Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: බස් රථයේ දී ගුරුවරියගේ නිරුවත් ඡායාරූප අරන්

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

බස් රථයේ දී ගුරුවරියගේ නිරුවත් ඡායාරූප අරන්

rash

පසුව නිරුවත්
සේයා රූ 
පෙන්වා 
මුදල් ගරලා..... 

කිරිඳිවැල පොලිස්‌ වසමේ පදිංචි පොළොන්නරුව ප්‍රදේශයේ සේවයකරන පාසල් ගුරුවරියක්‌ පුද්ගලික බස්‌රථයක ගමන් කරමින් සිටිය දී එක්‌තරා පුද්ගලයෙක්‌ සිය ජංගම දුරකථනයකින් බලහත්කාරයෙන් එම ගුරුවරියගේ වතේ ඡායාරූප ගෙන ඇත.

අනතුරුව ඔහු සමඟ සම්බන්ධ එක්තරා කාන්තාවක්‌ එම නිරුවත් ඡායාරූප ගුරුවරියට පෙන්වා රුපියල් ලක්‍ෂ දෙකක මුදලක්‌ බලෙන් ලබාගැනීමට තැත්කිරීමේ චෝදනාවක්‌ මත පූගොඩ මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවට පමුණුවා සිටි එම කාන්තාව ඇප මත මුදාහැරීමට ද එම නිරුවත් ඡායාරූප ලබාගත්තා යෑයි චෝදනා ලැබ ඇති පුද්ගලයා මෙම 27 දින දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර ගතකිරීමට ද පූගොඩ වැඩබලන මහෙස්‌ත්‍රාත් චන්ද්‍රනි පයාගල බණ්‌ඩාර මහත්මිය නියෝග කළා ය.


මෙසේ රක්‍ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන සමන් කුමාර නමැත්තෙකි.

ඔහු මුලදී බස් රථයේ දී බලහත්කාරයෙන් ලබාගෙන ඇති ඡායාරූප ව්‍යාජ ලෙස බද්ධකරන ලද ඒවා බවට පැමිණිලි පාර්ශවය වූ ගුරුවරිය විසින් අධිකරණය හමුවේ කරුණු දැක්‌වීමෙන් අනතුරුව සැබවින්ම එම ඡායාරූප අව්‍යාජ ඒවා ද යන්න පිළිබදව නිශ්චිතව දැනගනු පිණිස මොරටුව විශ්වවිද්‍යාලයේ පරිගණක විශ්ලේෂණ අංශය වෙත ඉදිරිපත් කර වාර්තාවක්‌ ලබාගැනීමට ද විනිසුරුවරිය නියෝග කළා ය.

කිරිඳිවැල පොලිස්‌ ස්‌ථානාධිපති පො.ප. කේ. ඊ. එන්. දිල්රුක්‌, පො.සැ. 8253 පොඩිරාළහාමි යන මහත්වරු පරීක්‍ෂණ මෙහෙයවා සැකකරුවන් අධිකරණය හමුවට පමුණුවා තිබුණ අතර පොලිස්‌ සැරයන් 33364 ලක්‌ශාන්ත මහතා සමඟ නීතිඥ කමල් සුමිත් සම්බන්ධපෙරුම, නීතිඥ තුෂාර විඡේසිංහ මහත්වරු පැමිණිල්ල මෙහෙය වූහ.


*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Nodutu Lokaya