Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: අනන්ගයාගේ පෙනුමට වශී වූ ප්‍රදීපාට වෙච්චි දේ

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

අනන්ගයාගේ පෙනුමට වශී වූ ප්‍රදීපාට වෙච්චි දේ

rash

මටත් නොදැනී 
ඔහු මාව
නැත්තටම
නැතිකළා.......

ප්‍රදීපාගේ පළමු විවාහය අසාර්ථක වුණේ ඇගේ සැමියා වෙනත් කාන්තාවක් සමග ඇති කර ගත් අනියම් සම්බන්ධයක් නිසයි. සැමියාගෙන් වෙන්වන විට ප්‍රදීපාගේ වයස අවුරුදු තිහයි. රැකියාවක් නොකරපු ප්‍රදීපා මැද පෙරදිග යන්න තීරණය කළේ මුදල් උපයා ගන්නට විතරක් නෙමේ. විවාහය බිඳීම නිසා ඇති වූ සිත් වේදනාව, ලජ්ජාව මේ හැම දෙයක්ම නිසා තමන් එතෙක් ජීවත් වූ පරිසරයෙන් ඈත් වෙන්නටත් ප්‍රදීපාට වුවමනාව තිබුණා.

කුවේට් රටට ගිය ප්‍රදීපාට සේවය කරන්න ලැබුණෙ කරදරවලින් තොර නිවසක්. ඒ නිසා නොකඩවා අවුරුදු පහක් ඒ නිවසේ වැඩ කරලා සෑහෙන මුදලකුත් උපයාගෙනයි ලංකාවට ආවෙ. ඊට පස්සෙත් තවත් දෙවතාවක්ම ඒ නිවසේම සේවය කළ ප්‍රදීපා ඊට පස්සෙ ලංකාවට ඇවිත් නැවත ගියේ නෑ..... ඒ වෙනකොට ප්‍රදීපාගෙ සහෝදර සහෝදරියො හැමදෙනාම විවාහ වෙලා. මහ ගෙදර ඉඩමෙ ප්‍රදීපා හදාගත්තු නිවසෙ ප්‍රදීපා හිටියෙ තනිවම.

ඇගේ ජීවිතයට යන කලදසාවක් ගැන හිතපු සහෝදරයො එකතු වෙලා ප්‍රදීපා ගැන මංගල යෝජනාවක් පත්තරේට දැම්මා. දැන්වීමට ගොඩක් ප්‍රතිචාර තිබුණා. ඒ අතරින් එක පළිතුරක් ගැන ප්‍රදීපාගෙ හිත ගියා. ඔහු ව්‍යාපාරිකයෙක්. ප්‍රදීපාගෙ වයසෙමයි. කලින් විවාහයෙන් මාස කීපයක් තුළ දික්කසාද වුණු කෙනෙක්.
ඔහු ප්‍රදීපාව බලන්න ආවා.

බොහොම ආචාරශීලී වැදගත් හැසිරීම් රටාවකින් යුතු ඔහු ගැන ප්‍රදීපාගෙ සහෝදරයන්ගෙ හිතේ ඇති වුණේත් පැහැදීමක්. ඔහුගෙ දෙමාපියොත් මේ විවාහයට කැමැත්ත පළ කර තිබුණා. අන්තිමේ ඒකම තීන්දු වුණා. මාස තුනක් වගේ කෙටි කාලයක් තුළදී ප්‍රදීපාගේත් සුසිල්ගේත් විවාහය සිද්ධ වුණා.


සුසිල් ප්‍රදීපාගේම නිවසේ පදිංචි වුණේ ඇය ඒ නිවසින් පිටව ඔහුගේ නිවසට යන්නට අකමැති වූ නිසයි. සියලු පහසුකම් සහිත ඔහුගේ දෙමහල් නිවසේ දෙමාපියන්ව පදිංචි කර තිබුණේ ගෙය නිකන් වසා තැබිමට නොහැකි නිසා බවයි සුසිල් කිව්වෙ.

සුසිල්ගේ ව්‍යාපාර තිබුණේ ඉතාම දුර බැහැර. ඔහු ඇඟලුම් කම්හලක වගේම තේ වත්තකද හිමිකරුවෙක්. ඒ සියල්ල පිහිටා තිබුණෙ නුවරඑළිය දිස්ත්‍රික්කයෙ. ඔහු මාසයකට වතාවක් එහි ගියේ සේවකයන්ගෙ පඩිනඩි බේරන්න බවයි ඔහු කිව්වෙ.

ඒවා බලා කියා ගන්න ඔහු නොහිටියට විශ්වාසවන්ත සේවකයා සිටින බව සුසිල් කිව්වම ප්‍රදීපාටත් දැනුණෙ සතුටක්. දින කිහිපයක් ඔහු නිවසින් පිටව සිටිනවට ඇය කැමති වුණේ නෑ..... ඒ වගේම ඇයත් එක්කරගෙන ඒ ගමන් යන්න ඔහු කැමති වුණෙත් නෑ......

"එහෙ ගිහින් ඔයාට ඉන්න බෑ...... ප්‍රදීපා එහේ හරිම සීතලයි..... ඔයා ගියත් ගෙයින් එළියටවත් බහින එකක් නෑ..... අනික කඳු හරියට. ගමනත් හරිම දුෂ්කරයි. ෆෝ වීල් වාහනේකින් වුණත් යන්නෙ අමාරුවෙන් තේ වත්තට නම් කන්දෙ පයින් සෑහෙන දුරක් ඇවිදගෙන යන්නත් තියනවා...."

සුසිල් මුලදිම එහෙම කියපු නිසා ප්‍රදීපා ඒ ගමන යන්න කොහෙත්ම උනන්දුවක් ගත්තෙ නෑ.... ගෙදර වියදම සේරම කළේ සුසිල්. හැම බඩුමුට්ටුවක්ම ගෙදරට ගෙනාවෙ සුපිරි වෙළෙඳසල්වලින්. කෑම බිම කිසිදේකින් අඩුවක් තිබුණෙ නෑ..... ඒ නිසා ප්‍රදීපාට තමන්ගෙ මුදල්වලින් සතයක්වත් වියදම් කරන්න අවශ්‍යතාවයක් තිබුණෙත් නෑ....

දවසක් ප්‍රදීපාගෙ නංගි ආවා ප්‍රදීපාව හම්බවෙන්න. එයාගෙ දරුවගෙ වැඩකට හදිස්සියෙ රුපියල් විසිපන්දාහක් ඉල්ල ගන්න.


"සුසිල් අයියා හිටිය නම් නංගිට එක පාරම පර්ස් එක ඇදල දෙයි. ඒත් එයා අද කොළඹ ගිහින් එන්න හැන්දෑ වෙනවා. මං මගෙ සල්ලිවලින් දෙන්නම්......" කියලා ප්‍රදීපා අල්මාරියෙ ලාච්චුව ඇරියා. ලාච්චුව ඇතුළෙ එක තැනක රුපියල් දහදාහෙ මිටි දහයක් ප්‍රදීපා තැන්පත් කරල තිබුණෙ ගොඩක් කාලෙක ඉඳල. ඒ මිටි දහයෙන් තුනයි තිබුණෙ. ප්‍රදීපාගෙ ඇස් දෙක උඩ ගියා.

ඒත් ඒක ගැන නංගිට කියන්න බැරි නිසා නංගි ඉල්ලපු විසිපන්දාහ එතන තිබුණු මුදලින් දීලා නංගි පිටත් කරල ඇරියා. ඊට පස්සෙ මුළු අල්මාරිය පුරාම හෙව්වත් සල්ලි තිබුණෙ නෑ..... ඒ වෙලාවෙම සුසිල්ට දුරකථන ඇමතුමක් දීලා මේ ගැන කිව්වා.

"ඔයා දන්නවානේ මම ඔයාගෙ අල්මාරිය අරින්නෙ නැති බව. ඒකෙ යතුර තියෙන්නෙත් ඔයා ළඟ නේද......? බලන්න ඔයා වෙන කොහෙ හරි දාලද කියලා. එහෙම නැත්නම් ඔයා නැති වෙලාවක කවුරු හරි අල්මාරිය කඩල ගත්තද දන්නෙත් නෑ......" 

සුසිල් කියන කතාවෙත් ඇත්තක් තියනවා. අල්මාරියෙ යතුරු කැරැල්ල ප්‍රදීපා හංගල තිබුණෙ. ඒක තියන තැනක් සුසිල් දන්නෙ නෑ. මේ ගැන ‍පොලීසියට පැමිණිලි කරමු කියලා ප්‍රදීපා කිව්වත් "ඔයාගෙ කැමැත්තක්. හැබැයි ඉතින් සැක කවුද කියලා ‍පොලීසියෙන් ඇහුවම ඔයා මොනවද කියන්නෙ....?" කියලා සුසිල් ඇහුවම ප්‍රදීපා නිකන් හිටියා.

ඒත් ඊට පස්සෙ තමන්ගෙ සල්ලි ගැන දිනපතා සොයා බලන්න ප්‍රදීපා තීරණය කළා. මේ වෙනකොට ප්‍රදීපාත් සුසිලුත් විවාහ වෙලා මාස තුනක් විතර ගතවෙලා. ඒ මාසෙ අන්තිම සතියෙත් පුරුදු විදිහට වත්තෙයි ෆැක්ටරි එකෙයි පඩි ගෙවන්න තියනව කියල සුසිල් උදේ රැයින්ම යන්න සූදානම් වුණා.

"අද රෑට මට එන්න බැරි වෙයි. හෙට උදෙන්ම එන්නම්..." කියාගෙනයි ඔහු පිටත් වුණේ. කලින් මුදල් නැතිවුණාට පස්සෙ තමන්ගෙ මුදල් වෙනම ලාච්චුවකයි තිබ්බෙ. මීට පෙර දවසකදි සුසිල් ඇයට ගෙනැවිත් දුන් රුපියල් පනස් දහසක මුදල සමග ඇගේ තවත් මුදලුත් එක්ක රුපියල් අසූදාහක් පමණ තබා තිබූ කුඩා ලාච්චුව ඇය හැර බැලුවා.


ඇගේ සර්වාංගයම සීතල වෙලා ගියේ ඒ කිසිදු මුදලක් නැති බව දුටු විටයි. ඇය මුළු අල්මාරියෙම ඇඳුම් පවා එකිනෙක පෙරළමින් මුදල් හෙව්වා. ඒත් අල්මාරියෙ කිසිදු තැනක එක රුපියලකවත් මුදලක් තිබුණෙ නෑ..... අවිශ්වාසෙට ඇය රන් ආභරණ තිබූ පෙට්ටිය ඇර බැලුවා. ඒක මුලුමනින්ම හිස්.

මැදපෙරදිග සිටි අවුරුදු ගණනාව තුළ උපයා ගත් මුදලින් ඇය ලක්ෂ පනහකට අධික රන් ආභරණ තොගයක් මිලදී ගෙන තිබුණ. ඒ කිසිවක් නෑ.... ප්‍රදීපා අසිහියෙන් වගේ කෑ ගසා හඬමින් සුසිල්ට දුරකථන ඇමතුමක් ගත්තත් ඔහුගේ ජංගම දුරකථනය ක්‍රියා විරහිත වී තිබුණා.

ඉන්පසු ඇය වහාම තම සහෝදරයන්ට මේ ගැන දැන්වුවම හැම දෙනාම කලබල වෙලා සුසිල්ගෙ මහගෙදරට පිටත්ව ගියා. ඒත් ඒ කියපු මහ ගෙදර කිසිකෙනෙක් සුසිල් කියලා කෙනෙක් ගැන දැනගෙනවත් හිටියෙ නෑ.... ඔහු කියූ තේ වත්ත, ඇඟලුම් කම්හල මේ හැමදෙයක්ම හොයල බලද්දි එහෙම දේවල් තිබුණෙත් නෑ......

මේ සියලුම දේවල් සුසිල් විසින් මවා පාන ලද මුසාවන් බවත්, ඔහු සොරෙකු බවත් වටහා ගන්න විට සියලු දේවල් සිදුවී හමාරයි. ඔහු කොයිතරම් සූක්ෂම ලෙස ප්‍රදීපාව වගේම ඇගේ සහෝදරයන්වද රවටා තිබුණද කිව්වොත් ඔහු පිළිබඳ කිසිදු ආකාරයක හෝඩුවාවක්වත් දැනගන්න ප්‍රදීපලාට හැකියාවක් තිබුණෙ නෑ.
අන්තිමේ බැංකුවේ තැන්පත් කර තිබූ මුදල් ඇරුණු කොට ගෙදර තිබූ සෑහෙන මුදලකුත් රන් ආභරණත් අහිමි කර ගන්නයි ප්‍රදීපාට සිද්ධ වුණේ. ‍

පොලීසියෙන් මේ ගැන සොයා බැලුවත් නැතත් සමාජයට මුහුණදීමේ හැකියාවක් ප්‍රදීපාට නොතිබුණු නිසා ප්‍රදීපා නැවත විදේශගත වුණා. ප්‍රදීපා මේ සිද්ධියට මුහුණ දීලා දැන් අවුරුදු ගණනාවක් ගත වෙලා. ඒත් තවමත් ඒ මතකය ඇයට රිදුම් දෙනවා. සුසිල් කවුද කියන එක තවමත් ඇයට අබිරහසක්!

-Indu Perera-


*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Nodutu Lokaya