Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: රාග ගින්නෙන් දැවී ගිය කොල්ලුපිටියේ නළඟන

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

රාග ගින්නෙන් දැවී ගිය කොල්ලුපිටියේ නළඟන

rash

ඇඳුම් මාරු 
කරන්නාක්‌ මෙන්
කාංචනා 
පිරිමින් 
මාරුකරා.......

රාත්‍රිය උදාවෙද්දී කොල්ලුපිටිය නගරය එකම සුරපුරයක්‌ බවට පත්ව තිබුණේ ය. තරු පහේ හෝටල් සුපිරි සමාජ ශාලා වෙත ඇදෙන විනෝදකාමී තරුණ තරුණියන්ගෙන් ගාලුපාර ජනාකීර්ණ වී තිබිණි. කොල්ලුපිටියේ පිහිටි එක්‌තරා රාත්‍රි සමාජ ශාලාවක්‌ ද බෙහෙවින් කාර්ය බහුල වී තිබුණේ ය.

මධුවිතින් කුල්මත් වීමට මෙන්ම පහත් පෙළේ කාමුක ආශාවන් සන්තර්පනය කර ගැනීමේ අරමුණු ඇතිව පැමිණෙන තරුණ මහලු පුද්ගලයන් එකා දෙන්නා මේ සමාජ ශාලාව වෙත ඇදෙමින් සිටියහ. සමාජ ශාලාවේ අඳුරු මුල්ලකට වී මත්පැන් වීදුරුවක්‌ තොල ගාන සුරූපිනියකි. ඇය නමින් කාංචනාය. මේ අසුන්දර කතාන්තරයේ කතා නායිකාව වන්නේ ද ඇයම ය.

තරුණ විය ඉක්‌මවා සිටි පුද්ගලයකු කාංචනාගේ මායා දැලට හසුව සිටියේ ය. හැට හතර මායම් සියල්ලම පාවිච්චි කරමින් සිටි කාංචනා උත්සාහ කළේ වියපත් පුද්ගලයාගේ මුදල් පසුම්බිය පතුලටම හිස්‌ කර දැමීමට ය.

එය රාත්‍රී සමාජ ශාලාවලට පොදු ධර්මතාවකි. කාමයෙන් මුසපත් වී රාත්‍රි සමාජශාලා තුළට රිංගන පුද්ගලයන් රැය පහන් වනතුරු කුල්මත් කර ඔවුන් සතු සබ්බසකලමනාවම සූරා ගැනීම සඳහා මේ සුරූපිනියෝ සැදී පැහැදී සිටිති.

කාංචනාට පැවරී තිබුණේ ද එවැනිම කාර්ය භාරයකි. අඳුර වැටෙද් දී සිය රැකියාව ආරම්භ කරන ඇය ඉන් නිදහස්‌ වන්නේ පසුදා පෙරවරු 10.00 ට පමණ ය. යහමින් මුදල් ලැබුණද කාංචනා ගත කළේ මහා කාලකණ්‌ණි ජීවිතයකි. ඇගේ අතීත කතාව ද මහා දුක්‌ කම්කටොලුවලින් ගහන වූ එකක්‌ විය.

කාංචනාගේ විවාහය සිදු වුණේ මීට වසර 20 කට උඩදී ය. ඒ වනවිට යන්තම් 16 වැනි විය සම්පූර්ණ කර සිටි ඇය ජීවිතය ගැන හරි අවබෝධයකින් සිටියේ නැත.

පළමු විවාහයේ ඇයට දරුවන් දෙදෙනෙකි. දරුවන් දෙදෙනා හදා වඩාගෙන යහපත් පවුල් ජීවිතයක්‌ ගත කිරීමට ඇය උත්සාහ ගත්තේ නැත. සංකර ජීවිතයකට ආශා කළ කාංචනා තමන්ට අවශ්‍ය දේ කිරීමට හැමවිටම උත්සාහ කළා ය. එහි ප්‍රතිඵලය වුණේ වැඩිකල් නොගොස්‌ විවාහ ජීවිතය දෙදරා යැම ය. කාංචනාගේ පළමු විවාහයේ සැමියා, ආදර දරු දෙදෙනාත් අතහැර දමා විදේශ ගතවන්නේ ඇගේ තිබූ නොයෙකුත් අඩුපාඩුකම් නිසාමය.

සැමියා අතහැර යැමෙන් පසු ඇය නන්නත්තාර වූවාය. දරුවන් දෙදෙනා ජීවත් කරවීම ලෙහෙසි පහසු කටයුත්තක්‌ වුණේ නැත.

රැකියා කීපයක නිරත වුවද දරු දෙදෙනා ජීවත් කරගෙන යහපත් ජීවිතයක්‌ ගත කිරීමට තරම් වත්කමක්‌ ඉන් ලැබුණේ නැත. අවසානයේ සියලු දේ අතහැර විදේශ රැකියාවකට යැමට ඇය තීරණය කළාය. දරු දෙදෙනා ඥති බාප්පා කෙනකුගේ නිවසේ නතර කළ කාංචනා විදේශගත වුණේ යහමින් මුදලක්‌ උපයා ගැනීමේ අරමුණු ඇතිව ය.

මවත් පියාත් නැති දරු දෙදෙනාට රැකවරණය ලැබුණේ කාංචනාගේ බාප්පාගෙන් ය. පුංචි දරුවන් ඔහුට කතා කළේ සීයා කියා ය.



වසර කීපයක්‌ විදේශ රැකියාවේ නිරත වූ කාංචනා නැවත ශ්‍රී ලංකාවට එන්නේ දරු දෙදෙනා සමග ජීවත්වීමේ අරමුණෙන්ය. වසර කීපයක්‌ විදේශ රැකියාව කළ ද ඇය යමක්‌ උපයා ගෙන තිබුණේ නැත. ඒ වනවිට දරු දෙදෙනාට මව ගැන එතරම් හැඟීමක්‌, ආදරයක්‌ තිබුණේ ද නැත. ඒ වනවිට දරු දෙදෙනාට තම මව කෙරෙහි තිබූ බැඳීම ගිලිහී ගොසින් තිබුණේය.

පිරිමි ඇසුරට කාංචනා තුළ තිබුණේ දැඩි කැමැත්තකි. ඒ වනවිට විවිධ පුද්ගලයන් සමග කෙටි කාලීන සබඳතා කීපයක්‌ම ඇය පවත්වා තිබිණි.

අමාත්‍යාංශයක වගකිවයුතු රැකියාවක නිරත වූ අසේල සමග ප්‍රේම සම්බන්ධතාවක්‌ ගොඩනගාගත් කාංචනා ඔහු සමග එකට වාසය කිරීමටද තීරණය කළාය.

එහෙත් බාප්පාගෙන් ඊට යහපත් ප්‍රතිචාරයක්‌ ලැබුණේ නැත. "උඹ ඕනේ මඟුලක්‌ නටාගනින් මේ ගෙදරින් පිටවෙලා. මට මේ දරුවො දෙන්න හොඳින් හදාගන්න ඉඩ දීපං...."

බාප්පාගේ දැඩි විරෝධය නිසා කාංචනා තම අලුත් පෙම්වතා ද සමග නිවසින් පිට වූවා ය. පිළියන්දල හොන්නන්තර ප්‍රදේශයේ නිවසක්‌ කුලියට ගත් කාංචනා සිය පෙම්වතා සමග අලුත් ජීවිතයකට මුල පිරුවා ය. සීයා ළඟ හැදී වැඩුණු දරුවන් දෙදෙනාගේ අගහිඟකම් ගැන බැලීමටවත් ඇයට උනන්දුවක්‌ තිබුණේ නැත. බාප්පාට ද හරිහමන් රැකියාවක්‌ තිබුණේ නැත.

අසරණ දරු දෙදෙනා අනන්ත දුක්‌ විඳින්නට වූහ. කරදඬු උස්‌ මහත් ව සිටි පුත්‍රයා කුලී වැඩ කරන්නට ගියේ ජීවත්වීමට කිසියම් මුදලක්‌ සොයා ගැනීම සඳහා ය. සීයාත් තම බාල නැගණියත් ජීවත් කරවීමට ඔහු නොවිඳිනා දුක්‌ විඳින්නට වූයේ තමන් ජාතක කළ මවුපියන්ට ද ශාප කරමින් ය.

කාංචනා තම අලුත් පෙම්වතා වූ අසේල සමග ගත කළ ජීවිතයට ද එතරම් ආයුෂ තිබුණේ නැත. අසේල සමග සම්බන්ධතාවය පවත්වාගෙන යද්දී ඇය තවත් තරුණයන් කීපදෙනකුම ඇසුරු කළා ය. මේ සම්බන්ධතා හෙළි වීමෙන් පසු දැඩි ලෙස කෝපයට පත්වූ අසේල කාංචනා අතහැර දමා යන්නට ගියේ ය.

ඇඳුම් මාරු කරන්නාක්‌ මෙන් පිරිමින් මාරු කිරීමට පුරුදුව සිටි නිසා කාංචනා අසේලගේ වෙන්වීම ගැන පසුතැවිලි නොවුණා ය. කාලයක්‌ යද්දී ඇය නැවත ගැබිනියක වූවා ය. දරුවාගේ පියා කවුදැයි ඇයවත් නිවැරැදිව දැන සිටියේ නැත. අවසානයේ හරිහමන් ජාතකයක්‌ නැති දරුවකු ඇය බිහි කළා ය. කාංචනාගේ ජීවිතය බෙහෙවින් කටුක එකක්‌ බවට පත්වෙමින් තිබුණේ ය. මිල මුදල් අහේනිය ඇයට තදින්ම දැනෙන්නට විය.

මිතුරියකගේ මාර්ගයෙන් කොල්ලුපිටියේ පිහිටි රාත්‍රි සමාජ ශාලාවට කාංචනා සම්බන්ධ වන්නේ යහමින් මිල මුදල් හරි හම්බ කර ගැනීමේ අරමුණෙන් ය.

සල්ලාලයන් පිනවීම ඇයට අලුත් අත්දැකීමක්‌ අවශ්‍ය නොවුණි. සමාජ ශාලාවේ ගත කරන ජීවිතයෙන් කාංචනා ද කිසියම් තෘප්තියක්‌ ලැබුවා ය. පිළියන්දල පන්සල පාරේ නිවසක්‌ කුලියට ගත් කාංචනා තම සිඟිති දරුවාද සමඟ එහි පදිංචියට ගියා ය. කාංචනා රාත්‍රි සමාජ ශාලාවක රැකියාව කරන නළඟනක්‌ බව අහල පහල කිසිවකුත් දැන සිටියේ නැත.

සිඟිති දරුවා රාත්‍රි කාලයේ දී අසල්වැසි නිවසක නතර කර රැකියාවට යැමට ඇය පුරුදුව සිටියාය. කාංචනාට ඇගේ ජීවිතයේ තුන්වැනි සහකාරයා හමුවන්නේ ඔය අතරතුරදීය. නාමල් වෘත්තියෙන් පොලිස්‌ නිලධාරියකු වූවේ ය. කාංචනාට නාමල් දැන හඳුනා ගන්නට ලැබුණේ පොලිසියේදී ය. ඒ කිසියම් නීතිමය කටයුත්තක්‌ සඳහා ඇය පොලිසියට පැමිණි අවස්‌ථාවේදී ය.

විවාහකයකු වූ නාමල් සිය අනියම් බිරිඳ ලෙස කාංචනා සමග සම්බන්ධතාවක්‌ පවත්වාගෙන ගියේ ය. සතියකට දෙතුන් වතාවක්‌ ඔහු කාංචනාගේ පහස සොයාගෙන ඇගේ කුලී නිවසට එන්නට පුරුදුව සිටියේ ය. නාමල් සමග අනියම් හාදකමක්‌ පවත්වාගෙන ගිය ද කාංචනා සිය රැකියාව අතහැර දැමුවේ නැත.

සුපුරුදු ලෙස පුංචි දරුවා යාබද නිවසේ නතර කළ ඇය රාත්‍රි සමාජ ශාලාවේ නළඟනගේ චරිතය රඟදැක්‌වීමට දිනපතා යැමට පුරුදුව සිටියා ය. ජනවාරි 19 වැනිදා සවස කාංචනා සුපුරුදු ලෙස සිය රැකියාවට යන්නට සූදානම් වූවා ය. පුංචි පුතා ඇගේ සිරුරේ දැවටෙමින් කෙඳිරි ගාන්නට වූවේ ය.

"පුතේ මම වැඩට ගිහිල්ලා එනකල් ඇන්ටිලා එක්‌ක ඉන්න. මම උදේට එනවනේ ඔයාව බලන්න." කාංචනා සිය සිඟිති දරුවා සනසන්නට උත්සාහ කළාය.

"හැබැයි අම්මා එනකොට මට මාස්‌මෙලෝස්‌ ගේන්න ඕනේ. එහෙම නැත්නම් මම තරහයි." පුංචි පුතා තම මව ඉදිරියේ සුරතල් වුණේ ය.

"හරි හරි පුතේ මම එනකොට නොවරදවාම ඔයාට මාස්‌මෙලෝස්‌ ගේනවා" කාංචනා එදින ද සුපුරුදු ලෙස තම සිඟිති දරුවාට සමු දුන්නේ ය. එහෙත් ඒ සමුදීම මුළු ජීවිත කාලයටම සමුගැනීමක්‌ වනු ඇතැයි ඇය නොසිතුවා ය.

එදින මධ්‍යම රාත්‍රී 12.30 ට පමණ පිළියන්දල පොලිසිය වෙත හදිසි ඇමතුමක්‌ ලැබුණේ ය. ඉන් කියෑවුණේ පිළියන්දල පන්සල පාරේ නිවසක කාන්තාවක්‌ පිළිස්‌සී අසාධ්‍යව සිටින බවයි. වහාම ක්‍රියාත්මක වූ පිළියන්දල පොලිසියේ අපරාධ අංශයේ ස්‌ථානාධිපති දුමින්ද ඇතුළු නිලධාරීන් පිරිසක්‌ පිළියන්දල පන්සල පාරේ පිහිටි නිවස සොයා ගියහ.

නිවස පිටුපස ළිඳ අසල දැඩි ලෙස පිළිස්‌සී මියගොස්‌ සිටි කාන්තාවකගේ සිරුර පොලිසිය සොයා ගත්තේ ය.
දැඩි ලෙස පිළිස්‌සී මියගොස්‌ සිටියේ කාංචනා ය. ඒ වනවිට නිවසේ කිසිවකුත් සිටියේ නැත. ඇගේ හය හැවිරිදි දරුවා සිටියේද යාබද නිවසේ ය.

"මේ ගෑනුකෙනා කෑගහන සද්දෙට අපි ඇහැරුණේ. ළිඳ ළඟ පිරිමි කෙනෙක්‌ හිටියා. මිනිහාගේ ඇඟේ නූල්පොටක්‌වත් නැතිව සිටියේ. ඒ මනුස්‌සය වතුර ගහලා ගෑනුකෙනාගේ ඇඟේ ඇවිලිච්ච ගින්න නිවලා දැම්මා. හැබැයි ටික වෙලාවක්‌ යද්දී ඒ මනුස්‌සය අතුරුදන් වෙලා."

අසල්වැසියන්ගෙන් දැන ගන්නට ලැබුණේ එවැනි තොරතුරු ය. කාංචනාගේ පුංචි පුත්‍රයාට ද එතරම් තේරුමක්‌ නැත. මව අහිමි වී ඇති බව පමණක්‌ ඔහු දැන සිටියේ ය.

"අම්මා මාස්‌මෙලෝස්‌ අරගෙන එනවා කියලා ගියේ. අනේ මට මගේ අම්මව ගෙන්නලා දෙන්න....." කාත් කවුරුවත් නැති අසරණ දරුවා තම මවගේ සෙනෙහස ඉල්ලා හඬන්නට වුණේ ය.

කාංචනා සිරුරට ගිනි තබාගෙන සියදිවි හානි කර ගත්තේ ද? එසේත් නැත්නම් කිසිවකු ඇගේ සිරුරට ගිනි තැබුවේද? යන උභතෝකෝටික ප්‍රශ්නයට පොලිසිය මැදිවී සිටියේ ය.

නිරුවතින් ළිඳ ළඟ සිටි පුද්ගලයා කවුද? ඔහු මේ සිදුවීමට සම්බන්ධකමක්‌ තිබේද යන්න පිළිබඳව පිළියන්දල පොලිසිය සොයන්නට පටන් ගත්තේ ය.

"ග්‍රෑන්ඩ්පාස්‌ පොලිසියේ රාළහාමි කෙනෙක්‌ එක්‌ක ඔය ගෑනුකෙනා යාළුවෙලා හිටියා. ඒ රාළහාමි ඉඳලා හිටලා මේ ගෙදරට එනවා. ඒ ආවහම රැයක්‌ ගත කරලා යන්නෙ. ඔය සිද්ධිය වෙන දවසෙත් ඔය රාළහාමි රාත්‍රියේ ගෙදරට ආවා."


අසල්වැසි නිවසකින් පොලිසිය වෙත ලැබුණු තොරතුරු ඉතාම වැදගත් විය. පොලිසිය ග්‍රෑන්ඩ්පාස්‌ පොලිසියේ සේවය කරන කොස්‌තාපල් පසුපස ලුහු බඳින්නට පටන් ගත්තේ කාංචනාගේ අබිරහස්‌ මරණය පිළිබඳ තොරතුරු සොයා ගැනීම සඳහා ය.

ගල්කිස්‌ස කොට්‌ඨාසයේ වැඩ බලන පොලිස්‌ අධිකාරී මුදිත පෙරේරා, සහකාර පොලිස්‌ අධිකාරී ඒ. ජයලත් යන මහත්වරුන්ගේ උපදෙස්‌ මත පරීක්‍ෂණ ආරම්භ කළ පිළියන්දල පොලිස්‌ ස්‌ථානාධිපති සෝමරත්න. අපරාධ අංශයේ ස්‌ථානාධිපති දුමින්ද ඇතුළු නිලධාරීන් කාංචනාගේ අනියම් සැමියා සොයා කොළඹ නගරය පීරන්නට පටන් ගත්තේය.

මේ අතරතුර පොලිස්‌ කොස්‌තාපල්වරයා පිළියන්දල පොලිසිය වෙත භාර වුණේය. පොලිසිය කොස්‌තාපල්වරයාගෙන් ප්‍රශ්න කිරීම් ආරම්භ කළේ කාංචනාගේ මරණය පිළිබඳව නිවැරැදි තොරතුරු දැන ගැනීමේ අරමුණු ඇතිව ය.

"කාංචනාගෙයි මගෙයි අනියම් සම්බන්ධයක්‌ තිබුණා. ඔය සිද්ධිය වෙච්ච දා රාත්‍රි 10.00 ට විතර අපි දෙන්න ගෙදරට ආවා." කාංචනා එදා වැඩට ගියෙ නැහැ. අපි දෙන්නා ගෝල්ෙµaස්‌ එකේ ඇවිදින්න ගියා. පැය දෙක තුනක්‌ ඉඳලා අපි ගෙදර ආවෙ.

කාංචනාට හොඳට අරක්‌කු බොන්න ඕනෙ. එයා නයිට්‌ ක්‌ලබ් එකේ දී අරක්‌කු බීල පුරුදුවෙලා හිටියෙ. මම එනකොට විස්‌කි බෝතලයක්‌ අරගෙන ආවා. එදා රෑ අපි දෙන්නා හොඳටම අරක්‌කු බිව්වා.

රෑ දෙගොඩ හරියෙ කාංචනාගෙ හෑන්ඩ් ෆෝන් එකට කෝල් එකක්‌ ආවා. එයා කෝල් එක දුන්න කෙනත් එක්‌ක බැණ ගත්තා. ටෙලි ෆෝන් එක අරගෙන කාංචනා එළියට ගිහින් කතා කළේ.

ඒ අතරෙ මට නින්ද ගියා. හදිසියෙම මට එකපාරටම ඇහැරුණා. ඒ කාංචනා කෑගහන සද්දෙට මම ඇහැරිලා බලද් දී කාංචනාගෙ මුළු ඇඟම ගිනි ගන්නවා. ගේ ඇතුළෙ වතුර තිබ්බෙ නැහැ. මම එයාව ඇදගෙන ගියා ළිඳ ළඟට. ළිඳෙන් වතුර අරගෙන එයාගෙ ඇඟට දාලා නිමුවා.


කාංචනාගෙ මරණෙට මාව අහුවෙයි කියලා බය හිතුණා. ඒ නිසයි මම හෙමිහිට එතැනින් මාරුවෙලා ගියේ."

පොලිස්‌ කොස්‌තාපල්වරයා පිළියන්දල පොලිසිය හමුවේ කියා සිටියේ එවැනි තොරතුරකි. කොස්‌තාපල්වරයා කළ පාපොච්චාරණය ඒ අයුරින්ම භාර ගැනීමට පොලිසිය සූදානම් වුණේ නැත.

කාංචනා නිදා සිටි කාමරයේ වතුර වීදුරු කීපයක්‌ බිඳ දමා තිබී පොලිසිය සොයා ගත්තේ ය. රාත්‍රි රැකියාවට යනවිට බත් පැකට්‌ටුවක්‌ රැගෙන යැමට කාංචනා පුරුදුව සිටියා ය. එදින රාත්‍රි රැගෙන ගිය බත් පැකට්‌ටුව ද ඇය නිවසට නැවත රැගෙන විත් තිබුණේ ය. එහෙත් ඒ බත් පාර්සලය පොළොවේ ගසා තිබෙන බව පොලිසිය සොයා ගත්තේ ය.

මේ කාරණය ගැන සැලකිලිමත් වෙද්දී කාංචනාගේ මරණයට පෙර නිවසේ කිසියම් ගැටුම්කාරී තත්ත්වයක්‌ පැවතුණු බව පොලිසිය සොයා ගත්තේ ය.

එහෙත් පොලිසිය උභතෝකෝටික ගැටලු කීපයකට මැදිව සිටියේ ය. කාංචනා සහ කොස්‌තාපල්වරයා අතර ආරවුල් තිබූ බවට සාක්‍ෂි කිසිවක්‌ ඒ වනවිට හමු නොවීම අවසන් වරට කාංචනාට දුරකථන ඇමතුම ලබා දුන් පුද්ගලයා කවුරුන්ද? යන්න හෙළි වී නොතිබීම පරීක්‍ෂණ කටයුතු අඩපණ කළේ ය.

අවසානයේ දී පොලිස්‌ කොස්‌තාපල්වරයා බන්ධනාගාරගත කෙරුණේ ය. ඒ වනවිට ඔහු සිව්මස්‌ දරුවකුගේ පියකුව සිටියේ ය. කාංචනාගේ රාග දැලේ පැටලී සිටි කොස්‌තාපල්වරයා තම නීත්‍යනුකූල බිරිඳටත් දරුවාටත් කර තිබුණේ මහා ද්‍රෝහිකමකි.

කාංචනාගේ සිරුර භාර ගැනීමට ඒ වනවිට කිසිවකුත් ඉදිරිපත්ව සිටියේ නැත.

"අපේ අම්මා අපි ගැන බැලුවේ නැහැ. අපි ජීවත් වෙන්නෙත් හරිම අමාරුවෙන්. ඒ නිසා අපට අම්මගෙ මිනිය භාර ගන්න බැහැ."

කාංචනාගේ මුල් කසාදයේ දරුවන් දෙදෙනා ඇගේ සිරුර භාර ගැනීම ප්‍රතික්‍ෂේප කළෝ ය. අවසානයේ රජයේ වියදමින් ඇගේ සිරුර භූමදාන කිරීමට පොලිසිය කටයුතු කළේ ය.

කාංචනාගේ මරණය තවමත් අබිරහසක්‌ව තිබෙයි. කිසියම් පුද්ගලයකු ඇයගේ සිරුරට ගිනි තබා මරා දැමුවේද? එසේත් නැත්නම් ඇය සිරුරට ගිනි තබා ගත්තේද? මේ මරණයට කොස්‌තාපල්වරයා සෘජුවම සම්බන්ධ වී සිටින්නේද?

මේ සියලු කාරණාවලට විසඳුම් සොයා ගැනීමේ භාරදූර වගකීම පිළියන්දල පොලිසිය වෙත භාර වී තිබෙයි.


-Hemantha Rndunu-


*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Nodutu Lokaya