අවිශ්ක මගේ
ජිවිතේ
වටිනාම දේ
උදුරාගෙන මාව
ගණිකාවක් කරා....
වෙරළේ අනංගයා, එහෙම නැතහොත් වෙරළේ පෙම්වතා කිව්වොත් මා නිවැරදියි. මන්ද අද ඔන් ලයින් ෆස්ට් විසින් වෙරළේ කොල්ලොන් රඟපාන රැගුම් ගැන හෙළි කරන්න අවස්ථාවක් ලැබී තිබේ.වසර ගණනවක් තිස්සේ ගම්බඳ තරුණියන්ට වෙරළේ පෙම්වතුන් සොයා දෙන්නාවු අලූත් ලෝකය ගැන තොරතුරු රැසකි මේ.
ඇත්තම කිව්වොත් කෙල්ලෙක්ගේ ජිවිතය වෙනස් වෙන්න යන්නේ ඉතා සුළු කාලයක් බව හැඟුණේ ද එතැනිනි. එක්තරා කාන්තාවක් ඇගේ වත විකුණන් කන තත්ත්වයට පත් වී ඇත්තේ මීට මාස දෙකකට පමණ පෙරයි. අප විසින් ද ඒ කතාව දිග හරින්නේ මෙයින් සමාජ රැවටීම්වලට ලක් වන කාන්තාවන් බේරා ගැනීමට මිස ස්වයං වින්දනය කතා නොවන බව සටහනට පෙරාතුවම අවධාරණය කර සිටින්නෙමු.
සංසලා නම් වූ ඇය ඉතාම ගම්බදව ජිවත් වු තරුණියක්. කොළඹ ඇවිත් ගාමන්ට් එකේ රස්සාවක් කරන්නේ ලොකු හැකියාවක් තිබිලා නම් නෙමෙයි. වැඩ ඇරලා බෝඩිමට යන අතරවාරයේ පාරවල් වල ඉන්න කොල්ලො දිහානම් සංසලා බැලූවේ ගොඩක් බයෙන්.ඔහොම යනකොට කියන්න බැරි තරම් ලස්සන කොල්ලෙක් ඇය ළඟට ඇවිත් ඇයත් එක්ක කතා කළා.

"මේ... මට ඔයා එක්ක කතා කරන්න පුළුවන්ද....?"
ගමේ ගොඬේ හැදුණු නිසාද මන්ද මමත් ඔව් ඇයි? කියලා ඇහුවා..
"ඔයා හරි ලස්සනයි. මට ආසයි ඔයා එක්ක පොඞ්ඩක් කතා කරන්න...." මම බය වෙලා දුවන්න පටන් ගත්තා.
"මේ පොඞ්ඩක් ඉන්න. මට ප‍්‍රයිවඞ් කම්පැනි එකක මැනේජර් කෙනෙක්. මේ මගේ විසිඩින් කාඞ් එක." ආ.. මම එක අරන් බැලූවා. විස්තර හැම දෙයක්ම දලා තියෙනවා. දැක්කහමත් ලොකු තැනක කොල්ලෙක් වගේ. ලොකු ජොබ් එකක් කරනවා වගේ.
"ඕ.. අපි හෙට මෙතනදි හම්බ වෙමුද?" මම හා කියලා ඔළුව වනලා යන්න ගියා.. බෝඩිමට ගිහින් කල්පනා කලේ ඒ කතා කරපු කොල්ලා ගැනමයි. හෙට හම්බ වෙනවා කිව්ව නිසා අදින්න ලස්සන ඇඳුමකුත් මම ලැහැස්ති කරගෙන. වැඩට ගිය වෙලාවේ ඉදන් වැඩ ඇරෙන්නේ කියට ද කියලා බැලූවා මිසක් හරියට වැඩක් නම් මගේ අතින් වුණේ නෑ.....
හවස කිව්ව වගේ එයා ඇවිත් හිටියා. මට හරිම සතුටක් ආවා. විසිටින් කාඞ් නම තියෙන්නේ අවිශ්ක කියලා. අවිශ්ක හරිම ලස්සනයි. එයා හිටපු තැන මම නැවතිලා කතා කලා. අවිශ්ක මාව දැක්ක ගමන්, "අනේ අද ඔයා හරිම ලස්සනයිනේ...." කිව්වම මට හිතට මොකද්දෝ වුණා.
"අපි යමු ද? පොඞ්ඩක් කතා කරන්න..." අවිශ්ක මගෙන් ඇහුවා. මම හා කිව්වා. පාරේ යන ත‍්‍රිවිල් එකක් නවත්තලා මට නඟින්න කිව්වා. මාත් එකට නැඟලා. ඒ වුණාටම මගේ හිතට මොක්කෝ වගේ. මම අවිශ්කගෙන් ඇහුවා අපි මේ කොහෙද යන්නේ කියලා. අපි යන්නේ මුහුදට.. ෂා... නියමයි. අනේ මම හරිම ආසවෙන් හිටියේ... ත‍්‍රිවිල් එක මුහුද ලඟ පාර ගාව නැවත්තුවා. අවිශ්ක ත‍්‍රිවිල් එකෙන් බැහැලා පර්ස් එක ඇරලා සල්ලි දුන්නා.
අපි බීච් එකේ පොඞ්ඩක් ඇවිද්දා. ගොඩක් විස්තර කතා කලා. ඒ කතා වලින් අවිශ්ක ගොඩක් පොහොසත් තැනක දරුවෙක්. අනේ මන්දා මේවා හරි යාවිද කියලා. මට ඒ වේලාවේ හිතුණා. රැ වේගෙන එනකොට අවිශ්ක මට කිව්වා....
"අපි ආයේ හෙට හම්බ වෙමු. මට ඔයාව බලන්නේ නැතිව ඉන්න බැහැ. ඊයේ රැ නින්ද ගියෙත් නෑ.... මම ඔයාට ගොඩක් ආදරෙයි...." කියලා. අවිශ්ක ඒ විදිහට කියනකොට මට දරා ගන්න බැරි තරම් එයා ගැන ආදරයක් දැනුණා. මම බෝඩිමට ගියේ හිතේ දහසක් දේවල් මව මවා.
කිව්ව විදිහටම අවිශ්ක පහුව දවසෙත් ඇවිත් හිටියා මාව බලන්න. දැන් නම් මගේ හිතට මහා මෙරක් තරම් සතුටක් දැනුණා. අපි ඊළග දවසේ හම්බවෙලා කතා කරන දේවල් ගැන මම ගොඩක් හිතුවා. වැඩට යන්න ඉක්මනට එළිවෙනවානම් කොච්චර හොඳද කියලා මට හිතුණා.
අපි ඊලඟ දවසෙත් ආයෙමත් හම්බ වුණා. බීච් එකේ වෙනදා වගේනම් නෙමෙයි අවිශ්ක මාව උස්සලා වඩා ගත්තා. මිනිස්සු ගොඩක් ඉන්න තැන එහෙම කරන කොටනම් ටිකක් ලැජ්ජා හිතුණා. පස්සේ අපි ගියා බංකුවක වාඩි වෙලා හිටියා. අවිශ්ක මට කිව්වා, "නිදහසේ මට ඔයත් එක්ක ඉන්න ඕන අපි කොහට හරි යමුද? කවුරුත් නැති තැනකට. හෙට නිවාඩුවක් දානවාද? අනේ ප්ලිස්.... කෙල්ලේ..." මාත් ඉතිං ඒ කියපු විදිහට හා .... නොකියම බැරි වුණා...
අසනිප
වුණා කියලා මම ලෙඩ නිවාඩු දලා බෝඩිමේ කට්ටිය යනකල් හිටියා. පස්සේ ලැහැස්ති
වෙලා පාරට ගියා. අවිශ්ක ත‍්‍රිවිල් එකකින් මාව ගන්න ආවා. මට ත‍්‍රිවිල්
එකට නඟින්න කියලා අපි ගොඩක් දුර රෙස්ටුරන්ට් එකකට ආවා. කොල්ලෙක් කෙල්ලෙක්ව
කාමරේකට අරන් යන්නේ ලස්සන බලන්න නෙමෙයිනේ. මගේ ජිවිතේ ලස්සනම දේ අවිශ්ක
මගෙන් උදුරා ගත්තා.එදා ඉදලා අවිශ්ක ටික ටික වෙනස් වුණා. දවස් තුනකට පස්සේ අවිශ්ක ආවේ හරිම හදිස්සියෙන්. අවිශ්ක කිව්වා එයාගේ ගෙදර අය එයාට මැරි කරන්න කෙනෙක් හොයලාලූ.,
"අපේ සම්බන්ධය ගෙදරින් දැනගෙන. ලොකු ප‍්‍රශ්ණයක්. එයාලා ඔයාව හොයා ගෙන මෙහාට එවි. මං කියන්නද ඔයාව මං අපේ නැන්දා කෙනෙක්ගේ ගෙදර නවත්වන්නම්. ඔයා එහාට යන්න. එහේ ගොඩක් ගර්ල්ස්ලා ඉන්නවා. ඔයාට පරිස්සමින් ඉන්න පුළුවන්. මම ඔයාව බලන්න එන්නම්."
ඒ වෙලාවේ කලබලයට මාත් අවිශ්ක එක්ක යන්න ලැහැස්ති වුණා. ජිවිතේ මොන විදිහට මාව පරික්‍ෂා කරනවා ද කියලා මමවත් දන්නේ නෑ දෙවියනේ. අවිශ්ක මාව එයා කියපු නැන්දලාගේ ගෙදර නැවැත්තුවා. ඇත්තටම එහේ ගැහැණු ළමයි ගොඩක් හිටියා. ලස්සන ඇදුම් ඇඳලා තමයි ඒ අය හැම වෙලාවේම ඉන්නේ. දැක්කාහම ගොඩක් ආස හිතුණා.
එතනට
ඇවිත් දවස් 03 ක් ගිහිල්ලාත් අවිශ්ක මට කතා කලේ නෑ...... මම බයේ ගිහින්
අවිශ්කට කෝල් කලා. එයා කිව්වා ඔයා නැන්දා කියන විදිහට ඉන්න එයා එනකම්
කියලා. ඉතිං මම ෆොන් එක තියෙනවාත් එක්කම නැන්දා ඇවිත් මට කිව්වා. "අද පොඩි ගමනක් යමුද? මේ ඇඳුම ඇද ගන්නකෝ..." මම මුකුත් කිව්වේ නෑ.එක ගොඩක් ලස්සන ගවුමක්. ටිකක් කොටයි. ඒත් ලස්සනයි. මම එක ඇඳලා බැලූවා. හරිම ලස්සනයි.අපිට යන්න කාර් එකක ඇවිත් තිබ්බා. නැන්දායි මායි ඒ කාර් එකේ ලොකු හෝටල් එකකට ගියා. අපිට කන්න දීලා ටික වෙලාවකට පස්සේ නැන්දා මට කිව්වා පොඞ්ඩක් උඩට යමු කියලා. මාත් එයා එක්ක උඩ තට්ටුවට ගියා. පස්සේ එයා මට කාමරයක් පෙන්නලා කිව්වා. එයාගේ යාළුවෙක් ඉන්නවා පොඞ්ඩක් කතා කරලා එන්න කියලා. මට ටිකක් බය හිතුණා. මම ඇතුලට ගියා විතරයි දොර ඩඩස් ගාලා වැහුණා.
නාන කාමරෙන් තුවායක් ඇඳපු වයසක මනුස්සයෙක් එලියට ආවා. හායි. වාඩි වෙන්න. මම වාඩි වුණා. මෙන්න ඒ මිනිහා මාගේ ළඟට ආවා. මම හොඳටම බය වුණා. මාව අල්ලා ඉඹින්න ගත්තා. මම කෑ ගැහුවා. මම ගොඩක් බය වුණා.
ඒ මිනිහා මහා කැතයි. මට මතක් වෙනකොටත් අපිරියයි. කරන්න ඕනෑ හැම දේම ඒ වනචරයා මට කලා. ඌ මාව කෑවා. මට කොච්චර අමාරුද කිව්වොත් දවස් 02 ක් යනකම් මට නැගිට ගන්න පන නැති වුණා.
නැන්දා මට ගොඩක් ආදරෙන් කතා කලා. "මේ ඉන්නේ රත්තරන් කඳක්නේ......" මට තු විතරක් කියලා කියන්න හිතුණා.
"දැන් කෙල්ලේ අදනම් ඊට වඩා ලොකු අත්තක් තමයි මම ලැහැස්ති කලේ.. ගියොත් ලොකු ගණක් හම්බෙනවා......" මගේ අකමැත්ත උඩම නැන්දා මාව ලැහැස්ති කලා.
එදා ඉදන් අද වෙනකම් මාත් රවුමේ යනවා. සල්ලි හම්බෙනවා. ගෙදර අයට යනවා. ගෙදර අය මගේ සල්ලි වලින් ජිවත් වෙනවා. ඇත්තටම මාගේ ඇඟ විකුණන සල්ලි තමයි අපේ ගෙදර අය කන්නේ.
ගෙදර අය විතරක් නෙමෙයි අවිශ්කත් මගෙන් කන්නේ. මගේ ඇඟ එක්ක දවසකට කියක් නම් නිදියනවාද? මට වෙලා තියෙන්නේ මල මිනියක් වගේ කකුල් දෙක ඇත් කරගෙන ඉන්න. දැන් නම් මේ ජිවිතේ හොඳටම හුරුයි..
කතෘ සටහන- මෙය සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය වුවක් වන අතර මෙම කතාව ඔබ හමුවේ තැබිමෙන් අප බලාපොරොත්තු වනුයේ මේ වැනි දෑ සමාජය තුළ සිදුනොවන ආකාරයට පුද්ගලයන් හදුනාගැනිමට ඔබව දැනුවත් කරන අරමුණ පෙරදැරි කරගෙනය.
*************************************************************************************








