Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: පෙම්වතුන්ට මල් වතුවල දොර ඇරේ

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

පෙම්වතුන්ට මල් වතුවල දොර ඇරේ

rash

මල් වත්තේ දී 
පෙම්වතුන්ගේ
නිදහසට බාදා
කරන්නේ නැහැ....

අප රට තුළ තිබෙන සුන්දරත්වයෙන් පිරි උද්භිද උද්‍යාන වෙත ගොස් එහි සුන්දරත්වය විදින අතරේ යොවුන් වියේ පසුවන පෙම්වතුන් බොහොමයක් මල්වතුවල තැනින් තැනට වී පෙම්සුව විදින්නටත් අමතක නොකරයි. නිදහසේ පෙම් සුව විදින මොවුන් උද්භිද උද්‍යාන වෙත යන එන බොහෝ පිරිසගේ අවධානට යොමුව තිබෙන්නේ මල් වතු පෙම්වතුන්ගේ පාරාදීසයක් හා සමාන කරගත් නිසාවෙනි. මේ පිළිබදව ඉකුත් දින අමාත්‍යවරයෙකුගේ මුවින් පිට වූ ප්‍රකාශය පෙම්වතුන්ට සතුට ගෙනෙන පුවතක් වුණි.



උද්භිද උද්‍යාන වෙත යාම පෙම්වතුන්ට තහනම් කොට නැති බවත්, මත්ද්‍රව්‍ය භාවිතය හෝ වෙනත් සමාජ විරෝධී දුරාචාරයන්ට එහිදී ඉඩනොදෙන බවත් උද්භිද උද්‍යාන හා පොදු විනෝදාත්මක කටයුතු අමාත්‍ය "ජයරත්න හේරත්" මහතා පවසයි.

"උද්භිද උද්‍යාන ජනතාවට නිදහසේ ගතකිරීමට තිබෙන ස්ථානයක්. නිදහස් දිවිපෙවෙත මූලික මානව අයිතියක්. අපි ඒ අයිතියට බාධා කරන්න සූදානමක් නෑ. එහෙත් උද්‍යාන තුළ හැසිරීමේ දී හොඳ විනයක් බලාපොරොත්තු වෙනවා. උද්භිද උද්‍යාන අධි ආරක්ෂක කලාප නොවෙයි.

වසර 2014 රට තුළ විශාල උද්‍යාන ව්‍යාපෘති රැසක් ඇරඹෙනවා. අපේ අරමුණ ජනතාවට ඉහළ ආකර්ෂණයක් ඇති උද්‍යාන දායාද කර දීමයි. එමඟින් ඔවුන්ගේ මානසික සතුට ඉහළ නැංවීමට දායක විය හැකියි. ඉදිරියේදී සෑම දිස්ත‍්‍රික්කයකට උද්භිද උද්‍යානයක් පිහිටුවීමටයි අරමුණ".
 යනුවෙන් අමාත්‍ය ජයරත්න හේරත් වැඩිදුරටත් පැවැසීය. 




*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Nodutu Lokaya