Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: Skype හැක් කරයි

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

Skype හැක් කරයි

rash

සිරියානු හකරුන්ගෙන් සාර්ථක සයිබර්  ප්‍රහාර රැසක්
ග‍්‍රිනිච් වේලාවෙන් පස්වරු 7.30ට පමණ සිරියානු පරිඝනක කොල්ලකරුවන්ගේ සාමූහිකයක් වන සිරියානු ඉලෙක්ට්‍රොනික හමුදාව විසින් ස්කයිප් වෙත සාර්ථක සයිබර් ප‍්‍රහාර රැසක් එල්ල කරමින් නව වසර සමරා ඇතැයි පැවසේ. ස්කයිප් නිල බ්ලොග් අඩවිය, ටිවිටර් සහ ෆේස්බුක් ගිණුම් ප‍්‍රහාරකයන් විසින් ඉලක්ක කර තිබේ.

ඔවුන් වෙබ් අඩවි වලට අනවසරයෙන් කඩාවැදි එහි සටහන් කර ඇත්තේ මයික්‍රොසොෆ්ට් සමාගම විසින් පාරිභෝගිකයන්ගේ තොරතුරු ග‍්‍රහණය කර රජයන් වලට අලෙවි කරන හෙයින් හොට්මේල්, අවුට්ලූක් වැනි ඊ මේල් සේවාවන් භාවිතා නොකළ යුතු බවයි. ඔවුන් විසින් එලෙසින් ස්කයිප්හි ෆේස්බුක් පිටුවේ සිදුකළ සටහන එසැනින් මකා දැමීමට කටයුතු කර ඇතැයි පැවසේ.



ටිවිටර්හි සිදුකළ සඳහනක දක්වා ඇත්තේ ඔබේ තොරතුරු රැස් කිරීම පිළිබඳව මයික්‍රොසොෆ්ට් වෙත ස්තුතිය පල කර ඇති බවයි. 2011දී කටයුතු ඇරඹූ සිරියානු ඉලෙක්ට්‍රොනික හමුදාව සිරියානු රජය සමග සබඳතා ඇති යයි පළවූ පුවත් ප‍්‍රතික්ෂේප කර ඇති අතර ස්වාධීනව ක‍්‍රියාත්මක වන රජයේ මිතුරන් පිරිසක් ලෙස හඳුන්වා දී තිබේ.

ඔවුන් විසින් 2013 වසරේ දී නිව්යෝක් ටයිම්ස්, බීබීසී සහ ෆයිනෑන්ෂල් ටයිම්ස් යන බටහිර මාධ්‍ය වෙබ් අඩවි වෙත ප‍්‍රහාරයන් එල්ල කළ අතර ධවල මන්දිරයට එල්ලවූ ප‍්‍රහාරයකින් ඇමරිකානු ජනාධිපති බරැක් ඔබාමා තුවාල ලබා ඇතැයි ඇසෝසියේටඞ් ප්‍රෙස් අඩවියේ ව්‍යාජ පුවතක් පළ කිරීම ඔවුන් ලැබූ විශාල ජයග‍්‍රහණයක් ලෙස සැලකේ.
Lanka  gossip News

Gossip Lanka News

*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Nodutu Lokaya