විරාට් ඛෝලි
රැය පහන්
කළේ
බොලිවුඩ්
නිළියගේ නිවසේ?
යොවුන් සුන්දරත්වයෙන් අගතැන්පත් ජනප්‍රිය නිළි අනුශ්කා ශර්මාගේ සැබෑ ආදර කතාවක මිහිරිතම සිදුවීම් පෙළක් මීට පෙර දවසකදී ද අප සටහන් තැබුවා. මැදියම් රැයේදී බොහෝ විට දිග හැරුණු ඒ ආදර කතාවේ ප්‍රේමවන්තයා, සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාට් ඛෝලි, පසුගිය සතියේ බොලිවුඩ් මාධ්‍ය විරාට් - අනුශ්කා පෙම් පුවතෙහි තවත් කොටසක වගතුග ලොවටම කියා තිබුණා.
එහි මුල් කොටසෙහි සඳහන් වුණේ දකුණු අප්‍රිකාවේ පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගමාලාවට සෙසු ක්‍රීඩකයන් සමඟ පිටත්ව යන්නට කලින් විරාට්, අනුශ්කාව මුණගැසුණු අපූරුවයි. මැදියම් රැයට ආසන්නයේ දී අනුශ්කාව මුණගැසී උණුසුම් හැඟුමෙන් යුතුව ඔහු ඇගෙන් සමුගත්තා. ඉන්පසු ක්‍රිකට් තරගාවලියට සහභාගි වූ ඔහු, නැවතත් සෙසු ක්‍රීඩකයන් සමඟ සිය රටට පා තැබුවේ මුම්බායි ගුවන් තොටුපොළිණි.
රාත්‍රි 11.15 වන විට ගුවන් තොටුපොළට පැමිණි ක්‍රීඩකයන් රැගෙන යන්නට විශේෂ බස් රථයක් යොදවා තිබුණා. ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් එයට ගොඩවුණත් විරාට් පමණක් ගුවන්තොටෙහි රැඳී සිටියා. විරාට්ව රැගෙන යන්නට එන්නේ කවුරුන්දැයි සහෝදර ක්‍රීඩකයන් ඇසුවත් උත්තරයක් ලැබුණේ නැහැ.
බස් රථය පිටත්ව ගොස් විනාඩි 20ක් පමණ ගතවෙද්දී ගුවන් තොටුපොළට ළඟා වුණේ අළු පැහැති නවීනතම රේන්ජ් රෝවර් රථයක්. එය අන් කිසිවෙකුගේවත් නොව, අනුශ්කා සතු මෝටර් රථයක්. එය වෙන් වුණේ විරාට් ගේ ගමන් මලු සියල්ල අසුරන්නටයි.
ඒ සමඟම එහි පැමිණි සුදු පැහැති අවුඩි රථය පදවාගෙන ආවේ අනුශ්කායි.! විරාට් එහි ඉදිරි අසුනෙහි වාඩිවුණා. මේ මෝටර් රථ දෙකම අනුශ්කා ගේ නිවහන වෙත විදුලි වේගයෙන් ඇදී ගියා. ඒ වන විට මැදියම් රැය උදාවී තිබුණා. ඉන්පසුව විරාට්, අනුශ්කාගේ නිවහනෙහි රැඳී සිටියා ද, එසේත් නොමැතිනම් තමන්ගේ නිෙවසට පිටත්ව ගියා දැයි හෙළි වුණේ නැහැ.



*************************************************************************************






