Gossip Lanka | Gossip Lanka News | gossip9lanka | Lanka gossip | Sri lanka hot gossip | 33000.lk: අනර්කලීට එරෙහිව නදීෂා මාතරට

Like Us On Facebook

Gossip Gallery

Paid Advertisement

Inside Lanka News

අනර්කලීට එරෙහිව නදීෂා මාතරට

rash

මොකක්ද?
මම කරපු වරද....?
ඇයි මට මේ
තරම් ගහන්නේ.....?

මෙවර පැවැත්වීමට නියමිතව ඇති දකුණු පළාත් සභා මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ගාල්ල දිස්ත්‍රීක්කයෙන් තරග කිරීමට සිටි "නදීෂා හේමමාලි", මාතර දිස්ත්‍රික්කයෙන් තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් නාමයෝජනා පත්‍රයට අත්සන් තබා ඇත.

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් දකුණු පළාත් සභා මැතිවරණයට පෙනී සිටින "අනර්කලී ආකර්ෂා" ද මෙයට පෙර ගාල්ලෙන් ජන්දය ඉල්ලන බව කීවද පසුව මාතර දිස්ත්‍රික්කයෙන් ජන්දය සඳහා ඉදිරිපත් වීම හේතුවෙන් අනර්කලීට තරඟයක් ලබාදීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ උපදෙස් මත නදීෂා මාතරින් ඉදිරිපත් කොට ඇතැයි පැවසේ.

මෙහි විශේෂත්වය වන්නේ අනර්කලී ආකර්ෂා දේශපාලනයට හඳුන්වා දුන් මංගල සමරවීර විසින් මෙවර නදීෂා හේමමාලි මෙහෙයවනු ලැබීමයි. නදීෂා ගේ මාතර ආගමනය පිළිබදව අනර්කලී සිය අදහස ප්‍රකාශ කර ඇත්තේ මෙලෙසිනි.


"කව්රුවත් මට අභියෝගයක් නෙවෙයි. මගේ එකම අභියෝගය මමම විතරයි. ඒක තමා කුඩා කලේ ඉඳන් මගේ policy එක උනේ...... මම කව්රුවත් අනුගමනය කරන්නේ නැහැ..... අලුතෙන් එන අය තමා මාව අනුගමනය කරන්නේ..

නමුත් හැමෝම දන්නවා අනර්කලී කියන්නේ කව්ද කියලා...මම කතා කරන විදිය මගේ අනන්‍යතාවය.... මම හැමතිස්සෙම වෙනසක් කරන්න උත්සාහ කරන්නේ...... ඒ හැමදෙයටම කලින් මම මගේ කාර්ය භාරය හරියට ඉටුකළ යුතුයි.

වේලාවකට මටත් පුදුමයි ඇයි සමහරු මට මේ තරම් ගහන්නේ කියලා. මාව විවේචනය කරන්නේ කියලා. ඔය කෑගහන සමහර මන්ත්‍රීවරු කවුද කියලවත් මම දන්නේ නැහැ... මේකට හේතුව තමයි මේ අය දන්නවා මම කලාකාරියක් ලෙස ලංකාවෙම ජනතාව වැලඳගෙන ඉන්නේ කියලා. 

මොකද මාව විවේචනය කළාම ඔවුන්ට පහසුවෙන්ම ප්‍රචාරයක් ලබාගන්න පුළුවන් කියලා. ඒ වගේම ප්‍රචාරය කරනවා කියලත් දන්නවා. එහෙම නැතුව මේ අයට මාත් එක්ක කිසිම කෝන්තරයක් නැහැ. එක් පැත්තකින් එවැනි අයට අනුකම්පා කරනවා හැර මට වෙන කරන්න දෙයකුත් නැහැ."





*************************************************************************************

Bollywood Actress

Paid Advertisement

Nodutu Lokaya