Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: A330 ටෙලිය වාරණය කෙරේ! - (ඡායාරූප)

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

A330 ටෙලිය වාරණය කෙරේ! - (ඡායාරූප)

rash

මැටි නෑ... අමුඩ නෑ.... වැරහිලි නෑ.... කරත්ත නෑ.....
යාය 4, පියවි වැනි වෙනස්ම ආකාරයේ ටෙලි නිර්මාණයන්හි අධ්‍යක්ෂකවරවූ චාමර පීරිස් විසින් අධ්‍යක්ෂණය කළ "A330" නම් ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ නවතම ටෙලි නාට්‍යය ලංකාව තුළ විකාශය කිරීම තාවකාලිකව නවතා ඇත. ඒ එයාර් ලංකා සමාගම විසින් අධිකරණය නියෝගයක් ලබා ගැනීමෙන් ස්වාධීන රූපවාහිනියට කළදැනුම් දීමකට අනුව ය.

ටෙලි නාට්‍ය කේෂ්ත්‍රය තුළ මෙතෙක් කතා බහට ලක් නොවූ ගුවන් සමාගමක් තුළ දිවෙන උප සංස්කෘතිය පිළිබඳ මෙම නිර්මාණයෙන් කතා බහට ලක් වූ අතර එහිදී ගුවන් නියමුවන් හා ගුවන් සේවිකාවන් ගේ ඇතුලාන්තය පිළිබදව හෙළිදරව්වක් සිදුකොට තිබුණි.
මෙම ටෙලිනාට්‍ය මුල දී නම්කොට තිබුනේ "අව්රෝරා" ලෙසින් වූ නමුත් පසුව එය A330 ලෙස වෙනස් කරන ලද්දේ ස්වාධීන රූපවාහිනිය මගින් සිදුකළ බලපෑමකින් අනතුරුව බව ද පැවසේ.

මෙම ටෙලි නාට්‍යයේ ගුවන් නියමුවන් හා සුරූපී ළඳුන් වූ ගුවන් සේවිකාවන් සමග පවත්වන සම්බන්ධතා ඇතුලත් දර්ශන ද එම ටෙලි නාට්‍යයෙන් ඉවත් කිරීමට සිදුව ඇත්තේ ස්වාධින රූපවාහිනිය මගින් එය විකාශය කිරීමට පෙර ටෙලි නාට්‍යය බැලූ විද්වත් මණ්ඩලය විසිනි.

කෙසේ වුවත් එයාර් ලංකා සමාගම ලබාගත් අධිකරණ නියෝගයට අනුව එම ටෙලි නාට්‍යයේ පුර්ව ප්‍රචාරක පට පවා විකාශය කිරීම පවා මේ වන විට තහනම්කොට ඇත.

එම ටෙලි නාට්‍යයේ ඡායාරූප කිහිපයක් පහතින් නරබන්න.



















*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Nodutu Lokaya