Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: ජනතාවගේ ආතතිය නැතිකරන හැටි ගයේෂා කියයි

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

ජනතාවගේ ආතතිය නැතිකරන හැටි ගයේෂා කියයි

rash

මගේ ළග 
බලාපොරොත්තු
ගොඩක්
තියෙනවා.....

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත බස්නාහිර  පළාත් සභා මැතිවරණයේ දී,  ජනප්‍රිය නිළියක් වන 'ගයේෂා පෙරේරා' එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරඟ කිරීමට නියමිත ය. වර්තමානයේ සිටින  කාන්තා නියෝජිතයින් මෙන් බොරු දේශපාලනයක් කිරීමට තමා සුදානම් නොමැති බවත්,  කොන්ද කෙලින් තියන නායකයෙක් සමග  දුක් විඳින කාත්තාවන්ගේ අසිපත තමන් අතට ගන්න බවත් ගයේෂා පවසා තිබුණි.

එසේම තමන් දේශපාලනයට එක් වන්නේ ජනතාවගේ ආතතිය නැති කිරීමට යයි එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් බස්නාහිර පළාත් සභාවට තරඟ වදින ජනප්‍රිය රංගන ශිල්පිනී ගයේෂා පෙරේරාපවසන්නී ය. ඇය සති අන්ත පුවත් පතක් හා අදහස් දක්වමින් මෙසේද අදහස් පලකර තිබුණි.

"මම දේශපාලනයට ආවෙ හදිසියේ නෙමෙයි. 2010 ජනාධිපතිවරණයේ සිට මම ශ‍්‍රීලනිප සාමාජිකාවක් ලෙස සන්ධානය දිනවන්න දායක වුණා.

මගේ ගොඩක් බලාපොරොත්තු තියෙනවා. ප‍්‍රධාන වශයෙන් අප වගේ ජනප‍්‍රිය කලාකරුවන් දේශපාලඥයන් වී ජනතාව ළඟට ගිය විට ඔවුන් තුල තියෙන මානසික ආතතිය නැති කළ හැකියි. අද ජනතාව ඉන්නේ දැඩි පීඩනයකින්. ඉතින් ඔවුන් ආදරය කරන නළු නිළියන් ජනතා සේවකයන් වී ඔවුන් අතරට පැමිණි විට කොච්චර සතුටක්ද? එය සතුට ලබාදීමට අපට හැකිවීම කොතරම් භාග්‍යයක්ද?

අද ජනතාව තමන්ගේ හිතේ තියෙන මානසික පීඩනය නැති කර ගන්නේ ගීතයක් අසා හෝ චිත‍්‍රපටයක් බලා හෝ ටෙලි නාට්‍යයක් බලමින්. එම නිර්මාණවල සිටින තමන් ආදරය කරන නළු නිළියන් ඔවුන්ගේ ප‍්‍රශ්න විසඳන්න පැමිණෙන විට එයාලා කොච්චර සතුටු වෙනවාද? ඉතිං එම සතුටත් ලබාදෙමින් ජනතාවගේ ප‍්‍රශ්ණවලට විසඳුම් ලබා දෙන්න මම උත්සාහ කරනවා."


*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Nodutu Lokaya