Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: නළඟන අබිරහස්‌ අන්දමින් පිළිස්‌සී මියයයි

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

නළඟන අබිරහස්‌ අන්දමින් පිළිස්‌සී මියයයි

rash

සිද්ධිය වූ දින 
රාත්‍රියේ  
අනියම් සැමියා
සමග
මදුවිත බීලා.....
 
පිළියන්දල කුඩමාදුව ප්‍රදේශයේ පදිංචිව සිටි රාත්‍රී සමාජ ශාලාවක සේවය කළ නළඟනක අබිරහස්‌ අන්දමින් පිළිස්‌සී මියයැමේ සිද්ධිය සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස්‌ පොලිසියේ කොස්‌තාපල්වරයකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. මෙම නළඟන පිළිස්‌සී මිය ගොස්‌ ඇත්තේ ඊයේ (20) අලුයම 1.00 ට පමණ ය. මෙසේ මියගොස්‌ ඇත්තේ තිස් හය හැවිරිදි "ගයනි අබේරත්න" නමැති තිදරු මවකි.

සැකකාර පොලිස්‌ කොස්‌තාපල්වරයා මෙම කාන්තාවගේ අනියම් සැමියා වේ. කාන්තාව පිළිස්‌සී මිය යන අවස්‌ථාවේත් සැකකරු ඇය සමඟ නිවසේ සිට ඇති බව පරීක්‍ෂණවල දී හෙළි වී තිබේ. මෙම කාන්තාවගේ මුල් විවාහයේ සැමියාට දාව දරුවන් දෙදෙනෙකි. එම සැමියා අතහැර යැමෙන් පසු ඇය තවත් පුද්ගලයකු සමඟ විවාහ වී ඇත. එම සැමියාට දාව තවත් දරුවකු සිට ඇති අතර ඔහුද මෙම කාන්තාව අතහැර දමා විදේශගතව තිබේ.

කාන්තාවගේ මුල් විවාහයේ දරුවන් දෙදෙනා ඥාති නිවසකට භාරදී සිටි අතර ඇය තම දෙවැනි විවාහයේ හය හැවිරිදි දරුවා සමඟ පිළියන්දල කුඩමාදුව ප්‍රදේශයේ කුලී නිවසක ජීවත් සිට ඇත. එහි දී ඇය ග්‍රෑන්ඩ්පාස්‌ පොලිසියේ කොස්‌තාපල්වරයකු සමඟ අනියම් සම්බන්ධතාවක්‌ පවත්වාගෙන ඔහු සමඟ එම කුලී නිවසේ ජීවත්ව සිට ඇත.

මිය ගිය කාන්තාව කොළඹ ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක නළඟනක ලෙස සේවයේ නිරත වූ තැනැත්තියකි. අදාළ සිද්ධිය වූ දින රාත්‍රි 10.00 ට පමණ ඇය සිය නිවසට පැමිණ තිබේ. රැකියාවට යන විට හය හැවිරිදි දරුවා අසල්වැසියකුගේ නිවසේ නතර කර යැමට ඇය පුරුදුව සිටි බව පොලිසිය පවසයි.


සිද්ධිය වූ දින රාත්‍රි 10.00 ට පමණ නිවසට පැමිණ ඇති කාන්තාව සිය අනියම් සැමියා ද සමඟ නිවසේ මත්පැන් පානය කර තිබේ. සැකකාර අනියම් සැමියා පොලිසියට පවසා ඇත්තේ ඊයේ අලුයම 1.00 ට පමණ තමන් අවදි වී බලද් දී මෙම කාන්තාවගේ සිරුරට ගිනි ඇවිලී තිබූ බවයි. ගින්න නිවා දැමීමට ඇය නිවස අසල ළිඳ ළඟට රැගෙන ගිය බවත් පසුව වතුර ගසා ගින්න නිවා දැමූ බවත් අත්අඩංගුවට පත් සැකකරු පොලිසියට පවසා ඇත.

කෙසේ හෝ ඔහු කාන්තාව රෝහල්ගත කිරීමට වාහනයක්‌ රැගෙන ඒමට යෑයි කියා නිවසින් පිටතට විත් පසුව පලාගොස්‌ සිටියදී පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.

කාන්තාවගේ සිරුර පුරා භූමිතෙල් වලින් ගිනි ඇවිලී සිදු වූ පිළිස්‌සුම් තුවාල ඇති බව පොලිසිය පවසයි. මෙම කාන්තාවට කිසිවකු ගිනි තබා ඇය මරා දැම්මේ ද? එසේත් නැත්නම් ඇය විසින්ම භූමිතෙල් වත්කරගෙන ගිනි තබා ගත්තේද? යන්න ඊයේ සවස්‌ වනතුරුත් අනාවරණය වී නොතිබිණි.

ගල්කිස්‌ස කොට්‌ඨාසයේ වැඩබලන පොලිස්‌ අධිකාරි මුදිත පෙරේරා මහතාගේ උපදෙස්‌ මත පිළියන්දල පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක ඒ. හේමරත්න මහතාගේ මෙහෙයවීමෙන් පරීක්‍ෂණ පැවැත්වේ.


*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Nodutu Lokaya