Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: මේනකාගේ දුරදිග ගිය යාළුකම ආදරයකින් නතර වෙලා

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

මේනකාගේ දුරදිග ගිය යාළුකම ආදරයකින් නතර වෙලා

rash

මම එදා එක
දිගට පැය
හයකටත්
වඩා ඇඬුවා....

රංඟනයට මෙන්ම නර්තනයට එක හා සමාන දක්ෂතා ඇති ඇය ඉතා ජනප්‍රිය නිළියක්, මල් දෙවට, මොණරතැන්න, වැහිළිහිණි‍ , සිඳංගනාවෝ යන නාට්‍ය වල ඉතා දක්ෂ ලෙස රඟනයෙන් දායක වූ ඇය අද ආලින්දය හැඩ ගන්වන ඇය ඔබ කවුරුත් හොදින් දන්නා මේනකා පීරිස් ය.

පසුගිය දා පවතී රාජ්‍ය සම්මාන උළලේදී ඇය හොඳම රංගන ශිල්පිනිය විදියට රූපවාහිනි රාජ්‍ය සම්මානය ලබාගත්ත වෙලාවේ ඇයට දැනුණු සතුට වචනවලට හරවගන්න බැරි කියාගන්න බැරි සතුටක් බවයි මේනකා නම් පැවසුවේ. ඒ සතුට ඇයට වගේම පවුලේ අයටත් ඒ විදිහටම දැනුනලු. ඉතින් මේනකා පසුගිය දිනක සිය රසිකයන්ටත් දැනගනු පිණිස ඇගේ ජිවිතයේ සොදුරු මතකයන් රැසක් හෙළි කළේ මෙලෙසිනි.

"පිරිමි ළමයෙක් පිළිබඳ විශේෂ ආකර්ෂණයක් ඇති වෙද්දී මට අවුරුදු 19ක් 20ක් විතර ඇති. මගේ හොඳම යාළුවෙක් මට කැමැතියි කියලා කිව්වා. ඒ වෙලාවේ මටත් කැමැත්තක් ඇති වුණා. ඒක ටිකක් දුරදිග ගියත් දවස් දෙක තුනකින් ඒ සම්බන්ධය නැති වුණා. යාළුවෙක් පිළිබඳ ඇති වුණ විශේෂ හැඟීමක් විතරයි.

මට තවම පෙම්වතෙක් නෑ... දැන් මට වයස 24යි. අඩුම තරමේ මේ අවුරුද්දෙවත් බලමු.


මට සත්තු පිළිකුල් නෑ..... ඒත් අල්ලන්න අකැමැතියි. මගේ ඇඟ හිරි වැටෙනවා. සත්තු අල්ලනවා හරි අඩුයි. ඒත් මම උන්ට ආදරෙයි. ඈත ඉඳන් බලන්න ආසයි. ඒත් අල්ලන්න නම් අකැමැතියි.

දැනට අවුරුදු 5කට විතර කලින් රෑ 12ට විතර අපේ ගෙදරට හොරු පැන්නා. එදා දවසේ මම පුදුම විදියට බය වුණා. පහුවදා උදේ 6ත් පහුවෙනකල් එක දිගට පැය හයකටත් වඩා මම එදා ඇඬුවා. ඒ බය මගේ ජීවිතේට තාමත් ඇවිල්ලා නෑ...... එන්නත් එපා.

ස්ත්‍රීත්වය කරදරයක් කියලා මට දැනිලා නෑ. .. ස්ත්‍රීත්වය කියන්නේ හරි උතුම් දෙයක්. ඒ උතුම් දේ රැකගන්න අපි දැනගන්න ඕන.

බැනුම් අහන්නෙම අම්මාගෙන් තමයි. අම්මාගෙන් බැනුම් ඇහුවේ නැත්නම් කෑවේ නෑ වගේ දැනෙනවා. අම්මා තමයි මට ඇඳුම් තෝරන්නේ. ඉතින් මම එයා තෝරන ඇඳුම්වල අඩුපාඩු කිව්වම තමන්ට ඕන එකක් ගන්නෙත් නෑ..... ගෙනල්ලා දුන්නම ඇදකුද හොයනවා කියලා හොඳටම බැනුම්.

සැබෑවුණ සුන්දරම හීනය, රාජ්‍ය සම්මාන උළෙලේ දී හොඳම නිළිය සම්මානය හිමිවීම. මේ ක්‍ෂේත්‍රයට ආවම අනිවාර්යයෙන්ම අපේ හිතේ කොනක උපදින හීනයක්. ඒ හීනේ සැබෑ වුණා."









*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Nodutu Lokaya