Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: සිරිධම්ම හිමි සිය නාමය කෙළෙසුන හැටි හෙළි කරයි

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

සිරිධම්ම හිමි සිය නාමය කෙළෙසුන හැටි හෙළි කරයි

rash

මම නාගන්න
කියලා සිවුර
ගලවලා කැළේ
ඇතුළට ගියා.....

පසුගිය කාලයේ නිරතුරුවම කතා බහට ලක් වූ "පිටිදූවේ සිරිධම්ම හිමියන්" ගැන කතා බහ යළිත් කරළියට පැමිණ තිබේ. මෙම ලිපිය ඒ සම්බන්ධයෙන් කරනු ලබන විවරණයක් හා වර්තමාන භික්ෂු සමාජයෙන් එල්ල වන විවිධ චෝදනා සම්බන්ධයෙන් සිරිධම්ම හිමියන් සමග කරනු ලද දේශනයකි. උන්වහන්සේ පිටිදූවේ සිරිධම්ම නමින් පෙනී සිටියත් පසුව ඒ නම වෙනස් කර "සිරි සමන්ත භද්‍ර" යන නාමය භාවිතා කළා. එයට හේතුව පිළිබදවත් මේවන විට උන්වහන්සේට භික්ෂූන් වහන්සේලා මෙන්ම තවත් ඇතැම් පිරිස් විරෝධය පාමින් විවිධ අදහස් පළකිරීම පිළිබදව සිධම්ම හිමියන් පවසා සිටියේ මෙලෙසිනි.

"ඒක නම වෙනස් කිරීමක් නොවෙයි. අන්වර්ථ නාමයක් පාවිච්චි කිරීමක් විතරයි. හේන්පිටගෙදර ඥානසීහ හාමුදුරුවෝ පොත් ලිව්වේ මයුරපාද නිමින්. අලුත් අදහසක් අලුත් දර්ශනයක් දේශනා කරන කොට අන්වර්ථ නාමයක් භාවිතා කළාට කිසිම වරදක් නැහැ..... මම තවමත් පිටිදූවේ සිරිධම්ම හිමි තමයි.

බුදුරජාණන් වහන්සේට බුද්ධත්වය ලැබූ දා පටන්ම එල්ල වූයේ විරෝධතා. උන් වහන්සේගේම ශාසනයේ පැවිදි වූ අයගෙන් පවා විශාල බාධාවන් පැමිණුනා. වර්තමානයේ භික්ෂුවගේ කාර්ය භාරය සම්බන්ධව ඇත්තේ විශාල ගැටලුවක්. මෙතනයි ප්‍රශ්නය ඇත්තේ. මේ විරෝධය මට නෙමෙයි. මම ඇත්ත කතා කරන නිසයි, දහම නිසි පරිදි දේශනා කරන නිසයි

සියලුම භික්ෂූන් වහන්සේට මේ චෝදනාව අදාළ වන්නේ නැහැ..... නමුත් අද බහුතර භික්ෂූන් වහන්සේ විසින් සිදු කරන්නේ බුදු රජාණන් වහන්සේ විසින් භික්ෂුවකට පවරන ලද කාර්යය නෙමෙයි. පසුගිය දවසක පුවත්පතක කාටූනයක තිබුණා එක් පුද්ගලයෙක් පාංශුකූල කටයුත්තක් සදහා පන්සලකට ගිහින් ස්වාමීන් වහන්සේ නැතුව හිස් අතින් ආපසු එනවා.

නමුත් භික්ෂුවගේ ජීවිතය පරමාදර්ශී විය යුත්තේ බුදු දහමේ උගන්වන "සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්ඡකරණ" කියන අදහසට අනුවයි. සසුන් ගත වීමේ දී පළමුවෙන්ම "සබ්බ දුක්ඛ නිස්සරණ…." යනුවෙන් පවසනවා. සියලු දුක් නැති කර ගන්න නිවන් අවබෝධ කරගන්න මාව මේ සිවුර අරගෙන මහණ කරන්න යනුවෙන් කරන කරන ප්‍රකාශයයි ඒ. භික්ෂුවකට කුමන පදනමකින් හෝ එයින් මිදෙන්න බෑ. එය ජීවිත ආදර්ශය විය යුතුයි.


ඕනෑම කෙනෙක් දහම පැහැදිලිව දේශනා කරනකොට ඒකට විරුද්ධව පිරිසක් බිහි වෙනවා. ඒ අය කල්පනා කරනව අපි මෙතෙක් කලක් මේ ජාතක කතා කිය කිය හිටිය. මුන් වහන්සේ ඊට වඩා ගැඹුරු දහමක් පැහැදිලි කරන්න ගත්තා.

එහෙම පැහැදිලි කරගෙන යනකොට ඒකෙන් අපේ පැවැත්ම පිළිබදව ගැටලුවක් මතු වෙනවා. ඒක නිසා අපි ඒකට විරුද්ධව නැගී ඉන්න ඕන කියලා. බොරු චෝදනා 100 ක් 200ක් විතර එල්ල කරනවා. ඔය තත්ත්වයම තමයි ඉන්දියාවෙ වුණෙත්. එකම බොරුව සියවරක් කීම තුළින් ඒක ඇත්ත වෙනවා. නමුත් මෙතනදි වුණේ ඇත්ත එළි වුණු එකයි.

ඇත්ත එළි වුණා කියල කිව්වත් චෝදනාවන්ට පිළිතුරු ලබා දුන්නේ නැහැ..... අසත්‍ය චෝදනාවන්ට මම පිළිතුරු දෙන්න යන්නේ නැහැ. ගෞතම බුදු රජාණන් වහන්සේට චෝදනා කොපමණ එල්ල වුණාද....? උන් වහන්සේ ස්ත්‍රී දූෂකයෙක්, ස්ත්‍රී ඝාතකයෙක් කියල. සුන්දරී පරිබ්‍රාජිකාව මරල දෙව්රම් වෙහෙර පසුපස හංගලා කියලා විශාල ජනතා විරෝධයක් උන් වහන්සේට එල්ල වුණා.

කොසොල් රජ්ජුරුවොත් ඇගිල්ල දිගු කළා. මම අහන්නෙ උන් වහන්සේ උත්තර දුන්නද කියලා....? ආර්යයන් වහන්සේ නමක් කිසිම වැදගත්කමක් නැති ප්‍රශ්නවලට පිළිතුරු දෙන්නෙ නැහැ..... උන් වහන්සේ පිළිතුරු දෙන්නෙ ධර්ම ප්‍රශ්නවලට, ශාස්ත්‍රීය ප්‍රශ්නවලට පමණයි. බුදු රජාණන් වහන්සේට නොයෙකුත් චෝදනා එල්ල වුණා.

උන් වහන්සේ නිරතුරුවම පිළිතුරු දුන්නේ යම් අයෙකුගේ නිවන් මගට අදාළ වන ප්‍රශ්නවලට එහෙමත් නැත්නම් කෙනෙකුගේ සිත නිවාගන්න හේතු වන ප්‍රශ්නවලට පමණයි. ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේට කළ ඉල්ලීම කුමක්ද? ‘ඔබ වහන්සේට ස්ත්‍රී දූෂකයෙක් යැයි චෝදනා එල්ල වනවා.

ජනතාව අපට දානය පවා දෙන්නේ නැහැ. මේ නුවර හැර වෙනත් නුවරකට යමු‘ යන්නයි. බුදු රජාණන් වහන්සේගේ පිළිතුර වූයේ ‘ආනන්ද, එතනදිත් මේ ආකාරයට සිදුවුවහොත් අප කුමක් කරන්නේද‘ යන්නයි. භික්ෂූන් වහන්සේට දේශනා කෙළේ ඉවසීමේන් කටයුතු කළ යුතු බවයි. සතියක් දෙකක් යනකොට සත්‍යය හෙළිවුණා. මෙතනදි කියන්න තියෙන්නෙත් ඒ ටිකම තමයි."


සිරිධම්ම හිමියන් භික්ෂුවකට නොගැලපෙන ඇදුමින් සැරිසරන අයුරු අන්තර්ජාලයේ පවා දක්නට තිබුණා. ඒ පිළිබදව උන්වහන්සේ පවසා සිටියේ මෙවැන්නකි.

"අපි නුවරඑළිය වගේ දැඩි සීතල පළාතක යනකොට එහෙමත් නැත්නම් විදේශ රටකට යනකොට සිවුරට යටින් කහ පාට ටී ෂර්ට් එකක් අදිනවා. ඒක අමුතු දෙයක් නෙමෙයි. සිරීපාදේ වඩින භික්ෂූන්ගේ ඇදුම් දිහා බලන්න. ඒක සාමාන්‍ය දෙයක්. අපි දවසක් රිටිගල චාරිකාවක් ගියා, ඒ වැස්ස දවසක්. මම නා ගන්න සිවුර ගලවලා ඒක ළමයකුට තියාගන්න දීලා කැළේ ඇතුළට ගියා නාගන්න කියලා. එතන හිටපු අපේ ළමයෙක් ෆොටෝ කිහිපයක් ගත්තා.

ඒක සාමාන්‍ය දෙයක්. ඒ වගේම අපි ඇමරිකාවේ, එංගලන්තේ වගේ රටවල යනකොට සපත්තු දාගෙන යනවා. මොකද හිම උඩ යන්න වෙනවා. පහුගිය දවසක අපි හිමාලයේ ලඩාක් කියන ප්‍රදේශයට ගියා. අඩි 12000 ක් විතර උඩින් තියෙන ප්‍රදේශයක්.

ලෝකෙ වැඩිම හිරු එළිය පතිත වන්නේ එම ප්‍රදේශයටයි. අපිට එහි වැඩ ඉන්න හාමුදුරුවෝ උපදෙස් දුන්න. ඇග නිරාවරණය කරගෙන එන්න එපා, මේස් සපත්තු දාල, තොප්පි දාල අත් ආවරණ දාල අව් කණ්ණාඩි පවා දාල එන්න කියලා. අපි විශාල පිරිසක් එහි ගියා.

එතනදිත් අපි ෆොටෝ ගත්තා. ගමනක් ගියහම ෆොටො ගන්න එක සාමාන්‍ය දෙයක්නෙ. එහෙම නොගන්නව නම් එතන හොර වැඩක් මොකක් හරි තියෙන්න එපැයි. අපි ඒව ෆේස් බුක්වලට පවා නිකුත් කරනවා. අපේ චාරිකා පෙන්නන්න. මඩ ගහන්න දේවල් නැති වුණහම ඒ වගේ දේවල් අරගෙන වැරැදි අර්ථකතන දීල පෙන්නන්න පුළුවන්."

තමන්ගේ දරුවා සිරිධම්ම හිමියන්ගේ බව පවසමින් කාන්තාවක් පැමිණියා පමණක් නොවෙයි, අධිකරණයටත් ගියබවටපැතිරුණසිද්ධියපිළිබදවඋන්වහන්සේපැවසුවේමෙලෙසිනි.

"එක් කාන්තාවක් නෙමෙයි කාන්තාවන් දෙන්නෙක් පැමිණියා, එක් කාන්තාවක් අධිකරණයටත් ගියා, ඒ කාන්තාව අධිකරණයේදි මොනවද කිව්වේ. මගේ මානසික ශක්තිය භාවිතා කරල එයාට අතවර කරා කිව්ව. අධිකරණය තීරණය කළා ඒ කාන්තාවට පිස්සු කියලා.

අද මොකද වෙලා තියෙන්නේ. මම ඒ චෝදනාවලට වැරැදිකාරයානම් මට දඩුවම් ලැබෙයි. මට චෝදනා කරපු ඒ අය නඩුවෙනුත් පැරැදිලා. පන්සලට ඇවිත් මට මල් පූජා කරල සමාව ගත්තා. ඒ නඩු වාර්තා කියවලා බලන්න. මේව සාමාන්‍ය අයගේ වුවමනාවන්ට කරන ඒව නෙමෙයි.

මේක පිටිපස්සේ කවුරු හරි ඉන්නවා. ඒ ඉන්නේ හාමුදුරුවරු පිරිසක්ම තමයි. ලංකාවේ බෞද්ධ ගිහියන් ගොඩාක් හොඳයි. මම අවුරුදු 26 ක් ගිහි සමාජයේ ජීවත් වුණා. මහණ වෙලා අවුරුදු 13 යි. ඇත්තම කියනවනම් ගිහි සමාජයේ මිනිස්සුන්ගේ හිත හොඳයි හාමුදුරුවරුන්ට වැඩිය.

ඒ එක්කම කියන්න ඕන සියලුම ස්වාමීන් වහන්සේ මේ ගොඩට දාන්න බැහැ. ඉතාම හොඳින් වත් පිළිවෙත් පුරන භික්ෂූන් වහන්සේගේ සේවය හරියට කරන හිමිවරු ඉන්නවා. ඒ අය අතර තමන්ගේ බලපුළුවන්කාරකම් ඉස්සර කරගෙන දක්ෂතා නිසා කවුරු හරි ඉස්සරහට එනවනම් එයා මරා දානව වැදුම්ගෙයිම. මේක තමයි එයාලගේ ක්‍රියාමාර්ගය. ඒ නිසා තමයි සසුන පිරිහෙන්නෙ."  

 සිරිධම්ම හිමියන් ඉන් පසු පවසා සිටියේ උන්වහන්සේ අරහත් බැව් ලැබූ රාවය පිළිබදවයි.

"මේ බුදුදහම නිවැරැදි නම් බුද්ධාගමේ අන්තර්ගත දහමට කවුරුන් හෝ අනුගතව වී ඉන්නවා නම් ඒ "විපස්සනා මාර්ගය" අනුගමනය කරනවානම්, ඒ උතුමාණන්ට නිවන් දකින්න බැරි නම් මේ සිවුරු දරාගෙන ඉන්න එකේ තේරුමක් තියෙනවද? එහෙමනම් ගෙදර ගිහින් රස්සාවක් කරන එක හොඳයි නේද? මහණ වුණානම් කෙනෙක් නිවන් දකින්න ඕන එහෙම බැරිනම් ගෙදර යන්න ඕන. මේ දෙකම කරන්න බැහැ. එයා ඒ දහම හරියට අවබෝධ කරගත්තා නම් ඒ මාර්ගයට පිවිසෙන්න ඕන.
 

මා පැහැදිලිව කියන්නේ මා සත්‍යාවබෝධ කළා. මා සියල්ල අත්හැර තිබෙන්නේ. ඕනෑම අයෙකුට විවෘත ධර්ම සභාවක ධර්ම ඥානය පරීක්ෂා කරන්න පුළුවන්. එහෙත් ධර්ම ඥානය පරීක්ෂා කළාට මම සත්‍යය අවබෝධ කළාද නැද්ද කියා කියන්න බැහැ. මගේ අවබෝධ ඥානය පරීක්ෂා කරන්න ඕන. මොනවද අවබෝධ කරගෙන තියෙන්නේ.

නිරෝධ සමාපත්තිය කියන්නේ මොකක්ද? සෝතාපත්ති සමාපත්තිය, සකෘදාගාමී, අනාගාමී, අරිහත් ඵල සමාපත්තිය, චිත්ත විමුක්තිය, ප්‍රඥා විමුක්තිය, සමවැදීම, නැඟිටීම මේ ආදී ධර්මයේ තියෙනවා මහා ප්‍රත්‍යක්ෂ ඥානයෙන් දේශනා කළ යුතු දේ. අන්න ඒවා ගැන මා එක්ක කතා කරන්න. එහෙම නැතිව මට නිකරුණේ ගරහන්න එපා. ධර්ම සාකච්ඡාවකින් නිගමනය කරන්න.

බුදු දහම කියන්නෙ කිසිවිටකවත් හිංසාකාරී ආගමක් නෙමෙයි. අවිහිංසාවාදය මුල් කරගත් ආගමක්. කිසි විටක පොලු මුගුරු අරගෙන ප්‍රශ්න විසඳන්න ගියේ නැහැ. අද තත්ත්වය මොකක්ද? කට්ටියක් මේ පන්සලටම ඇවිත් හාමුදුරුවරුන්ට ගහල බඩුත් හොරකම් කරගෙන ගියා.

ඒක ප්‍රශ්න විසඳන ක්‍රමයක් නෙමෙයි. මම බුදු දහම අදහන නිසයි, මා මුළින් කිව්ව පරිදි අනවශ්‍ය දේට උත්තර දෙන්න නොගියේ. ඒක නිසයි මගේ ළමයෙක් කියාගෙන ආව අයත් අන්තිමට මට නෙළුම් මල් පූජා කරල ගියේ."


*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Nodutu Lokaya