Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: පියුමි බෝත්ජු දේශපාලනයට?

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

පියුමි බෝත්ජු දේශපාලනයට?

rash

මම ඒ 
වාසනාවට
පයින් 
ගහන්නේ නෑ.....

මේ වන විට රසිකයන් බොහෝ පිරිසකගේ ආදරය ලබන "පියුමි ශානිකා බොතේජු" හිරු නාළිකාව හරහා විකාශනය වුණ "එක් ටැම් ගේ" ටෙලි නිර්මාණයේ දී බෙහෙවින් ජනප්‍රියත්වයට පත් වුණි. එහෙත් පසුගිය කාලය පුරාවටම ඇය ටෙලි නිර්මාණ තුළින් වැඩිපුර දකින්න නොලැබුණි. ඒ ගැන විමසු අවස්තාවක දී පියුමි පවසා තිබුණේ ටෙලි නිර්මාණ කීපයකට සහභාගි වු නමුත් විශාල නිර්මාණ සංඛ්‍යාවකට දායක නොවුණු බවත් ය.

ඒ නිර්මාණ අතුරින් මේ දිනවල ඇය රඟපාන "දිය මත ලියමි" ටෙලි නාට්‍ය විකාශය වෙනවා. පසුගිය දිනවල පියුමි චිත්‍රපට කීපයකම රූපගත කිරීම්වලට ද සහභාගි වී ඇත. ඉතින් ඒ තොරතුරු පිළිබදවත්, ඇගේ පුද්ගලික තොරතුරු මෙන්ම අදවන විට නළු, නිළියන් රැසක් දේශපාලනයට එක් වී සිටින නිසාවෙන්ම පියුමිත් දේශපාලනයට එක් වනවාද යන්න පිළිබදව අප සටහන් තබන්නේ මෙලෙසිනි.

පියුමි දායක වූ චිත්‍රපට.
"සුදේශ් වසන්ත පීරිස්ගේ "රන්ජා", සනත් අබේසේකරගේ "සිරි දළදා ගමනය", ජනිත මාරසිංහගේ "මගේ යාලු මාළු", දිනේෂ් ප්‍රියසාද්ගේ "ඔළුව ජපන් කඳ ජර්මන්" සිවගුරු නාදන්ගේ "කෝමාර්ක් නෝමාර්ක්" වැනි චිත්‍රපට කීපයකටම මම රංගනයෙන් දායක වුණා.

ඇත්තට ම මම ගොඩක් සතුටු වුණා "සිරි දළදා ගමනය" චිත්‍රපටයට මට ආරාධනා කිරීම ගැන. මම සනත් අබේසේකරගේ "මහින්දාගමනය" චිත්‍රපටය නරඹලා තිබුණා. ඒ නිසා මම විශ්වාස කරනව "සිරි දළදා ගමනය" චිත්‍රපටයත් හොඳ චිත්‍රපටයක් වේවි කියලා.


"සිරි දළදා ගමනය" බෞද්ධ තේමාවක් මත නිර්මාණය වුණු චිත්‍රපටයක් නිසා මෙහි මම රඟපෑවේ ඉතාම ආශාවෙන්. ප්‍රේක්ෂකයින්ටත් මෙය හොඳ අත්දැකීමක් වේවි. ඒ මොකද, මෙවැනි ඓතිහාසික සිදුවීම් අපි අහල තියෙන්නේ කතන්දර ලෙසයි. ඒවා සිනමා නිර්මාණයක් ලෙස දකින්න ලැබීම ප්‍රේක්ෂකයින්ටත් විශාල භාග්‍යයක්."

පබා ටෙලිනාට්‍යයෙන් "හිමාලි" ලෙස පියුමි ලද ජනප්‍රියත්වය.
"එළියට බැස්සාම මගේ ජනප්‍රියත්වය හොඳට පේනවා. මගේ තිබුණු ජනප්‍රියත්වයේ අඩුවක් තියෙනව කියල මට නම් දැනෙන්නේ නෑ......"

වර්තමානයේ දී කලාකරුවන් දේශපාලනයට සම්බන්ධ වෙනඑක ගැන පියුමිට හිතෙන දේ.
"ඒක ඒගොල්ලන්ගේ කැමැත්ත. දේශපාලනයට එන්න මගේ නම් කිසිම අදහසක් නෑ......"

පියුමි රංගනයට අයකරන මුදල.
"මම හිතන්නේ නෑ මම විශාල මුදලක් අය කරනවාය කියල. මම මුදල් පස්සෙ යන කෙනෙක් නෙමෙයි. මුදල ගැන පමණක්ම හිතල රඟපාන කෙනෙක් නෙමෙයි. නමුත් මගේ රංගන වටිනාකමට ගැළපෙන මුදලක් මම අය කරනවා. සමහර ටෙලිනාට්‍යවලට කතා කළාම ඔවුන් මට ලබාදෙන ඇඳුම් ආයිත්තම් මට ගැළපෙන්නේ නෑ..... ඒ නිසා ඒ ඇඳුම් මම මගේ පෞද්ගලික වියදමින් ගන්නවා.

රූපගත කිරීම්වලට මම යන්නේ මගේ වාහනයෙන්. මේ වියදම් ගැන හිතන විට ම‍ගේ රංගනයට ගෙවන මුදල කොහෙත්ම වැඩි නැහැ කියලයි මම හිතන්නේ. මම දැන් ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු 12 ක් විතර වෙනවා. අද ඊයේ ක්ෂේත්‍රයට ආව අය අතරත් මා වැනි මුදලක් අය කරන අය ඉන්නවා. ඒ නිසා මම කොහෙත්ම හිතන්නේ නෑ රංගනයන් සඳහා මම අය කරන මුදල වැඩියි කියලා.

රංගනයෙන් ඉවත් වෙන්න කොහෙත්ම අදහසක් නෑ..... රංගනය පහසු දෙයක් නෙමෙයි. මේ ක්ෂේත්‍රයට එන්න පහසු නැහැ. පහසුවෙන් ආවත් මේ ක්ෂේත්‍රයේ රැඳී ඉන්න පහසු නෑ..... ඒකට දක්ෂතාව වගේ ම වාසනා ගුණයත් තියෙන්න ඕන. මගේ හැකියාව සහ වාසනාව දෙවියන්ගෙන් මට ලැබුණු දෙයක් කියලයි මම හිතන්නේ. මම ඒ වාසනාවට පයින් ගහන්නේ නෑ.

කලා ක්ෂේත්‍රය ගැන කලකිරීමක් ඇතිවුණු අවස්ථා තියෙනවා. සමහර නිෂ්පාදකවරුන් රඟපෑම නිසා අපට ලැබෙන්න ඕන මුදල, ගෙවන්නේ නැති වුණාම කලකිරුණු අවස්ථා තිබෙනවා. අපි අපේ ශ්‍රමය කාලය කැප කරල රූපගතකිරීම්වලට සහභාගි වුණා නම්, ඒ වෙනුවෙන් නියමිත මුදල අපිට ලැබෙන්න ඕන."

ඔබ ආගමට ලැදියි.
"මම ඕනෑම වැඩකට උදේ ගෙයින් පිටවෙන්නේ බුදුන් වැඳල බුද්ධ පූජාව තියලයි. සෑම සෙනසුරාදාම මම බෙල්ලන්විල පන්සලට යනවා. මේ දවස්වල මගේම කියල ගෙයක් හදාගෙන යනවා. ඒ ගෙයි ඉස්සර වෙලාම මම නිර්මාණය කළේ බුදු කුටිය. ඒ ආශිර්වාදය මගේ ජීවිතයට හැමදාම තියෙනවා."









*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Nodutu Lokaya