Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: පිරිමින් රැසක් සමග යහන් ගත වූ නෙරංජිගේ මරණය අතළග

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

පිරිමින් රැසක් සමග යහන් ගත වූ නෙරංජිගේ මරණය අතළග

rash

හරි හැන්ඩියා 
මම එයා
එක්කත් 
දවසක්ම හිටියා....

ගැහැනියකට ජීවිත ගමන වැරදුණු පසු එය නැවත හරි මගට ගැනීම පිරිමියෙකුට මෙන් පහසු නැත. හරියට කැඩී ගිය කැඩපතක් මෙනි නැවත සැකසුවත් එහි කැළැල් ඉතිව ඇත. එසේම ගැහැනියක් තමන්ගේ සීමාව හෝ යුතුකම් වගකීම් අමතක කර ජීවත් වන්නේ නම් ඇයටද ඉතුරු වන්නේ විනාශ වූ ජීවිතයකි. ඒ බව මැනවින් තේරුම් යන්නේ එවැනි අත්දැකීම් විඳි අයටය.

හදිසියේ දිනක කලෙකින් හමු වූ යෙහෙළියක් සිටියේ ඇගේ තවත් යෙහෙළියක් සමගය. ඇගේ යෙහෙළිය ඉතාමත් අසනීප ගතියකින් සිටි අතර ඇය මට එම යෙහෙළිය හඳුන්වා දුන්නේ ඇය ගැන විශේෂ කතාවක් තිබෙන බව ද කියාන අතර තුරදී ය. දින කීපයට පසුව මගේ යෙහෙළිය මා අමතා ඇගේ යාළුවා එයාගේ කතාව කියන්න කැමැති වුණු බවත් එයාගේ ඇත්ත තොරතුරු සඳහන් කරන්නේ නැතිව මේ කතාව සටහන් තබන ලෙසත්. අපි ඇයව නෙරංජි ලෙස නම් කරමු. ඇය ගම වශයෙන් කොළඹට කිට්ටු නගරයක් සඳහන් කළා ය. මගේ මිතුරිය පැවැසූ අයුරින්ම නෙරංජිගේ කතාව මෙසේ සටහන් කරමි.

නෙරංජි ඉතාලියට ඇවිත් දැන් අවුරුදු අටක් විතර වෙනවා. එයාගේ අක්කා තමයි එයාව ඉතාලියට ගෙන්න ගෙන තිබුණේ. නෙරංජි ගොඩක් අඩු වයසෙන් විවාහවෙලා තියෙන්නේ. මෙහෙට එනකොට අවුරුදු විසිතුනක් විතර ඇති. අවුරුදු දෙකක දුවක් හිටියා. දුව නෙරංජිගෙ අම්මා ළඟ තියලයි එයා ඇවිත් හිටියේ.

නෙරංජි ඇවිත් ටික කාලෙකින් හොඳ රැකියාවක් ලැබුණා. එයා කිරිල්ලියක් වගේ සතුටින් තමයි හිටියේ. නෙරංජි කොහොමත් ලස්සන කෙනෙක්. ඔහොම ටික දවසක් යනකොට නෙරංජිගේ අක්කගේ ගෙදර එක එක රණ්ඩු සරුවල් ඇති වුණා. මම ඒ පවුලට කිට්ටුවෙන් හිටි නිසා මට ඒවා රහසක් උණේ නෑ....


අන්තිමේ නෙරංජිගේ අක්කා නෙරංජිට හොඳටම ගහලා ගෙදරින් එලවලා. පස්සේ එයාගේ අක්කම මට කිව්වා නෙරංජි අක්කගේ සැමියා එක්ක සම්බන්ධයක් තිබිලා ඒක එයාගේ අතටම අහුවුණා කියලා.

නෙරංජි එතැනින් ගිහින් නැවතිලා තිබ්බේ එයා මගදි අඳුනගත්ත පිරිමි කෙනෙක්ගේ ගෙදර. ඒ කෙනාත් විවාහ වෙලා දරුවොත් එක්කම ඉතාලියේම ඉන්න කෙනෙක්. එතනත් එයාට වැඩි කලක් ඉන්න වුණේ නෑ.... ඒ ගෙදර පිරිමියා එක්කත් අයුතු සම්බන්ධයක් ඇතිවුණා කියලා ඒ පුද්ගලයාගේ බිරිඳ නෙරංජිට ගහලා බැණලා එලවගෙන තිබුණා.

කාලයක් ඔහොම ගියා. ඔය අතරේ තමයි ආයෙත් හදිසියේ රෝහලක දී එයාව මට මුණගැහුණේ. එදා තමයි නෙරංජි එයාගේ හැමදෙයක්ම මට කීවේ. දෙවෙනි ගෙදරිනුත් එලෙව්වට පස්සේ එයාට යන්න තැනක් තිබිලා නෑ... එයාගේ රස්සාවත් නැතිවෙලා. පාරෙදි හමුවුණු පිරිමි කෙනෙක් එක්ක නෙරංජි ඒ කෙනාගේ එපාර්ට්මන්ට් එකට ගිහින් තියෙනවා.

ඒ කෙනත් එක්ක කාලයක් ඉද්දී අර අක්කගේ මහත්තයා මෙයා හොයාගෙන ඇවිත් ආයෙත් සම්බන්ධ වෙන්න උත්සහ කරලා තියෙනවා. නෙරංජි ඒකට කැමැති වෙලා නෑ.... ඒකට මෙයාගෙන් පළිගන්න හිතුව මස්සිනා කරලා තියෙන්නේ ලංකාවේ ඉන්න නෙරංජිගේ සැමියාට නෙරංජි ගැන හැම විස්තරයක්ම කියලා.


මේ වගේ ඇත්ත නැත්ත හොයලා බලපු සැමියා නෙරංජිට විරුද්ධව දික්කසාද නඩුවක් දාලා. නෙරංජි ලංකාවට ගිහින් කැමත්තෙන්ම වෙන්වෙලා ආපහු ඉතාලි ආවත් එයා එක්ක පස්සේ එකට හිටපු කෙනා එයා බාරගන්න කැමති වෙලා නෑ.....

නෙරංජිගේ තිබ්බ ලොකුම අඩුපාඩුව තමයි එයා පිරිමි අය කෙරේ දක්වන අධික කැමැත්ත. කඩවසම් පිරිමියෙක් දැක්කම ඒ කෙනාව අඩුම ගාණේ එයාගේ මිතුරෙක් හරි කරගන්න එයාට ඕන වුණා.

ඒකෙනා කැමැති නම් එයා එක්ක දිගින් දිටගම සම්බන්ධකම් පවත්වන්න පවා අකමැති වුණේ නෑ..... නෙරංජි කියන්නේ එයා හෙව්වේ ආදරේ කියලා. හැබැයි ඒ දුර්ගුණය ඇරුණම නෙරංජි කියන්නේ හරිම හිත හොඳ ගෑනියෙක්.

එයා ආදරේ හෙව්වා. සතුට හෙව්වා. එයාට විනෝදෙන් ජීවත් වෙන්න ඕණෙ වුණා. ඒ ඇරෙන්න අතේ තිබ්බ අන්තිම සතේ වුණත් අනිත් අය වෙනුවෙන් කැප කරන කවදාවත් අනුන්ගේ දේවල් හොයන්නේ නැති ගොඩක් මනුස්සකම් තිබ්බ ගෑනියෙක් නෙරංජි. කාගේ හරි දුකක් කරදරයක් වුණාම හැමෝටම ඉස්සර වෙලා උදව් කරන්නේ නෙරංජි කිසිම වාසියක් බලාගෙන නෙවෙයි. නෙරංජි මටත් ගොඩක් උදව් කරලා තියෙනවා. මගේ බබාලා දෙන්න බලාගන්න පවා එයා මට ගොඩක් උපකාර කළා.

එයා අතින් අතට ගිහින් තිබ්බේ හරිම පුදුම විදියට. සමහර පිරිමින්ගේ ගෑනු නෙරංජි හොයාගෙන ඇවිත් මෙයාට ගහලා ගිහිනුත් තිබ්බා. හැබැයි, ඒ කිසිම කෙනෙක් එක්ක නෙරංජි රණ්ඩුවට ගිහින් නෑ.... නෙරංජිගේ පිරිමි ඇසුර සීමාවක් තිබ්බේ නෑ..... ලංකාවට ගිය අතරේ හදිසියේ හමුවුණු සංචාරක මග පෙන්වන්නෙක් සමගත් එයා දවසක් ගතකරලා තිබ්බා "ඌ හරි හැන්ඩියා බන් මම එයා එක්කත් දවසක්ම හිටියා....." කියලා නෙරංජි හිනා වුණා.

ඔය අතරෙදී එක තරුණ පිරිමි කෙනෙක් එක්ක නෙරංජිගේ කිට්ටු ආශ්‍රයක් ඇතිවෙලා තියෙනවා. එයා නෙරංජිව විවාහ කරගන්නවා කියලා පෙරොන්දු වුණ නිසා ඇය ඒ පුද්ගලයා එක්ක එක නිවසක ජීවත් වෙන්න පටන් අරන්. නෙරංජිටත් ඒ වෙනකොට විවාහයක වටිනාකම දැනුණු නිසා එයාලගේ ගෙවල්වල අයටත් මේ පුද්ගලයාව අඳුන්වලා දීලා විවාහයට ලෑස්ති වෙලා තියෙනවා.

විවාහ වෙන්න කලින් නෙරංජි හදිසියේ ලංකාවට ගිහින් එන අතරේ දී මේ පුද්ගලයා තවත් කාන්තාවක් ඔහුගේ නිවසට කැඳවාගෙන ඇවිත්. නෙරංජි එනකොටත් ඒ කාන්තාව ඒ නිවස ඇතුළේ හිටියලු. නෙරංජි වහාම එතනින් පිටවෙලා වෙනත් යෙහෙළියක් ළඟට ගිහින්.


පස්සේ ආරංචි වුණාලු අර පුද්ගලයාත් විනෝදයට කාන්තාවන් ඇසුරු කරන ලංකාවේ විවාහක පවුලක් තියෙන කෙනෙක් කියලා.

මෙහෙම ටික දවසක් ගවෛන කොට නෙරංජි අසනීප වෙන්න අරන්. සාමාන්‍ය බෙහෙත් කරලා සුව නොවෙන නිසා රෝහල් ගත කළාමයි හොයන් තියෙන්නේ නෙරංජිට දරුණු සමාජ රෝගයක් කියලා. මේ වෙනකොට ඒ අසනීපේ සුව කරන්න පුළුවන් සීමාව පැනලා කියලයි වෛද්‍යවරු කියන්නේ."ඒ රෝගය පස්සේ කාලෙක එයාගේ ස්නායුවලටත් මොළේටත් බලපානවලු."

නෙරංජි දන්නවා එයා තව ගොඩක් කල් ජීවත් වෙන්නේ නෑ කියලා. එයා බෙහෙත් බොනවට වඩා කරන්නේ මත්පැන් බොන එකයි සිගරට් බොන එකයි. එයාගේ අක්කත් දැන් නෙරංජිත් එක්ක තරහක් නෑ..... ඒත් අක්කට බෑ නෙරංජිව ළඟට අරන් එයාට සලකන්න ඇගේ සැමියගේ ක්‍රියා කළාපයන් නිසා.

නෙරංජි දැන් එයාගේ දුව ගැනයි දුක් වෙන්නේ. අක්කගේ කකුල් අල්ලලා වැඳ වැඳ කියනවා "අනේ අක්කේ මගේ කෙල්ල බලාගන්න. මට වුණ දේ එයාට වෙන්න දෙන්න එපා.." කියලා. අපි හැමෝටම නෙරංජි ගැන දුකයි. මේක එයාගේ ඉරණම ද? එහෙමත් නැතිනම් නෙරංජිම ජීවිතේ වරද්ද ගත්තද? කියලා කියන්න මට තේරෙන්නේ නෑ....

-ලක්මිණි වෙදමුල්ල-


Gossip Lanka News

*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Nodutu Lokaya