Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: වැඩිහිටියන්ට පමණයි! රඟපෑ නිලුෂිට දේව වරමක්!

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

වැඩිහිටියන්ට පමණයි! රඟපෑ නිලුෂිට දේව වරමක්!

rash

වැඩිහිටියන්ට
පමණයි 02යි කරේ.....
දැන් මම
දේව මෑණියන්
කෙනෙක්...... 

මුල් ඡායාරූපය දුටු පමණින්ම ඇතැමුන් ඈ මේ වනවිටත් හදුනා ගන්නට ඇත. එපමණක් නොව "නිලූෂි හල්පිට" යන නමත් සමඟ ඔබට චිත්‍රපට කිහිපයක්ම සිහියට නැගෙනු ඇති. ඒ පතිනියගේ හෝරාව සහ විශ්ම රාත්‍රියයි. වැඩිහිටියන්ට පමණක් සීමා වූ එම චිත්‍රපටයන්හීදී නිලුෂි මැවූ භූමිකා එකල කතාබහට ලක් වූයේ ආන්දෝලනාත්මක චිත්‍රපට ලෙසිනි.

ඉන් අනතුරුව චිත්‍රපට සහ ටෙලි නාට්‍ය ඔස්සේ සිය රංගන ගමන් මගෙහි ඉදිරියට ගිය ඇය වර්තමානය වන විට සැබෑ ජීවිතයේ වෙනස්ම චරිතයකට පණ පොවමින් සිටියි. ඊට අමතරව නිලූෂිගේ නවතම ගී නිර්මාණය පසුගියදා මාධ්‍යයට නිකුත් කෙරිණ. "සෙනෙහෙ කතාවන් මුමුණන්න බැහැ..." නම් වූ එම ගීය මේ වන විටය්හ් බොහෝ දෙනෙක් අසන්නට ඇති. නිලුෂි නම් චේන්ජ් එකටත් එක්කලු ගීතය ගායනා කළේ.

ඒ දේවල් කෙසේ වෙතත් නිලුෂි දැන් වැඩිපුර නිර්මාණවලින් දකින්න ලැබෙන්නේ නැහැ... එයට විශේෂ හේතුවක් තිබෙනවා. ඒ කාරනාව ගැනත්, ඇගේ අනෙත් තොරතුරු ගැනත් නිලුෂි කලා පුවත් පතකට පවසා සිටියේ මෙලෙසිනි.

"මම ටිකක් නිහඬ වුණා. ඒකට ප්‍රධානම හේතුව මගේ සැබෑ ජීවිතයේ වෙනත් චරිතයක් නිරූපණය කිරීම. තවත් පැහැදිලිව කිව්වොත්, මට විෂ්ණු දෙවියන් ප්‍රමුඛ ගම්භාර සිද්ධ සූනියම් දෙවියන්ගෙන් වරමක් ලැබුණා. මං ඒක භාවිත කරමින් දැන් ජනතාවට සේවය කරනවා.


මං දෙයක් ඉල්ලලා දෙවියන්ට යැදුවා. ඒත් ඒ ඉල්ලපු එක ලැබුණේ නැහැ...... මට ඒකට හරියන්න මේ වරම ලැබුණා. මට දේව වරමක් ලැබුණා කියලා ඔප්පු කරලා පෙන්වන්න පුළුවන්......

ඒ දේව වරමින් මම දැන් අනාවැකි කියනවා. හැරගිය අය ගෙනල්ලා දෙනවා. සෙත් ශාන්ති කරනවා. මේ වගේ මහජනයාට සෙතක් වෙන ගොඩක් දේවල් මං කරනවා.

දේව වරම භාවිතයෙන් නරක වැඩත් කරනවා. අවශ්‍ය වෙලාවට හොඳ වගේම නරකත් කරනවා.

මං එක උදාහරණයක් එක්කම කියන්නම්කෝ. ඔන්න එක් කෙනෙක් ආවා එයාට අයිති ඉඩමක කෙනෙක් අනවසරයෙන් පදිංචිවෙලා කියලා. ඉතින් මං ඔහුව ඉඩමෙන් එලවලා අයිතිකාරයාට ඉඩම ලබා දුන්නා. ඔන්න ඔය වගේ වැඩ තමයි කරන නරක කාර්යයන්. ඒක කරන්නෙත් කෙනෙකුගේ හොඳටනේ.

නමුත් කලා කටයුතුවලදී මං වෙනම චරිතයක්. ඒත් දේව කාරියේ දී මං මැණිකේ...... ඒ විදිහට තමයි හැඳ පැළඳගෙන වුණත් ඉන්නේ.


මගෙන් වැඩ ගන්න එන අයට මගේ නිර්මාණ වැදගත් නැහැ..... අනික වැඩිහිටියන්ට පමණයි චිත්‍රපට දෙකකයි මං රඟපෑවේ. 1999 අවුරුද්දේ මං ෆීල්ඩ් එකට එනකොට තිබුණේ ඔවැනි චිත්‍රපට රැල්ලක්. මාත් රංගනයට තිබුණු කැමැත්ත නිසා නොයා ඉන්නත් බැහැ..... සම්භාව්‍ය නිර්මාණත් අඩුයි. ඉතින් නිළියක් විදිහට ඉදිරියට යන්න මට එවැනි නිර්මාණවලට සම්බන්ධ වෙන්න සිද්ධ වුණා.

පස්සේ හොද නිර්මාණ හදුනා. නමුත් මං අයුතු දේවල් කරන්නේ නැහැනේ චරිත වෙනුවෙන්. ඒක හින්දා මාව ගොඩක් කොන් වුණා. අයුතු යෝජනා දාපු අයගේ කුහකකම් මත මාව කැපුණා.

වර්තමානයේ වුණත් එහෙමයි. නමුත් මගේ දේව කාරියට මං දැන් මුල් තැන දීලා ඉවරයි.


නමුත් නිළියක් කියන්නේ නිළියක්. ඒ නිසා ඕනෑම චරිතයක් කරන්න දැන් වුණත් මං සූදානම්. මගේ දේව වරමින් හැමදාම මං ප්‍රාර්ථනා කරන්නේ කලා ලොවේ කුහකයො අඩු වේවා...!!! කියලයි."


*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Nodutu Lokaya