Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: තව පොඩ්ඩක් කෙට්ටු වුණොත් සේමිණි ගොඩේ ගොඩ

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

තව පොඩ්ඩක් කෙට්ටු වුණොත් සේමිණි ගොඩේ ගොඩ

rash

නිදහස ඕනෑ තරම් 
තිබෙනවා.....
පෙම්වතියක් 
වෙන්න 
තවම පුළුවන්.....

චිත්‍රපට හා ටෙලිනාට්‍ය නිළියක වන සේමිණි ඉද්දමල්ගොඩඉතාමත් දීර්ඝ කාලයක් පුරාවටම ක්ෂේත්‍රය තුළ රැදී සිටින සම්මානනීය නිළියකද වනවා. නමුත් සේමිණි නම් මේ දිනවල රූපවාහිණිය හරහා දකින්නට නොලැබෙන තරම් ය.  එයට හේතුව ඇය මෙගා නාට්‍යවලට අකමැති නිසා බවත් පැවසු සේමිණි ඇගේ අලුත්ම තොරතුරු පිළිබදව රසිකයන්හට කිවේ මෙලෙසිනි.

මම වසර 4කින් ටෙලිනාට්‍යයකට සම්බන්ධ වුණේ. නැහැ. ඒ නිසයි වැඩිය පේන්න නැත්තේ. මම මේ දැන් තියෙන ටෙලි නාට්‍ය ප්‍රවණතාවට කැමැති නැහැ..... ඒක තමයි හේතුව. ඒ නිසා මම ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙන්නේ නැහැ.... ඉදිරියේ දී මේ ප්‍රවණතාවය තිබුණොත් දිගටම මම ටෙලි නාට්‍යවලින් දකින්න නොලැබේවි.

කටකතා ගැන අදහසක්

ජනප්‍රිය පුද්ගලයන් ඉලක්ක කරගෙන කටකතා හැදෙනවා. ඒවාට කලබල විය යුතු නැහැ. එහෙම කතාවක් නොහැදෙන ලෙසට පරිස්සම් විය යුතුයි.

සේමිණීගේ විලාසිතා


මම විලාසිතාවලට කැමැතියි. මගේ ශරීරයේ හැඩය අනුව මම විලාසිතා කරනවා. නමුත් අනවශ්‍ය විදියට ‍නෙවෙයි. පුද්ගලයන් විලාසිතා කළාට කමක් නැහැ. වයසට, දේශගුණයට, සිරුරේ, හැඩයට සමේ පාටට ගැළපෙන ලෙස විලාසිතා කළාට වරදක් නැහැ.

පෙම්වතියකගේ චරිතය ලැබුණොත්.

අනිවාර්යයෙන් මම ඒ චරිතය භාරගන්නවා. ඒ චරිතයට අවශ්‍ය ලෙස මම හැඩ ගැහෙනවා. මම දන්නවා මම ටිකක් කෙට්ටු වුණොත් පාසල් ශිෂ්‍යාවකගේ චරිතය වුණත් රඟපාන්න පුළුවන් කියලා.

රූපය රැකගැනීම

මම ආහාර පාලනය කරනවා. වැඩිපුර වතුර බෙනවා.  පලතුරු ආහාරයට ගන්නවා. මම දැකලා තියෙනවා තරුණ ගැහැනු ළමයිගෙ වයසට වඩා පෙනුමක් එයාලගෙන් පේන්න තියෙනවා. එහෙම විය යුතු නැහැ. කවුරුත් කැමැතියි රූපය ලස්සනට තියා ගන්න. ඒ වෙනුවෙන් ටිකක් කාලය වැයකළාට වැරැද්දක් වෙන්නේ නැහැ.

මෙගා නාට්‍ය ගැන හිතන විදිහ


මම දකින විදිහට මෙගා නාට්‍යය තුළ ගැඹුරක් ඇති චරිත නැහැ. ප්‍රවීණ රංගන ශිල්පීන් ඇතැම් විට එවැනි ගැඹුරු චරිතවල ඉන්නවා. නමුත් මට ඒ පිළිබඳව සෑහීමක පත්වෙන්න අමාරුයි. ඒ නිසා ඒ වගේ මෙගා නාට්‍යවලට සම්බන්ධ වෙලා කාලය නාස්ති කරන්න මම කැමැති නැහැ.

ඔබ රංගනයෙදී හා සාමාන්‍ය ජීවිතයේදී චරිත දෙක්ක්.

පැහැදිවම ඔව්. රංගනයේ යෙදෙන විට එය රංගනයක් පමණයි. සාමාන්‍ය ජීවිතයේ දී මම රඟපාන්නේ නැහැ.... මට නිදහස ඕනෑ තරම් තිබෙනවා. මම සාමාන්‍ය කෙනෙක් විදිහටයි ජීවත් වෙන්නේ.

ටෙලිනාට්‍ය හරහා නොපෙනුණත් චිත්‍රපට තුළ රගනවා.


මම චිත්‍රපට ගණනාවකට සම්බන්ධ වුණා. ඒවා ඉදිරියේ දී තිරගත වේවි. ටෙලි නාට්‍යවලට මෑතක දී සම්බන්ධ නොවුණත් මම රඟපෑ ටෙලි නාට්‍ය ගණනාවක් තිබෙනවා.

ඒවා යථා කාලයේ දී ප්‍රේක්ෂකයන්ට රසවිඳිය හැකියි. මොහාන් නියාස් මහත්තයාගේ සනත් ගුණතිලක මහත්තයාගේ ශීවගුරුනාදන් මහත්තයාගේ මෙන්ම ප්‍රසන්න ජයකොඩි මහත්තයාගේ චිත්‍රපට හරහා ඉදිරියේ දී මම ප්‍රේක්ෂකයා අතරට පැමිණෙනවා.






*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Nodutu Lokaya