Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: බාලවයස්කාර විවාහයක තවත් කඳුළු කතාවක්

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

බාලවයස්කාර විවාහයක තවත් කඳුළු කතාවක්

rash

එදා දැනුණු
වෙදනාව
මතක් වෙද්දී
අදටත් මට 
බයක් දැනෙනවා....

ලන්ඩන් නුවර වෙසෙන අලෙම්ත්ෂායේ ගබේරිකිඩාන් 38 හැවිරිදි වියේ පසුවන සුබසාධන සේවිකාවකි. ළමා විවාහයන්ට එරෙහිව කටයුතු කරන ඇය ළමා විවාහ නිසා ජීවිත අඳුරු වූ පිරිස වෙනුවෙන්ද සුබසාධන ව්‍යාපෘති දියත් කරන්නීය. ඒ වෙනුවෙන්ම වෙන් වූ සුබසාධන පදනමක්ද ඇගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වේ. 

අලෙම්ත්ෂාගේ ළමා විවාහයක ආදීනව අත්දැකීමෙන්ම හඳුනන්නියකි. ඉතියෝපියාවේ උපන් ඇය මනාලියක වූයේ වයස අවුරුදු 10ක කුඩා දැරියකව සිටියදී ය. මංගල යෝජනාව පිළිබඳ දැනුම් දීමට ඇගේ මව ඇය නිවස තුළට කැඳවද්දී ද අලෙම්ෂායේ හිටියේ සම වයසේ දරුවන් සමග මිදු‍ලේ සෙල්ලම් කරමිනි.



"මට හිතාගන්න බැරි වුණා. ඒත් මට ඒ යෝජනාවට එරෙහි වෙන්න තරම් බලයක්වත් දැනුමක්වත් තිබුණෙ නැහැ. යෝජනාව ලැබිලා මාස දෙකක් ගත වෙද්දී මගේ විවාහය සිද්ධ වුණා. මගේ මනාලයාව මම ඇස් දෙකට දැක්කෙත් ඒ දවසෙදිම තමයි. ඔහුට එතකොට වයස අවුරුදු 16යි. අපි දෙන්නාගේම පාසල් ගමන වගේම සෙල්ලමෙන් ගෙවුණ ළමා කාලයත් එතැනින් ඉවර වුණා."

අලෙම්ත්ෂාගේ ඒ අඳුරු මතකය සිහිපත් කරන්නී ය. එතැන් පටන් අලෙම්ත්ෂාගේ මෙන්ම ඇගේ ළමා ස්වාමියාද සාමාන්‍යය ඉතියෝපියානු පවුලක් ලෙස වෙනමම ජීවිතයක් ඇරඹී ය. ඇයට වයස අවුරුදු 13ක් වෙද්දී අලෙම්ෂායේ සිඟිති පුතකුගේ මවක් වූවා ය. දරුවා කුස දරා සිටීම මෙන්ම ඔහු මෙලොවට බිහි කිරීම ද  අලෙම්ත්ෂා අද පවා සිහිපත් කරන්නේ බියත් වේදනාවත් සමගිනි.

ඒ ඉතියෝපියාවේ සිවිල් යුද්ධය ක්‍රියාත්මක වූ කාලයයි. අලෙම්ත්ෂායේගේ සැමියා ද යුද්ධයට ගියේ ය. ඔහුට නැවත පණ පිටින් අලෙම්ත්ෂායේ වෙත එන්නට වාසනාවක් නොවී ය. දරුවා සමග වැන්දඹුවක ලෙස තනි වූ දහහතර හැවිරිදි අලෙම්ත්ෂායේ ජීවත් වීම වෙනුවෙන් නිවෙස්වල මෙහෙකාර සේවයේ යෙදුණා ය.

ඇය ලන්ඩන් නුවරට පැමිණියේද එලෙස මෙහෙකාරකම් කළ ආරාබි පවුලක් සමගිනි. දැන් ඇගේ පුතු 25 හැවිරිදි ය. කිසිදා ළමා විවාහයකට ඇතුළත් නොවන ලෙස තමා පුතු දැනුවත් කළ බව කියන අලෙම්ත්ෂායේ ළමා විවාහ වැඩි වශයෙන් සිදුවන ඉන්දියාව, ඉතියෝපියාව, නයිජීරියාව ආදී රටවල දරුවන් එම උවදුරෙන් බේරා ගැනීම වෙනුවෙන් දිවිහිමියෙන් ක්‍රියා කරන බවට ද ප්‍රතිඥා දෙන්නී ය.

සමාජය විසින් සොරා ගත් සිය ළමා විය වෙනුවෙන් තමාට කළ හැකි සාධාරණය එයම පමණක් බව අලෙම්ත්ෂායේ පවසන්නේ කඳුළු පිරි දෙනෙතිනි.


*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Nodutu Lokaya