Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: පළි ගැනීමේ ලිංගික දර්ශනයේ රසය සහ පීඩාව

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

පළි ගැනීමේ ලිංගික දර්ශනයේ රසය සහ පීඩාව

rash

තම පෙම්වතා සතුටු කිරීම සඳහා තම අතිශය පෞද්ගලික ඡායාරූප පවා ගැනීමට ඇතැම් යුවතියෝ පෙළඹෙති.

එහෙත් පෙම් බැඳීම් බිඳී ගිය දා පෙම්වතා පරම සතුරා බවට පත් වෙන අවස්ථා ගැනත් වාර්තා වෙයි.

ඇතැම් පෙම්වතියන්ගේ මුළු ජීවිතය ම විනාශ කෙරෙන පළි ගැනීමේ ලිංගික දර්ශන ලෝකය හමුවේ පැතිර යන්නේ එවැනි පැර‚ පෙම්වතුන් අතින්.

එවැනි උදාහරණ අද මාධ්‍යයටත් ප්‍රධාන මාතෘකාවක්.

මේ හොලී ටූප්ස්ගේ කතාව.
හොලී ටූප්ස්

හොලී ටූප්ස් ගේ නවාතැනට යන තරප්පු පේලිය දෙපැත්තෙ පේළියට අලවල තියෙන්නෙ මැරලින් මොන්රෝ ගෙ ඡායාරූප පේළියක්.



වයස අවුරුදු තිස් තුනක් වන හොලී ටූප්ස්, පින්තූර හා ඇතැම් විට වදන් වැකි තුලින් තමන්ගෙ ප්‍රියතම කාන්තා චරිතයේ ලෑම සහ රූ සපුව මෙන් ම ඇයගේ ඇතැම් ගුණාංග පිලිබඳ මතකය මිතුරු මිතුරියන් අතර ඛෙදා ගත්තේ එම සේයා රූ මගින්. ඒත් දැන් හොලී නිවුණු පහනකට සමානයි. හේතුව ඇයත් —පළිගැනීමේ ලිංගික දර්ශණ˜ නමැති අශිෂ්ට සංස්කෘතියේ ගොදුරක් බවට පත්වීම.

—මගෙ යාළුවෙක් මට කතා කරලා කිව්ව, —ඔයා දන්නවද අර වෙබ් සයිට් එක, අර ගැහැණු ළමයින්ගේ නිරුවත් පින්තූර තියන වෙබ් සයිට් එක?. අන්න ඒකෙ ඔයාගෙ පිංතූරත් තියනව කියල˜.

තම ඡායාරූප අන්තර්ජාලයේ පළ කොට ඇති බව හොලී ටූප්ස් දැන ගන්නේ, මිතුරියකගෙන්.

එම වෙබ් අඩවිය පිරික්සූ හොලීට ඇස් අදහා ගැනීමට බැරි වුණේ වයස අවුරුදු විසි හතරේ දී එදා පැර‚ පෙම්වතා සතුටු කිරීමට ගත් සිය උඩුකය නිරුවත් ඡායාරූප අන්තර්ජාලයේ දැකීමෙන්.
පැර‚ පෙම්වතාගේ වැඩ

තම උඩුකය නිරුවත් ඡායාරූප පමණක් නොව, එම පින්තූරවල ඇමුණුමක් විදියට ඇයගේ නම,ඇයගේ ෆෙස්බුක් සහ ට්විටර් ලිපින මෙන් ම, ගූගල් සිතියමකින් ඇය පදිංචි ස්ථානයත් ඊට එකතු කරලා තිබුණ බවයි, හොලී ටූප්ස් පවසන්නේ.

—මට ඒවා දැක්කම ලෝකයම එපා වුනා වගේ හැඟීමක් ඇති වුණේ. —උඹ නම් දූෂණය කළ යුතු කෙනෙක් ˜ වගේ ප්‍රතිචාර දකින කොට, නන්නාඳුනන මිනිස්සු මව හොයා ගෙන ඇවිත් මට කරදර කරයි කියල මට මහා භයක් ඇතිවුනා.˜ හොලී පවසයි.

හොලී පදිංචි කලාපයේ ඇති ඉතාලි අවන්හලක දී ඇයට ඇගේ පින්තූර දැකපු තවත් කෙනෙකු මුණ ගැසී ඇත. එම තැනැත්තා හෝ තැනැත්තිය කියා ඇත්තේ හොලී ගේ පින්තූර තවත් දුසිම් ගණනක් වෙබ් අඩවියේ ඇති බවයි. සමහර ඒවා පළ කරලා තියෙන්නේ හොලී ගේ පැර‚ ප්‍රේමවන්තයා විසින්. සෙසු ඡායාරූප එක්කෝ සොරකම් කරන ලද, එසේත් නැතිනම් පරිගණකයට රහසින් ඇතුල් වී ගත් ඒවායි.
නීතිමය පියවර

කාන්තාවන්ට සිදු වූ හානියට වන්දි ලබා ගැනීම සඳහා මේ වසරේ මුල් වකවානුවේ දී තිහකට අසන්න කාන්තාවන් පිරිසක් එවැනි වෙබ් අඩවි හිමිකරුවන්ටත් එම වෙබ් අඩවි ස්ථාපනය කරන සමාගම් වලටත් එරෙහිව නීති මගින් පියවර ගැනීමේ වැඩ පිළිවෙළක් දියත් කළත් එය අසාර්ථක වී ඇත්තේ එම වෙබ් අඩවි ඒ වන විට වසා දමා තිබුණ හෙයින්.

ඇමරිකානු නීතිය අනුව වෙබ් අඩවියක් භාවිතා කරන්නන් විසින් පල කරන දේවල් පිළිබඳ ව එම වෙබ් අඩවි හිමි කරුවන් හෝ ඒවා රඳවා ගෙන සිටින සමාගම් වගකියන්නේ නැති හෙයින් හොලී ඇතුළු කාන්තාවන් විසින් පවරන ලද නඩුවේ දී ප්‍රධාන වෙබ් අඩවි හිමිකරුවා කියා සිටියේ, ඔහු කිසිදු වරදක් කර නැති බවයි.

නමුත් හොලී සහ ඇගේ මිතුරියන්ට අවශ්‍ය වුණේ —පළිගැනීමේ ලිංගික දර්ශණ˜ අපරාධයක් හැටියට නීතිගත කිරීමයි. ඇමරිකාවේ විවිධ පළාත් වලින් තවත් එවැනි හිංසනයට ලක් වූ කාන්තාවන් ගැන වාර්තා වෙමින් ඇති හෙයින් ඇතැම් නීති සම්පාදකයන් ප්‍රශ්නය දෙස අවධානය යොමු කරමින් ඇති බවයි වාර්තා වන්නේ.

දැනටමත් නිව්යෝර්ක්, විස්කොන්සින් සහ මේරිලන්ඩ් වැනි ප්‍රාන්තවලට එම නීතිය හඳුන්වා දී ඇති අතර, කැලිපෝනියාව සහ නිව්ජර්සි ප්‍රාන්තත් කාන්තාවන්ට සිදු වූ හානියට වන්දි ගෙවීම නීතිගත කරනු ලැබීමට පසුගිය ඔක්තෝබරයේ පියවර ගෙන ඇත.

ටෙක්සාස් ප්‍රාන්තයේ ෆෙස්බුක් සහ ට්විටර් යන සමාජ වෙබ් අඩවි භාවිතා කරන කණ්ඩායම් ද —පළිගැනීමේ ලිංගික දර්ශණ˜ අපරාධයක් ලෙස නීතිගත කළ යුතුද යන්න පිළිබඳව විවාදයකට එක් ව සිටිති. අපරාධ නඩු පිලිබඳ නීතිවේදී මාර්ක් ඛෙනට් එවැනි පියවරකට සහාය නොදෙයි.
තහංචි අනවශ්‍යයි


—සාමාන්‍ය මිනිසුන් ගේ අයිතීන් රැක ගන්න නම් අපි මේ නොහික්මුණු අශිෂ්ට මිනිසුන්ගේ අයිතීන් රැකල දෙන්න ඕන. එහෙම නැතිනම් වෙන්නෙ අපි රජයට අවස්ථාවක් දෙනව කවුද හොඳ මිනිස්සු? කවුද නරක මිනිස්සු? කියල තීරණය කරන්න˜ නීතිවේදී මාර්ක් ඛෙනට් පෙන්වා දෙයි.

—පළිගැනීමේ ලිංගික දර්ශණ˜ පිලිබඳ මේ විවාදයේ නැවතුම් ලක්ෂය විදියට බොහෝ දෙනා කියා සිටින්නේ, ඔබේ පින්තූර අන්තර්ජාලයේ පළ වෙනවට ඔබ අකමැති නම් එවැනි පින්තූර ගැනීමෙන් වලකින ලෙසයි.

එහෙත් හොලීගෙන් ඊට ලැබුනේ මෙවැනි පිළිතුරක්.

—අපි කැමති විදියේ පින්තුරයක් ගන්න අපට අයිතිය තියනවා. මම අර පින්තූර ගත්තෙ මටයි මගේ පෙම්වතාටයි. මුළු ලෝකයට ම නෙවෙයි. හැබැයි, කේන්තියෙන් පිස්සු වැටුණු එයා අතින් මගෙ මුළු ජීවිතයම විනාශ කර ගන්න නෙවෙයි මම ඒ දර්ශන වලට පෙනී සිටියේ.˜

- බීබීසී


*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Nodutu Lokaya