Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: ලිංගික අල්ලස ඉල්ලු පද්මසිරි - නිළි ලක්ෂිකා ගැන කියයි

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

ලිංගික අල්ලස ඉල්ලු පද්මසිරි - නිළි ලක්ෂිකා ගැන කියයි

rash

මං වනචරයෙක් 
නම් ඇයි  
මාත් එක්ක ආවේ?
මාකට් එක
හදාගන්නද...?

පසු ගිය දා ටෙලි අධ්‍යක්ෂකවරයකු නැගීඑන  නිළියකගෙන් ලිංගික අල්ලසක් ගැනීමට තැත් කළ ආරංචිය මාධ්‍ය පුරා පැතිර ගියේ උණු කැවුම් විකිනේන්නාක් මෙනි. ඉතින් ඒ නිළිය වුයේ නිරූපිකාවක් ලෙස ජනප්‍රියත්වයට පත් වූ "ලක්ෂිකා" ය. අධ්‍යක්ෂකවරයා වන්නේ රටම හදුණන "පද්මසිරි කොඩිකාර" ය.

ලක්ෂිකා පසුගිය කාලය පුරාවටම ඇයට සිදු වූ දේ පිළිබදව මාධ්‍ය හමුවේ කරුණු ඉදිරිපත් කරමින් පවසා සිටියා ය. ඒ සෑම අවස්ථාවකම පද්මසිරි අදහස් දක්වනු ඇතැයි බොහෝ දෙනෙකු බලා සිටින්නට ද ඇත. ඉකුත් දින පුවත්පත් හමුවක් හා එක් වූ පද්මසිරි කොඩිකාර ඒ පිළිබදව මාධ්‍ය කළ විමසුමකට අදාළ සිදුවීම සම්බන්ධයෙන් ද ඔහු අතින් ලිංගික අල්ලස් ගැනීමට උත්සහ කළ බව කියන නිළි ලක්ෂිකා ජයවර්ධන පිළිබදව ද කරුණු රැසක් හෙළිකර සිටියේ මෙලෙසිනි.

අට වැනිදා මං හිටියේ නුවර. 11 වැනිදා කොළඹ ආවා. ඊට පස්සේ දිගටම කොළඹ ඉඳලා 15 තමයි අපි රන්මිහිතැන්නට ආවේ. දෙවැනි පාරටත් නම කැත වෙන විදියේ නැගුණු චෝදනාව ගැන සවිස්තරාත්මකව කියන්න ඕන.

ඔය ලක්‍ෂිකා කියන ළමයා මට ඕන වෙන්නෙ කෝරලේ මහත්තයා තුන්වැනි කතා මාලාවේ මුතු කියන චරිතයට. මගේ යාළුවෝ කිහිපදෙනෙක්ටම මං ඕක කියනවා. කිව්වට පස්සේ ගාමිණී සමරසිංහ 'දියණිය' පත්‍රයේ කර්තෘවරයා මට මේ ළමයාව එවනවා. පළමුවෙන්ම අපි කතා කරනවා සුදර්ශි එකේදී. එදා එයාගේ පින්තූර වගයක් පෙන්නුවා. හැබැයි ඇයගේ රඟපෑම් මං දැකලා නෑනේ.


සුදර්ශියේ දී මුණ ගැහුණු වෙලාවේ මං මෙයාව ප්‍රශ්න කළා. කවුද කොහොමද කියලා දැනගන්න ඕනනේ.... මං ඇහුවා ඔය ළමයාගේ ගම කොහේද කියලා. ගම්පහ පැත්තෙ ගමක් කිව්වා. දැන් කොහේද ඉන්නෙ කියලා මං ඇහුවා. කිරුළපන පැත්තෙ ලේන් එකක නමක් කිව්වා. ඉන්න තැන කොහොමද ඇහුවා. ඒක ලක්ෂරි එපාර්ට්මන්ට් එකක්. ෆුල් ෆර්නිචර් කරපු එකක්. රුපියල් තිස්පන්දාහක් කුලී ගෙවනවා කිව්වා.

හැබැයි එදා එයා සුදර්ශියට ආවේ ත්‍රීවීල් එකකින්. ඒ නිසා මං දැන ගත්තා මේක මෙයාගේ පවුල් පසුබිමෙන් ආව තත්ත්වයක් නෙවෙයි කියලා. එයා රුපියල් තිස්පන්දාහක් කුලී ගෙවනවා නම් අනිත් වියදම් බැලුවම අඩුම වශයෙන් වියදම රුපියල් 75,000ක් වත් වෙන්න ඕන.

පස්සේ මං ඇහුවා කවුරු හරි උදවු කරනවා නේද කියලා. මට ඇත්ත කියන්න නැත්නම් මේකට ගන්නෙ නෑ කියලා කිව්වා. ඊට පස්සෙ මට කිව්වා අර අයියා මට උදවු කරනවා කියලා. ඒ කිව්ව අයියා ප්‍රසිද්ධ චිත්‍රපට නිෂ්පාදකවරයෙක්. මං කිව්වා ළමයෝ ඕක මාත් එක්ක කිව්වට කමක් නෑ වෙන කාත් එක්කවත් කියන්න එපා කියලා.

චරිතයකට තෝරගනිද්දී ඒ වගේ පෞද්ගලික කාරණා හාරා ඇවිස්සීම අනිවාර්යයෙන්ම අවශ්‍යයි. ප්‍රසිද්ධ කෙනෙක් නම් මං ඒව අහන්නෙ නෑ..... මොකද අද ඉන්නවා නිළි වෘත්තිය මුදල් ඉපයීම සඳහා අවශ්‍ය ප්‍රසිද්ධිය ලබා ගන්න පාවිච්චි කරන පිරිසක්. ඒ වගේ ගැටලු කලිනුත් ඇති වෙලා තියෙනවා. ඒ නිසා මං තීරණයක් අරගෙන තියෙනවා අම්මාගේ තාත්තගේ ඉඳලා පසුබිම හොයලා බලන්න.

8 වැනිදා එහෙම මුණ ගැහීමක් වුණේ නෑ...... 14 වැනිදා තමයි සම්මුඛ පරීක්‍ෂණය යොදා ගත්තෙ. උදේ නවයට විතර මේ ළමයා ආවා. ඒ වෙලාවේ ශ්‍රී නිමල් පද්මකුමාරටයි මගේ ඒ.ඩීටයි මං කිව්වා ඇක්ට් කරන්න පුළුවන්ද බලන්න කියලා. ඒ කියලා මං ගියා වෙන වැඩකට. ගිහිල්ලා ඇවිත් මං ඇහුවා ශ්‍රී නිමල්ගෙන් කොහොමද කියලා. ශ්‍රී නිමල් කිව්වා උත්සාහ කරලා හදල ගන්න පුළුවන් කියලා.

මට ලක්ෂිකාව හම්බවුණේ දවස් තුනයි. පළමු වැනි දවසේ හඳුනාගෙන සාකච්ඡා කළා. දෙවැනි දවසේ සුදර්ශියට ඇවිත් ඉන්ටර්විව් කරලා පිටත් කළා. තුන්වැනි දවසේ රන්මිහිතැන්න මුහුරත් එකේදි මුණ ගැහුණා. එහෙම නැතිව කිසිම තැනක මට එයා මුණගැහිලා නෑ..... අඩුම තරමේ නියපොත්තකින් අල්ලලාවත්, අනවශ්‍ය විහිළුවක් කරලාවත් නෑ......"

පද්මසිරි, ලක්ෂිකාව හෝටලයකට අරගෙන ගියා කියන කතාව.
"අපි අවස්ථා කිහිපයකදීම හම්බ වුණානේ. ඇඳුම් මහන්න එහෙම ගියානේ. ඒ වෙලාවක අනවශ්‍ය දෙයක් වුණා නම් මම වනචර මිනිහෙක් කියලා තේරුණා නම් ඇයි මේකට ආවේ?

රන්මිහිතැන්නට යන දවසේ මම ඇයවමගේ වාහනයෙන් එක්කගෙන යන්න උත්සාහ කළා. මොකද රන්මිහිතැන්නෙ යන්න තිබුණේ මගේ කාර් එකයි, ප්‍රොඩක්ෂන් එකේ වාහනයයි විතරයි. වෑන් එකේ යන්න ඔක්කොම 14ක් විතර හිටියා. එතැනදි වෑන් එකේ යන පිරිස අඩුකරගන්න මම එක එක්කෙනාට කතා කරලා බැලුවා. එතැනදි තමයි ඔය ළමයාටත් කතා කරලා බැලුවේ."

ලක්‍ෂිකාට රඟපාන්න බෑ කියපු කතාව.
"තුන්වැනි දවසෙදි විතර අපි එයාගේ සීන් එකක් ෂූට් කරලා බැලුවා. එයාගේ දෙබස් උච්චාරණය සීන් එකට ගැළපුණේම නෑ....".

රඟපාන්න බෑ කියලා ඈත පළාතක ඉඳන් තනියම ඇයව හරවා එව්ව එක.
"තනියම ආවා කියනවනෙ. ඒකත් බොරුවක්. මං ඇයව භාර දුන්නේ මගේ වයිෆ්ට. වයිෆ්, නිලන්ති හීන්දෙණිය එක්ක ඇවිත් ලක්ෂිකාව බස් එකට ඇරලුවා."

පද්මසිරිට වූ අපහාසය.
"මං බෞද්ධයෙක්නේ. බුදුන්ටත් ගල් පෙරළුවා. චිංචිමානවිකාව දර මිටියක් බැඳගෙන ආවා. ඒ වගේ උත්තරීතර චරිතයකටත් අපහාස කෙරුවා නම් මම කවුද.....?

දැන් වෙලා තියෙන්නෙ නිළියන් නොවන පිරිසක් මාර්කට් එක හදාගන්න ඕන නිසා ක්‍ෂේත්‍රයට ඇවිත් මේ වගේ කැත වැඩ කරනවා. මූණ ප්‍රසිද්ධ කර ගන්න ඕන දෙයක් කරනවා."

රඟපෑමේ ආසාවෙන් එන ඒ වගේ ළමයින්ට අනිසි බලපෑම් කරන අධ්‍යක්‍ෂවරුන්.
"ඒක නම් කියන්න මම දන්නෙ නෑ...... මොකද මට කියන්න බෑ අනිත් අය ගැන. හැබැයි මං හිතන්නෙ නෑ අධ්‍යක්‍ෂවරු ඒ වගේ ජරා වැඩ කරන මිනිස්සු කියලා."






*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Nodutu Lokaya