Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: ජංගම සහයෙන් පුරයේ සැරිසරණ ගණිකාවන්

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

ජංගම සහයෙන් පුරයේ සැරිසරණ ගණිකාවන්

rash

සවස05 සිට 
Rs.1500ට
පහස දෙන
ගණිකාවන්......

අනුරාධපුර පැරණි පූජා නගරයේ දැනට මාස කිහිපයක සිට ගණිකා වෘත්තීය ව්‍යාප්ත වෙමින් පවතින බව අනුරාධපුර පැරණි නගරයේ ව්‍යාපාරික ජනතාව පෙන්වා දෙති. අනුරාධපුර මූලස්ථාන ‍පොලීසියේ විවිධ අංශ දීර්ඝ වශයෙන් ගණිකා වෘත්තියේ යෙදෙන්නන් අත්අඩංගුවට ගත් අතර, මේ වන විට නව ක්‍රමයක් උපයෝගී කර ගනිමින් කාන්තාවන් මෙම වෘත්තියේ යෙදෙන බව ද ඔවුන් පෙන්වා දෙති.

අනුරාධපුර පැරණි පූජා නගරය තුළ මෙම වෘත්තිය යළි හිස එසවීම හේතුවෙන් බොහෝ පිරිසක් දැඩි අපහසුතාවට පත්ව සිටින බවද ඔවුහු පවසති. අනුරාධපුර මාර්කට් පෙදෙසේ සතොස වෙළෙඳසල ඉදිරිපිට පිහිටි ‍පොදු වෙළෙඳ සංකීර්ණයේ ඉදිරිපිටට සවස 05.00 පමණ වන විට පැමිණෙන මෙම කාන්තාවන් ගැනුම්කරුවන් පැමිණෙන තුරු බලා සිටින

බවත් එම කතුන්ට ගනුදෙනුකරුවන් සොයා දීම සඳහා වෙනම ත්‍රිරෝද රථ කණ්ඩායමක් පුරයේ ක්‍රියාත්මක වන බවද ව්‍යාපාරිකයන් පවසයි. මේ අයුරින් ගණිකා වෘත්තියේ නිරත වන මෙම කාන්තාවන් සමග ත්‍රිරෝද රථ රියැදුරන් ඉතා කිට්ටු ඇසුරක් පවත්වනා බවත් එම කාන්තාවන්ට ගැනුම්කරුවන් සපයා දෙන්නේ එම ත්‍රිරෝද රථකරුවන් බවත් ව්‍යාපාරිකයෝ පවසති.


ත්‍රිරෝද රථ රියැදුරන්ගේ ප්‍රධාන ඉලක්කය බවට පත්ව ඇත්තේ නිවාඩු ලබා අනුරාධපුරය හරහා නිවෙස් කරා යන ආරක්ෂක අංශ සාමාජිකයන් බවත්, ඔවුන්ව ගණිකා ඇසුරට ‍පොළඹවා ඔවුන් සතු මුදල් වලින් විශාල ප්‍රමාණයක් ත්‍රිරෝද රථකරුවන් ලබා ගන්නා බවද ඔවුන් පවසති. මෙහිදී ත්‍රිරෝද රථ රියදුරන් අතරමැදියන් සේ ක්‍රියා කරති.

මේ සම්බන්ධව තතු දත් ව්‍යාපාරිකයෙකු පුවත් පතකට පවසා තිබුණේ මෙම කාන්තාවක් සමග ඇසුරු පැවැත්වීම සඳහා ආරක්ෂක අංශ සාමාජිකයන්ගෙන් රුපියල් 5000ක වැනි මුදලක් ලබා ගන්නා බවත් ඉන් එම කාන්තාවට රුපියල් 1500ක් පමණ මුදලක් ලබා දෙන බවත් ඔවුන් නවාතැන් ගන්නා ස්ථානයට රුපියල් 500ක් ලබා දෙන බවත් ඉන් ඉතිරි වැඩිම කොටස ලබා ගන්නේ ත්‍රිරෝද රථකරුවන් බවත් ය.



මේ සම්බන්ධයෙන් ‍පොලිස් නිලධාරීන් ද දැනුවත් කළත් ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් ඵලක් නොවන බව පැවසූ බව ද ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු අප සමග කියා සිටිය හ.

මීට දශක 02කට පමණ ඉහත දී අනුරාධපුර නගරය දැඩි ලෙසම ප්‍රසිද්ධියට පත්ව තිබුණේ ගණිකා වෘත්තිය පැවැත්වෙන නගරයක් ලෙස ය.

එය ක්‍රම ක්‍රමයෙන් මර්දනය කිරීමට උතුරු මැද පළාත භාරව සිටි ‍පොලිස් නිලධාරීන් කටුයතු කළ අතර මේ වන විට එය යළි හිස ඔසවමින් පවතී. අනුරාධපුර ජූජනීය නගරයේ පූජනීය භාවය ද කෙලෙසන මෙම ගණිකා වෘත්තියට තිත තැබිම සඳහා අවැසි කටයුතු කරන ලෙස අනුරාධපුර නගරවාසීන් උසස් ‍පොලිස් නිලධාරීන්ගෙන් ද දැඩි ඉල්ලීමක් කරති.


*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Nodutu Lokaya