Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: වන්ෂොට් නිසා නළු රංජන් කැපෙන කැපිල්ල

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

වන්ෂොට් නිසා නළු රංජන් කැපෙන කැපිල්ල

rash

"වන්ෂොට්" 
මෙතනට ආවේ 
කොහොමද?
කියලා අහලයි
මට බනින්නේ....

දිල්ලි සිනමා උළෙ‍ලේ දී ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටය සම්මානයට පාත්‍ර වුණා. මේ පිළිබඳ මාධ්‍ය හමුවක් ජාතික චිත්‍රපට සංස්ථාවේදී පැවැත් වුණා. ඒ වගේම එම අවස්ථාවට "රන්ජන් රාමනායක" නම් දක්ෂ රංගන ශිල්පියා පැමිණ සිටියා. "ශ්‍රී සිද්ධාර්ථ ගෞතම" චිත්‍රපටයේ රංජන් රාමනායක රංගවේදියා සුද්ධෝධන රජුගේ චරිතයට පණ පෙව් අතරම ඔහුගේ වෙහෙස මහන්සියෙන් හැඩ වුණු චිත්‍රපටයක් සඳහා සම්මාන ලැබිම පිළිබඳ නිහතමානී ආඩම්බරයක් ද ඔහුගේ මුහුණේ ඒ අවස්ථාවේ රැදී තිබුණා. ඔහුගේ මුහුණේ වූ අපූර්ව නිහතමානී සිනාවක් සමගම මාධ්‍ය හමුවක් හා එක්වෙමින් රංජන් ඔහුගේ ගමනාන්තය මේ තාක් කාලයක් සාර්ථකව කරගෙන ආ නමුත් ඔහු ඔහුට වැදුණු ගල් මුල් ගැන කියා සිටියේ මෙලෙසිනි.


"මගේ ජීවිතේ සාමාන්‍ය පරිදි ගෙවීගෙන යනවා. මගේ අලුත්ම චිත්‍රපටය "මායා" එය මගේ ජීවිතේට විශේෂයි. අර්ධ පිරිමි සහ ගැහැණු චරිතයක් තමයි මම ඒ චිත්‍රපටයේ රඟපාන්නේ. මේක හරි ලස්සන චිත්‍රපටයක් වේවි. මෑතකදී ඉන්දියාවේ රූගත කිරීම්වලට ගිහින් අවේ. මම ඒ වගේ චරිතයක් රඟපාන්න හිතුවේ මේ වගේ චරිත ඉතා වෙනස් චරිත නිසා. ඉතින් ඔයවගේ චරිත තුළ තියෙන ගොඩක් දේවල් අති විශේෂයි.

ශ්‍රී ගෞතම චිත්‍රපටය සම්මානයට පාත්‍ර වුණත්, චිත්‍රපටයේ මම රඟපාපු ගොඩක් කොටස් නැහැ. මේ චිත්‍රපටයේ රඟපෑවට පස්සේ ගොඩක් මිනිස්සු මට බැන්නා. ඒත් ඒ බැන්නේ මම රඟපෑවා හොඳ නැහැ කියලා ‍නෙවෙයි, "වන්ෂොට්" මෙතනට ආවේ කොහොමද කියලා අහලයි මට බැන්නේ. දේශපාලන පක්ෂ ඉලක්ක කරගෙන මම රඟපෑව සමහර කොටස් අයින් කරලා තිබුණා.

ඉතින් රඟපාපු කොටස් අයින් කළාම මට හානියක් තමයි. මම ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයේ රඟපාන්න අත්තිකාරම් මුදල් ගත්තට පස්සේවත් හිතුවේ නැහැ මේ චිත්‍රපටයේ මම ඉඳීවි කියලා.


මම සමහර චිත්‍රපටවල අත්තිකාරම් මුදල් අරගත්තටත් පස්සේ මාව ඒ චිත්‍රපටයෙන් මෙයට පෙරත් අයින් කරලා තියෙනවා. සමහර චිත්‍රපටවල රඟපෑවට පස්සේ ගිහින් බලද් දී මම ඒ චිත්‍රපටයේ නැතිවෙලා තියෙනවා. අන්න එහෙම ඒවා තමයි ඉතින් මට වෙන්නේ.

මේ අසාධාරනකම් ගැන මම කතා කරලා තියෙනවා. ගොඩක් කලාකරුවන් තමන්ගේ දුක් ගැනවිලි ඇවිත් කියන්නේ මට. මම පාර්ලිමේන්තුවේදී ඒ පිළිබඳ ඕනෙතරම් කතා කරලා තියෙනවා. කලාව වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී හැම වෙලාවෙකම හඬක් අවදි කරලා තියෙන්නේ මම විතරයි.



මගේ මාමා විජය කුමාරතුංග. ඔහු නළුවෙක්. අති දක්ෂ සුවිශේෂී නළුවෙක්. නමුත් ඔහු දේශපාලනය කළා. මිනිස්සු වෙනුවෙන් කැප වුණා. මම මේ යන දේශපාලන ගමන අහිංසක මිනිසුන් වෙනුවෙන් තාඩනයට, පීඩනයට අසුවෙන අහිංසක මිනිසුන් වෙනුවෙන්.


මම දේශපාලකයෙක් නිසාම සමහර රූපවාහිනී නාලිකා වසර අටකින් මගේ සම්මුඛ සාකච්ඡා සඳහා කතා කරලා නැහැ. මගේ චිත්‍රපට ගණනාවක් තිරගත වුණා. ඒත් සිනමාව සම්බන්ධ පත්තර එකක්වත් මගේ ඡායාරූපයක් කවරයක ගිහින් නැහැ. නමුත් මිනිසුන් වෙනුවෙන් දේශපාලකයකු ලෙස කැප වෙන්න හැකි වීම ගැන පුදුමාකාර සතුටක් තියෙනවා."


*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Nodutu Lokaya