Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: සැමියාගේ රහස් ගැටළුවක් නිසා විදවන බිරිදක්

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

සැමියාගේ රහස් ගැටළුවක් නිසා විදවන බිරිදක්

rash

ඔහු නිසා
අපේ මංගල
දිනයම
අසාර්ථක
වුණා.....

"අපේ පවුලෙ ඉන්නෙ අක්කයි මායි විතරයි. අපි දෙන්නටම කවදාහරි පදිංචි වෙන්න ගෙවල් දෙකක් ඕන හින්දා තාත්තා අපේ මහගේට අමතරව ඊට මීටර් පනහක් විතර එහායින් අපේ ඉඩමෙම තවත් ගේකුත් හැදුවා. අපේ ඉඩම අක්කර භාගයක් තිබුණා.

ඒ හින්දා මේ විදිහට හොඳට ඉඩකඩ ඇතිව තවත් ගෙයක් හදන්න තාත්තට පුළුවන් වුණා. පවුලෙ බාලයා විදිහට මහ ගෙදර මටත්, අලුත් ගේ අක්කාටත් දෙන්න තමයි අම්මයි තාත්තයි තීරණය කරල තිබුනෙ. කොහොම වුණත් අක්කා මේ වෙද්දී විශ්වවිද්‍යාලෙ ඉගෙණ ගන්නවා. එයා ශිෂ්‍ය නේවාසිකාගාරයෙ නතර වෙලා හිටපු නිසා සති දෙක තුනකට වතාවක් තමයි ගෙදර ඇවිත් ගියේ, අලුත් ගේ වහල දාල තිබ්බම නාස්ති වෙන නිසා තාත්තා ඒක කුලියට දුන්නා.

 
අලුත් ගෙදර කුලියට ගත්තෙ වැඩිහිටි අම්මා කෙනෙකුයි පුතෙකුයි. පුතාගෙ නම පසිඳු. පසිඳුලගෙ ගම අනුරාධපුරේ පැත්තෙ. එයාලා අපේ පැත්තට කුලියට ආවෙ ඒ කාලෙ පසිඳු උසස් අධ්‍යාපනය හදාරමින් හිටපු නිසා. එයා පෞද්ගලික අධ්‍යාපනායතනයක මාර්කටින් පිළිබඳ වැඩිදුර අධ්‍යාපනයේ යෙදුණා. පසිඳුලට කුඹුරු සහ තව ඉඩකඩම් තිබුණා. ඒවයෙ වගා කරලා එයාල හොඳ ආදායම් ලැබුවා.


පසිඳුගෙ අධ්‍යාපන කටයුතු සඳහා පසිඳු කොළඹ ආවෙ එයාගෙ අම්මත් එක්ක. තාත්තා ආවෙ නැත්තෙ වගා කටයුතු නිසයි. පසිඳුගෙ අමුතු කඩවසම් පෙනුමක් තිබුණා. අපි දෙන්නා අතර ප්‍රේම සම්බන්ධයක් හට ගන්න ගොඩක් කාලයක් ගත වුණේ නෑ. ඇත්තටම මං පසිඳුට ගොඩක් ආදරේ කළා.

මේ සම්බන්ධෙට පසිඳුගෙ දෙමව්පියො වගේම අපේ දෙමව්පියොත් කැමැති වුණා. එයාලා කොළඹ කුලියට හිටියට ආදායම් ලැබෙන ඉඩකඩම් පවා තිබුණු අය නිසා අපේ තාත්තාත් මේ විවාහයට අනුමැතිය දුන්නා.
ඊට පස්සෙ අක්කගෙ විවාහයට කලින් මගෙ විවාහය සිද්ධ කළා. එතකොට මගෙ වයස විසිතුනයි. පසිඳුට විසිපහයි. පසිඳුලා හිටපු ගෙදරම තාත්තා මට දුන්නා. ඊට පස්සෙ පසිඳුගෙ අම්මා ගමේ ගියා පසිඳුගෙ තාත්තා එහෙ තනියම නිසා.


ඉගෙන ගන්න කොළඹ ආපු පසිඳු අපි බඳින්න කිට්ටුව තමයි රස්සාවක් හොයා ගත්තෙ. එයා උදේ ඔෆිස් ගිහින් හවස ගෙදර එනකල් මං හිටියෙ අපේ අම්මල එක්ක මහගෙදරයි. පුද්ගලයෙක් වශයෙන් පසිඳු හොඳයි. හරිම කරුණාවන්තයි. ඒත් අපි දෙන්නා හිටියෙ ලොකු ප්‍රශ්නයකට මැදි වෙලයි. ඒක කිසි කෙනෙකුට කියන්න ශක්තියක් අපට තිබුණෙම නෑ.....

එයා පත්තරවල දැන්වීම් දාලා තියන කීප දෙනෙක් ගාවටම ගියා. ඒත් හරි ගියේ නෑ...... අන්තිමේ එයාට අධ්‍යාපන කටයුතුවලට පවා හිතක් නැතුව ගිහින් මේවම කල්පනා කර කර ඉන්න පටන් ගත්තට පස්සෙ "සුරංග අමරකෝන්" මහතා ගැන පත්තරේ තිබුණු ලිපියක් දැකලයි අපි මේ උපදේශන ආයතනයටගියේ."

ඒ අයුරීම් පැවසුවේ විවාහ වී එතරම් කාලයක් නොවූ තරුණියකි. ඈ සේපලිකා ය. ඔවුනට තිබුණේ අබුසැමි ඇසුර පිළිබදව ගැටලුවකි. හුදෙක්ම එය සේපාලිකාගේ සැමියාගේ ප්‍රශ්නයකි. සේපාලිකා සමග පසිදු නම් වූ ඇගේ සැමියා ද මනෝ විද්‍යා උපදේශක සුරංග අමරකෝන් මහතා ඉදිරියේ ඔහුගේ කතාව දිගහරින්නට වුයේ මෙලෙසිනි.

"මං පවුලෙ එකම දරුවා විදිහට අම්මයි, තාත්තයි එක්ක ලොකු බැඳීමකින් හිටියෙ. සේපාලිකා හම්බ වෙන්න කලින් කිසිම දවසක මං ගෑනු ළමයෙක් එක්ක සම්බන්ධකමක් තියා ගත්තු කෙනෙක් නෙමේ. සේපාලිකාගෙ තිබුණෙ නිවුණු අහිංසක පෙනුමක්. ඒ පෙනුම වගේම තමයි එයාගෙ ගතිගුණත් නිසා මගේ හිත එයාට ඇදිලා ගියාම අම්මත් ඒකට අනුමැතිය දුන්නේ "ඒ ගෑනු ළමයගෙ නම් කියන්න වරදක් නෑ......" කියලයි.

විවාහයට කලින් කිසිම ආකාරයකින්වත් මං ලිංගික සම්බන්ධතා පවත්වල තිබුණු කෙනෙක් නෙමේ. අම්මයි තාත්තයි එක්ක තිබුණු ලොකු බැඳීම නිසාම මට හිතුණෙ නෑ ඒ වගේ දේවල් කරන්න. සේපාලිකා ගැන කැමැත්තක් ඇතිවුණාම මම සේපාලිකාට ඒ ගැන කියන්න කලින් මං කිව්වෙ අපේ අම්මාට.

මං සේපාලිකා එක්ක සම්බන්ධයක් ඇති කරගන්න කොට මට රස්සාවක්වත් තිබුණෙ නෑ..... මොකද මං කොළඹට ආවෙ ඉගෙන ගන්නනේ. කොහොම වුණත් සේපාලිකා නිසා මං රස්සාවක් හොයා ගත්තා. මේ වෙනකොට මං ඉගෙන ගත්තු සී.අයි.එම්. විභාගවල මුල් පියවරවල් සියල්ල සමත් වී හිටපු හින්ද මට රස්සාවක් හොයා ගැනීම අපහසු වුණේ නෑ.... අවසන් විභාගයට විවාහයෙන් පස්සේම පෙනී හිටින්න මං තීරණය කරල තිබුණ.

අපි දෙන්නා විවාහ වුණේ දැඩි ආදරයකින්. බලා‍පොරොත්තු ගොඩක් අපේ හිත් ඇතුළෙ තිබුණ. ඒත් ඒ හැම දෙයක්ම එක දවසකින් හේදිලා ගියේ මගෙ තිබුණු ලොකු වැරැද්දක් නිසයි. ඒ වෙන කිසිම දෙයක් නෙමේ මං ක්ෂණික මෝචනය කියන තත්ත්වයෙන් පෙලුණා.

මේ නිසා අපේ මංගල දිනයම අසාර්ථක වුණා. ඒ විතරක් නෙමේ සමහර අවස්ථාවලදී අම්මගෙයි තාත්තාගෙයි මූණු මැවිල පෙනෙන්න පටන් ගන්නවා. එතකොට මට හිතෙනව මං මේ කරන්නෙ ලොකු වරදක් කියලා. එහෙම අවස්ථාවලදී මගෙ සියලු ලිංගික හැඟීම් නැති වෙලා ගිහින් මට කායිකව එකතු වෙන්න අපහසු වෙනවා.

කොටින්ම කිව්වොත් මට කිසිම දවසක සේපාලිකා සමග හරි හැටි කායිකව එකතු වෙන්න නොහැකි වුණා වගේම සේපාලිකාව කිසිම දවසක සතුටු කරන්නත් බැරි වුණා. මේ නිසා මට ලිංගික එකතු වීම් කියන ඒවට ඇති වුණේ විශාල පසුබෑමක්.

අන්තිමේ මං විභාගය ළඟයි කිය කියා බොරු කියමින් සේපාලිකාට නින්ද යනතුරු හැමදාම රෑට පාඩම් කරන්න පටන් ගත්තා. සේපාලිකාට මං ගැන ලොකු කලකිරීමක් දැනෙන්න ඇති. ඒත් එයා මට ඒ බව පෙන්නුවෙ නෑ. මේ විදිහට මාස පහක් විතර ගත වුණා. අන්තිමට සේපාලිකා පත්තරේක තිබුණු විස්තරයක් දැකල මාව එක්කගෙන උපදේශන ආයතනයකට ගියා.

ඔවුන්ගේකායික මෙන්ම මානසික ගැටළු පිළිබව සුරංග අමරකෝන් මහතාහමුවේ පැවසීමෙන් අනතුරුව ඔවුන්ට එතුමාගෙන් ලැබුණේ මෙවන් විසදුමකි.

"විවාහ වෙලා මාසයක් දෙකක් පමණ යනතුරු සමහර පිරිමි අයට මේ ක්ෂණික මෝචනය කියන තත්ත්වය තිබිය හැකියි. එය අසාමාන්‍ය දෙයක් නොවෙයි. නමුත් මේ තත්ත්වය මාස තුනක් හෝ ඊට වැඩි කලක් පැවැතිය හොත් එය අසාමාන්‍ය ලෙස සලකනවා.

ලිංගික ආශාව, ලිංගික ප්‍රාණවත් බව වැනි දෑ ඇති වන්නෙ මනස මූලික කරගෙනයි. මොළයේ සිතුවිලි රටාව. එයට බලපානවා. මේ සඳහා සාර්ථක ප්‍රතිකාර සහ ක්‍රමවේද තිබෙනවා. සැමියකුට මේ තත්ත්වය ඇති වුණාම එයින් මිදෙන්න බිරිඳගේ උපකාරය අවශ්‍ය වෙනවා.

ඒ සඳහා මනෝ චිකිත්සකවරුන් බිරිඳට උපදෙස් දෙනු ලබනවා. මෙහි දී බිරිඳ සැමියාව හෙලා නොදැකීම ඉතාමත් වැදගත්. සැමියාගේ මේ තත්ත්වය පිටු දකින්න අනිවාර්යයෙන්ම බිරිඳගේ උපකාරය ලැබිය යුතුයි. එනිසා දෙදෙනාම මනෝ චිකිත්සක උපදෙස් අනුගමනය කිරීම තුළින් මෙයින් අත් මිදෙන්න පුළුවන්."

මනෝ විද්‍යාත්මක විසඳුම කොළඹ 05,
දම්රිවි පදනමේ ‍‍‍ජ්‍යෙෂ්ඨ මනෝ විද්‍යා උපදේශක,
සුරංග අමරකෝන්.

-Indu Perera-


*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Nodutu Lokaya