Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: කටකතා නිසා ජනප්‍රිය වෙන්න ලේසියි.....

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

කටකතා නිසා ජනප්‍රිය වෙන්න ලේසියි.....

rash

සිහින පියාපත් නාට්‍යයේ "කේතකී" ලෙස ප්‍රේක්ෂක ආදරය දිනාගත් "ඉෂාරා සඳමිණි" අද 'රන්තරු' ටෙලි නිර්මාණයේ 'වන්දනා' ලෙස ප්‍රේක්‍ෂක සිත්හි ලැගුම්ගෙන හමාරයි. රංගන ක්‍ෂේත්‍රයේ විවිධාකාර චරිත තුළින් රසික සිත් නැවුම් වින්දනයක් කරා රැගෙන යන්නට සූදානමින් සිටින ඇගේ වත්මන් තොරතුරු පිළිබදවත්, ජීවිතය ආදරය මෙන්ම කටකතා ගැන සදහන් වූ තොරතුරු රැසකි මේ.

රන්තරු ටෙලි නිර්මාණයේ 'වන්දනාගේ' චරිතය ඉෂාරාගේ ජිවිතේ ලොකු වෙනසක් කලාලු.... රන්තරු ටෙලි නාට්‍යයේ තේමාව වෙනස් නිසාවෙන් ම වැඩිහිටි තරුණ මේ හැමෝම 8.30ට ස්වාධීන රූපවාහිනිය එක්ක එකතු වෙලා ඉන්න බව ඇයට ලැබෙන ප්‍රතිචාරත් එක්ක පෙනී යන කරුණකි. ඉෂාරාගේ රසික, රසිකාවියන් ඇයට මගතොටේදී මුණගැහුණු වේලාවන්හී දී පවා

ඇයට කතා කරන්නේ වන්දනා කියලායි. ඒ නිසාවෙන්ම මේ චරිතය ඉෂාරගේ සිතේ හැමදාමත් මතකයේ රැදී තියේවි.

ප්‍රතිචාර ලබන්න තරම් මේ හැබෑ වෙලා තියෙන්නේ පුංචි කාලේ දැකපු නිළි හීනයක් නොවුණත්, ඒ ගැන මෙන්ම අනෙක් කරුණු කාරණාවන් පිළිබදවත්, ඉෂාරා මතකට එක කළේ මෙලෙසිනි.

"පුංචි කාලේ නිළියක් වෙන්න හිතුවේ නැහැ. ඒත් රඟපාන්න ආසාව තිබුණා. සිංහල, දෙමළ, ඉංග්‍රීසි චිත්‍රපට බැලුවා. ගෙදර අනිත් අයට වඩා මම ඒ දේවල් ගැන ආසාවෙන් හිටියේ. ඒත් ගෙදර තිබ්බේ ඉගෙනීමට මාව යොමු කරපු වටපිටාවක්. නිළියක් කියනකොටම ගොඩනැඟිලා තිබ්බ ප්‍රතිරූපෙත් එක්ක රංගනයට එන්න ලැබෙයි කියලා හිතුවේ නැහැ.

මම නිරූපණ ක්‍ෂේත්‍රයට සම්බන්ධ වෙලා කටයුතු කිරීමත් එක්ක නිල්වලා ආයතනයේ ලලිත් වසන්ත අයියා සිහින පියාපත් නාට්‍යයට සම්බන්ධ වෙන්න කැමතිද ඇහුවා. මමත් රඟපාලා තිබ්බේ නැති වුණාට හරියන්න හරි වරදින්න හරි කියලා හිතාගෙන ඒකට සම්බන්ධ වුණා.

මම ක්‍ෂේත්‍රයේ යන පාර තාම හොයනවා. මම නිර්මාණවලට සම්බන්ධ වෙන්නේ තෝරා බේරාගෙන. ඒත් එක්ක මම හිතනවා රංගන ක්‍ෂේත්‍රයේ යායුතු පාර මට වැරදෙන එකක් නෑ කියලා. අම්මා, තාත්තා ක්‍ෂේත්‍රයට එන්න අවසර දුන්නා. ඇත්තටම අද වෙනකල් මගේ ගමනට එයාලා තල්ලුවක් දුන්න මිසක් ආපස්සට ඇද්දේ නෑ. එයාලා විශ්වාස කළා මම වරද්ද ගන්න එකක් නෑ කියලා. ක්ෂේත්‍රයට ඇවිත් දැන් අවුරුදු දෙකහමාරක් විතර වෙනවා.

ක්‍ෂේත්‍රයට ඇවිත් කාලයක් ගතවුණත් මම නිර්මාණ කිහිපයකට විතරයි සම්බන්ධ වුණේ. අතේ ඇඟිලි ගාණටත් අඩුයි මම සම්බන්ධ වුණු නිර්මාණ සංඛ්‍යාව. මට වැඩිය පේන්න ඕන වුණේ නැහැ.... එහෙම නිර්මාණ ගොඩකට එකවර සම්බන්ධ වෙනකොට අපිට තියෙන වටිනාකමත් නැතිවෙලා යනවා. ඒ වගේම කාර්යබහුලත්වය එක්ක එක චරිතයකටවත් සාධාරණයක් කරන්න ලැබෙන්නේ නෑ....... මේ නිසා මම තෝරාබේරාගෙන තමයි රඟපාන්නේ.

රූපය විතරක් තිබ්බොත් රංගනයේ පෙරළියක් කරන්න බෑ..... දක්‍ෂතාවෙ සහ ඒ දක්‍ෂතාව පෙන්වන්න සුදුසු චරිත ලැබෙන්න වාසනාව තියෙන්නත් ඕන. වාසනාව තිබුණු නිසයි මම හිතන්නේ රන්තරු ටෙලි නාට්‍යට සම්බන්ධ වෙන්න ලැබුණෙත්. හැබැයි ඒ නිසාම වෙනසක් පෙරළියක් කරගන්න බැහැ. ඒ නිසා තව තවත් හොඳ නිර්මාණවලට සම්බන්ධ වෙන්න මට වාසනාව ඇති කියලා හිතනවා.

රංගනයට එන්න කලින් නම් හිතාගෙන හිටියේ මේක හරි ලේසි වැඩක් කියලා. ඒත් දැන් තේරෙනවා චරිතයක් තුළ වෙනසක් කරන එක කොච්චර අමාරුද කියලා. මම හිතන්නේ මේ ක්‍ෂේත්‍රයේ කටකතාවක් හදාගන්නේ නැතුව ඉන්නත්, හොඳට ඉන්නත් අමාරුයි. ඒත් උත්සාහ කළොත් බැරි නැහැ.

කටකතාවලට බය නෑ....... මම වැරැද්දක් කරලා නැති නිසා මම බය නැහැ...... තව අතකින් ඉතින් ඕක ජනප්‍රියත්වයටත් පාවිච්චි කරනවනේ.

මම දැන් දේශීය වෛද්‍ය විද්‍යායතනයේ අවසන් වසරේ ශිෂ්‍යාවක්. රංගනය ප්‍රධාන වෘත්තිය විදියට තෝරගන්න බලාපොරොත්තුවක් නෑ..... වෘත්තියෙන් වෛද්‍යවරියක් වුණත් කරන චරිතවලට සාධාරණයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තෝරාබේරා ගැනීම් ඇතිව නිවේදන කටයුතුවලටත් සම්බන්ධ වෙනවා.
මම තවම පෙම්වතියක් වුණේ නෑ..... මාව ඒ වගේම මම නිරත වන ක්‍ෂේත්‍රය තේරුම්ගත්ත මම වගේම මට ආදරය කරන හැබැයි ඊට වැඩියෙන් හරි ආදරය කරන කෙනෙක් තමයි බලාපොරොත්තු වෙන්නේ."


*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Nodutu Lokaya