Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: පොකට්ස් මනි හොයාගන්න කාමෝද්දීපන රංගනයට යොමු වූ සනී

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

පොකට්ස් මනි හොයාගන්න කාමෝද්දීපන රංගනයට යොමු වූ සනී

rash

විශේෂයෙන්ම
මගේ සැමියා  
රාත්‍රියේ දී 
මට හොඳ
පුහුණුකරුවෙක්

බොලිවුඩ් සිනමාව තුළ ආන්දෝලනයක් ඇති කළා වූ සරාගී නිළි "සනී ලියොන්." ඉන්දියානු සම්භවයක් සහිත කැනේඩියානු කාමුක නිළියක් ලෙස ජනප්‍රියත්වයට පත් වූ ඇයට ලොව පුරාම රසිකන් සිටින බව පසු ගියදා කරනු ලැබූ සමීක්ෂණයකින් හෙළි විය. ඒ ගුගල් සර්ච් එකෙන් ඇය මුල් තැන හිමිකර ගැනීමෙනි. ඒ තරමට ප‍්‍රසිද්ධ වුණ සනී මෙදා සැරේ රසිකයන් වෙත තවත් සමීප වන්නට ඇගේ රියල් අද්දැකීමක් වූ ජැක්පොට් සිනමාපටය පිළිබදවත්, ඇගේ අනෙකුත් පුද්ගලික තොරතුරු ගැනත් රසිකයන්ට පැවසුවේ මෙලෙසිනි.



"මගේ ස්ථීර පදිංචිය ඉන්දියාව නොවේ. මගේ නිවෙස තිබෙන්නෙ ඇමෙරිකාවෙ ලොස් ඇන්ජලීස් නුවර. නමුත් මං වැඩි කාලයක් ගතකරන්නෙ ඉන්දියාවෙ. අනාගතයේදී මං කොහොමත් මගේ ගෙදරටම යයි. මගේ සැමියා ඩැනියෙල් වෙබර්. ඔහු ඉපදුණේ නිව්යෝර්ක් නගරයේ. ඔහු සංගීත නිර්මාණ ශිල්පියෙක්. මගේ කළමනාකරුගේ ධුරය දරන්නෙත් මගේ සැමියා. අපිට නිෂ්පාදන ආයතනයක් තිබෙනවා. ඔහුත් මා සමඟ චිත්‍රපටවල රඟපානවා.

මම කාමෝද්දීපන නිළියක බවට පත්වුණේ කැනඩාවේ ඉන්න කාලෙදි මං වීඩියෝ එකක් බැලුවා. එය වැඩිහිටි චිත්‍රපටයක්. එතකොට නව යොවුන් වියේ සිටියේ. වයස අවුරුදු 19දී පමණ නැවැත මම එවැනි චිත්‍රපටයක් බැලුවා මගේ යෙහෙළියක සමඟ. ඇය මට එම අත්දැකීම පිළිබඳ විස්තර කළා. ඔය කාලෙදි මං බේකරියක වැඩ කළා. පසුව නිරූපණ ශිල්පිනියක ලෙස වැඩ කළා.

කමෝද්දීපන චිත්‍රපට පිළිබඳ මට ආශාවක් ඇතිවෙලයි තිබුණේ. මට තව පොකට්ස් මනි ඕනවෙලා තිබුණා. ඔය අතරෙදි තමයි මට ආරංචි වුණේ එවැනි චිත්‍රපට ආයතනයකට නියෝජිතයන් බඳවා ගන්නවා කියලා. මම ඊට යොමු වුණා. ඒ නිසාම මට හුඟක් සල්ලි ලැබෙන්න පටන් ගත්තා.

 
මගේ මුල් නම "කර්නජිත් කෝර්වෝරා." එම චිත්‍රපට ආයතනයේ අධ්‍යක්‍ෂ තමයි මට කිව්වේ මගේ දෙවැනි නම "ලියෝන්" කියලා වෙනස් කරන්න කියලා. කමෝද්දීපන නිරූපණ ශිල්පිනියක වීම ගැන මගේ මවුපියො  කම්පාවට පත්වුණා. මෙය මගේම තීරණයක්. ඔවුන් මාව නවත්වන්න උත්සාහ කළේ නැහැ.

මම සමලිංගිකයෙක් නෙවෙයි. මම මානසිකවත්, ශාරීරිකවත් ආකර්ෂණය වෙන්නෙ පිරිමින්ට විතරයි. නමුත් මං ගැහැනුන්ට ආදරෙයි. මම දැන් බොලිවුඩ් නිළියක ලෙස ප්‍රසිද්ධයි. කාමෝද්දීපන රංගනය මගේ ජීවිතයේම කොටසක්. ඉතින් මං කොහොමද එය අතහරින්නෙ.

අවස්ථාවක් ලැබුණොත් කාමෝද්දීපන චිත්‍රපට නිෂ්පාදන ආයතනයක් ආරම්භ කරන්නේ නැහැ. එය නීතිවිරෝධීයි. ඉන්දියාව ඒ සඳහා සුදුසු නැහැ. නමුත් බොහෝ රටවල එවැනි චිත්‍රපට ක්‍ෂේත්‍රයක් තිබෙනවා.

මගේ රංගනයන්ට මගේ සැමියාගෙන් විරුද්ධත්වයක් නැහැ.... ඔහු තමයි මගෙ ලොකුම ශක්තිය. ඔහු මට උදවු කරනවා. විශේෂයෙන්ම රාත්‍රියේ දී ඔහු මට හොඳ පුහුණුකරුවෙක්. 


කාමෝද්දීපනය වෙනුවෙන් මුල්වරට "Penthouse cover of the year" ජයග්‍රහණය සහ ඒ වෙනුවෙන් ඩොලර් ලක්‍ෂයක් ලැබුණා.

වසර දහයක සිට මං කාමෝද්දීපන රංගනයේ යෙදෙනවා. විවිධාකාර පුද්ගලයො මට මුණගැසෙනවා. සමහරු මට කැමැතියි. සමහරු අකැමැතියි. වැඩි දෙනෙක් මට වෛර කරනවා. මාව අගය කරන්නෙ ටික දෙනයි. ඉතින් අපහසුතාවට පත්වෙනවා නිතරම.

මෙවැනි රංගනයක යෙදීම සෞඛ්‍යයට බාධාවක් නෙවෙයි. අපි අපේ ලේ සහ මුත්‍රා සති තුනකට වරක් පරීක්‍ෂණය කරනවා. ඒ සියලු දත්ත අපි සතුයි. වැදගත්ම දේ ඒඩ්ස් පරීක්‍ෂාව. රෝග අවදානම පිළිබඳව නිතරම අපි පරික්‍ෂාවෙන් ඉන්නවා.

ප්‍රථම වරට ඡායාරූපයකට නිරුවත් වීමේදී ටිකක් විතර කම්පනයට පත් වුණා. ප්‍රථම වැඩිහිටි චිත්‍රපටයේ රඟපානවිට සිතුණෙ  එය ව්‍යාපාරයක් පමණක් බවයි. ප්‍රථම වරට මම එහි රඟපෑවේ මගේ පෙම්වතා සමඟ. දැන් ඔහු මගේ සැමියා.

මගේ සිරුරේ ආකර්ෂණීයම අංගය මගේ මුහුණ.

සමාජය මං දිහා බලන්නෙ වැරැදියට. කවදාවත් හොඳ ප්‍රතිචාර ලැබිලා නැහැ. ඉන්දියාව ගතානුගතික රටක්. නමුත් තරුණ පරපුර දැන් හැම දෙයටම විවෘතයි. ලිංගිකත්වය කියන්නෙ වැරැදි දෙයක් නෙවෙයි. හරි වැරැද්ද තීරණය වෙන්නෙ එය භාවිත කරන විදිය අනුවයි. පසුගිය කාලයේ වාර්තා වුණා ගූගල් එකේ මාව සෙවූ පිරිස කෝටි 3.5ක් බව.

Jism 2 චිත්‍රපටයට මම හඬ කැවීම් කළේ නැහැ.... මට හින්දි භාෂාව අපහසුයි. නමුත් අනිවාර්යයෙන්ම ඊළඟ චිත්‍රපටයට මගේ හඬම යොදාගන්න මං උත්සාහ කරනවා." 





Lanka e gossip News


*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Nodutu Lokaya