Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: සුසන්තිකාගේ ඊළඟ ඉලක්කය ගැන ඔබත් දැනුවත් ද?

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

සුසන්තිකාගේ ඊළඟ ඉලක්කය ගැන ඔබත් දැනුවත් ද?

rash

රටේ අහුමුළුවල
ඉන්න දක්ෂ 
කොල්ලො, 
කෙල්ලෝ ගැන 
මට කියන්න.....

ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ රත්තරන් අකුරින් නමක් ලියූ සුසන්තිකා මීට දින කිහිපයකට කලින් තවත් තිළිණයක් හිමිකර ගත්තා. හැබැයි ඒ තිළිණය සුසන්තිකා ක්‍රීඩිකාවට නම් නෙවෙයි. සුසන්තිකා ජයසිංහ කියන ගැහැනියට හිමි වූ තිළිණයක්. සුසන්තිකාට දෙවැනි වතාවටත් මවු පදවිය හිමිකර දෙමින් පුංචි දූ සිඟිත්තියක් 2014 ජනවාරි 13 වැනිදා සුසන්තිකාගේ ජීවිතයට එකතු වුණා.

පුංචි දූ ඉපදීම එක්ක මවක් විදියට සුසන්තිකා තවත් කාර්යබහුල වෙලා. හැබැයි ඉතින් ක්‍රීඩාව වෙනුවෙන් ඉටුකළ යුතු මෙහෙවර නම් කවදාවත් අමතක කරන්නේ නැහැ කියලයි සුසන්තිකා කියන්නේ.  ඇගේ පුද්ගලික ජීවිතය බොහොමත්ම සතුටින්ගලාගෙනයන අතරේ ඇය අප රටේ දුෂ්කර පළාත්වලින් බිහිවන දගකාර මෙන්ම ක්‍රීඩාවට දක්ෂ දරුවන්ට අතහිත දෙන්නටත් සැදී පැහැදී සිටින බව කිවේ ඇගේ පෞද්ගලික තොරතුරු පිළිබදව ද විස්තර කරනවාත් සමගිනි.

"2014 ජනවාරි 13 වැනිදා මට පුංචි දුවෙක් ඉපදුණා. තවම දුවට නමක් නම් දැම්මේ නැහැ. දැන් මම පුතෙකුයි, දුවෙකුයි දෙන්නෙක්ම ඉන්න මවක් හින්දා වගකීම් ගොඩයි. පුතා 'ඔකිත රන්දීර' දැන් එයාට අවුරුදු 4යි. පුතා බොහොම ක්‍රියාශීලී දරුවෙක්. එයා බයික් පදින්න ආසයි. අවුරුදු 4 වුණාට දැන් එයාට බොහොම හොඳට බයිසිකල් පදින්න පුළුවනි.

ඒක නම් දීර්ඝව කතා කළ යුතු මාතෘකාවක්. දෙවැනි දරුවා ඉපදුණාට පස්සේ පළවෙනි දරුවාට තියෙන ආදරේ වැඩි කළ යුතු බව මහාචාර්යවරුන් පවා පවසනවා. ඒක සම්පූර්ණ ඇත්ත බව මටත් වැටහුණේ දුව ඉපදුණාට පස්සේ.

දුව ඉපදෙන්න ඉන්න කොට පුතා මට කිව්වේ "අම්මිට මම ඉන්න හින්දා මල්ලියෙක්ව නං ගෙනෙන්න එපා. නංගියෙක් ගෙනෙන්න කියලා..." දුව ගෙනාවට පස්සෙත් පුදුම ආදරයක් දැක් වූයේ. නිතරම ළඟට ගිහින් නංගිව ඉඹිනවා. ඒත් මම දුවට ආදරේ කරනකොට එයාගේ කැත කුණු අතගානකොට, දුවට කිරි දෙනකොට පුතා කැමති නැහැ. ඒ වෙලාවට එයා ටිකක් ආවේගශීලී වෙනවා.

ඒ වෙලාවට පුතාව කලින්ම නිදි කරවනවා. දුව රෑ නැගිටලා අඬන කොට මම එයාට කිරි දෙනකොට පුතා නැගිටිනවා. මම නංගිටම ආදරේ කරනවා කියලා ඒ වෙලාවට දොස් කියනවා. ඒ විතරක් නෙවෙයි නංගිට වගේ එයාටත් කොට් එකක් ඕන, නැප්කින් ඕන කියලා කියනවා. පුතාට කිරි නැවැත්තුවේ අවුරුදු තුනේ දී. ඒත් නංගිට කිරි දෙනවා දැක්කම එයාටත් කිරි ඕනෑ කියලා කියනවා.

අම්මා කෙනෙක් විදියට මට මේ වෙලාවේ ගොඩාක් උපායශීලී වෙන්න සිදුවෙනවා. දුවට කිරි දෙන ගමන් පුතාටත් කිරි බොන්න මම ඉඩ දෙනවා. ඊට පස්සේ කියනවා, "නංගි ඉක්මනට ලොකු වුණොත් පුතාට සෙල්ලම් කරන්න පුළුවනිනේ" කියලා. ඒ වෙලාවට පුතා කිරි බොන එක නතර කරනවා. නංගිට මේ හැම දෙක්ම එයා ‍පොඩි හින්දා ඉක්මනට ලොකු කරගන්න කියන අදහස පුතාට ඇතිවෙන විදියට මම හැසිරෙනවා.

මට මගේ අම්මා ගැන හිතෙනවා. මට ඉන්නේ දරු දෙන්නයි. ඒත් අපේ අම්මා අපි පස් දෙනෙක්ම හැදුවා. ලොකු අක්කයි, දෙවැනියයි අතර පරතරය අවුරුද්දක් විතර ඇති. ඉතුරු අයත් ළඟ ළඟම. එක්කෙනෙක් දණගගා ඇවිදින කොට තව එක්කෙනෙක් තොටිල්‍ලේ. ඒ වගේ පසුබිමක ළමයි පස්දෙනෙක් බලාගෙන ගෙදර වැඩත් කරගෙන අම්මා කොයිතරම් දුකක් විඳින්න ඇතිද කියලා මට හිතෙනවා. 


මට මගේ ළමයි දෙන්නව හදාගන්න පහසුකම් ගොඩාක් තියෙනවා. ඒත් අපේ තාත්තා රියැදුරෙක් විදියට හම්බ කරන සුළු මුදලින් හරිම අගහිඟකම් මැද්දේ කුම්පි ලාම්පු එළියෙන් තමයි අම්මලා මේ හැමදේම කළේ. එහෙම හිතෙනකොට මගේ ඇස් දෙකට කඳුළු එනවා.

මගේ අත් උදව්වට අම්මා, අක්කලා තවම මගේ ළඟ ඉන්නවා. ඒක මට ලොකු ශක්තියක්. අපි සේවකයෝ තියාගෙන වැඩ ගන්නේ නැහැ. අපේ වැඩ අපිම තමයි කරගන්නේ.

මේ දේවල් කොහොම වුණත්, මට ක්‍රීඩාව අමතක කර දමන්න පුළුවන් වේවි කියලා මම හිතන්නේ නැහැ.... මට මේ හැමදේම ලැබුණේ ක්‍රීඩාව හින්දා. ක්‍රීඩාව තුළින් මේ රටේ කාටවත් යා නොහැකි තැනකට මම ගියා. ඒ සතුට හැමදාම මගේ හිතේ තියෙනවා.

ඒ වගේම අතිගරු ජනාධිපතිතුමන්ටත්, ක්‍රීඩා ඇමැතිතුමාටත් පින්සිදු වීමට මට රැකියාවක්, රියැදුරෙකු සමග වාහනයක් පවා ලැබිලා තියෙනවා. මම දිගටම මගේ වෘත්තිය වෙනුවෙන් කැපවෙනවා. සුසන්තිකා කියන්නේ හැමදාම ඉලක්කයක් ඔස්සේ ගිය ගැහැනියක්. ක්‍රීඩිකාවක ලෙස ලැබූ ජයග්‍රහණ ඒ ඉලක්කයේ ප්‍රතිඵල. දැන් මගේ ඊළඟ ඉලක්කය මේ රටේ දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් බිහිකිරීම.

ඒ වෙනුවෙන් රටේ අහුමුළුවල ඉන්න ක්‍රීඩාවට දක්ෂ කොල්ලො, කෙල්ලෝ ඉදිරියට ගෙන ඒමට මම හිතාගෙන ඉන්නවා. අවුරුදු 12ට වැඩි, ක්‍රියාශීලී, දඩබ්බර ගති ඇති, ක්‍රීඩාවට දක්ෂ, ඉදිරියට යන ගති ඇති ළමයි ඉන්නවා නම් ගුරුවරු හරි දෙමව්පියෝ හරි මට ඒ අය ගැන දන්වන්න කියා මා ඉල්ලා සිටිනවා.මට හැකි දේ ඒ ළමයි වෙනුවෙන් මම කරනවා."

උපදේශිකා, 
සුසන්තිකා ජයසිංහ,
ක්‍රීඩා අමාත්‍යංශය,
කොළඹ 7.  කියන ලිපිනයට ඔබත් දක්ෂ ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩිකාවක් නම් ඔබගේ ක්‍රීඩා දක්ෂතාවයන් පිළිබදව තොරතුරු ඇය වෙත යොමු කළ හැක. 







*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Nodutu Lokaya