප්‍රවෘත්ති හා ජනමාධ්‍ය දෙපාර්තමේන්තුවේ වෙළද දැන්වීම් ප්‍රචාරන ආයතනයක් ලෙසත් ලියාපදින්චි වී ඇති අතර ජනතාවගේ මුදල් තැන්පත් භාරගනිමින් මූල්‍ය කටයුතු ප්‍රසිද්ධියේ සිදුකලද මෙම කටයුතු සිදුකිරීමට පැනෝරා හා ලුමිනස් ආයතන වලට කිසිදු අවසරයක් නොමැතිවීම විශේෂ කරුණකි.

සිදුකරන්නේ මූල්‍ය ගනුදෙනු පමනක් උවත් ආයතන කියන්නේ තමන් වෙළදදැන්වීම් ප්‍රචාරන ආයතනයක් බවයිඅදවනවිට සියල්ල හෙලිදරවු වී ඇත. අන්තර්ජාතික සමාගම් වලින් හෝ වෙනත් කිසිදු සමාගමකින් මුදල් ගෙවා මෙම ආයතනවලට වෙළදදැන්වීම් ලබානොදෙන අතර මොවුන් සිදුකරනු ලබන්නේ කූට අන්දමින් අන්තර්ජාලය තුල නොමිලේ නැරඹීමට ඇති දැන්වීම් ලබාගැනීමයි.

මුදල් තැන්පත්කරුවන්ගෙන් කිසිවෙකුගේ බලකිරීමකින් හෝ පෙලබවීමකින් තොරව ස්වකැමැත්තෙන්ම මුදල් තැන්පත්කරන බවට ලියවිල්ලක් අත්සන්කොට ලබාගනී. මෙම හේතුව නිසා සමාගමට එරෙහිව නීතියෙන් කිසිවක් කල නොහැකිය.කෝටිගනනක් මුදල් අහින්සක සමාජයේ විවිධ තරාතිරම්වල දකුණේ ජනතාව රවටා මාස6ක් 550%ක පොලියක් හා බඩු මලු ලබා දෙමින්, ජනතාවගේ මුදල්වලින් සුපිරි වෙළදසැල්, ඉන්ධන පිරවුම්හල්, වී මෝල්,ගල් මෝල් ආරම්භ කොට ක්‍රියාත්මක වූ පැනෝරා හි කාර්යමණ්ඩලය අද පැනගොසිනි.ලුමිනස් පැනයාමට ඉතා ලගය. එවිට කණ කර උකස්කොට, ඉඩකඩම්, යාන වාහන විකුණා, බැන්කු ණය ගෙන ලුමිනස් ආයතනයට මුදල් දැමූ 20000කට අධික අසරන දකුණේ ජනතාවට කාගේ පිහිටක්ද?දැන්වත් ජනතාව මොළේ පාදාගත යුතුය.

මීට පෙර දඩුවම්ලාතුන් දෙනෙකුගෙන් දඩුවම් විදි බව අමතක නොකල යුතුය.මහ බැන්කුවේ අනුමැතියක් නොමැතිව පවත්වගෙන යනු ලබන මෙවැනි කූඨ ව්‍යාපාර වල කිසිසේත්ම මුදල් ආයෝජනය නොකල යුතුය. නැවත නැවත් මතක් කරනුයේ පැනෝරා පැනගොසිනි තව නොබෝ දිනකින් ලුමිනස් ද පැනයනු ඇත එවිට එහි සාමජිකයන්ට දෙවියන්ගේ පිහිටය.

පරිඝනක තාක්ෂණය යොදාගෙන සිදු කරන ලද විශාලම පිරමීඩ ජාවරම ලෙස ආයතනදෙකේ නම් දෙක ලාන්කික ඉතිහාසයේ රන් අකුරින් තව නොබෝ දිනකින් ලියවෙන අතර විශේෂ කාරණාව නම් 20000කට අධික ජනතාවක් රවටන ලද්දේ මූලික අධ්‍යාපනය වත් නොලැබූ කොමඩු වෙළෙන්දෙකු, පලා වෙළෙන්දෙකු , හේන් ගොවියෙකු හා මේසන් බාස්වරයෙකු වීමයි.

- saman kumara 


Gossip Lanka News

*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Nodutu Lokaya