Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: සුසාර නිසා මධු දිගන්තය අත්හරියි

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

සුසාර නිසා මධු දිගන්තය අත්හරියි

rash

මට දැන්
සුසාර 
ළගින්ම 
ඉන්න වෙලා....

මීට වසර පහකට පමණ පෙර සිරස රූපවාහිනි තිරය මත හැඩවුණ මධු බෝගහවත්ත නම් වූ ඇගේ නිවේදනය පමණක් නොව ඇගේ රුව ද අද අහන්න දකින්න ලැබෙන්නේ නැහැ... ඒ දේවල් කොයි විදිහකින් සිදු වූ නමුත් ඇය පිළිබඳව මේ දිනවල කවුරුත් කතා බහ කරනවා.

ඒ සුසාරදිනාල් නමැති මාධ්‍යකරුවාගේ බිරිඳ ඈ නිසයි. සුසාර දේශපාලනඥයෙක් හැටියට නොබෝ දිනකින්ම සමාජගත වෙනවා. ඒ පිළිබඳ මෙන්ම දේශපාලනඥයෙක් වූ සැමියා සමග ඇයගේ පවුල් ජීවිතය ඉස්සරහට ගලාගෙන යන ආකාරය ගැනත් තනිකඩ දිවියට සමුදුන් මධුට විවාහ කියන සංකීර්ණ බැදීම පිළිබදව හැගෙන හැටි පිළිබදවත් ඇය සති අන්ත පුවත්පත් හමුවක් හා එක්වෙමින් පවසා සිටියේ මෙලෙසිනි.

"විවාහ ජීවිතය කියන්නේ වගකීම් හුඟක් එකතු වුණ තැනක්. ඒ වගකීමෙන් මිදෙන්න බැහැ..... ඒ වගේම විවාහ ජීවිතය වගකීමෙන් තොරයි කියලා කියන්නත් බැහැ. දෙන්නෙක් අතර තියෙන බැඳීමක් නිසා අවබෝධයෙන් ජීවත් වෙන්න ඕන.

ඒ අවබෝධයත් බැඳීමත් තිබුණේ නැති නම් පවුල් ජීවිතයේ ප්‍රශ්න මතු වෙන්න පුළුවන්. අපි විවාහ වුණේ 2013 ජුලි 11 දා. එදා ඉඳලා මමත් සුසාරත් සතුටින් ජීවත් වෙනවා. අපි දෙන්නගේ බැඳීමක් එක්ක සමහර වෙලාවට විවාහයේ වගකීම දැනෙන්නෙත් නැති තරම්.

මම 2009 වර්ෂයේ තමයි නිවේදන වෘත්තියෙන් ඉවත් වුණේ. දැන් අවුරුදු පහක් වෙනවා. මම එයින් ඉවත් වෙලා. ඒ දවස්වල මම දිගන්තය වැඩසටහන වගේම ගුවන්විදුලි වැඩසටහන් කළා. ඒ කා‍ලේ හරිම කාර්ය බහුලයි. මම නිදහසේ ඉන්න කැමැති කෙනෙක්. ඒ නිසා ඒ දවස්වල තිබුණ කාර්යබහුල ජීවිතයෙන් ඉවත් වුණොත් හොඳයි කියලා හිතුණා. එහෙම හිතලා නිවේදන වෘත්තියෙන් ඈත් වුණා. ඒ ගැන අද මට දුකක්වත් පසුතැවීමක්වත් නැහැ.

අවුරුදු පහකට කලින් තමයි මාව සිරස රූපවාහිනි තිරය ඔස්සේ ප්‍රේක්ෂකයින්ට දැකගන්න ලැබුණේ. ඊට පස්සේ කවදාවත්ම මාව දැකගන්න ලැබුණේ නැහැ.

ඒත් එදා ලැබුණ හඳුනාගැනීම ඒ විදිහටම මේ සමාජයෙන් මට ලැබෙනවා. දැක්ක තැන මධු අක්කේ ඇයි ‘දිගන්තය’ කරන්නේ නැත්තේ කියලා අහනවා. දිගන්තයේ මධු හැටියට හැමෝම හඳුනනවා.

කොහේ ගියත් හිනාවෙන කතා කරන අය ඉන්නවා. ඉතිං මට හිතෙනවා මාව  තවම මිනිසුන්ට මතකයි කියලා. ඒ සතුට තවමත් මාව තෘප්තිමත් කරනවා. ඇත්තටම කිව්වොත් මම අදටත් ජනප්‍රියයි."

සුසාර  දිනාල් කියන්නේ සිරස රූපවාහිනියේ විශේෂඥ උපදේශකවරයෙක්, නීතිඥයෙක්. ඉදිරියේදී දේශපාලනඥයෙක්. ඔහු සමග ගෙවෙන ජීවිතය.


"ඇත්තටම හුඟක් සතුටුයි. ඒ හැම තනතුරකටම වඩා මට ඔහුගේ මනුස්සකම වටිනවා.  පුද්ගලික ජීවිතෙන් වෘත්තීය ජීවිතයෙන් සුසාර පිළිවෙළකට වැඩගන්න කෙනෙක්. ඒ පිළිවෙළයි මනුස්සකමයි දක්ෂතාවයයි නිසා තමයි සුසාර අද සමාජයේ හොඳ තැනක ඉන්නේ.

ඒ ගැන බිරිඳ විදිහට මට සතුටු වෙන්න පුළුවන්. හොඳ ස්වාමිපුරුෂයෙක් ලැබිමත් සමාජයට වැඩදායක පුද්ගලයෙක් විදිහට ඔහුට පෙනී ඉන්න පුළුවන් වීම ගැනත් ඇත්තටම මම ආඩම්බර වෙනවා.
 
සුසාර දේශපාලනඥයෙක් හැටියට සමාජගත වෙනවාට මගේ කිසිම අකමැත්තක් නැහැ. ඒ එයාගේ තීරණය. බිරිඳ හැටියට මට කරන්න පුළුවන් වෙන්නේ ඔහුගේ කටයුතුවලට නිදහසේ වැඩකරන පවුල් පසුබිම ඇති කරන එකයි. මම ඒ දේ සුසාර වෙනුවෙන් කරනවා.

මට ආයෙමත් මාධ්‍යයට එකතු වෙලා වැඩ කරන්න එහෙම ලොකු ආසාවක් නැහැ. මම කැමැතියි සුසාරගේ බිරිඳ විදිහට ගෙදරට වෙලා ඉන්න. ඒ නිසා ආයෙමත් මාව මාධ්‍යයෙන් දකින්න ලැබෙන්නේ නැති වේවි.


ගෙදරදොරේ වැඩකටයුතු සේරම මම කරනවා. සුසාරගේ අම්මා ඉන්නෙත් අපි ළඟ. අම්මත් මට උදව් කරනවා. සුසාරගේ අම්මටයි, තාත්තටයි ඉන්න එකම ළමයා සුසාර නිසා පුංචි කා‍ලේ ඉඳලම එයාගේ වැඩ ළඟට කරලා දෙන්න ඕන. පුරුද්දක් හැටියට අදටත් එහෙමයි. ඒ නිසා මම ම එයාගේ වැඩටික හොයලා බලලා කරලා දෙනවා."




*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Nodutu Lokaya