Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: උපේක්ෂා රංගනයට සමුදෙයි

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

උපේක්ෂා රංගනයට සමුදෙයි

rash

මම  
දේශපාලනයට
ආවේ පබා
හරහාම 
නෙවෙයි......

ජනප්‍රිය රංගන ශිල්පිණියක හා ගායිකාවක මෙන්ම පාර්ලිමේන්තු මංත්‍රිනීක් ද වන උපේක්ෂා ස්වර්ණමාලි  පසුගිය දින පැවති දෙරණ 360 වැඩසටහනට සහභාගී වූ අවස්ථාවේ දී ඇගෙන් විමසන ලද පැනයන්ට පිළිතුරු දෙන්නට නොහැකි වුයේ තමාගේ දේශපාලන දැනීමේ අඩුකම පිළිබඳ ගැටලුවක් නිසා නොවන බවත්, භාෂා දැනීමේ අඩුකම නිසා බවත් උපේක්ෂා පවසා තිබුණි.

දේශපාලනයයි කලාවයි යන මේ දෙකම කරන අය මේ එකක්වත් හරියට කරන්නේ නැතැයි සමහරු අදහස් ඉදිරිපත් කරනවා. ඒත්  ඒ චෝදනාව නම් පදනමක් නැති එකක්. බවයි උපේක්ෂා නම් කියන්නේ. දැනට දේශපාලනයේ පවතින නීතිමය පසුබිම අනුව අමාත්‍ය හෝ නියෝජ්‍ය අමාත්‍ය ධුර හොබවන අය හැරනුකොට  දේශපාලනයේ නිරත සෙසු සියල්ලන්ටම තම රැකියාවේ නිරත වීමට අවස්තාව තිබෙන බවත් ඇය පැවසුවා ය. උපේක්ෂා යතා කාලෙදී ඇගේ රංගනයටද සමු දෙන බව පැවසුවේ මෙලෙසිනි.

දේශපාලන ක්‍ෂේත්‍රයට යොමුවූ ජනප්‍රිය නළු නිළියන්ගේ දේශපාලන දැනුම, අවබෝධය

"දේශපාලනයට එන අයට අනිවාර්යයෙන්ම උපාධියක් තිබිය යුතුයි කියා මමත් හිතුවා. ඒ දේශපාලන ක්‍ෂේත්‍රයට යොමුවීමට පෙර. නමුත් දේශපාලනයට ඇවිත් එහි නියැලෙන විටයි මට ක්‍ෂේත්‍රය ගැන අවබෝධය ඇති වුණේ. දැන උගත්කම, අධ්‍යාපනය අත්‍යවශ්‍යයි. ඒත් ක්‍රියාකාරී දේශපාලනයේ යෙදීමට අවශ්‍ය සුදුසුකම් අතර එය එක් සුදුසුකමක් විතරයි. උදාහරණයක් කිව්වොත් හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මැතිතුමා උසස් අධ්‍යාපනයක් ලබපු කෙනෙක් ‍නෙවෙයි."


"දෙරණ 360" වැඩසටහනක දී ඔබ අපහසුතාවට පත්වී, අසරණ වූ ආකාරය සහ නිළි"පබා".

"පබාට මම අදත් කැමතියි. නමුත් ඒ ජනප්‍රියත්වය හැර කිසිදු දේශපාලන සුදුසුකමක් නැතුව මා දේශපාලනයට ආවනම් මට පවතින්න බැහැ. "දෙරණ 360" දී මගේ සිදු වූයේ දේශපාලන දැනීමේ අඩුකම පිළිබඳ ගැටලුවක් නෙවෙයි. මගේ භාෂා දැනීමේ අඩුකමයි. ඒ වගේම මගෙ අවංකකම.

ඒ වගේම තවත් දෙයක් කිවයුතුයි. මා දේශපාලනයට ආවේ පබා හරහාම නෙවෙයි. එවකට මා දේශපාලන කරලියේ කළ කී දෑ වඩා කතා බහට ලක් වූණේ "පබා" තුළින් මා ලබා සිටි ජනප්‍රියත්වය නිසා. එවකට මා ජනාධිපතිතුමා පවා විවේචනය කළා. දේශපාලනයට මා යොමු වුණේත්, ඒ හරහා ගමනක් ආවේත් ඊට සුදුසුකම් තිබූ නිසයි. නමුත් අද ආපසු හැරී බලන විට මට සිතෙනවා මම අද වන විට එදාට වඩා කොයිතරම් දේශපාලන දැනුමින් ‍පොහොසත්ද කියලා. අද මම අර ඉහත කී රූපවාහිනී වැඩසටහනට සහභාගි වෙන්න ආශාවෙන් සිටිනවා."

දේශපාලන ක්‍ෂේත්‍රය තුළ යන ගමනේ දී ඔබට යම් දිනෙක අමාත්‍යවරියක හෝ නියෝජ්‍ය අමාත්‍යවරියක වුණොත්, එදාට කලාවට සිදුවෙන දේ.

 
"මට කලාවෙන් තොරව ජීවත් වෙන්න බැහැ. ඒත් සමාජයට යම් මෙහෙවරක් කිරීමේ අවශ්‍යතාවත් මා තුළ දැඩිව තිබෙනවා. දෙනවක හාමිනේ මැතිනියගේ වයසෙදීත් රඟපාන්න පුළුවන්. ඒත් ඔබ ප්‍රශ්නයේ ඇසූ විදියේ තනතුරක් දරන්න බැරිවෙලාවත් සිද්ධ වුණොත් ඒ වගකීම පැවරෙන්නේ වසර කිහිපයකටයි. ඉතින් එවැනි වාතාවරණයක් උදා වුණොත් තාවකාලිකව රංගනයෙන් ඉවත් වී අදාළ තනතුරේ වැඩ බාර ගන්නවා. නමුත් පසුකාලයේ මා නැවත රංගනයට ඒවි. මොකද මගේ ජීවිතයේ වඩාත්ම ආසාවෙන් කරන දේ එය නිසා."







*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Nodutu Lokaya