Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: මැදි වියේ රියදුරා සිසුවිය කෙළසලා

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

මැදි වියේ රියදුරා සිසුවිය කෙළසලා

rash

වසර 4ක් තිස්සේ
අසභ්‍ය සේයා රූ
පෙන්වමින්
දැරියට හදි කරලා....

දොළොස් හැවිරිදි පාසල් දැරියකට වසර හතරක් මුළුල්ලේ අතවර කළ බවට අධිචෝදනා 03 ක්‌ ලත් අවුරුදු 65 ක්‌ වයසැති පාසල් වෑන් රියදුරකුට ගම්පහ මහාධිකරණ විනිසුරු පියසීලී වික්‍රමසිංහ මතුරට මහත්මිය බරපතල වැඩ ඇතිව අවුරුදු 07 බැගින් චෝදනා 03 ටම වසර 21 ක සිරදඩුවමක්‌ නියම කළා ය.

තවද රුපියල් 10,000 බැගින් චෝදනා 03 ටම රුපියල් 30,000 ක මුදලක්‌ද, දැරියට රුපියල් 75,000 ක වන්දියක්‌ද ගෙවන ලෙස සැකකරුට නියෝග කෙරිණි. මෙසේ සිරදඬුවම් ලැබුවේ වේයන්ගොඩ බමුණුආරච්චිගේ දොන් ධර්මසිරි නමැති හැටපස් හැවිරිදි රියදුරු ය. දඩමුදල් හා වන්දි මුදල් නොගෙවන්නේ නම් තවත් වසර 08 ක සිරදඬුවමක්‌ නියම කළා ය.

මෙම පාසල් වෑන් රියදුරු දැරිය පාසල් වෑන් රථයෙන් සිය නිවසට ගෙන ගොස්‌ දිනකට පැය එක හමාරක්‌ පමණ අසහ්‍ය ඡායාරූප පෙන්වා ඇති බවද අධිකරණයේ දී අනාවරණය විය.

මෙම සිර දඬුවම් එකවර ගෙවී යන සේද මහාධිකරණ විනිසුරුවරිය නියම කළාය. 2005 ජුනි 07 වැනිදා සිට පුරා වසර 04 ක පමණ කාලයක්‌ මෙම අතවරය සිදු කර ඇති බවට නීතිපතිවරයා විසින් මහාධිකරණයේ නඩුවක්‌ ගොනු කර තිබිණි.

පැමිණිල්ල රජයේ නීතීඥ උදාර කරුණාරත්න මහතා මෙහෙය වීය.


*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Nodutu Lokaya