Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: "සතුට" වෛද්‍ය උපාංගයක් පමණි

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

"සතුට" වෛද්‍ය උපාංගයක් පමණි

rash

උපත් පාලන
කොපු 
භාවිතය සහ
ලංකාවේ නීතිය

ලංකාව තුළ වසංගතයක් මෙන් පැතිර යන්නා වූ HIV ආසාදන නිවාරණය සම්බන්ධයෙන් ලංකාව පුරාම විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි. පසු ගිය දිනක හම්බන්තොටදී ද ඒඩ්ස් නිවාරණය හා සම්බන්ධ වැඩසටහනක් පවත්වනු ලැබූ අතර එහි දී වැදගත් කරුණක් අනාවරණය වුණි. ඒ ගණිකා වෘත්තියේ නියැළෙන්නන් හරහා එච්.එයි.වී අසාදනය පැතිරීම ඉහල අගයක පවතින බවයි.

ලිංගික එක්වීමේ දී ඒඩ්ස් රෝගය පැතිරීම වළක්වා ගැනීමට දැනට හදුන්වා දී ඇති උපත් පාලන කොපු භාවිතය මෙන්ම ඒ පිළිබදව දැනුවත් කිරීමට සෞඛ්‍ය අංශයේ නිළධාරින් ඇතුළු බොහෝ පිරිස් උත්සහ කළ නමුත් බොහෝ අවස්තාවන්හී දී උපත් පාලන කොපු ළඟ තබාගත් කාන්තාවන් පොලිස් අත්අඩංගුවට පත් වූ පසු ඔවුන් නතර වන්නේ උසාවි විත්ති නිසා ලංකාව තුළ උපත් පාලන කොපු සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන්නේ කවර ආකාරයක නීතියක් දැයි ඔවුන් අතරේ ගැටළුවක්ව පැවතුනි.

ඒ නිසාවෙන් ම උපත් පාලන කොපු සම්බන්ධව ලංකාවේ පවතින නීතිමය තත්වය පිළිබදව "ජේෂ්ඨ පොලිස් මාධ්‍යය ප්‍රකාශක අජිත් රෝහණ මහතා" පසු ගිය දිනක මාධ්‍යයට ප්‍රකාශ කළ කරුණු පිළිබදව අප සටහන් තබන්නට සිතුවේ ඔබේ නොදැණුවත් බාවයට මේ නීති රීතින් පිළිබදව දැණුමක් එක් කිරීමේ අරමුණ ඇතුව ය.


"කිසිම අවස්ථාවක උපත් පාලන කොපුවක් ළඟ තබා ගැනීම ගණිකා නිවාස ආඥා පනත හෝ පාදඩ ආඥා පනත යටතේ ගැනෙන වරදක් නොවෙයි. 


නමුත් ගණිකාවක් ලෙස ප්‍රසිද්ධ ස්ථානයක කටයුතු කරමින් කවුරු හරි පොළඹවා ගන්න උත්සහ කරන අවස්ථාවක දී ඇය උපත් පාලන කොපුවක් සමඟ අහු‍වු‍ණොත් ඒ උපත් පාලන කොපුව අදාළ නඩුවේ නඩු භාණ්ඩයක් හැටියට ඉදිරිපත් කිරීමට හැකියාවක් තියෙනවා.

නමුත් සාමාන්‍ය පුද්ගලයෙක් හෝ කාන්තාවක් අත උපත් පාලන කොපුවත් තිබූ පමණික් ඒ කිසිම ආකාරයක අපේ නීතිය යටතේ වරදක් වෙන්නේ නැහැ. එය වෛද්‍ය උපාංගයක් පමණයි."
 

ජේෂ්ඨ පොලිස් මාධ්‍යය ප්‍රකාශක අජිත් රෝහණ මහතා


 












 
Gossip Lanka News
Lanka e gossip News 

*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Nodutu Lokaya