Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: දර්ශනය රූ ගත වූ පසු චිප් එක ගලවලා ෆෝන් එකෙන් බලනවා..

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

දර්ශනය රූ ගත වූ පසු චිප් එක ගලවලා ෆෝන් එකෙන් බලනවා..

rash

අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රධාන පරිපාලන ගොඩනැඟිල්ලේ කාන්තා වැසිකිළියක සී. සී. ටී. වී. කැමරාවක් සවිකිරීමේ චෝදනාව මත පොලිසියෙන් අත්අඩංගුවට ගත් එම රෝහලේ සීමාවාසික වෛද්‍යවරයා
මෙම මස 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් රුවන්දිකා මාරසිංහ මහත්මිය නියෝග කළාය.

තමන් මෙම කැමරාව වැසිකිලියේ සවිකළ බවත්, වසර දහයකට වැඩි කාලයක් පටන් තමන් කිසියම් මානසික රෝගයකට ගොදුරු වී සිටින බව හැගෙන බවත් යැයි කියමින්

මෙම වෛද්‍යවරයා දීර්ඝ පාපොච්චාරණයක් සිදු කර තිබේ.
මෙම වෛද්‍යවරයා සීමාවාසික පුහුණුව යටතේ සේවය කරයි. එම පුහුණුව තවත් සති තුනකින් අවසන් වීමට නියමිතය. බැංගලෝරයේ රජිව් ගාන්ධි විශ්ව විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලබා ඇති මොහු 30 හැවිරිදි විවාහකයෙකි. එක් දරු පියෙකි.


2012 වසරේ දී මැලේසියාවේ කළ සංචාරයක දී මෙම කුඩා කැමරාව මොහු විසින් මිල දී ගෙන තිබේ. අනුරාධපුර රෝහලේ ආපන ශාලාවේ පිහිටි වැසිකිලියේ ද මෙම කැමරාව සවිකර තිබූ බව වෛද්‍යවරයා පවසා ඇත. අදාළ දර්ශන රූගත වූ චිපය ගලවා ගෙන ගොස් තමන්ගේ මොනිටරයට හෝ ජංගම දුරකතනයට එය ඇතුල් කර වීඩියෝව නරඹන බවත් පවසා තිබේ.


සිද්ධිය වූ දිනයේ ලිපිකාරිනියක් වැසිකිලියට ඇතුළු වී තදින් දොර වසා ඇත. එම අවස්ථාවේ දී දොරේ අලවා තිබූ කුඩා ‘හැඟරයක්’ වැනි යමක් බිම වැටී තිබේ. එය අතට ගත් කළ ඒ පිටුපසින් කුඩා ආලෝකයක් විහිදෙනු දකින්නට ලැබී ඇත


මෙම මෙවලම කුමක්දැයි නොදත් ලිපිකාරිනිය එය ප්‍රධාන ලිපිකරු අතට පත් කර ඇති අතර මෙය ක‍ක‍ඔඪ කැමරාවක් බව හඳුනා ගන්නට හැකි වී තිබේ. ලිපිකාරිනියට මෙය හමු වූ අන්දම පිළිබඳ සැක කළ ප්‍රධාන ලිපිකරු සිද්ධිය ගැන අනුරාධපුර මූලස්ථාන පොලිසියට දැනුම් දී තිබේ. ඒ ඉකුත් 20 වැනිදා ය. ඉන් අනතුරුව පොලිස් පරික්ෂණ ආරම්භ වී තිබේ.


රෝහලේ වැසිකිලියක කැමරාවක් සවිකර තිබීමේ සිද්ධිය අනුරාධපුර ශික්ෂණ රෝහලේ සියලුම කාර්ය මණ්ඩල අතරේ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති කරවන්නට සමත් විය.


මෙම සිද්ධියට විරෝධය පළ කරමින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු අනෙකුත් කාර්ය මණ්ඩල සඳුදා (30) සහ අඟහරුවාදා (31) වැඩ වර්ජන ක්‍රියාත්මක කළහ. පොලිස් අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා අධිකරණය හමුවට පමුණුවීමට නියමිත ය.


*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Nodutu Lokaya