Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: දැරියක් දරුවෙක් ප්‍රසූත කරයි

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

දැරියක් දරුවෙක් ප්‍රසූත කරයි

rash

මස්සිනා සමග 
කිහිප වතාවක්ම 
අඹු සැමියන්
ලෙස හැසිරිලා......

දාහතර හැවිරිදි දැරියක් විසින් දරුවෙක් ප‍්‍රසූත කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු බවට සැක කරන ඇගේ සහෝදරියගේ සැමියා අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල පොලිසිය පවසයි. දරු ප‍්‍රසුතිය සිදු කළ දැරියගේ ප‍්‍රකාශයෙන් මේ බව අනාවරණය වී ඇති අතර බාලවයස්කාර දැරියක් දුෂණය කිරිමේ චෝදනාව සැකකරුට එල්ල වී ඇතැයිද පොලිසිය පවසයි.

අදාළ දැරියගේ පියා අපරාධයක් සම්බන්ධයෙන් මේවන විටත් සිරගත කර සිටින අතර ඇගේ මව කොළඹ ප‍්‍රදේශයේ නිවසක සේවය කරයි. එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් මෙම සැකකරු දැරිය සමග අඹු සැමියන් ලෙස කීප වතාවක්ම හැසිරි ඇති බව පරික්ෂණවලදි අනාවරණය වී තිබේ.

එසේම ඈ සමාජයෙන් වසන් කරමින් නිවසේම තබාගෙන සිට ඇති අතර අගේ නිවසේදීම දරු ප‍්‍රසූතිය සිදුවීමෙන් පසු බාලවයස්කාර මව සහ දරුවා ප‍්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවිකාවගේ මැදිහත් වීමෙන් බණ්ඩාරවෙල ප‍්‍රාදේශිය රෝහලට රැගෙන යාමෙන් අනතුර දියතලාව මුලික රෝහලට යවා තිබේ.


දැනට ඔවුන් දෙදෙනා සුවසේ පසුවන බව දියතලාව වෛද්‍ය අධිකාරී වෛද්‍ය රංජිත් අමරකෝන් මහතා පවසයි. ඌව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප‍්‍රනාන්දු, බණ්ඩාරවෙල පොලිස් අධිකාරි බුද්ධික සිරිවර්ධන හා සහකාර පොලිස් අධිකාරි ධම්මික වීරසේකර යන මහත්වරුන්ගේ උපදෙස් මත බණ්ඩාරවෙල පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.


*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Nodutu Lokaya