Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: මිස් කෝල් පෙමින් ගොළු වූ ගැහැණියක්

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

මිස් කෝල් පෙමින් ගොළු වූ ගැහැණියක්

rash

එයා කසාද
බැඳලා
ඉන්දැද්දිම
වෙන ගර්ල් 
කෙනෙක්ට
සෙට් වුණා......

මංගලාගේ විවාහය බිඳී තිබුණේ ඇයගේ ගති පැවැතුම් සැමියාට ප්‍රිය නොවූ නිසාය. මංගලා නරක ගැහැනියක නොවේ. නමුත් පිටිසර ගමක උපන් මංගලාට නගරයේ ගත කළ ජීවිතය ගැළපුණේ නැත. සැමියා ඇයට හැමවිටම චෝදනා කළේ පිරිසක් ඉදිරියේ හැසිරෙන හැටි, කතාබහ කරන හැටි යන මේ කිසිවක් ගැන ඇයට අවබෝධයක් නැතැයි යනුවෙනි. ඒ අනුව නෑදෑ හිතමිතුරු පිරිස් පැමිණෙන විට නිවසේ සාලයට පැමිණීමද සැමියා ඇයට තහනම් කර තිබුණි.

තමුසෙ නම් හොඳ ගොඩේටම තමයි යනුවෙන් ඇගේ සුළු වැරදි අඩුපාඩුවල දී පවා සැමියා චෝදනා කළේ ය. මේ නිසා මංගලා දවසින් දවසම සැමියාගේ නිවසේ කොන් විය. ඔහුගේ දෙමාපියන්, සහෝදරියන් පවා මංගලා තඹ දොයිතුවකටවත් මායිම් කළේ නැත. ඔවුන් හැමදෙනාටම මංගලාව පෙනුණේ තැනට සුදුසු අයුරින් හැසිරෙන්නටවත් නොදත් 'අමුම අමු ගොඩයෙක්' ලෙසය.

කෙසේ හෝ ඇය එම විවාහයෙන් කලකට පසු එක් දරුවකු ද ලැබුවා ය. නමුත් සැමියාගේ වෙනස්කම් හමුවේ ඇයට, දරුවාට වයස අවුරුදු තුනේ දී පමණ එම විවාහයෙන් සමුගන්නට සිදු විය. ඒ වන විට මංගලා රැකියාවක් කළේ නැත. නමුත් විවාහය බිඳී ගිය පසු දරුවත් සමග ජීවත් වීමට ආදායම් මාර්ගයක් නොවූ නිසා ඇය ඇඟලුම් කම්හලක රැකියාවක් සොයා ගත්තා ය.

මේ වන විට මංගලාගේ වයස අවුරුදු විසිපහකි. එවැනි තරුණ අවධියක දී තනි වන්නට සිදුවීම ඇගේ සිතට විශාල පීඩාවක් දැන වූ කරුණක් විය. තමන්ටත්, දරුවාටත් කාගේ හෝ රැකවරණයක් අවශ්‍ය බව ඇයට අනේක වාරයක් හැඟී තිබිණි. නමුත් ඊට සුදුස්සෙකු හමු වී තිබුණේ නැත.


ඇයට ආරක්ෂක අංශයේ සේවය කරන තරුණයකු මුණ ගැසුණේ මේ අතරතුරදී ය. ඔවුන්ගේ දැන හඳුනාගැනීම සිදු වූයේ වැරදීමකින් ඇගේ ජංගම දුරකථනයට ඔහුගෙන් ලැබුණු ඇමතුමකිනි. මෙසේ අහඹු ලෙස දුරකථනය මගින් දැන හඳුනා ගත්තද ඔවුන් අතර හිතවත්කමක් ලියලා වැඩෙන්නට විය. කල් යත්ම මෙය ප්‍රේම සම්බන්ධයක් බවට පෙරළුණේ ඇගේ දරුවාත් සමගම ඇය භාර ගන්නට ඔහු කැමැත්ත පළ කළ හේතුවෙනි.

දිනක් ඇගළුම් කම්හ‍ලේ තේ විවේකයේ දී මිතුරියන් පිරිසක් තමන්ගේ සැමියන් පිළිබඳ කතාබහ කරමින් සිටිය දී මංගලා ද පසෙකින් හිඳ ඊට සවන් දුන්නා ය. ඇයට ඔවුන් හා අදහස් හුවමාරු කරගන්නට සැමියකු නොසිටි බැවින් ඇය කළේ නිහඬව ඔවුන්ගේ කතාබහට කන්දීම පමණි.  මේ අතර ඔවුහු ආරක්ෂක අංශයට සම්බන්ධ පිරිස් ගැන ද කතාබහ කළහ.

"මං දන්න කෙනෙක් ඉන්නවා. එයා කසාද බැඳලා ඉන්දැද්දිම වෙන ගර්ල් කෙනෙක් එක්ක සෙට් වුණා. ඊට පස්සේ වයිෆ්වයි, ළමයි දෙන්නවයි දාලා අර ගර්ල් එක්ක ගියා. පව් ඒ ‍පොඩි උන් දෙන්නා...." එක මිතුරියක කියද්දී මංගලා අසා සිටියේ සසල වූ හදවතිනි.

"ආ....පෝ මාත් දන්න කෙනෙක් ඉන්නවා එයත් ඒ වගේ තමයි....." තවත් මිතුරියක පවසනු මංගලාට ඇසුණේ සිහිනෙන් මෙනි.

හැම මිනිසෙක්ම නරක නැති බවටත්, හැම හොඳක්ම එක මිනිසෙක් ළඟ නොපවතින බවටත් කියමනක් ඇත. මේ දහම තේරුම් ගන්නට අ‍පොහොසත් වූ මංගලාට හැඟුණු එකම දෙය වූයේ ආරක්ෂක අංශවල සේවය කරන පිරිමින් හැම දෙනෙක්ම පාහේ අනියම් සම්බන්ධතා පවත්වන අය බවයි.

තමා කොයිතරම් වැරදිද? යන්න වටහා ගැනීමට තරම් මංගලා දැනුවත් වී සිටියේ නැත. ඇයට සිතුණේ තමාගේ පෙම්වතාත් විවාහකයකු විය හැකි බව ය. එසේ නොවෙයි නම් ඔහු තමා සමග විවාහ වීමෙන් පසු වෙනත් කාන්තාවක සමග අනියම් සම්බන්ධයක් ඇති කරගෙන තමා අතහැර දැමිය හැකි බවය. එවැන්නක් සිදු වුවහොත් තමා දෙවනවරටත් තනි වනු ඇත.

තේ වේලාව අවසන් විය. හිටි හැටියේම මංගලා ගොළු විණි. ඇය කොතෙක් කතා කරන්නට උත්සාහ කළත් තොල් සෙලවීම මිස එකදු වචනයක්වත් මුවින් පිටවූයේ නැත. කම්හ‍ලේ ඇගේ අංශ ප්‍රධානීන් පවා මෙයින් ඉමහත් බියට පත්වී මංගලා රෝහල්ගත කරනු ලැබිණි.

මුලින්ම ඇය යොමු කෙරුණේ රෝහ‍ලේ ස්නායු රෝග අංශයටය. එහෙත් එහිදී කරනු ලැබූ පරීක්ෂණ මගින් හෙළි වූයේ ඇයට කිසිදු ස්නායු ආබාධයක් නැති බවයි. ඉන්පසු වෛද්‍යවරුන්ගේ අනුමානය වූයේ උගුර හා සම්බන්ධ කිනම් හෝ රෝගයකින් ඇය පෙළෙන්නේය යන්නයි. පසුව එම අංශයට ඇය මාරු කරනු ලැබිය. එහිදී ස්වරාලය, ස්වර තන්තු ආදී සියල්ලම පරීක්ෂණ කරනු ලැබිණි. ඒවායෙහිද කිසිදු රෝග තත්ත්වයක් නොපැවතියේ ය.

මංගලාගේ කතාබහ නතර වීමට අදාළ කිසිදු කායික හේතුවක් නොමැති බව තහවුරු වූ පසු ඇය මානසික රෝග වාට්ටුවට මාරු කර තිබිණි. ඇගේ මේ හදිසි ව්‍යසනයට හේතුව මානසික ආබාධයක් බව ඇය පරීක්ෂා කළ මනෝ වෛද්‍යවරයාට පැහැදිලි විය.



මංගලාට වැළඳී තිබුණේ Dissociative aphonia නමින් හඳුන්වන මානසික ආබාධයයි. මෙය හදිසියේ ඇය තුළ හට ගත්තේ කෙසේදැයි අපි දැන් සොයා බලමු.

ආරක්ෂක අංශයේ සේවය කරන තමාගේ පෙම්වතාත් විවාහයෙන් පසු තමා හැර දමා යාවිදැයි යන බියමුසු සැකය සිතට ඇතුල් වීමෙන් පසු ඒ සම්බන්ධයෙන් ඇගේ යටි සිතේ ලොකු ගැටුමක් ඇති විය. එහිදී යටි සිතට අවශ්‍ය වන්නේ ඇය මේ තරුණයාගෙන් මුදවා ගැනීම ය. ඒ ඇය මුහුණ දී හිඳින මානසික ගැටුමෙන් ඇය මුදවාලීම සඳහා ය.

ඉන්පසු ඇයටත් නොදැනීම ඇගේ යටි සිත කළේ ඇය ගොළු බවට පත්කරලීම ය. එවිට ගොළු ගැහැනියක සමග විවාහ වීම  ප්‍රතික්ෂේප කර පෙම්වතා වෙන අතක් බලා ගනු ඇත. මංගලාට කතා කිරීමට අපහසු වීම ආරම්භ වීමට පෙර සිද්ධිය ඇය වෛද්‍යවරුනට විස්තර කළේ කඩදාසි කැබැල්ලක එය ලියා දීමෙනි.

ඉන්පසු ඇයට ඖෂධයක් විද නිදිමත ඒමට සලස්වා නිදිමත එන විට ගැටලුව ගැන විමසීමේ දී ඇය එය විස්තර කරන්නට පටන් ගත්තා ය. එවැනි අවස්ථාවකදී එය තවදුරටත් සඟවාගෙන හිඳීම රෝගියකුට කළ නොහැකි ය. ඉන්පසු ඇයට මනෝ චිකිත්සක ඖෂධ ප්‍රතිකාර ලබාදීමෙන් ඇගේ රෝගී තත්ත්වය සුව කළ හැකි වුණි.


-Indu Perera-


*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Nodutu Lokaya