Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: මනාප ඉල්ලන නිළියන් ගැන කුරේගෙන් විග‍්‍රහයක්

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

මනාප ඉල්ලන නිළියන් ගැන කුරේගෙන් විග‍්‍රහයක්

rash

ජනතාවට ආදරේ
කරන හැටි
මීනි මරන
එකෙන්ම පේනවා....

දිනෙන් දින උණුසුම් වන මෙවර බස්නාහිර හා දකුණු පළාත් මැතිවරණයට තරඟ වැදීම සඳහා පසුගිය දිනයන්හී නිළියන් කිහිපදෙනෙක්ම නාම යෝජනා බාර දී තිබුණි.

ඉතින් මේ පිළිබදව ඇතැම් කලාකරුවන් හොද කියද්දී කලාකරුවන් අතරේ තවත් පිරිසක් එකහෙළාම ඔවුන්ගේ දේශපාලන ගමන පිළිබදව විවේචන ඉදිරිපත් කරනු ලැබුවා. කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු වන නළු "ටෙනිසන් කුරේ" ද ඉකුත් දින මේ පිළිබදව සිය අදහස් පල කර සිටියා. ඔහු එහිදී ජනතාවගෙන් ඉල්ලා සිටියේ නළු නිළියෝ වගේම අනෙක් අය ගැනත් විශ්වාසයක් නොතබන ලෙසයි.

"රටේ ජනතාවට සේවය කරන්න දේශපාලනේට එන්නම ඕන කියලා නීතියක් නෑ.මං දකින බොහෝ කලාකරුවෝ ඉන්නවා තමන්ගේ පෞද්ගලික දේපොළවලින් මිනිසුන්ට උදව් කරනවා. වහලක් නැති අයට වහලක් හදලා දෙනවා.ඒත් සමහරු දේශපාලනයට එන්නේ ලැබෙනවාට වඩා ලොකු මුදලක් දේශපාලනයෙන් ලැබෙන නිසා.

ඒ මුදලෙන් ලොකු සේවයක් කරන්න හිතන නිසා වෙන්න ඇති. කොච්චර ජනතාවට ආදරේද කියනවා නම් සමහරු ජනතාවට සේවය කරන්න මිනී මරනවා මං දැකලා තියෙනවා.

එහෙම බලය ගන්නෙ මොකටද? නළු නිළියෝ බුරුතුපිටින් එනවා. මං නම් කියන්නේ දේශපාලනයට එන ඔක්කොම නළුවෝ. 


ඒ නිසා නළු නිළියෝ නෙවෙයි කිසිම කෙනෙක් ගැන විශ්වාසය තියන්න එපා කියලා තමයි මට කියන්න තියෙන්නේ? හැමෝම එන්නේ රඟපාලා,ජනතාව රවට්ටලා, ගොනාට අන්දලා යන්න. නළු නිළියන් නාට්‍යවල සටන් කරලා දිනනවා වගේ ඇත්තම ජීවිතෙත් සටන් කරයි කියලා මිනිස්සු බලාගෙනම ඉන්නවා."

*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Nodutu Lokaya