Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: නිළි පෙම්වතිය ගැබ් ගැනීමෙන් ප්‍රංශ ජනපතිට වැඩ වරදින ලකුණු

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

නිළි පෙම්වතිය ගැබ් ගැනීමෙන් ප්‍රංශ ජනපතිට වැඩ වරදින ලකුණු

rash

ප්‍රංශ ජනපති
හා නිළි ජූලීගේ
පළහිලව්වේ
නවතම තතු......

පසුගිය සතිඅන්තයේ ප්‍රංශයේ ජනාධිපති ප්‍රන්ශුවා ඔලොන්දේ මහතාගේ සහකාරිය වූ වැලරි ට්‍රේයිවෙයිලර් හදිසියේ රෝහල් ගත කරන ලදී. රෝහල් ආරංචි  මාර්ග වලට අනුව  ඇය සාමාන්‍ය වෛද්‍ය පරීක්ෂණ කිහිපයකට යොමුකර ඇති අතර ඇයට විවේක සුවය අවශ්‍ය බව වෛද්‍යවරු පවසති.

මේ අතරතුර පසුගිය ජනවාරි 10 වෙනි සිකුරාදා ඉතාලියේ මොන්ඩාඩෝරී මාධ්‍ය සමාගමේ  ආයෝජනය  යටතේ ප්‍රංශයේ පළවන ක්ලෝසර් නම් සඟරාව  මගින් ප්‍රංශ ජනාධිපති හා ප්‍රංශයේ ජනප්‍රිය සුරූපී නිළියක් වූ ප්‍රංශ ජාතික "ජූලී ගායෙට්" අතර අනියම් සබඳකමක්  ඇති බව කියමින් විවිධ ඡායාරූප , ස්ථාන හා වේලාවන් සමග ආන්දෝලනාත්මක පිටු හතකින් සමන්විත හෙළි කිරීමක් ප්‍රංශ ජන සමාජයට ඉදිරිපත් කළේ ය.

වර්තමාන ප්‍රංශ ජනාධිපති සහකාරිය  රෝහල්ගත වීමට එය එක් මානසික හේතුවක් වීමට ඉඩ  ඇති බව සමහරක් දේශපාලන විචාරකයන්ගේ මතය වේ. ඒ සම්බන්ධව මේ දිනවල  ප්‍රංශ මාධ්‍ය තුළ විවිධ කතා පැතිරෙමින් වාද විවාද සිදුවෙමින් එය සාමාන්‍ය ජනයා අතරටද පැමිණ ඇත්තේ ය.

ඒ සමගම ඉහත සඟරාවේ හෙළි කිරීම ගැන ප්‍රකාශයක් කරන ප්‍රංශ ජනාධිපතිවරයා, එම කතාව අරභයා තමා විසින් නීත්‍යානුකූල පියවරකට එළඹෙන බවත් තමා ජනාධිපති වුවද , අනෙක් අය මෙන් සාමාන්‍ය මිනිසෙක් බවත් කෙනෙකුගේ පුද්ගලික ජීවිතය තව කෙනෙකුට අවහිරයක් නොවන බවත්  කියා සිටියේ ය.

ඉහත සඟරාවේ හෙළි කිරීම සත්‍යයක්ද? යන්න ප්‍රංශ මාධ්‍ය ලෝකයේ ප්‍රශ්න කිරීමට ලක්ව ඇත්තේ ය. එසේ නමුදු සාමාන්‍ය ප්‍රංශ ජනතාව තුළ ඒ සම්බන්ධව  එතරම් උනන්දුවක් දක්නට නොමැත. එයට හේතුව ප්‍රංශය යනු ආදරයේ උල්පත් හිමි කරගත් රටක් බැවිනි.

කෙසේ නමුදු ඉහත සඟරාව හෙළි කළ කරුණු වලට අනුව වර්තමාන ප්‍රංශ ජනාධිපති හෙළි නොකළ සමහරක් දිනයන්හි රාත්‍රී කාලයේ ස්කූටරයක නැගී ඉහත ස්ථාන  කරා ගිය ඡායාරූප පළ කරමින් ඉහත ප්‍රේම කතාව සවිස්තරව ඉදිරිපත් කර ඇත්තේ ය. එසේ වුවද මෙම සිදුවීම් ජනාධිපතිවරණයට පෙරද? පසුද? යන්න හරි හැටි පැහැදිලි කර නැත්තේ ය.

වර්තමාන ප්‍රංශ ජනාධිපතිට එම තනතුර හිමි වීමට ප්‍රථම බොහෝ  විට ගමන් බිමන් යෑමට යොදා ගත්තේ ස්කූටරයයි. ඔහු ස්කූටරයෙන් ගමන් යෑමට ප්‍රිය කරන්නෙකි. මේ දක්වා ප්‍රංශ ජනාධිපතිවරයා අවිවාහකයෙකි. නමුත් සිව්දරු පියෙකි.

මින් පෙර 2007 දී සමාජවාදී පක්ෂයෙන් ජනාධිපති තරගයට තරග කළ සෙගොලොන් රෝයල් ඔහුගේ ප්‍රථම සහකාරිය වේ. ඇගෙන් වෙන් වූ  ඔහු දැනට ජනප්‍රිය පැරී මැච් ප්‍රංශ සඟරාවේ මාධ්‍යවේදිනියක් වූ වැලරි ට්‍රේයිවෙයිලර් සමග ජීවත් වෙයි. කෙසේ නමුදු ප්‍රංශ සුරූපී නිළිය ජූලී ගායෙට් පදිංචි පැරිස් කලාප අංක 08හි සර්ක් නම් පාරේ අංක 20 හි පිහිටි ඇගේ නිවස පිහිටි පරිශ්‍රය මේ දිනවල පැපරාසියන්ගෙන් පිරී ඉතිරී ඇත්තේ ය.


-Sunil Ananda-


*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Nodutu Lokaya