Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: මවක් අලුත උපන් බිළිදා මරා දාලා

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

මවක් අලුත උපන් බිළිදා මරා දාලා

rash

මව වැළලු
බිළිදාගේ මිනිය
බල්ලන්
කෑමට අරන්....

දරුවන් තිදෙනෙකුගේ මවක් වූ කාන්තාවක් තම කුස තුළ උපන් බිළිඳාඳ මරණයට පත්කර වළ දැමූ වරද පිළිගත් බැවින් ඇයට බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් හා රුපියල් දෙදහසක දඩයක්‌ කෑගල්ල මහාධිකරණ විනිසුරු "ගාමිණී අමරසේකර" මහතා පසුගිය 30 දා නියෝග කළේ ය.

මෙසේ දඬුවමට යටත් කරනු ලැබුවේ අවිස්‌සාවේල්ල බැලවාන අර්. ඩී. ශ්‍රියානි මංගලිකා නම් තිස්නව හැවිරිදි කාන්තාවකට ය. මීට වසර 7 කට පෙර එනම් 2007.2.1 දින සිට 2007.3.4 අතර කාලයේ දී සිදුකර ඇතැයි චෝදනා නගන මෙම චෝදිත විත්තිකාරිය අවිස්‌සාවේල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන රුවන්වැල්ල මහෙස්‌ත්‍රාත්වරයා ඉදිරියේ මූලික නඩු විභාග පවත්වා තිබුණි.

නීතිපතිවරයා විසින් ශ්‍රී ලංකා දණ්‌ඩ නීති සංග්‍රහයේ 296 වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක්‌ සිදුකළ බවට ගොනුකර තිබූ මෙම නඩුව අංක 2997/10 යටතේ කෑගල්ල මහාධිකරණයේදී පසුගිය 30 දා විභාගයට ගැනුණි.

චෝදිත විත්තිකාරිය වෙනුවෙන් රජයෙන් පත්කළ නීතිඥ "අරුණී හේමන්ති" මහාධිකරණය ඉදිරියේ කරුණු දක්‌වමින් චෝදිත විත්තිකාරිය මිනීමැරුමක්‌ නොවන සාවද්‍ය මරණය සඳහා වරද පිළිගැනීමට කැමති බව දැනුම් දීමෙන් පසු වැඩිදුර විභාගය අවලංගු කළ මහාධිකරණ විනිසුරුවරයා දඬුවම් නියම කිරීමට පෙර විත්තිකාරියට තවත් යමක්‌ කීමට ඇත්දැයි විමසී ය.

මෙහිදී රජයෙන් පත්කළ නීතිඥවරිය වූ අරුණි හේමන්ති මෙසේ පවසා තිබුණි.

"විත්තිකාරියට දරුවන් තිදෙනෙක්‌ සිටිනවා. ඔවුන් වයස 21, 18, සහ 12 වයසේ පසුවන අතර බාල පිරිමි දරුවා මේ වන විට සසුන් ගත වී සිටිනවා. විත්තිකාරියගේ විවාහක සැමියා 2001 වසරේ දී මිය ගොස්‌ තිබෙනවා. උපතේදීම දැඟලුවේ නැති ශබ්ද නොනැගු දරුවා මියගොස්‌ සිටි බවද ඇය ප්‍රකාශ කරනවා.


මෙම නඩුව සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් විත්තිකාරිය මේ වන විට වසර තුනකුත් මාස අටක්‌ රක්‍ෂිත බන්ධනාගාර ගතව සිටිනවා. පෙර වැරදි කිසිවක්‌ ලබා නොමැති ඇයට දරුවන් සමග නැවත සමාජයේ ජීවත්වීමට අධිකරණයේ සමාව හා අවම දඬුවමක්‌ ලබා දෙන ලෙසද ඉල්ලීමක්‌ කරනවා."

නීතිපතිවරයා වෙනුවෙන් නඩුව මෙහෙය වූ රජයේ අධිනීතිඥවරයා මහාධිකරණය අමතමින් රෙදි කඩක ඔතා ගෙවත්තේ වැසිකිළිය අසල වළදමා තිබූ මෙම බිළිදාගේ මළසිරුර සතුන් විසින් ගොඩට ඇද දමා තිබුණු බවත් එයින් නික්‌මෙන දුඟද පිළිබඳව අසල්වාසීන් පොලිසියට කළ දැනුම් දීමත් මත චෝදිත විත්තිකාරිය අත්අඩංගුවට ගෙන ඇති බවත් එසේ නොවන්නේ නම් මෙයද සැඟවුණු අපරාධයක්‌ විය හැකිව තිබුණු බවත් ඇය සමග බිළිදා සිටි බවටත් රෙදි පටියකින් ගෙල සිරකළ බවටත් පොලිසියට ලබාදුන් සාක්‍ෂිකරුවන් ගේ ප්‍රකාශවලින් පැවසෙනවා.

පශ්චාත් මරණ පරික්‍ෂණවලදී ගොඩගත් බිළිදාගේ ගෙලවටා රෙදි පටියක්‌ තිබූ බවද පැවසෙනවා. වළදැමූ ස්‌ථානය පොල්ලෙලි හා කුණුරොඩු දමා ගින්දර දැමූ බව ද විස්‌තර වන බවද ඇය අධිකරණයේ දී හෙළි කළේය.

ඉහත කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා චෝදිත විත්තිකාරියට වසර තුනක බරපතල වැඩ සහිත සිර දඩුවම් හා රුපියල් දෙදහසක දඩ මුදලක්‌ නියම කළ අතර දඩ මුදල නොගෙවන්නේ නම් තවත් අතිරේක මාස තුනක සිරදඬුවමක්‌ ද නියම කළේ ය.

පොලිස්‌ සැරයන් ධම්මික අවිස්‌සාවේල්ල පොලිසියේ සම්බන්ධීකරණ නිලධාරියා ලෙස කටයුතු කළේය


*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Nodutu Lokaya