Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: ඩිනක්ෂි ආෂිකි ත්‍රී චිත්‍රපටයට

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

ඩිනක්ෂි ආෂිකි ත්‍රී චිත්‍රපටයට

rash

ශේෂාද්‍රිගේ ෆිල්ම්
දෙකෙන්
ඩිනක්ෂිට
චාන්ස් 
එකක් පෑදිලා

කලා ක්ෂේත්‍රයේ යොවුන් රංගන ශිල්පිණියක වන "ඩිනක්ෂි ප්‍රියසාද්" ඉකුත් දින පුවත් පත් හමුවක දී බයිට් එකට සෙට් වෙලා. මේකත් පසුගිය දා නිමා වුණු "හිරු ටීවී" එකේ මෙගා බයිට් වගේ කොහෙන් කෙලවර වෙයිද දන්නේ නැහැ..... කෙසේ නමුත් මේකෙදි නම් ඩිනක්ෂි හොදටම බයිට් වුණා. එම සංවාදය පහතින්.

ඩිනක්ෂි හැමදාම මාධ්‍යත් එක්ක ගනුදෙනු කළේ ගොඩක් ළෙංගතු විදියට. පෙනුමෙන් වගේම ඇත්තටමත් අහිංසක එයාව අපි ආෂික් 3 ෆිල්ම් එකට තෝරා ගත්තා. පොඩ්ඩක් කල්පනා කරල බලන්න ආෂික් 2 එකේ මේන් රෝල් කරන නිළියයි මෙයයි දෙන්නත් එක වගේ නේ නේද?


ඩිනක්ෂි ප්‍රියසාද්?

ඔව්. කතා කරනවා.

හරි, ඩිනක්ෂි මම රාම් ගෝපාල් වර්මා කතා කරන්නේ ෆිල්ම් ඩිරෙක්ටර් සංජය ලීලා බන්සාලිගේ ලංකාවේ කෝඩිනේටර්. සංජයව අහල තියෙනවා නේද?

ඔව්. මම දන්නව දේව්දාස්, ගුෂාරිස්, සවාරියා ම්... එතකොට හම් දිල්කේ චුකේ සනම් එහෙමත් එයාගේ ෆිල්ම්නේ නේද?


සතුටුවෙනව ඩිනක්ෂි ඔයාගේ දැනුම ගැන. ඔයා හරියටම කිව්වා. සංජය තමයි ආෂික් 3 ෆිල්ම් එකේ ඩිරෙක්ටර්. අපි ඔයාව මේන් රෝල් එකට තෝරගෙන ඉන්නව.

මම ඒක විශ්වාස කරන්නේ නෑ..... ෂුවර් එකට මේක කාගේ හරි ලණුවක්.

ඔන්න ඕක තමයි ඩිනක්ෂි අපිට ගහල තියෙන හෙණේ. ප්‍රෝෆොෂනල් වැඩක්වත් කතා කරගන්න බෑ..... ආර්ටිස්ල හිතන්නේ විහිළු කරනවා කියලා. 

හරි කමක් නෑ කියන්නකෝ

ඩිනක්ෂි මෙහෙමයි ආෂික් 2 ෆිල්ම් එකේ අන්තිමට කොල්ල වතුරට පනිනවනේ. ඒ වුණාට කොල්ලා මැරෙන්නේ නෑ..

ඇයි නැත්තේ බොඩි එක පෙන්නනවනේ.

බොඩි එක පෙන්නනව තමයි ඒත් හරියටම මූණ පෙන්නන්නේ නෑනෙ. අපි ෆිල්ම් එක කරන්නේ ඒ බොඩි එක වෙන කෙනෙක්ගේ විදියට.


මොකක්ද එහෙම කරන්න හේතුව?

මෙහෙමයි කොල්ලට කෙල්ල එපාවෙලා බොරුවට ගඟට පනිනවා. එයාගෙ ඇඳුම් වෙන කෙනකුට අන්දනව. ඒ බොඩි එක තමයි අර ෆිල්ම් එකේ ගන්නේ.

එතකොට බෝරිංනේ.

ඉන්නකො කියනකල් කොල්ල ගඟට පනිනකොට ඉන්දීය ධීවරයෙක්ගේ මාළු දැලක පැටලෙනව. ඒ ධීවරය ලංකාවේ මුහුදු සීමාවේ අනවසරයෙන් මාළු අල්ලන්න ඇවිල්ල නේවි එකෙන් අත්අඩංගුවට ගන්නවා. කොල්ල හිරෙන් පනිනව. ඊට පස්සේ ඔයාව හම්බවෙනව.

හ්ම් Zoom. ඇයි මාව තෝර ගත්තේ?

කලින් කෙල්ලත් ටිකක් ඔයා වගේ නිසා තමයි.

මට තාම ෂුවර් නෑ.... අප්පා.

හරි මට ඩිනක්ෂි ඉන්න තැනක් කියන්න. මම ස්ක්‍රිප්ට් එක එවන්නං.

ඒක හොඳයි. මොකද මට තාම ෂුවර් නෑ....

ඩිනක්ෂිට හින්දි පුළුවන් නේද?

බෑ.... මට නං පොඩ්ඩක්වත් බෑ..... ඇයි ස්ක්‍රිප්ට් එක තියෙන්නේ හිංදියෙන් ද?

ඒකනෙ ප්‍රශ්නේ දැන් මොකද කරන්නේ?


කමක් නෑ..... ඉස්සෙල්ල ස්ක්‍රිප්ට් එක එවන්නකෝ. අපි ඊට පස්සෙ ඒ ගැන කතා කරමු.

ආ තව දෙයක් මිස්ට බන්සාලිට ඩිනක්ෂිගේ අර ෆිල්ම් දෙකේ ච්ඍච් දෙකක් තියෙනවනං ඉල්ලුව.

මොන ෆිල්ම් දෙකේද?

සෙනසුරු මාරුවෙයි. චැලෙන්ජර් එකෙයි.

අයියෝ මෙච්චර වෙලා කතා කරේ ඒ ෆිල්ම්වල ඉන්නේ මම කියල හිතාගෙනද? ඒ මගේ නංගි.

එහෙමද? මාර සීන් එක තමයි අවුලක් නෑ.... මිෂ්ට බන්සාලිට ඕව මතක නෑ..... දෙන්නම එක වගේනෙ. අපි නංගිගෙ ෆිල්ම් දෙක එයාට පෙන්නමු. ඒ කරල ඩිනක්ෂි රඟපාන්න.

බෑ.... බෑ..... එහෙම දේවල් මම කරන්නේ නෑ...... නංගිගේ නම්බර් එකට කතා කරල බලන්න. ඕන නං මමත් කියන්නං.....

පුංචි චරිතයකට හරි මම ඩිනක්ෂිව ගන්නව. මොකද මම ඔයාට බලාපොරොත්තු දුන්නා.

නෑ..... නෑ..... මම ඔයාගෙ බලාපොරොත්තු භාර ගත්තේ නෑ...... ඒ නිසා මට චරිත එපා.

ඩිනක්ෂිට නං පොඩ්ඩක්වත් තරහ ගියෙ නෑ.... සමහර විට. ඒ එයාගේ හැටි වෙන්න ඇති.ඒත්මේ නිව්ස් එක පළ වෙලකල්ම ඩිනක්ෂි දන්නේ නෑ එයා බයිට් වුණා කියලා.






*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Nodutu Lokaya