Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: ‍පොලිස් පරීක්ෂකවරියක් අහවල් වැඩේ බලෙන් කරගෙන

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

‍පොලිස් පරීක්ෂකවරියක් අහවල් වැඩේ බලෙන් කරගෙන

rash

පොලිස් පරීක්ෂකවරියක්
එක් දරු පියෙක්
පැහැරගෙනවිත්
අපයෝජනය කරලා.....

බිරිඳ සමග නිදියහනේ සිටි එක්දරු පියකු පැහැරගෙන ගොස් ලිංගික අතවරයක් කළ බවට කැලණිය ‍පොලිස් කොට්ඨාසයේ කාන්තා ‍පොලිස් පරීක්ෂකවරියකට එරෙහිව බස්නාහිර උතුර පළාත් භා නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලද පැමිණිල්ලක් සම්බන්ධව ඉකුත් දින (29) පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබුණි.

පොලිස් පරීක්ෂකවරිය තම සැමියාට මරණීය තර්ජනය කර ඔහුව පැහැරගෙන ගිය බවට බිරිය පෙරේදා (28) රාත්‍රී පෑලියගොඩ ‍පොලීසියට පැමිණිලක් ඉදිරිපත් කර ඇත. අදාළ පොලිස් පරීක්ෂකවරිය ත්‍රිරෝද රථයකින් පෙරේදා (28) පෙරවරුවේ පැහැරගෙන ගිය බව කියන එක්දරු පියාගේ නිවසට ගොස් තිබේ. ඒ වන විට එම  නිවසේ කාමරයක් තුළ ඔහු, බිරිය හා දරුවා සමග ඇඳ මත සිට ඇත.

පසුව නිවසට පැමිණි පොලිස් පරීක්ෂකවරිය ඔවුන් සිටි නිදන කාමරය වෙත ගොස් තමන් සමග යන්නට එන ලෙස එක්දරු පියාට පවසා තිබේ. එහි දී බහින්බස් වීමක්ද සිදු වී ඇති අතර පසුව ඔහුගේ මෝටර් රථයෙන්ම එක්දරු පියාත්, ‍පොලිස් පරීක්ෂකවරියත් වත්තල මුහුදු වෙරළට පැමිණ ඇත. එහිදී පොලිස් පරීක්ෂකවරිය අදාළ පුද්ගලයට ලිංගික අතවරක් සිදුකර තිබේ.

සැමියා නිවසට පැමිණීමෙන් පසු බිරිය ‍පොලිස් පරීක්ෂකවරිය කළ මරණීය තර්ජනය සම්බන්ධයෙන් ද සැමියා අතවරයට ලක් කිරීම සම්බන්ධයෙන් ද පෑලියගොඩ ‍පොලීසියට පැමිණිලි කර තිබේ.

අදාළ පොලිස් පරීක්ෂකවරිය ‍පොලිස් අධිකාරිවරයකුගේ ලේකම්වරියක ලෙස සේවය කරන අතර ඇය ලංකාවේ ප්‍රධාන පෙළේ ක්‍රීඩා ඉසව්වක විනිසුරුවරියක ලෙස කටයුතු කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර උතුර පළාත භාර නියෝජ්‍ය ‍පොලිස්පතිවරයාගේ උපදෙස් මත පරීක්ෂණ ආරම්භ කර ඇත.


*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Nodutu Lokaya