Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: සභාපතිවරයා නවක මන්ත්‍රීනි ගෙදර යවයි

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

සභාපතිවරයා නවක මන්ත්‍රීනි ගෙදර යවයි

rash

ඔය ඇඳුම
ගලවලා
වෙන එකක්
ඇදන් එන්න....

අම්බලන්ගොඩ නගර සභාවේ පුරප්පාඩුව පැවැති නාගරික මන්ත්‍රීධූරයක් සඳහා ඊයේ (05) දිවුරුම් දීමට පැමිණි නවක මන්ත්‍රීවරියක් සභාවට සුදුසු ඇඳුමකින් සැරසී පැමිණ නොසිටීම හේතුවෙන්, එහි සිටි සභාපතිවරයාගේ නියෝගය මත නැවත නිවසට ගොස් සුදුසු ඇඳුමකින් සැරසී සභා ගැබට පැමිණ දිවුරුම් දුන්නා ය. 

එසේ දිවුරුම් දුන්නේ, "ජුවන්වඩු භාෂිණී මේනකා විජේසූරිය"නමැති මන්ත්‍රීවරියකි. හිටපු නාගරික මන්ත්‍රී "රාහුල ලලිත වික්‍රම" (එජනිස) සීමා සහිත අම්බලන්ගොඩ විවිධ සේවා සමූපකාර සමිතියේ  සභාපති ධූරයට පත් වී යාමෙන් පුරප්පාඩුව තිබූ මන්ත්‍රී ධූරය සඳහා ඒ ඇය දිවුරුම් දුන්නා ය.
භාෂිණී මේනකා විජේසූරියඊයේ දින දහවල් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පුරප්පාඩුව තිබූ නාගරික මන්ත්‍රී ධූරය සඳහා දිවුරුම් දීමට නගර සභා සභාපති නීතිඥ ඇම්.ඩබ්ලිව්.අරුණ ප්‍රදීප්ගේ නිල කාමරය වෙත පැමිණියා ය. මේ බව සැළ වූ වහාම සභාව මෙහෙයවමින් සිටි සභාපතිවරයා තාවකාලිකව සභාවේ කටයුතු උපසභාපති කමල් වැල්ලගේ මහතාට පවරා සිය නිල කාමරයට ගොස් ඇත.

ඔහු සිය නිල කාමරයට ගොස් විනාඩි කිහිපයකින් සභාවට පැමිණ සභාපති පුටුවේ හිඳගනිමින් එහි සිටි පිරිසට පවසා ඇත්තේ, භාෂිණී මන්ත්‍රීධූරයේ වැඩ භාර ගැනීමට පැමිණ තිබුණත් සුදුසු ඇඳුමකින් සැරසී නොසිටි බවයි. ඒ හේතුවෙන් සුදුසු සුදු පැහැති ඇඳුමකින් සැරසී නැවත පැමිණෙන ලෙස අවවාදකර යැවූ බව කීවේ ය. නවක මන්ත්‍රීවරියක් නිසා නොදැනීමෙන් එසේ වන්නට ඇති බවද හෙතෙම ප්‍රකාශ කළේය.

කෙසේ නමුත් ඇය පැය භාගයකට පමණ පසුව නැවත සුදු ඇඳුමකින් සැරසී සභා ගැබට පැමිණ දිවුරුම් දී නගර සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ධූරයේ වැඩ භාර ගත්තා ය.


*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Nodutu Lokaya