Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: නිළි උමාලිට ජිවිතේ වැරදුණු හැටි

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

නිළි උමාලිට ජිවිතේ වැරදුණු හැටි

rash

මොනවා
වෙයිද කියලා
බැඳලම තමයි
බලන්න ඕනේ..... 

පසුගිය දිනවල බොහෝ දෙනාගේ කතාබහට ලක් වූ ලාංකීය යොවුන් නිළි "උමාලි තිලකරත්න" ඇය සිනමාව පිළිබදව සරසවි අධ්‍යාපනය ලබන්නේ ජපානයේ ටෝකියෝවේ පිහිටි නිනොන් විශ්ව විද්‍යාලයෙනි.

පසුගිය වසරේ ඇය ජපන් සිනමාපටයකට ද රංගනයෙන් දායකත්වය ලබා දුන්නා. මේ වනවිට එය තිරගත වී හමාරය. උමාලිගේ පෙම්වතා ලංකාවේ සිටින ජනප්‍රිය යොවුන් නළුවකු වූසාරංග දිසාසේකර බව කවුරුත් දැන් හොදින් දන්නා කරුණකි.ජපානයටවී අධ්‍යාපනය ලැබූ ඇය දැන් ලංකාවට පැමිණ සිටිනවා. පසුගියදා රීදී රැයක් ප්‍රසංගයේ දී ඇය සාරංග හා එක්ව අපුරු නර්තනයක් ද ඉදිරිපත් කරනු ලැබුවා. ඉතින් උමාලිගේ වත්මන් තොරතුරු පිළිබදවත්, ඇගේ කලා කටයුතු මෙන්ම ආදරය ගැනත් ඇය පැවසුවේ මෙලෙසිනි.


"ලංකාවට රිදී රැයක් එක හේතුවක්. රිදී රැයක් ප්‍රසංගයේ ඒ මගේ පළමුවැනි අත්දැකීම. ඒක බොහොම සුවිශේෂී වුණා... තවත් වැඩකටයුතු කීපයක්මත් තිබුණා. අනිත් එක ජනවාරි පළමුවැනිදා ගෙදර ඉන්න ඕනෑ කියලා මට හිතුණා.

මේ දවස්වල ගීතයක් වෙනුවෙන් වෙහෙසනවා. මම ලියපු මගේ තනුවකට මම ගීතයක් නිර්මාණය කළා. 'උදාර දන්දෙණිය' තමයි සංගීතයෙන් උදවු කළේ. මියුසික් වීඩියෝවේ කොටසක් ජපානෙදි රූගත කරලා ආවේ. ඉතුරු ටික ගිහින් රූගත කරනවා.

පහුගිය කාලේ විවේකයක් තිබුණෙ නැහැනේ. මම ලංකාවෙ හිටියෙත් නෑනේ... ඒත් ඉගෙන ගත්ත දෙයින් ප්‍රයෝජනයක් නොගෙන ඉන්න බෑනේ. ඒ නිසා අවස්ථාවක් හදාගෙන ආයෙමත් ඒ ගැන හිතන්න හිතුවා.

නිළියක් වෙලා ගායන හැකියාවට වැරැද්දක් කර ගත්තේ නෑ.... හැකියාවට වැරැද්දක් වුණේ නෑ... අධ්‍යාපන කටයුතු නිසා ටිකක් මඟ හැරුණා... ඒ හැම දේකටම වඩා ගීතයක් නිර්මාණය කරනවා නම් අද කාලේ හැටියට අපි වියදම් කරලා කරන්න ඕනෑනේ... මගේ අධ්‍යාපන කටයුතු ගැන තාම හොයල බලන්නේ අම්මලානේ... මට ගීතයක් වෙනුවෙන් අම්මලට කරදර කරන්න හිතුණෙ නෑ.......

පුංචි කාලේ නම් නිළියක් වෙන්න නම් තුන් හිතකින් වත් හිතුවෙ නෑ... මම හිතාගෙන හිටියේ මනෝ විද්‍යාව හදාරලා ඒ පැත්තෙන් ඉදිරියට යන ගමන් තාත්තාගේ ව්‍යාපාරවලට සම්බන්ධ වෙන්න.


මම උසස් පෙළට විද්‍යාව කළේ. ඉන්දියාවේ වෛද්‍ය විද්‍යාලයකට යන්න හැමදේම ලෑස්ති කරලා තියෙද්දි තමයි මට මාස්ටර් (ප්‍රේමසිරි කේමදාස) හම්බ වුණේ. මම ඒ වෙලාවෙ තීරණය කළා වෛද්‍යවරියක් වෙන එක පැත්තකින් තියල සංගීතය හදාරන්න.

මට වැරැද්දක් වුණේ නෑනේ. ඒ නිසා ඒ ගත්ත තීරණේ හරි කියල හිතෙනවා. නිළියක් වුණේ නම් අහම්බයකින්. මම කවදත් නිළිකම ඔළුවෙ තියාගෙන හිටියෙ නෑ... ඒ නිසා මට වැරැදුණේ නෑ.


විදෙස් ගත වීමත් එක්ක රංගනයට ආරාධනා අඩු වුණේ නෑ... ඒත් මට බාරගන්න පුළුවන්කමක් තිබුණේ නෑ... මොකද මට නිතරම ෂූටින්වලට ලංකාවට එන්න බෑනේ.

ජනප්‍රියම කාලේ අවස්ථාවන් මඟහැර ගැනීම රංගන ජීවිතේට වැරැද්දක් කියලා හිතුනේ නෑ... රඟපාන්න ඒ ගැන දැනුමක්, හැදෑරීමක් තියෙන්න ඕනෑ නේ... මේ දවස්වල මම කරන්නේ ඒ කාර්යයනේ... ලංකාව සම්බන්ධ දේවල්වල දි මට කතා කරනවා... ජපානයේ රූපවාහිනී වැඩසටහන්වලට සහභාගී වෙනවා. ඒක ජනප්‍රියත්වය නිසා වෙන දෙයක්ද කියලා හරියටම කියන්න බෑ.....


අධ්‍යාපන කටයුතු නිමා කරලා ලංකාවට එන්න නම් ලබන අවුරුද්ද වෙනකන් ඉවසන් ඉන්න වෙනවා.
ජීවිතේ ආපස්සට හැරිලා බලන විට වැරැදුණු තැන් අඩුයි. වැඩිපුර තියෙන්නේ හරිගිය තැන්. වැරැදුණා කියල මම ඒ ගැන හිත හිත තැවි තැවී ඉන්න කෙනෙක් නෙවෙයි. ඒක ජීවිතේට අත්දැකීමක්. එච්චරයි. අවංකව හුඟාක් විශ්වාසයෙන් මිනිස්සු ආශ්‍රය කරන්න ගිහින් තමයි වැරැදුණේ.

ජීවිතේ වෙනසක් වෙන දවසත් වැඩි ඈතක නම් නෙවෙයි ඒත් තවම ඒක ගැන සැලසුම් කරනවා. ජීවිතේ බෙදාගන්න තෝරාගත්තු හරිම කෙනා එයා. මං හිතනවා ඒ හරිම කෙනා තමයි කියලා. ඒ නිසා අනාගතයට වැරැද්දක් වෙන්නේ නැති වෙයි කියල මම හිතනවා... ඒත් මොනවා වෙයිද කියලා බැඳලම තමයි බලන්න ඕනෑ.....


මගේ පෙම්වතා ගැන දන්න අය දන්නවා... නොදන්න අයට හරි වෙලාව ආවම කියනවා විවාහයෙන් පස්සේ රංගනයට වැරැද්දක් වෙන්නේ නෑ... විවාහ වුණා කියලා රංගනයෙන් ඉවත් වෙන්නෙ නෑ...."

සාරංග ගයන "සුභ නිමිත්ත" ගීතයේ රූප රචනය වෙනුවෙන් පෙනී සින්නේද සාරංග හා උමාලියි. එම වීඩියෝව පහතින්. 





*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Nodutu Lokaya