Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: හර්ෂනගේ පැනයන්ට උමයංගනාගෙන් පිළිතුරු

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

හර්ෂනගේ පැනයන්ට උමයංගනාගෙන් පිළිතුරු

rash

අනේ......
කියන්නකෝ
අක්‌කේ.....
ඒක මොකටද?
මල්ලී ඔයාට....

මෙය කලා ක්ෂේත්‍රයේ ජනප්‍රිය යොවුන් නළු නිළි දෙපළකගේ අපුරු හමුවීමක් පිළිබදවසටහකි. බොහෝ විට සිදු වන්නේ මාධ්‍යවේදීන් විසින් නළුවන්ගෙන් හෝ නිළියන්ගෙන් ප්‍රශ්න අසමින් ඔවුන් දෙන පිළිතුරු රසිකයන් හමුවේ තැබීමය. නමුත් මෙය ඊට හාත්පසින්ම වෙනස් ය. කිමද යත් මෙහිදී ප්‍රශ්න විමසන්නේ කලාකරුවෙකි. පිළිතුරු සපයන්නේ කලාකරිනියකි. මේනළු නිළි දෙපළගේ සංවාදය හරිම විනෝද ජනකය. මෙය කියවන විට දී රසික ඔබට ද එසේම දැනෙනු ඇති.

හර්ෂන - ඔයා තාමත් ජනප්‍රියයි කියල ද හිතන්නේ?

උමයංගනා -
අයියෝ... මම ජනප්‍රියයි කියලා හිතන්නෙත් නෑ.... ජනප්‍රිය නෑ කියල හිතන්නෙත් නෑ. ඕව හිත හිත ඉන්න වෙන වැඩ නැද්ද මල්ලි.


හර්ෂන - ජීවිතේ ලස්‌සනයි. දනංජනා, ඉතිං ඊට පස්‌සේ, දේදුනු ඔයා මේ චරිතවලින් ගොඩක්‌ ජනප්‍රිය වුණා. 

               මම අහන්නේ ඒ ජනප්‍රියත්වය නැති වුණ දවසට මොකද කරන්නේ.?
උමයංගනා - මේ ලෝකේ හැම දෙයක්‌ම අස්‌ථිරයිනෙ හර්ෂණ මල්ලී. ඉති ඒ අස්‌ථීර ලෝකේ කොහොමද ස්‌ථිර දෙයක්‌ පවතින්නේ. ඔයාට තාම ඒක තේරුණේ නැද්ද. මම නම් දන්නවා ඔය ජනප්‍රියත්වය කියන දේත්, ඒ දහමට යටයි කියලා. ඒ නිසා අමුතුවෙන් කරන්න දෙයක්‌ නෑ. මේ ජීවිත් වෙන විදියටම ජීවත් වෙනවා.


හර්ෂන - ඔයා ජීවිතේ ගොඩක්‌ අත්aදැකීම් ඇති කෙනෙක්‌නෙ. ජීවිතේ එන ප්‍රශ්නවලට හිත හදා ගන්න පුරුදු වුණේ කොහොමද?

උමයංගනා - ඔයා කොහොමද දන්නෙ මල්ලී මට ජීවිතේ ගොඩාක්‌ අත්දැකීම් තියෙනවා කියලා?

ජීවිතයේදී ඕනෑම කෙනෙකුට අනිවාර්යයෙන් ප්‍රශ්න එනවා. ජීවත් වෙනවා කියන්නෙම ප්‍රශ්නවලට මුහුණ දෙනව කියන එක තමයි. ප්‍රශ්න කියන්නෙ එක එක්‌කෙනාට මොන මොන විදියට ආවත් කාටත් පොදු දෙයක්‌. ඒ ප්‍රශ්නවලට උත්තර දෙනවා කියන්නේ ජීවත් වෙනවා කියන එකයි. ඔයා ඔය කරන විදියටම ජීවිතේට එන ප්‍රශ්නවලට උත්තර දෙමින් ජීවත් වෙනවා වගේ මමත් ජීවත් වෙනවා.

හර්ෂන - හරි... කලා කටයුතුවලදී කටකතා හැදෙනවනෙ. ඒ වගේ කලා ලෝකයේ හැදෙන කටකතාවලට මුහුණ දෙන්නෙ කොහොමද?

උමයංගනා - ඒ කටකතා නෙ. ඇයි නිකන් කටකතා වලට මුහුණ දීල කාලය නාස්‌ති කරගන්නේ. අනික මම කට කතා ගැන හිත හිත ඉන්නෙ නෑ. කට කතා ගැන හිත හිත ඉන්න මට වෙලාවක්‌ නෑ.

හර්ෂන - මේ උමයංගනා... ෆිල්ඩ් එකේ දැන් අලුත් අය ගොඩක්‌ ඉන්නවා නේද?

උමයංගනා - අලුත් මුහුණු නම් ගොඩක්‌ තියෙනවා තමා. ඒ අතරින් දැක්‌ක හොඳ දක්‍ෂ අලුත් මූණක්‌ තමා ඔයත් ඉතිං.

හර්ෂන -අලුත් අය ජනප්‍රිය වෙනකොට ඔයාට ඊර්ෂ්‍යා හිතෙනවද?

උමයංගනා - අනේ අප්පේ. මම මොකටද ඊර්ෂ්‍යා කරන්නේ.

හර්ෂන -ඔයා කැමතිම අධ්‍යක්‍ෂවරයා රවින්ද්‍ර විඡේරත්න කියන්නෙ ඇත්තද?

උමයංගනා - ඇයි ඔයාට කවුරු හරි එහෙම කියලා තියෙනවද? මම වැඩ කරපු අධ්‍යක්‍ෂවරු අතරින් රවින්ද්‍ර විඡේරත්න කියන්නෙ සුවිශේෂී අධ්‍යක්‍ෂවරයෙක්‌ තමා.

හර්ෂන -ඉතිං මොකක්‌ද ඒ සුවිශේෂත්වය?

උමයංගනා - මම හිතන්නේ රවින්ද්‍ර අයියාගේ ජීවිතේ ලස්‌සනයි නාට්‍ය තමා මුලින්ම මෑත කාලේ පළවුණ දීර්ඝ ටෙලි නාට්‍යය. ඒ වෙනකොට මම ප්‍රාසාංගික නාට්‍ය 15 කට විතර දායක වෙලා හිටියෙ. ඒවයෙ නාට්‍යමය වටිනාකමකුත් තිබුණා. ඒත් ඊට වඩා මට ජනතාව අතරට යන්න අවස්‌ථාව ලැබුණෙ ජවිතේ ලස්‌සනයි නාට්‍යයෙන්. ඒ නිසා ඇත්තටම රවින්ද්‍ර අයියා විතරක්‌ නොවෙයි ඒ නාට්‍යයේ නිෂ්පාදක කණ්‌ඩායමම මට සුවිශේෂයි.

හර්ෂන -'ආදරය' ගැන ඔයා මොකද හිතන්නේ?

උමයංගනා - ආදරේ හඳුනන හදවත් මේ ලෝකෙ වැඩි වන තරමට ලෝකය තව තවත් ලස්‌සන තැනක්‌ වෙනවා. මම මේ කියන්නේ කොල්ලෙක්‌ කෙල්ලෙක්‌ට කරන ආදරේ විතරක්‌ නෙමේ. මේ සොබා දහමටම ආදරේ කරන්න කරන්න ලෝකය ලස්‌සන වෙනවා.

හර්ෂන -ඔයාගෙ මුල්ම ආදර අත්දැකීම ලැබුණෙ වයස කීයෙදිද?

උමයංගනා - ඒක ඔයාට මොකටද මල්ලී.

හර්ෂන -අනේ අපිටත් කියන්නකො අක්‌කේ.

උමයංගනා - ඔයා දැන් ඒක අහල වැඩක්‌ නෑ.

හර්ෂන -ඔය ආදරෙන් කොල්ලෝ කී දෙනෙක්‌ අමාරුවෙ වැටිල තියෙනවද දන්නෙ නෑ?

උමයංගනා - එහෙම අමාරුවෙ වැටෙන්න කොල්ලො මෝඩයි කියලද හිතන්නේ.?

හර්ෂන -තාමත් කිරිත් එක්‌ක බිස්‌කට්‌ පොඟවල කන පුරුද්ද තියෙනවද?

උමයංගනා - අකැමැත්තෙන් වුණත් දැන් ඒක අඩු කරල තියෙන්නෙ. ශරිර සෞඛ්‍යය ගැන හිතලම.





*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Nodutu Lokaya