Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: අසභ්‍ය චිත්‍රපට බලා රාගෙන් මත්වෙන හැටි

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

අසභ්‍ය චිත්‍රපට බලා රාගෙන් මත්වෙන හැටි

rash

එල්ලුම් ගස
නැති ලංකාවේ
අවසන් විසඳුම
මරණයයි

වර්තමානය වන විට පසුගිය කාලයන් හා සසදා බලන කල්හි අප රටෙහි අපරාධ කෙරෙහි කොතරම් නැඹුරුවක්‌ තිබෙන රටක්‌ද යන්න පිළිබදව දිවයින පුවත් පත කියවූ ඔබට ද හැගෙනු ඇති. සිය මාමණ්‌ඩිය කපා කොටා ඝාතනය කර අනතුරුව ඔහුගේ දියණිය වූ සිය බිරිඳ ඇදගෙන කැලෑවට පලා ගිය හැටිත්, අනතුරුව දැරියක රවටාගෙන ගොස්‌ පවුල් කෑ තරුණයකු ගැනත්, මරදානේ ගණිකා මඩමකින් අත්අඩංගුවට පත්වූ තරුණියන් හය දෙනෙකු ගැනත්, එක්‌දරු පියකුට මහමගදී වෙඩි තැබූ අයුරුත් එපමණක් නොව,

තවත් එක්‌දරු පියකු මැරූ ඥති පුත්‍රයකු ගැනත්, තවත් අපරාධ කිහිපයක්‌ ගැනත් ඉහත කී පුවත්පත තොරතුරු අනාවරණය කර තිබුණි. ශ්‍රී ලංකාව ඉතා වේගවත් ලෙස සාපරාධී රාජ්‍යයක්‌ බවට පත්විය. විනාඩියට හැට ගණනේ නොව තප්පරයට හැට ගණනේ අපරාධ වර්ධනය වීමට පටන් ගත්තේය.


ගෝලීය සංස්‌කෘතිය වෙත නතු වූ අප රට තුළ අවි ආයුධ නිපදවීම හා වෙනත් රටවල්වලින් මිලදී ගැනීම, ත්‍රස්‌තවාදය, ත්‍රස්‌තවාදය හේතුවෙන් මිනිසුන් අතට ඉතා පහසුවෙන් ආයුධ ලැබීම, සන්නිවේදන තාක්‍ෂණයේ දියුණුව නිසා අසභ්‍ය ෆිල්ම් වැඩි වැඩියෙන් බැලීමෙන් ජනයා තුළ තිබූ කාමාශාව ඉහළ යාමත්, කාමාශාවන්ගෙන් පිරි කාමාතුරයන්ගේ රාගය සංසිදවා ගැනීම සඳහා ස්‌ත්‍රී දූෂණ කිරීමට ජනයා පෙළඹීමක් දක්නට ලැබෙති.


සමහර මිනිස්‌සු විනෝදයටද ගුටි කෙළගත් නමුත් ඇතැමුන් බුලත් කොළයට පමණක්‌ නොව බුලත් නැට්‌ටටද මිනී මැරූහ. කසිප්පු පළවල්වලදී හුවමාරු වූ ඉතා කෙටි නොපනත් වදනක්‌ වෙනුවෙන් හත් අටදෙනාට එක පිට එක වෙඩි තබා මරණ ලදී.


කලාපීය පාතාල කල්ලි විසින් සිය විරුද්ධවාදීන් ඝාතනය කෙරුණේ පාරවල් දිගේ කළ සංග්‍රාමවලින් පසුය. මුළු ලෝකයම යුද පිටියක්‌ බවට පත්වූ අතර ලංකාව එම යුද්ධ භූමිය පුරා ලේ ගංගා ගලා යැමට සැළැස්‌වූ යුද පෙරමුණක්‌ විය.

මිනිසුන් ප්‍රචණ්‌ඩත්වයට ඇලෙන්නේ ඇයි? එයින් මෙහා විසඳුමකට ඔවුන් නොයන්නේ ඇයි? එල්ලුම් ගස නැති නිසාද? එහෙමත් නැත්නම් මරණය අවසන් විසඳුම වන නිසාද? රහස කුමක්‌ වේවා මිනී මරා ප්‍රශ්න විසඳීමට මිනිසුන් කැමැති බව පෙනෙයි. කෙනෙක්‌ තවත් කෙනෙකු මැරීමට පිටත්ව යන්නේ "බය වෙන්නෙ මොකටද? මිනී මැරුවා කියලා එල්ලුම් ගස්‌ යන්නේ නැහැනේ..." යනුවෙන් කියමිනි.

ආණ්‌ඩුව එල්ලුම් ගස ක්‍රියාත්මක කළොත් අප මානුෂික අයිතිවාසිකම් උල්ලංඝනය කරන රටක්‌ ලෙස හංවඩු ගසා අපට ණය ආධාර නොදෙන ලෙස ලෝක බැංකුවට බල කිරීමට දියුණු රටවල් කටයුතු කරනවා ඇත.


මෙහි ඇති ඉතාම හාස්‍යජනක තත්ත්වය මෙයයි. ඇමරිකාව යනු මරණ දඬුවම ක්‍රියාත්මක කරන රටකි. එහෙත් අප මරණ දඬුවම ක්‍රියාත්මක කරනවාට ඔවුන් විරුද්ධය. මෙකල සිටින මනුෂ්‍යයා ජීවත් වන්නේ සුවිශාල මානසික ආතතියක්‌ තුළය. මේ ආතතිය කොතරම් දරුණුද යත් අනෙකා මැරීමට පමණක්‌ නොව තෙමේම දිවි නසා ගැනීමට මිනිසා සූදානම්ය. අම්මා සමග දබර කර ගන්නා දුව වස බොයි.

පෙම්වතිය සමග දබර කර ගන්නා පෙම්වතා බිල්ඩිමකින් බිමට පනී. සැමියා සමග දබර කරගන්නා බිරිය ඇසිඩ් බොයි. කෝච්චියට බෙල්ල තියයි. ඇතැමුන් දරුවනුත් එල්ලා තමනුත් නසී. කොයි ආකාරයකින් බැලුවත් අවසන් විසඳුම මරණයමය. අම්මා සිය දරුවන් සමග ගංගාවලට පැනපු අවස්‌ථා ඕනෑ තරම් තිබේ. වැදුගෙයි දීම බිළිදුන් මරා වලලයි. නැතහොත් ගගට විසිකරයි, ඇතැමුන් කුණු පාර්සලයක් සේ බිළිදුන් කුණු කාණුවට විසිකර යන්ට යයි.


පාලනය නොකරන ලද ජනගහනය සෑම වසර විස්‌සකට වරක්‌ම දෙගුණ වන බව මෙයට වසර දෙසීයකට පමණ පෙර එංගලන්තයේ විසූ දේවගැතිවරයකු සහ අර්ථ ශාස්‌ත්‍රඥයකු වූ තෝමස්‌ මැල්තස්‌ පැවැසීය. එසේ දෙගුණ වන ජනගහනයක්‌ අපට නැත.

එහෙත් ප්‍රචණ්‌ඩත්වය නිසා ඉතා දරුණු දුක්‌විඳ මැරෙන ජනගහනයක්‌ අපට ඇත. සුද්දා දුන් උසාවිය අපි ප්‍රයෝජනයට ගනිමු. එහෙත් සුද්දාගේ එල්ලුම්ගස අප ප්‍රයෝජනයට ගන්නේ නැත. මේ සාපරාධී සංස්‌කෘතිය නිම නොවන්නේ නම් අප සියලු දෙනාට සිදුවන්නේ ගෙල වැලලා ගන්නටය. සැබවින් මඑල්ලුම් ගස ලංකාවට සැබවින් ම අවශ්‍ය යැයි ඔබට ද හැගෙනවා ද? 

 
Lanka  gossip News

Gossip Lanka News

*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Nodutu Lokaya